IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අපූරු විදුහල්පති ගැන පිරික්සයි

කුරුණෑගල නගරාධිපතිගේ දරුවාට තරවටු කිරීම සම්බන්ධයෙන් නගරාධිපතිගෙන් සමාව ගන්නැයි ගුරුවරියක නගරාධිපතිගේ නිවසට යැවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මලියදේව විදුහල්පතිට විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා කියයි.

ජාතික පාසල් අංශයේ විමර්ශන කණ්ඩායමක් අද කුරුණෑගලට ගොස් ප්‍රකාශ සටහන් කර ගත් බව ද දිසානායක මහතා පවසයි.

දේශපාලනඥයකු ළඟට ගුරුවරියක යැවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබිණි.



අදහස් (0)

අපූරු විදුහල්පති ගැන පිරික්සයි

ජෝයි ගොද්රි Tuesday, 08 July 2014 05:04 PM

අපොයි කොන්ද..කොන්ද,,,නාරටියම නෑ වගේ දෑනෙන්නේ (දී).

:       0       0

තිලක් ඩුබායි Wednesday, 09 July 2014 02:19 PM

ඉස්සර දේශපාලකයා පාසැලට ඇවිත් ගුරුවරියව දන ගැස්සුවා. දඩුවමක් නැහැ. දැන් දේශපාලනඥයකු ළඟට ගුරුවරිය ගිහින් දන ගස්සනවා. හරිම පුදුමයි. (නදී)

:       0       0

කෙනත් Tuesday, 08 July 2014 05:08 PM

මේ විදුහල්පතිව ගුරුවරියගේ ගෙදරට යවන්න සමව ගන්න.. නැතිනම් මානසික රෝගයට ප්‍රතිකාර කරවන්න. නැත්නම් විදුහල්පති කම වෙනුවට අර නගරාධිපතිගේ අවතේව කරන්න එයාගේ මුලුතැන් ගෙට දමන්න ඕන. අනේ මෙහෙමත් පිරිමි!! (දී).

:       0       0

ශ්රාන් මෙන්ඩිස් Tuesday, 08 July 2014 05:24 PM

රටේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති වරයෙක් මෙයාකාරයෙන් කටයුතු කීරීම මුලු මහත් අධ්‍යාපනයටම අගෞරවයක්, ගුරුවරයාට දේශපාලකයාගේ දරුවත් සාමාන්‍ය දරුවත් පාසලේදී එක සමානයි. මෙම සිද්ධිය පිළිකුලෙන් යුතුව හෙළාදකිය යුතුයි.(දී)

:       0       0

මාදුවගේ ලකී Tuesday, 08 July 2014 05:39 PM

දැන් කරන්න තියෙන්නේ මේක ගොඩින් විසඳ ගන්නට නම් . විදුහල්පති තුමා ලවා මෙම ගුරුතුමියගෙන් සමාව අයදිමය . මෙම විදුහල්පති තුමා අර දේශපලුවට කඩේ යන කෙනෙක් වන්නට ඕනේ (අ)

:       0       0

අහිංසා Tuesday, 08 July 2014 06:15 PM

නගරාධිපති හිතාගෙන ඉන්නේ මිනිහා ' ලෝකෙට ලොක්කා ' කියලා...ඔහොම යමු ...දවසක හොඳ හෝටලයකින් හොඳ පරිප්පුවක් ලැබේවි.(අ)

:       0       0

රූපවති Tuesday, 08 July 2014 06:37 PM

මේ උගත් යැයි කියාගන්නා මිනිස්සුනම්.. අන්තිමයි ..මොන්ටි සෝරි ළමයෙක්ට තරම්වත් තැනට නුවන පාවිච්චිකර වැඩ කිරීමේ බුද්ධියය කඳුලක් නැහැ, ලැජ්ජාවේ බැහැ ...? (අ)

:       0       0

සිරි Wednesday, 09 July 2014 03:46 PM

පාසල නමැති අර්ධ කිරි කළයට මලියදේව විදුහල්පති අශූචි කලවම් කර ඇත. (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 08 July 2014 09:13 PM

මලියදේවයේ ආදී සිසුන් ලෙස අතිශය ලැජ්ජාවට පත් වන දෙයක් මෙම විදුහල්පති අපහට කර ඇත. යූ බී වන්නිනායක, දිසානායක පෙතියාගොඩ, ඩී ඒ ජයතිලක වැනි සුපිරි ගනයේ විදුහල් පතිවරුන් ගෙන දුන් අභිමානයට මෙම විදුහල්පති වසුරු හැලියක් එකතු කර ඇත. නවසීලන්තයේ වසන ආදී ශිෂ්‍යයෝ (නදී)

:       0       0

ගාලු සමරේ Tuesday, 08 July 2014 09:26 PM

ෂුවර් එකටම ඔය විදුහල්පතිකම දේශපාලන පත්වීමක් වෙන්න ඇති (නදී)

:       0       0

පද්මිණි Wednesday, 09 July 2014 07:48 AM

ගුරුවරිය හීනෙන් බයවෙලා පාසල් වාහනෙන්ම නගරාධිපති ගාවට ගියාද දන්නෙ නැහැනේ? අද කාලේ වෙන දේවල් පේනවනේ ඉතින් (නි)

:       0       0

මධුසංඛ Wednesday, 09 July 2014 07:50 AM

මේ විදුහල්පතිවරයා නම් පුදුමාකාර කෙනෙක් (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 08 July 2014 10:32 PM

මේ වගේ විදුහල්පතිවරු ගුරු වෘත්තියටම නින්දාවක් (නි)

:       0       0

අසේල Wednesday, 09 July 2014 12:26 AM

විදුහල්පති වැරදිකරු නම් උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

මාලිකා Wednesday, 09 July 2014 12:42 AM

ගැඹුරින් විමර්ශන කර නිගමනයකට එළඹෙන්න (නි)

:       0       0

හරිීන් Wednesday, 09 July 2014 01:47 AM

අපූරුම විදුහල්පති කෙනෙක් තමයි (නි)

:       0       0

රොහාන් සෞදි Tuesday, 08 July 2014 12:48 PM

විමර්ශනයක් විදුහල්පතිට පමණද එතකොට නගරාධිපති..? එයා පව් නේද. (දී)

:       0       0

සත්‍යා Wednesday, 09 July 2014 02:14 AM

දේශපාලඥයකු ළඟට ගුරුවරියක යවන්න තරම් විදුහල්පතිවරයෙක් පහත් තත්ත්වයකට වැටුණද? (නි)

:       0       0

යෝශාන් Tuesday, 08 July 2014 12:58 PM

මගේ තාත්තාත් විදුහල්පති වරයෙක් හැබැයි එයා නම් අපිට වඩා ආදරෙයි පාසලට (දී)

:       0       0

චාරුණි Tuesday, 08 July 2014 12:58 PM

වහාම දඬුවම් දෙන්න (දී)

:       0       0

නිලැසී Tuesday, 08 July 2014 12:58 PM

මේ වගේ අය නිසා තමයි දරුවොත් සිය දිවි නසා ගන්නේ (දී)

:       0       0

දීප්ත Tuesday, 08 July 2014 12:59 PM

මොනවා පිරික්සන්නද? ගෙදර යවන්න (දී)

:       0       0

ලලිත් - එස්.එල් Wednesday, 09 July 2014 02:41 AM

දේශපාලන බල පුලුහන් කමට පත් උණු විදුහල් පති කෙනෙක් වෙන්න ඕනා. දැඩි දඩුවම් දිය යුතුයි. (නදී)

:       0       0

කසුන් Tuesday, 08 July 2014 01:03 PM

බුද්ධිය තිබුනට සාමාන්‍ය දැනීම නැහැ (දී).

:       0       0

ටිරෝන් Tuesday, 08 July 2014 01:03 PM

මෙයා විදුහල්පති උන විදිහ හිතා හිතාගන්න පුළුවන් (දී).

:       0       0

මුණේ Tuesday, 08 July 2014 01:06 PM

දැන් මේ කීවෙනි සිද්ධියද (දී)

:       0       0

සුනිල් Tuesday, 08 July 2014 01:07 PM

මේවාට නිසි දඬුවම් ලබා දෙන්න (දී)

:       0       1

sooma Tuesday, 08 July 2014 01:09 PM

මේ විදුහල්පතිට පොඩ්ඩක්වත් මොලයක්නැතිද,තමන්ගෙගුරු මණ්ඩලය ආරක්ෂා කර ගෙනීම විදුහල්පතිගේ රාජකාරියකි (දී)

:       0       0

ගිහාන් Tuesday, 08 July 2014 01:12 PM

දැන් තිබෙන හොඳම වැඩේ මේ තුමා ලාට ළමයින් ව ගෙදර තියාගෙන ඒගොල්ලන්ටම උගන්න ගන්න කියන්න . රටේ අනෙකුත් දරුවන් ගේ පිළිවෙලට පාසල් ඇවිත් ඒ ඉගෙනීමේ කටයුතු කරගන්න හැටියට තමන්ගේ ළමයින් හසුරුවා ගන්න බැහැ . හැබැයි රට වටේම ඉන්න උදවියට ළමයින් හදා වඩා ගන්න හැටි ගැන උපදෙස් දෙනවා. (දී)

:       0       0

සරත් කුමාර Wednesday, 09 July 2014 03:25 AM

ගුරු ගරුත්වයට නිගා කරන දේශපාලකයන්ට කඩේ යන මේ වගේ අයට විදුහල්පති කම නෙමෙයි දෙන්න ඕනා නැවත හෝඩියේ පන්තියේ සිට අධ්‍යාපනය ලබා දෙනවා නම් වඩා හොඳයි (නදී)

:       0       0

ගන්දර සයිමොන් Tuesday, 08 July 2014 01:25 PM

මෙහිදී නගරාදිපතිට නොව විදුහල් පතිට විරුද්දව සියල්ල කල යුතුයි . තම සහෝදර පාසල් ගුරුවරු ගුරුවරියන් පාවා දෙන . දේශපාලුවන්ට කත් අදින මෙවෙනි අය ගුරු වෘත්තියට අපහාසයකි (දී)

:       0       0

තිළිණ Tuesday, 08 July 2014 01:28 PM

ගුරු මණ්ඩලයේ සියලුදෙනාම එකතුවෙලා මේ ගුරු මුත්තාව නගර සභාව ඉදිරිපිට දණ ගැස්සුවානම් හරිනේ. (දී)

:       0       0

දුටුගැමුනු1 Tuesday, 08 July 2014 01:30 PM

කථාව ඇත්තනම් මේවගේ කොන්ද පණනැති ප්‍රින්සිපල්ල ඉන්න ඉස්කෝල වලට මොකද වෙන්නෙ.අනිත් අතට මොලයක් තියන නගරාධිපති කෙනෙක් නම් ගුරුවරියට හොඳ කියල එවන්නයි ඕන.හැබැයි දේශපාලකයන්ට මොලේ නැහැනේ.මේ විමර්ශනය තිබ්බට මුකුත් වෙන්නැහැ.ගුරුවරිය මාරු කරයි (දී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 July 2014 11:00 AM

සත්‍යය දැනගැනීමේ අයිතිය අපි කාටත් තිබෙනවා (නි)

:       0       0

ලලිතා Wednesday, 09 July 2014 03:57 AM

මේ මොනවද අධ්‍යාපන ක්ෂේත්‍රයට සිද්ධ වෙන්නේ? (නි)

:       0       0

කුමාරන Wednesday, 09 July 2014 11:01 AM

වරදක් කර ඇත්නම් කිසිදා තම හෘද සාක්ෂියෙන්ද ගැළවීමක් නැත (නි)

:       0       0

නලින් Tuesday, 08 July 2014 01:35 PM

අහෝ අධ්‍යාපනයට ගිය කලක්. ගුරුවරයාට ගිය කලක්. විනාසයට යන සමාජයක ලක්ෂණ. මෙවැනි දරුවන් ලොකු මහත් වූ විට සමාජයට කරන හානිය සුළුපටු නොවේ. (දී)

:       0       0

ගාමිණි Tuesday, 08 July 2014 01:36 PM

දෙසපලකයන්ට සහ ප්‍රින්සිපල් යන දෙන්නාවම තනතුරුවලින් අයින් කරන්ඩ ඕනා. (අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 July 2014 11:03 AM

දේශපාලකයන් ඉදිරියේ සමස්ත අධ්‍යාපනයම දණ ගහලා එවරයි .රටේ අසරණ දරුවන්ට සම්මා සම්බුදු සරණයි! (නි)

:       0       0

ප්‍රශාන්ත Wednesday, 09 July 2014 04:04 AM

අපේ රටට බුදු සරණයි! (නි)

:       0       0

ශාන් Tuesday, 08 July 2014 01:38 PM

නුසුදුසු පුද්ගලයන් අදාළ තනතුරු වලට පත්කිරීමේ විපාක. (අ)

:       0       0

ගමගේ Wednesday, 09 July 2014 11:06 AM

සිදුවීම සත්‍යය නම් වහාම වැරදිකරුවන් දඩුවම් ලැබිය යුතුයි (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 09 July 2014 04:16 AM

මොහු නම් ගුරු වෘත්තියට නුසුදුසු පුද්ගලයෙකු විය හැකිබවයි මට හිතෙන්නේ. (නි)

:       0       0

රංජිත් Tuesday, 08 July 2014 02:02 PM

දරුවන්ට ශිල්ප විතරක් නෙවේ ගුණධර්ම උගන්නන්න ඕනේ ගුරුවරු!ඒක සමාව ගත යුතු වරදක්ද? (අ)

:       0       0

ධම්ම Wednesday, 09 July 2014 04:24 AM

නගරාධිපතිගේ ප්‍රතිචාරන කොහොමද? (නි)

:       0       0

ඩෙන්සිල් Tuesday, 08 July 2014 02:29 PM

ගොනෙක් ලඟට යන්න බුරුවෙක් උපදෙස්දීලා. (අ)

:       0       0

ශාන සෞදි Tuesday, 08 July 2014 02:33 PM

මේ වගේ අමනයන් දහස් ගණන් දරුවන්ගේ ඇස පාදන තෙන් වලට පත් කරලීමේ වරද මොවුන් කිසිදු සමාවන් නොදී වැඩ තහනම් කළ යුතුයි අනෙක මෙවන් අයට පාඩමක් ඉගන ගන්න (අ)

:       0       0

පිටිගල Tuesday, 08 July 2014 02:49 PM

අැයි විදුහල්පති නගරාධිපතිට කඩේ යන්නේ? තමන්ගේම විදුහලේ ගුරුතුමියක් නේද? (ස)

:       0       0

හේමන්ත Wednesday, 09 July 2014 05:02 AM

විදුහල්පති වරදක් කර ඇත්නම් දඩුවම් කළ යුතුමයි (නි)

:       0       0

කමල් Tuesday, 08 July 2014 03:15 PM

මෙම විදුහල්පති දුරදක්නා නුවණැත්තෙකි. දණ ගැස්වීමට පෙර සුදුසු ක්‍රියා මාර්ගය අරගෙන වත්ද? (ස)

:       0       0

චමි Tuesday, 08 July 2014 04:17 PM

අනිවාර්යන්ම මේ විදුහල් පති සුදුසුකම් නැති, දේශපාලක යකුගේ හෙන්චෛයක් . (දී)

:       0       0

අමිල Wednesday, 09 July 2014 05:35 AM

ගුරු වෘත්තියට සිදුව ඇති දේ ගැන ඇත්තෙන්ම දුකයි (නි)

:       0       0

රොෂාන් Tuesday, 08 July 2014 04:32 PM

මේ විදුහල්පති තුමා පිරිමිද, ගැහැනුද මේ වගේ රාජ්ය සේවකයන් ඔස්ට්‍රේලියාව ආසන්නයේ තියෙන නාවුරු දුපත් වලට යවන්න ඕනෙ. (දී)

:       0       0

කෝකිලා Tuesday, 08 July 2014 04:35 PM

මෙන්න වැඩ (දී)

:       0       0

දසනායක Wednesday, 09 July 2014 05:42 AM

සළකා බලා සුදුසු දඩුවමක් දෙන්න (නි)

:       0       0

සිසිර කුමාර Tuesday, 08 July 2014 04:35 PM

අනේ මන්ද දැන් ඉන්න විදුලපති වරුන් මෙලෝ රහක් නැහැනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 9 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 154 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 169 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 269 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 913 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 572 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site