ඉන්දීය අගමැති ලංකාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සදහා අද (9) දහවල් 11.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 09 June 2019
දඹුලු විහාරයේ විෂ්ණු දේවාලයේ භාරකාර හිමිගෙන් කප්පම් ඉල්ලූ 3ක් අත්අඩංගුවට තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබලයන් බව පවසමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර නාහිමියන්ගෙන් රුපියල් කෝටි 10 ක කප්පම් මුදල් ඉල්ලා සිටි පුද්ගලයන් තුන්දෙනෙකු පෙට්‍රල් බෝම්බයක් සමග සැකපිට රාත්‍රියේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 09 June 2019
’සංඝ සභාවේ නිවේදනය අනුව අලුත් වැඩසටහනක් ’ තෛනිකායික සංඝ සභාවේ නිවේදනය අනුව අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 09 June 2019
ජනපතිගේ ප්‍රකාශයට එරෙහිව මොරටුවේ සත්‍යග්‍රහයක් පාරම්පරික වඩු කර්මාන්තය සහ වඩු කාර්මිකයා අපහසුවට ලක්වෙන ආකාරයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකකට එකක් නොගැලපෙන ලෙස තැනින් තැන කරන ප්‍රකාශය සියල්ල ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා මොරටුව පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු මොරටුව මහ නගරසභාව ඉදිරිපිට අද (8) සත්‍යග්‍රහයක නිරත විය. 08 June 2019
වෛද්‍යවරුන්ගෙන් විරෝධතා සතියක් ලබන සඳුදා (10 වැනිදා) ආරම්භ වන සතිය විරෝධතා සතියක් යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ. 08 June 2019
බුද්ධි තොරතුරු ලොක්කා ඉල්ලා අස්වෙයි රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා අද (8 වැනිදා) දහවල් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය. 08 June 2019
ඇමැති තනතුරු අත්හළ මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද හමුවෙති ආණ්ඩුවේ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් අද (08) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ. 08 June 2019
මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වූ ගැසට් පත්‍රය නිකුත් වෙයි සියලුම මුස්ලිම් අමාත්‍යවරු සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන් බව ප්‍රකාශ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 08 June 2019
කැකිරාවේ අනතුරකින් දරුවන් තිදෙනෙකු මරුට කැකිරාව අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ කැකිරාව තිබ්බටුවැව කොරසගල්ල හන්දියෙදී අද (08) උදේ සිදුවූ රිය අනතුරකින් පාසල් දරුවන් තිදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තවත් සිසුවියන් දෙදෙනෙකු අනූනවයෙන් දිවි බේරා ගෙන ඇතැයි කැකිරාව පොලීසිය කියයි. 08 June 2019
ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට අනතුරු ඇඟවීමක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව ජාතික බුද්ධි සේවයත් ජාතික ආරක්ෂාව ගැනත් තැකීමක් නොමැතිව දිගින් දිගටම කටයුතු කරන්නේ නම් තමා ආණ්ඩුවේ කිසිම කටයුත්තකට සහය නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) රාත්‍රියේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 07 June 2019
පොලිස් නිලධාරීන් රැකගැනීමට ජනපති ඉදිරිපත් වෙයි දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිඳු නිලධාරියෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් නොකරන අතර එම සියලු දෙනා පිළිබඳව වගකීම තමා බාර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. 07 June 2019
ආරක්ෂාවට සිටි හමුදා සෙබළාට පිහියෙන් අනී කළුතර දකුණ දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළෙකුට අද (07) පිහියකින් ඇණ බරපතල තුවාල සිදුකළ පුද්ගලයෙකු ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කළුතර දකුණ පොලිසිය පැවැසීය. 07 June 2019
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් මිලිමීටර් 150ත් - 200ත් අතර ඉතා තද වැසි අද (07) සිට ජුනි 09 වැනිදා දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව මහජනයාට සැලකිලිමත් වන ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත. 07 June 2019
බැදුම්කරයට සම්බන්ධ 10 දෙනාට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ඉල්ලයි මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කළැයි මහා බැංකුවේ හිටපු අධිපතිවරයා සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතීපතිවරයා, අග්‍ර විනිශ්චකාරවරයාගෙන් අද (07) ඉල්ලීමක් කර ඇත. 07 June 2019
මුහුණු පොතෙන් ගිනි ඇවිලූ සැකකරු යළි රිමාන්ඩ් ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පල කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ව්‍යාපාරිකයා ජුනි 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (7) නියම කළේය. 07 June 2019
දකුණූ අධිවේගී මඟේ දීප්ති ප්‍රතිරෝධ පුවරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාත්‍රී කාලයේ ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වන වාහනවල ප්‍රධාන විදුලි ලාම්පු එළිය හේතුවෙන් රියදුරන්ට සිදුවන අපහසුතා මෙන්ම සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා එම මාර්ගය මැද කොටසේ දීප්ති ප්‍රතිරෝධ පුවරු සවිකිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. 07 June 2019
වඩු කාර්මිකයෝ ජනපතිගේ ප්‍රකාශයට විරෝධය පාති මොරටුවේ වඩු කාර්මිකයෝ පිරිසක් අද (7) මොරටු මහ නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ. 07 June 2019
ජවිපෙ උද්ඝෝෂණයක් 12 වැනිදා රට අපරාජිත කළ, මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු යැයි බල කරමින් 12 වැනිදා උද්ඝෝෂණයක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් මහතා පැවසීය. 07 June 2019
ලී මෝල් වැසීම ගැන නැවත සිතන්නැයි මහින්ද කියයි වඩු මඩු හා ලී මෝල් වසා දැමුවහොත් දහස් ගණනකට රැකියා අහිමි වන බැවින් ඒ ගැන නැවත සිතා බලා එය ක්‍රියාවට නැංවීමෙන් වළකින්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 07 June 2019
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද රෑ කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) රාත්‍රී 7.30ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. 07 June 2019
සන්නිවේදන උපකරණ රැසක් සමග චීන ජාතිකයකු ඇතුළු 3ක් අත්අඩංගුවට නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමග චීන ජාතිකයකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ නිවසකදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අද(07) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය. 07 June 2019
පූජිතගේ පෙත්සම 24 තෙක් කල් යයි ජනාධිපතිවරයා විසින් පවතින නීතිරීති හා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම මේ මස 24 වැනි දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 07 June 2019
‘සුළු ජාතීන්ට මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වය ගැන මෝදි සමඟ සාකච්ඡා කරනවා‘ ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට මුහුණ දීමට ඇති තත්වය සහ ජාතික ගැටලුවට දේශපාලන විසදුම් ගෙන ඒම ඇතුළු කාලීන තත්වය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සදහන් කරයි. 07 June 2019
ඥානසාර හිමිගේ රට ගමන් තහනම ඉවතට පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියකට අදාළ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (7) නියෝග කළාය. 07 June 2019
සුනඛයා සපා කෑ තුවාලයට මිරිස්කුඩු දැමූ අයෙක් මරුට සුනඛයකුගේ සපා කෑමකින් තුවාල ලබා ප්‍රතිකාර නොගෙන සිටි පුද්ගලයකු දඹුල්ල රෝහලට ඇතුළත් කර පැය කීපයකින් මිය ගිය බව දඹුල්ල රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 07 June 2019
පාසල් බස් රථ අනතුරකින් සිසුන් 15කට තුවාල සිසුසැරිය බසයක් සහ ඇඟළුම් කම්හලක සේවකයින් ප්‍රවාහනය කරන බසයක් අද (07) උදෑසන කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව පාන්ගොල්ල මංසන්ධියේදී ගැටීමෙන් වූ අනතුරකින් සිසුසිසුවියන් 15 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි. 07 June 2019
සයින්දමරුදු පුපුරුවාගැනීමෙන් මිය ගිය අයගේ සිරුරු 4ක් යළි ගොඩගනී අම්පාර සයින්දමර්දු ගම්මනායේදි පුපුරුවා ගැනීමකින් දිවි හානි කරගත් පිරිසගේ සිරුරු නැවත ගොඩ ගැනිම අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මහත්මිය ඉදිරියේදි අද (07) සිදු කළේය. 07 June 2019
විජයදාසගෙන් කතානායකට ලිපියක් අප්‍රේල් මස 21 වැනිදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5 ක් විභාග වෙමින් පවතින හෙයින් සබ් - ජුඩිස් රීතිය අනුව පාර්ලිමේන්තුව විසින් හෝ එහි කාරක සභාවක් විසින් ඒ පිළිබඳ සාකච්ඡා කළ නොහැකි යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයා වෙත ලිපියක් යවමින් සඳහක් කර තිබේ. 06 June 2019
බදියුදීන්ට-හිස්බුල්ලාට-සාලිට විරුද්ධව පැමිණිලි 4 ක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් , ආණ්ඩුකාරවරුන් වන ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා හා අසාද් සාලි යන මහත්වරුන්ට විරුද්ධව ඉදිරිපත් කරන පැමිණිලි කමිටුවට මේ වන විට පැමිණිලි හතරක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. 06 June 2019
වෛද්‍ය ෂාෆි ගැන පැමිණිලි කළ මව්වරුන් පරීක්ෂා කරන්න කමිටුවක් වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා ගැන පැමිණිලි කළ මව්වරුන් පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. 06 June 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026