එළවළු මිල ඉහළ යාමත් සමඟ තඹුත්තේගම මහවැලි එච් කලාපයේ අමු මිරිස් කරල් පහක් ගැනීමට රුපියල් විස්සක් ගෙවිය යුතු යැයි ගෘහණියෝ කියති.
අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 850 සිට 1000 දක්වා වැඩි වී ඇත. ඒ අනුව ග්‍රෑම් සියයක මිල රුපියල් 85-100 අතර වේ.
තඹුත්තේගම දෙවැනි පියවරේ ඩබ්ලිව් ඒ සඳමාලී ප්‍රියදර්ශනී මහත්මිය අමු මිරිස් කරල් හයක් මිලට ගැනීමට රුපියල් විස්සක් දී තවත් රුපියල් දෙකක් ණය වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැලේ අච්චාරුවක් හදන්න මමත් අද අමු මිරිස් ග්‍රෑම් 500 ගත්තේ රුපියල් පන්සියටයි. ඒ උනාට තව ටික දවසකින් මිල අඩුවෙයි කියලා මුදලාලි කිව්වා. ගිය අවුරුද්දෙත් මේ විදිහටම උනානේ. (නදී)
අමු මිරිස් ලෝකේ කොහෙත් ගණන්. අපි රුපියල් පන්දාහක් විතර ගෙවනවා කිලෝ එහෙකට. (නදී)
මම මේක දැක්ක හැටියේම මිරිස් ඇට ටිකක් දැම්මා පැළවෙන්න. අන්න අද බලනකොට අන්කුරත් ඇවිල්ලා. මේ ව්දිහට අපිට වගා කරගන්න පුළුවන් එව්වා වැව්වා නම් හරි. (නදී)
අනේ මන්දා රටට ගිය කලක් (නදී)
ඒක තමයි ආශ්චර්යය කියන්නේ. තේරෙන්නේ නැද්ද? (නි)
අමු මිරිස් වලටත් ගිය කල! (නි)
කොච්චර දැවිල්ල වුණත් මිනිසුන් මිරිස් මත්තේ නහිනවා. (නි)
මහවැලි එච් කලාපයේ මිරිස් වවනවා කියලයි මම හිතාගන හිටියේ. එහෙ වී විතරද වගා කරන්නේ? අපේ අයට ගෙවත්තේ මිරිස් ගස් ටිකක් හදන්න බැරි ඇයි? (නි)
රට හදමු ,මිරිස් වවමු (නි)
අමුමිරිස් කාලත් හමාරයි එහෙනම් (නි)
සමහරු කියන්නේ ලංකාවේ මිනිසුන්ට කන්න තියෙනවා කියලනේ.කන්න තියෙනවා, නමුත් මිලදී ගන්න තමයි විදිහක් නැත්තේ. (නි)
මෙහෙ වවන්න පුළුවන් මාස 5 ක් විතර කාලයක්. අපි වත්තේ මිරිස් , ළූණු හා තව එළවලු වවනවා. තට්ටු ගොඩනැගිලි වල ඉන්න අය පවා හැකි විදියට වවනවා. ගෙදර මිරිස් පැළයක් වවාගන්න එක අමාරු වැඩක්ද? (නි)
අමු මිරිස් වෙනුවට කොච්චි කන්න පුරුදු වෙන්න (නි)
පොල් ගහක් වත් නොමැති සෞදි අරාබියේ පොල් ගෙඩියක් රුපියල් 53 යි. ලංකාව 60-70 යි (නදී)
බුදු අම්මෝ! මේවා ඇමතිවරුන්ට ඇහෙන්න කියන්න එපා. ඒ ගොල්ලෝ කියයි අමු මිරිස් ඇඟට අගුණයි කියලා. සමහරවිට වවන්නත් තහනම් කරයි (නි)
මම නම් මිරිස් විතරක් නෙමෙයි මාළු මිරිස් පවා මම ඉන්න රටේ ගෙදර වත්තේ වවාගෙන තියෙන්නේ. ශීත කාලේදී නම් පලදාව අඩුයි. නමුත් අනෙක් කාලේදී අපි දන්නා හඳුනන අයට දෙන්නත් එළවලු පලා වැවෙනවා. (නි)
ලබන සතියේ නිවාඩු යනකොට අමු මිරිස් කිලෝ 5ක් 10ක් විතර මෙහෙන් ගෙනිච්චනම් හොඳයි වගේ, අමු මිරිස් මෙහෙ ලංකාවට වඩා ලාබනේ? (නදී)
කලින්ම කිව්වනේ අපි වවමු රට නගමු කියලා. (නදී)
මේ විදියට මිල වැඩි වෙන්න හේතුවක් නැහැ ,මේ මිල වැඩි කරන්නේ අතර මැදියන් විසින්.රජය නිසි වේද පිළිවෙලක් හදන්න ඕනේ මේ වගේ මිල වැඩි වෙන එක වලක්වා ගන්න.නැත්තන් වෙන්න සහල් වලට වෙච්ච දේම තමයි .මිල පාලනයක් දැම්මත් එම මිල පවතිනවද යන්න හොයල බලල නිසි නීතිමය වැඩ පිළිවලක් හදන්න ඕනේ, . (දී)
සමහරු කිව්වට පිලිගන්න එකකුත් නැහැ සමහරවිට මේක.නමුත් ඕස්ට්‍රේලියාවේ ඉන්න අය නම් දන්නවා මේ ගණන් .ලංකාවේ වගේ හොද සැර අමු මිරිස් කිලෝවක් රුපියල් වලින් නම් 5000/= ක් විතර වෙනවා. සැර අඩු මිරිසුත් තියෙනවා අඩුවට.අමු කරපිංචා කිලෝ එකක් 6000/= ක් විතර වෙනවා. . (දී)
සුනිල් මහත්තයාගේ කීමට මමත් එකතු වෙනවා. ගහක් දෙකක් හදා ගන්න බැරි නම් ඔය ගණන් ගෙවන්න. . (දී)
හොඳ වැඩේ එක අතකින්, මිරිස් ගහක් හිටවා ගන්න බැරි මිනිසුන් අපේ රටේ ඉන්නේ (නි)
නිකන් තියෙන ඉඩමේ මොනවා හෝ වවන්න (දී)
මෙහෙ වගා කරන්නේ නැතිව අපිනම් අමු මිරිස් කිලෝඑකක් ගන්නේ 8 දිරම් වලට(රුපියල් 280 කට).. (දී)
අර සුනිල් කියනවා වගේ කලා නම් හරි. බෙහෙත් ගණන් ගියත් කමක් නැහැ. ගෙදර පාමසියක් දාගත්තම හරි. බස් ගාස්තු ගණන් කියොත් අපේම කියල බස් එකක් ගත්තම හරි. තෙල් ගණන් ගියත් ඒ ටිකම තමා කරන්න ඕන. ඒ වගේ හිතන ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති.(ස)
අමුමිරිස් ගණන් ගිය එක හොඳයි ඒ සල්ලි ගොවියාට යනවා නම්. ඒක වෙන්නේ නැහැනේ. (ස)
දැන් ඉතින් අපේ දේශප්‍රෙමී ජනතාවට සිද්ධවෙන්නේ "මිරිස් නැතුව හොදි කන්නම්" කියන්න. (ස)
සරත් මිරිස් කියන්නේ ගොඩ බෝගයක්. (ස)
මම නම් ගෙදර පරිබෝජනයට ගස් දෙක තුනක් වවාගෙන තියෙන්නේ. අමුමිරිස් විතරක නෙවේ.රම්පෙ ,කරපිංචා ,සමහර පලාවර්ග. මගේ ඉඩම පචස් 08. (දී)
අමු මිරිස් ගස් ටික පරිස්සම් කර ගන්න.......ගස් පිටින්ම උස්සන්න බලා ගෙන ඇති කට්ටිය. (නදී)
මේක කාටවත් බයවෙන්න හේතුවක් නොවේ. මිරිස් ගහක් දෙකක් ගෙදර වවාගන්න එතරම් අමාරු නැහැනේ. තමුන්ගේ ගෙදර මිරිස් ගහක් දෙකක් තියෙනවා නම් වෙන කොහේ හරි අමු මිරිස් කරලක් රුපියල් 100 ට ගියත් මොකද? (නදී)
තිබෙන කුඹුරු ටිකත් ගොඩ කර ගෙවල් හදන්ටකෝ මිරිස් විතරක් නෙවේ හාල් සහ එළවලු සියල්ලම මිල ඔය විදිහටම වැඩි කරන්ට වේවි (නදී)