බේරුවල සහ අලුත්ගම දී පසුගිය 15 වැනි දා ගැටුම්වල දී ජීවත දෙකක් අහිමි වී නිවාස 120ක් විනාශ වී ඇති නමුත් පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක කැඳවා නැතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරියහා ලේකම් අජිත් පතිරණ හා බන්දුල වීරසිංහ මහත්වරු කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂ් ආබ්දීන් මහත්මිය හමුවේ අද කියා සිටියහ.
මෙම ගැටුම්වල දී මිය ගිය මොහොමඩ් රිල්වාන් හා මොහොඩ් මුස්දීන් මහත්වරුගේ මරණ පරීක්ෂණවල දී ඔවුහු එසේ කීහ.
පශ්චාත් මරණ පරීක්ෂණ හා රස පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නැති බව ඔවුහු කීහ.
එම වාර්තා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිවයුත්තනි, මෙය පෙනෙන්නේ නැද්ද? (නි)
මොකක්ද මෙහි තේරුම? (නි)
මෙය කෙසේ විසඳේවිද? (නි)
ඇයි මෙහෙම කරන්නෙ? මේ රටේ නීතිය කොහෙද? (නි)
ඇත්ත කවදත් තිත්තලු (නි)
ඔන්න බලන්න ඉතින් ඒකෙත් හැටි.... (නි)
මොන පරීක්ෂණ කළත් දැන් වෙන්න තිබෙන දේ වෙලා ඉවරයි. (නි)
සමහරු නම් ඉතින් දැනටම අවසාන වාර්තා ඔක්කොම ජාත්‍යන්තරයටත් දීලා තීන්දුවත් දීලා ඉවරනෙ. (නි)
මේ ගැන පුළුල් පරීක්ෂණයක් කිරීම අවශ්‍යයි (නි)