බේරුවල හා අලුත්ගම ගැටුම් පිළිබඳ පොලිස් පරීක්ෂණ ඇලිමැලි ගතියෙන් පැවැත්වෙන බව ලංකා නීතීඥ සංගමය කියයි.
සංගමයේ නියෝජිත පිරිසක් එම පෙදෙස්වල සංචාරයකින පසු පුවත්පත් සාකච්ඡාවක් පවත්වා එහි සභාපති උපුල් ජයසූරිය මහතා එම චෝදනාව කළේය.
බේරුවල හා අලුත්ගම ගැටුම් පිළිබඳ පොලිස් පරීක්ෂණ ඇලිමැලි ගතියෙන් පැවැත්වෙන බව ලංකා නීතීඥ සංගමය කියයි.
සංගමයේ නියෝජිත පිරිසක් එම පෙදෙස්වල සංචාරයකින පසු පුවත්පත් සාකච්ඡාවක් පවත්වා එහි සභාපති උපුල් ජයසූරිය මහතා එම චෝදනාව කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අපි නවනීතන් පිල්ලේට කියමු. ඕවා සේරම එකතු වෙලා ඔය දේශපාලකයන්ගේ ඔළුවට වැටෙනවා දවසක. (නදී)
ෆස්රුල් ගෆුර්, මම හැමදාම සතියේ දින වල රැකියාවට යාමට ප්‍රථම එසැණ බලන්න ගන්නේ පාන්දර හතරට. මහත්තයා වගේමයි, උදේ පාන්දර වැඩ පටන් ගන්නවා. (නදී)
සංජීව, මම මේ සිද්ධියට අදාළ අදහසක් පමණක් ලිවුවේ නැහැ. සමස්තයක් වශයෙන් ගත්තොත් අපේ රටේ බහුලව සිදුවෙන අපරාධ හා ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැනත් තමා අපි කළණගාටුවන්නේ. (නි)
චානක,ගෆූර්, මම නම් එහෙම හිතන්නේ නෑ. මමත් පිට රට තමා ඉන්නේ. මේ සිද්දියේ මුල ඉඳලම පොලිසිය හරියට කටයුතු කරලා ස්වාමීන් වහන්සේට පහර දුන් අය එවෙලේම අත් අඩංගුවට ගත්තා නම් මේ ප්‍රශ්නය මේ තරම් දුර යන්නේ නෑ. පුවත් දිහා බලලා එය ඒ ආකාරයෙන්ම බාර ගන්නවද නැත්නම් බුද්ධියෙන් සිතා බලනවද කියන එක අපිට බාරයි. මේ චෝදනාව කරන පුද්ගලයා ගැන ඔබල දන්නවාද? ඔහු යම් කිසි දේශපාලනික අරමුණකින් කතා කරන බවත් ඔබලා දන්නවාද? මෙය ඔහු කිසිම පදනමක් නැතිව කීව කතාවක්ද නැත්නම් හරි සාක්ෂි ඇතිව කීව කතාවක්ද? (නදී)
ඇයි අර පොලිස්පති අස් උනේ නැත්නම් මම අස්වෙනවා කියලා ගර්ජනා කල විපක්ෂයේ සිංහ රාජයෙක් කුණුහරුප කිය කියා එහාට මෙහාට පැන පැන ශිල්ප දක්වන වීඩියෝ එක බැලුවේ නැද්ද? ෂා! එ්ක බැලුවානම් මොකුත් පරීක්ෂණ ඕන නැහැ කියයි හැමෝම. එතන හිටිය හැමෝටම තේරෙන්න ඇති එතුමාගේ උගත් කම. ඒ මිනිස්සුන්ටත් ඔය පරීක්ෂණ ඕන නැහැ කියලා හිතෙන්න ඇති. ඒ තරම් ඝාම්භීරයි එතුමාගේ කතාව (නදී)
ඕක නිකන් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ (නදී)
අර ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය ප්‍රකාශක මේ ගැන මොනාද කියන්නේ. (නදී)
චානක වෙත - ඔබ හරි. මොකද මමත් මෙහෙ මගේ කාර්යාලයට ආ විගසම පරිගණකයෙන් මුලින්ම ලංකාදීප එසැණ පුවත් තමා නරඹන්නේ. පෙරවරුවේ සිට නැවත නිවසට යන තුරුත් විටින් විට අලුත් අලුත් පුවත් ගැන අවධායෙන් තමා සිටින්නේ. ඒ නිසා අපේ රටේ සිදුවෙනා සෑම දෙයක් ගැනම විශේෂ අවධානයෙන් ඉන්නේ. ඒ වගේම දිනපතා සිදුවෙන අපරාධ අපිට දවසේ මුල්ම පුවත බවට පත්වෙනවා. දිනයක් ආරම්භ වන විට එවැනි අසුභ පුවත් කියවන්නට ලැබෙන එකත් අවාසනාවක් තමා. ඉතින් එවැනි දේවල් නිසා යම් කිසි මානසික අසහනයක් හා පීඩාවක් ගෙන අතර අදහස් ලියන අපිත් ටිකක් කලකිරෙනවා තමා. (නදී)
සැමි, මමත් එකඟයි ඔබේ අදහසට. දැන් පොලිසියට කරන්න වෙලා තියෙන්නේ මහජනයාගේ පැමිණිළි විසඳන එක නෙවෙයි දේශපාලුවන්ට කඩේ යන එකයි පාරේ කානු සුද්ද කරන එකයි, දේශපාලුවන්ගේ ගෙවල් වල බැල මෙහෙවර කරන එකයි විමර්ෂණ රාජකාරි වලට ඉන්නේ සුළු පිරිසයි. (නදී)
පොලිසියට කොච්චර වැඩ තියනවාද? දේශපාලකයින්ගේ ගෙවල්වල වලං හෝදන්න, බල්ලෝ නාවන්න, කඩේ යන්න. ඒවාට ප්‍රමුඛතාව දීලා පුළු පුළුවන් වෙලාවට අනිකුත් පොලිස් පරීක්ෂණ කරනවා ඇති. අපි කේන්ති ගන්න නරකයි. (නදී)
ඒ මොකද ඒ? එහෙම කරන එක හොඳ නැහැනේ (නි)
වැඩේ හෙමින් යන්නෙ මොකක්හරි ප්‍රශ්නයක් ඇති. ඒකයි (නි)
ගැටුම් හටගත් වෙලාවේ ශ්‍රී ලංකා පොලිසිය මොනවද කළේ? (නි)
අද පිටරට ඉන්න බොහෝ ලාංකිකයින් ලංකාව ගැන බොහෝ කළකිරීමෙනුයි කතා කරන්නේ (නි)
ඇයි මෙහෙම කරන්නේ පොලිසිය? (නි)
මෙහෙම කරන එක වැරදියි නේද? (නි)
මෙහෙම බලද්දී සාධාරණයක් පොලිසියෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (නි)
අපි මේක එහෙනම් ජාත්‍යන්තර පොලීසියටවත් බාර කරමුද? (නි)
ලංකාවේ නිතිය එක පාර්ශවයකට පමණයි ද? (නදී)
මේක තමා අපේ රටේ තත්ත්වය (නි)