විදුලි බිල අඩු කරන යෝජනාව උපයෝගිතා කොමිසමට යයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට අද (12) යොමු කරන බවත් එම යෝජනාවෙන් ජනතාවට සහනයක් ලැබෙනු ඇති බවත් එම මණ්ඩලයේ මාධ්ය ප්රකාශක ඉංජිනේරු නොයෙල් ප්රියන්ත මහතා පැවසීය. 12 January 2024
ලංකාව සැලකිය යුතු දියුණුවක් ලබාගෙන ශ්රී ලංකාවේ ආර්ථිකයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබාදුන් ශක්තිමත් නායකත්වය පිළිබඳව බලවත් ප්රසාදය පළ කරන බව ජපාන මුදල් අමාත්ය සුසුකි ෂුනිචි මහතා (Suzuki Shunichi) පැවසීය. 12 January 2024
ජනපතිට මුදල් වෙන් කිරීම ගැන අනුරගෙන් චෝදනාවක් ටෙලිකොම් ආයතනය ප්රතිව්යුහගතකරණය කිරීමේ කටයුතු සොයා බැලීම සඳහා රාජ්ය ව්යාපාර දෙපාර්තමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් මගින් කෝටි 130 ක් වෙන්කර ඇති හෙයින් එම මුදල් වියදම් කළ ආකාරය ගැන මේ සභාවට කරුණු ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගයේ මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 January 2024
තෛපොංගල්වලට හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක් තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ විහේෂ වැඩසටහනක් ලබන 15 වැනිදා ක්රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 12 January 2024
විදුලි සේවකයින් බියකර විදුලිය ගන්න ගිය මේජර් බිරිය-මිතුරා අත්අඩංගුවට විදුලි විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයින් දෙදෙනෙකු ගේට්ටුව වසා හිරකර බල්ලන් ලිහා දමන බවට බියවද්දා විදුලි සැපයුම ලබාගැනීමට උත්සාහ කළ හමුදා මේජර් වරයෙකුගේ බිරිඳ ක් සහ මේජර් වරයාගේ මිතුරෙකු මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 12 January 2024
කෙසෙල්වත්තේ ඝාතනයක් කොළඹ කෙසෙල්වත්ත මාටිස් පටුමගේ නිවසකට ඊයේ (11) රාත්රී කඩා වැදුණු සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක් නිවෙස් හිමියාට තියුණු ආයුධවලින් පහරදී නිවස තුළම ඝාතනය කර පළා ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කියයි 12 January 2024
අල්ලස් චෝදනාවෙන් හිටපු සැරයන් නිදහස් රුපියල් 1500ක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා ලද මැදවච්චිය පොලිසියේ හිටපු සැරයන් එම්.ඩි.සරත් විජයතුංග විත්තිකරු අල්ලස් චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා අද නියෝග කළේය . 12 January 2024
ඖෂධ සැපයුම්කරුවන්ට කෝටි 1314 ක පොල්ලක් ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1314 ක් තවමත් ගෙවා නැතැයි සෞඛ්ය අමාත්ය වෛද්ය රාමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 January 2024
ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 January 2024
විදෙස් ණය මෝරු මිනිසුන් හපා කන්න පටන් අරගෙන විදේශීය ණය මෝරුන් ලංකාවට පැමිණ සියයට 300ක අධික පොලියට ණය දී ලාංකිකයන් ණය උගුලක සිරකරන ජාවාරමක් පටන්ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 January 2024
අලුත් මන්ත්රී දිවුරුම් දෙයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් මන්ත්රී ලෙස නයන වාසලතිලක මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය. 12 January 2024
බන්ධනාගාර නියාමක හෙරොයින් සමඟ අල්ලයි පල්ලෙකැලේ බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ නියාමකවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 12 January 2024
කඩ කාමර නිවාස පෙන්නා කෝටි දෙකකට විද්ද සැකකරු මාට්ටු පෑලියගොඩ වෙළඳ සංකීර්ණය කඩ කාමරයක් සහ කොම්පඤ්ඤවීදියේ අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදෙන බව පවසමින් කෝටි 2 කට ආසන්න මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 12 January 2024
පාසල් සිසුවා මත්පෙති සමග මාට්ටු අධි සාන්ද්රණ අඩංගු මත්පෙති හයක් සන්තකයේ තබාගෙන සිටි නුගවෙල ප්රදේශයේ විදුහලක 16 හැවිරිදි පාසල් සිසුවෙක් අලදෙනිය පොලිසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 12 January 2024
යුක්තිය’ තවත් 863 ක් අත්අඩංගුවට ගනී ’යුක්තිය’ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 863 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්යාංශයේ උසස් නිලධාරියෙක් අද (12) පෙරවරුවේ පැවැසීය. 12 January 2024
වැස්ස අඩු වේ උතුරු - මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ අඩුවීමක් අද දින සිට අපෙක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 12 January 2024
දැව කදන් ඇඟට වැටී අයෙක් මරුට අඹගස් දෝව සපුගල්ල ප්රදේශයේදී ලොරියක පටවා තිබූ දැව කඳන් ඇඟට පෙරළී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඹගස් දෝව පොලිසිය පවසයි. 12 January 2024
අහුන්ගල්ලේ නිවෙසක් සහ කාරයක් ගිිනිගනී අහුන්ගල්ල - මිද්දරමුල්ල ප්රදේශයේ නිවසක අද (12) අලුයම ඇතිවු ගින්නකින් නිවසට හා කැබ් රථයකට ගිනි ඇවිලී හානි සිදුවී ඇතැයි පොලීසිය පවසයි. 12 January 2024
එක කොටසක පමණක් සාක්කු පුරවන බදු සහන නෑ එක් පාර්ශ්වයකගේ සාක්කුවට පමණක් මුදල් ලැබෙන අයුරින් බදු සහන ලබා දීමට සූදානම් නැතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 11 January 2024
ශ්රී ලංකාව 2-0 කින් සිම්බාබ්වේ පරදවයි ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සිම්බාබ්වේට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීමට අද (11) සමත් විය. 11 January 2024
මහ පැරකුම් සමුදුරට මැදි වූ සද්ධන්තයන් පොලොන්නරුව මහා පරාක්රම සමුද්රයේ තණපිටියට කෑම සොයා ආ සද්ධන්තයන් දෙදෙනකු පැය කීපයක් තුළ ගලා ආ මහා ජල කඳට මැදිව සිටිති. 11 January 2024
ඉසුරු සොයා එතෙර ගිය කත ගෑස් සිලින්ඩරයෙන් අවසන් ගමනේ සෞදියේ රියාද් හි ගෘහ සේවයට මීට මාස හයකට පමණ පෙර විදෙස් ගත වූ මැදිරිගිරිය දිවුලන්කඩවල දෙදරු මවක ඇය සේවය කරමින් සිටි නිවෙසේ ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් මිය ගොස් ඇති බවට දැනුම් දී ඇතැයි ඇගේ ඥතීහු කියති. 11 January 2024
ගුවන් නියමුවා පැහැරගෙන අලි ජංජාලයක් බ්රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග්හි ගුවන් තොටුපොළකට ගොඩබෑ අවස්ථාවේදී සාප්පු සවාරි ගිය එහි ගුවන් නියමුවා කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන යාම හේතුවෙන් ගොඩබෑ ගුවන් යානය නැවත පියාසර කරවීම සඳහා ආදේශක ගුවන් නියමුවකු යෙදවීමට බ්රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට සිදුව ඇත. 11 January 2024
ගම්වතුරට යට වූ මඩකළපුවේ ගමක් තනිවේ මාදුරුඔය, කුඩාඔය සහ පූනානි විල්ලූව පිටාර හේතුවෙන් මඩකලපුව දිස්ත්රික්කයේ පිහිටි එකම සිංහල හා තවත් ගම්මාන කීපයක් දින හතරක් තිස්සේ ජලයෙන් යටවීම නිසා තමන් දින හතරක කාලයක සිට ආහාර සපයා ගත නොහැකිව දැඩි පීඩාවට පත්ව ඇති බව පුනානි ගම්වාසීහු සඳහන් කරති. 11 January 2024
සිමෙන්ති ලොරිය ගඟේ ගිහින් ත්රිකුණාමලයේ සිට සිමෙන්ති මිටි 600 ක් පටවාගත් ලොරි රථයක් වාලච්චේන හරහා, හම්බන්තොට දක්වා ධාවනය කරද්දී වාලච්චේන පූනානි ප්රදේශයේ ගංවතුර මැදිව ලොරි පෙරළී අනතුරට ලක්ව ඇති බව වාලච්චේන පොලිසියේ සඳහන් කරයි. 11 January 2024
පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේලක් සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්ය අමාත්ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය. 11 January 2024
සිවිල් ගුවන් සේවිකාවගේ ඝාතකයා රිමාන්ඩ් සිවිල් ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු අද (11) කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වෙනි දින දක්වා රිමාන්ඞ් භාරයට තබන ලෙස මහේස්ත්රාත් අසන්ග බෝදරගම මහතා නියෝග කළේය 11 January 2024
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්’ ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගෙන ඇත. 11 January 2024
’’පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාමා’ චමින්ද විජේසිරි මන්ත්රීවරයාගේ ඉල්ලා අස්වීම සජිත් ප්රේමදාස මහතාගේ ප්රතිරූපය සකස් කිරීමට ගැසූ මොන්ටිසෝරි ගැටයක් බව සංචාරක රාජ්ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. 11 January 2024
‘හරක් කටාගේ පෙත්සම සළකා බලන්න දිනයක්’ නීතියට පටහැනි අන්දමින් රහස් පොලීසියේ රැඳවුම් භාරයේ රඳවා ගෙන සිටින තමන් වහාම මුදා හරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරක් කටා නොහොත් නදුන් චින්තක වික්රමරත්න නැමැත්තා අධිකරණයේ ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 11 වැනි දින සලකා බැලීමට ශ්රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 11 January 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026