කොවිඩ් ආසාදිතයන් තවත් 1,720ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,720 දෙනකු අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 04 August 2021
මුස්ලමි ජාතික කවියෙකු වන අනාෆ් ජසීම් මුණ ගැසීමට නීතීඥයින්ට අවසර සාහිත්‍යය නිර්මාණ හරහා මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන මාස 10 ක් තිස්සේ පොලිස් රැදවුම්භාරය යටතේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටින මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් නැමැත්තා මුණ ගැසීමට ඔහුගේ නීතිඥයින්ට අවසර දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (04)බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය. 04 August 2021
පිළිස්සි මිය ගිය දැරියගේ අත්අකුරු ගැන වාර්තාවක් ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය ගිය බව කියන ඉශාලිනි දැරිය එම නිවසේ නවාතැන් ගෙන සිටි කාමරයේ බිත්තියක ලියා තිබූ වැකියේ අත් අකුරු එම දැරියගේම දැයි පරීක්ෂාකර අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය රජයේ අත්අකුරු පරීක්ෂකවරයාට අද (04) නියෝග කළාය. 04 August 2021
කොරෝනා නිසා 12000කට රැකියා අහිමි වෙලා කොරෝනා නිසා ලංකාවේ රැකියා අහිමි වී ඇත්තේ 12000 ක පිරිසකගේ පමණක් යැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද(4) පැවසීය . 04 August 2021
පොල්තෙල් සාම්පල 125ක රසායන වාර්තා අධිකරණයෙන් ඉල්ලයි පොල් තෙල් වල මිනිස් පරිභෝජනයට නුසුදුසු පිලිකා කාරක විෂ සංඝටක අඩංගු ද යන්න පරීක්ෂා කිරීම සදහා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පසුගිය අප්‍රේල් මස 01වැනිදා වෙළඳ පොළෙන් ලබා ගත් සාම්පල 125 සම්බන්ධයෙන් සිදු කල රසායනාගාර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (04) පොල් සංවර්ධන මණ්ඩලයට නියෝග කළේය. 04 August 2021
කාබනික පොහොර භාවිතය පිළිබඳ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වී නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි. 04 August 2021
රංජිත් අලුව්හාරේ ගොනු කළ පෙත්සම සලකා බලන්න දිනයක් පසුගිය මහමැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගයෙන් තරග කළ අපේක්ෂකයින් ලැබූ මනාප ඡන්ද නැවත ගණන් කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා එම පක්ෂකයෙන්ම තරග කොට පරාජයට පත් වූ අපේකෂයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා මහතා ගොනු කළ රිට් පෙත්සම හෙට (06) සලකා බැලීමට අභියාචනාධිකරණය අද (04) නියෝග කළේය. 04 August 2021
“කොරෝනා පාලනයට පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් පත් කරන්න’’ කොරෝනා රෝග පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් පත් කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය. 04 August 2021
රංජන් බන්ධනාගාර ආරක්ෂාව මැද මළගෙදරක යයි අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිව් අවුරුදු සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ආරක්ෂාව මධ්‍යයේ ඔහුගේ ඥාතී නැන්දනියගේ අවමංගල්‍යයට සහභාගී කළ බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි. 04 August 2021
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ සිටි 42ක් අත්අඩංගුවට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (4) ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගුරු විදුහල්පති උද්ඝෝෂණයේ නිරතව සිටි 38 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 04 August 2021
ගම්පහ රෝහලේ 11 කට කොරෝනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයෙහි ඇතුලු 11 දෙනෙකුට කොරෝනා රෝග තත්ත්වය ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 04 August 2021
ළමයින්ට මහාධිකරණවල වෙනම දිනයක් ළමා අපචාර නඩු සඳහා මහාධිකරණවල නිශ්චිත දිනයක් වෙන් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව එකඟතාව පළකර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය. 04 August 2021
විරෝධතාවයේදී කලහකාරීව හැසිරුණ දෙදෙනා රිමාන්ඩ් පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය ඉදිරිපිට දී පැවැත් වූ විරෝධතාවයේදී කකලහකාරී ලෙස හැසිරී රජයේ දේපළ වලට සහ රජයේ නිලධාරියෙකුට බරපතළ තුවාල සිදු සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 11 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය 04 August 2021
සි.සි.ඩි නිලධාරීන් මහරගම ඕ.අයි.සි.ගෙන් ප්‍රකාශ ගනී පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ගයේ පැවැති විරෝධතාවයේදී ඇතිවූ සිද්ධියකදී බරපතළ තුවාල සිදු වීමෙන් තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින මහරගම පොලිසියේ ස්ථානාධිපතිගෙන් අද (4) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 04 August 2021
සමස්ත අධ්‍යාපනයට වඩා කොතලාවට සරසවියට මුදල් වෙන් කරලා වර්තමාන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපනයට වෙන්කළ මුදලට වඩා සියයට 50 කට වැඩි මුදලක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෙන්කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය. 04 August 2021
රිෂාඩ්ගේ කතාවකින් මැතිසබය උණුසුම් වෙයි රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා අත්අඩංගුට ගෙන රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මතුවූ සංවාදයක් හේතුවෙන් මැතිසබයේ උණුසුම් තත්වයක් අද (4)පෙරවරුවේ ඇතිවිය 04 August 2021
ඇස්ට්‍රාෙසනිකා දෙවන මාත්‍රාව ගන්න ඉන්නෙ තව ලක්ෂයයි ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට ඇත්තේ තවත් පුද්ගලයින් ලක්ෂයකට අඩු ප්‍රමාණයකට යැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 04 August 2021
මහරගම ඕ.අයි.සී.ගේ සුවදුක් බලන්න සරත් වීරසේකර යයි ශල්‍යකර්මයකට ලක් ව තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත මහතාගේ සුවදුක් විමසීම සඳහා අද( 4) මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා රෝහලට ගියේය. 04 August 2021
වටරැක සිර කඳවුරට දුම්කොළ සහ ලයිටර් ගෙන ගිය සැරයන් අත්අඩංගුවට වටරැක එළිමහන් සිර කඳවුර තුළට දුම්කොළ 25ක් සහ ලයිටර් 11 ක් රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන ඇත. 04 August 2021
නව සංචාරක ආයෝජන 54 කට අනුමැතිය කොවිඩ් වසංගතය පැවතිය ද පසුගිය කාලය තුළ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8800 ක් වටිනා නව සංචාරක ආයෝජන 54 ක් අනුමැතිය සදහා ඉදිරිපත්ව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 04 August 2021
බෝට්ටුවෙන් රට පනින්න ගිහින් වරෙන්තු වූ 25 ක් අල්ලයි නීති විරෝධි අයුරින් මුහුදු මාර්ගයෙන් විදෙස් රටවලට සංක්‍රමණය වීමට උත්සාහ කර වරෙන්තු ලබා සිටි පුද්ගලයින් 25 දෙනකු අත්අඩංගුවට ගැනීමට සමත් වු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනනත් වෙළදාම ජාවාරම් විමර්ශන ,සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 04 August 2021
සංගක්කාර ‘බාබඩෝස් රෝයල්’කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරයට ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධානතම විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියක් වන කැරිබියන් ප්‍රීමියර් ලීග් (සී.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම කණ්ඩායමක් වන ‘බාබඩෝස් රෝයල්’ කණඩායමේ ක්‍රිකට් අධ්යක්ෂ ධූරයට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතා පත්කර තිබේ. 04 August 2021
එජාපය ගොඩදාන්න බදුල්ලේ දී හැම පැත්තෙන්ම සහය බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩසටහනේදි සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂවලට සහාය දැක්වූ තරුණ ක්‍රියාකාරීන් රැසක් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 04 August 2021
කොරෝනා බියක් බණ්ඩාරගම ප්‍රා.සභාව සහ ආදාහනාගාරය වහයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියාට කොරෝනා වයිරසය ආසාධිත වීම හේතුවෙන් සභාපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් තිස් එක් දෙනකු නිරෝධානයට ලක්කළ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි 04 August 2021
පිළියන්දල වැඩිහිටි නිවාසයක සියලු දෙනාටම කොරෝනා පිළියන්දල වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය . 04 August 2021
දෙටු පුරවැසියන් තවත් ලක්ෂ 2කට රුපියල් දෙදහසේ මාසික දීමනාව පොරොත්තු ලේඛනයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙලක්ෂ තිස් අටදහස් හයසිය හතළිස් දෙනෙකුට ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2000 මාසික දීමනාව ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (04) පැවසුවාය. 04 August 2021
ගුරු රථ පෙළපාළිය නිසා කොළඹ මාර්ග රැසක් හිර වෙයි වටුප් විෂමතා ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ගුරු සංගම් ආරම්භ කළ රථ පෙළපාලිය හේතුවෙන් නුවර පාර, මීගමුව පාර, හයිලෙවල් පාර සහ ගාලු පාර ඇතුළු සෙසු මාර්ග වල දැඩි වාහන තදබයක් පවතින බව වාර්තා වෙයි. 04 August 2021
එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචරණ තහනම ලිහිල් කරයි ශ්‍රී ලංකාව ඇතුඵ රටවල් රැසකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ සංචරණ තහනම ලිහිල් කරමින් එම අදාල රටවල්වල සුදුසුකම් ලත් මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුල්වීමට සහ ඒ හරහා යෑමට අවසර ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 August 2021
ජනපති මැති සබයට එයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට අද(04) පෙරවරුවේ පැමිණියේය. 04 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1295ක් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 1295 දෙනෙකු අද (4) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බවත් මින් 147 ක් වන වැඩිම සංඛ්‍යාව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 04 August 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026