ජීවිතවලට හා දේපොළවලට හානි කළ හැකි නීති විරෝධී ආයුධ, පැට්‍රල් බෝම්බ, කඩු , යකඩ මුගුරු, ඇතුළු උපකරණ තිබේනම් ඒවා මෙම මස 28 දින දවල් දොළහට පෙර පොලිසියට බාරදෙන ලෙස හෝ තමන්ට සමීප පොදු පිටියකට ගෙනත් දමන ලෙස අලුත්ගම පොලිසිය අද ශබ්ද වාහිනී යන්ත්‍ර මගින් ප්‍රදේශයේ ජනතාවට දැනුම් දුන්නේය.
එම දිනට පසු මෙවැනි උපකරණ ළඟ තබා ගෙන අසු වුවහොත් නීති මගින් කටයුතුකරන බවද පොලිසිය මෙහිදී දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සචි ඔයා හරි (නදී)
බලමු නේ අපේ රටේ පොලිසියේ මහත්වරුන්ගේ වැඩේ. (ස)
අවි අමොරන්නේ මොකාක් බෙදා ගන්න බැරුවද (දී)
ඒ අලුත්ගම උන දේ නැවත නම් සිදු නොවේවා (දී)
කාලයක් කොටින්ටත් ඔය වගේ සමාවක් දුන්න.උන් බාර දුන්නෙ පත්තු වෙන්නෙ නැති ගල්කටස්.පොලිසියට තියෙන්නෙ සුදු රෙද්දක් දාලා පාරෙ ඉඳ ගන්න.මෙන්න කියල ගෙනත් බාරදෙයි.අනේ කවුද මෙහෙම යෝජනා කරන මහ මොල කාරය. (දී)
එක මොඩල් එකේම කඩු පෙට්‍රල් බෝම්බ අනික් මිනිස්සුන්ට යන්න බැරි තැන් වල හංගලා තියෙනවා කියලා සමහරු කියනවා. පොලිසියට ඕනෑම තැනකට යන්න බලය තබුණා අපේ කාලෙනම්. දැන් කොහොමද දන්නේ නැහැ.ගිහින් බලන්න පුළුවන් නේ. පන්සල් වලට නම් පොලිසිය යනවා තුවක්කුත් අමෝරාගෙන. (දී)
ෂෝක්, දැන් අහුවෙන ඔක්කොම අය කියයි ලග තියෙන පොදු පිටියට යනවා කියල .... (දී)
මොන අවි සමාවක්ද. STF හරි හමුදාව හරි දැම්මනම් ඔය ලංකාවේ කලින් හම්බ වෙච්ච නැති බඩුත් හොයාගන්න පුළුවන්. මොකද රටක හමුදාවට හරි පොලිසයට හරි පුළුවන්නේ සෝදිසි කරන්න . එකට ජාත්‍යන්තර අවසරයක් ඕනේ නැහැනේ . (දී)
ජීවිත වලට හානි කරන්න පුලුවන් ඔවුන්ට විතරද? (නදී)
හරියටම විස්තරේ දැන ගන්න වෙන්නේ 28 වෙනිදට පස්සේ (දී)
ඔය පැත්තේ පෙට්‍රල් බෝම්බ, සිරියානු කඩු, වක්පිහි තියෙනවා කියලා ආරන්චියි.... පොලීසියේ මහත්වරුත් බලාගෙන පරිස්සමින් (දී)
දෙමලිනුත් කිව්වනම් කට්ටියම දෑනගනීවි(දී)
ශබ්ද විකාශයෙන් ඕවා සිංහලෙන් කිව්වට තේරෙන්නෙ නෑ. දෙමළෙන් කිව්වොත් මිනිස්සුන්ට තේරේවි. අරාබියෙන් කිව්වත් කමක් නෑ. (නදී)
මොකටද සමාවක්? කගේ උවමනාවටද? අවි තබගෙන ඉන්න ඕනෑම කෙනෙක් සිරගත කල යුතුයි.(අ)
දැන් පහර දුන්න අයට කිසිම අවුලක් නැහැ. තමන්ගේ ආරක්ෂාවට තියෙන යකඩ පොල්ලත් උදුරගත්තම ඊළඟ ප්‍රහාරයත් දියත් කරන්ඩ පුළුවන් නේ එකයි.අන්තිමට අහිංසක මිනිසුන්ව අත්අඩංගුවට ගනී අන්තවාදීන් කියල. (අ)
බෙිරැවලට ධර්ගා වලට මෙහෙම සමාවක් නිතියක් නැද්ද (අ)
හම්බන්තොටටත් මෙහෙම කරන්නකෝ .... කොහේ කරත් වැඩේ හොඳයි. (ස)
බොදු බල සේනාවට දොස් කියපු අය මේකට මොනව කියාවි ද(දී)