රජරට විශ්ව විද්‍යාලයයේ මිහින්තලේ පරිශ්‍රයේ පරිපාලන හා ඉගැන්වීම්වලින් ඉවත් වීමට ගත් තීරණය දිගටම ක්‍රියාත්මක කිරීමට ආචාර්ය සංගමය ඒකමතිකව තීරණ කළ බව එහි සභාපති ආචාර්ය චමින්ද එගොඩවත්ත කියයි.
පසුගිය 26 සහ 27 සිසුන් කණ්ඩායමක් උපකුලපති හා ආචාර්වරුන් දස දෙනකු පැය විස්සකට වැඩි කාලයක් සිරකරගෙන ඔවුනට බැණ වදිමින් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනය කිරීම නිසා එම පියවර ගත් බව ද ඔහු කියයි.
සරසවි පාලක සභාව රැස්වී සුදුසු වටපිටාවක් සකස් කරන තුරු ඉගැන්වීමෙන් හා පරිපාලන කටයුතුවලින් ඉවත් වන බව ඔහු පවසයි.
ගුරුවරුන්ට තර්ජනය නොකළ බවත් මේ සිද්ධියෙන් දේශපාලන ප්‍රයෝජන නොගන්නා ලෙසත් ශිෂ්‍ය සංගමය ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාලයේදී කතාකරන දේශපානලයේ නියම තේරුම එළියට අාවාට පසු බලාගන්න පුළුවන්. කාටවත් කඩේ යන්න එපා. දැන් පවතින සමාජ ක්‍රමය තුළ රැකියාවක් කරලත් ජීවත් වෙන්න අමාරුයි. (නි)
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 5000ක් පමණ සිටිනවා.ආචාර්යවරුන්ට හිරිහැර කළ අය ඔවුන් දන්නවා. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
මේ හපන් කම කල සිසුන්ගේ දෙමව්පියන් ගෙන්වන්න ඕන සරසවියට . දරුවන් කල හපන්කම් පෙන්වා දෙන්න . ළමයා ඉගෙන ගන්න කියලා ඇවිත් කරන්නේ මොනවද කියලා ඒ උදවිය දැන ගන්න ඕන. මෙහෙම ගියොත් පාසල් සිසුන් හික්මවා ගන්නේ කොහොමද ? මේවා නරක පුර්වාදර්ශ ! (දී)
එතොකට ඔය වැරදි කෙරුවේ ශිෂ්‍යෙයා් විතරමද. (නදී)
ඇත්තටම ආචාර්ය වරුන්ට ජීවිත තර්ජන තියෙනවා නම් එයාල මෙහෙම කරන එක හරි . එත් 2014/07/10 ඉදන් ආචාර්යවරු එයාලගේ පඩි වැඩි කර ගන්න ළමයින්ගේ ජීවිත බිල්ලට තියල වර්ජන කරන එක ගැනත් ඔයාල එකඟද දන්නේ නෑ . අමතක කරන්න එපා 2012 අරුද්දේ එයාල කරපු වර්ජනෙන් අසරණ ළමයින්ගේ ජීවිත වලින් මාස 3ක් අපතේ ගියා. තව වටිනා ජීවිත 2 කුත් නැති උනා. (ස)
පාසල් වල මෙන්, විශ්වවිද්‍යාල වල මනුස්සකම් දන්නා ගුරුවරුත් අල්පය, මනුස්සකම් දන්නා ශිෂ්‍යයොත් අල්පය. අධ්‍යාපන ක්‍රමයේ කොතන හෝ දුර්වලතාවයක් ඇත. (නදී)
මම අදහස් කලේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය සහ එය මෙහෙයවන අපේ රන්ජිත් දේවසිරි මහත්තය ගැන. (නදී)
මේ සිරගත කල උපකුලපති තුමාගේ හා ආචාරය මඩුල්ලේ මිනිස් අයිතිවාසිකම් යාපා මහතාට පේන්නේ නැද්ද ? (දී)
විශ්ව විද්‍යාල වලටඑන ළමය ඔය කියන ශිෂ්‍ය සංවිධාන බිල්ලට ගන්නවා. මොළ හෝදලා පිකටින් පෙළපාලි සහ ඔයවගේ ප්‍රශ්න වලට බිල්ලට දෙනවා. ඕක විශ්ව විද්‍යාල වලට එන ළමින්ට කියල දෙන්න ඕනි. අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් විශ්ව විද්‍යාල ගිහිල්ල ඒ මිනිස්සුන්ම අපහසුතාවයට පත්කරනවා. ළමයිනේ ටිකක් හිතල බලන්න. ඔබ විශ්ව විද්‍යාලයට ගියේ ඉගෙනගන්න මිසක් පෙළපාලි, පිකටින් කරන්න නෙවේ. (දී)
ජ වී පෙ බළල් අතක් වන ඔය අන්තරේ මෙල්ල කරන්න බැරි අධ්‍යාපන අැමතිලා මේ විනාසයට වග කියන්න ඕනේ. අපේ කාලේ ඔය ජෙප්පන් හැංඟී හැංඟී වැඩ කලේ, දැන් තමා එළිපිට අභියෝග කරන මට්ටමට ගෙනත් තියෙන්නේ. උසස් අධ්‍යාපනය බිස්නස් එකක් කරන කොන්තරාත්තුව තමා මේ දෙගොල්ලම කරන්නේ. රජයේ විශ්වවිද්‍යාල එපා කරවනවා. රට විනාස වෙනවා, රජයක් නෑ වගේ රජයත් ඉන්නවා. (ස)
එදා උපකුලපති තුමා නිවාස අඩස්සියට ගන්න රැස් වෙලා හිටියේ සිසුන් සුළු පිරිසක්ද යාපා මහතාණෙනි ? අපි පින්තුර දුටුවානේ . එතකොට බලහත්කාරයෙන් කෙනෙක්ව නිවාස අඩස්සියට පත් කරන එකෙන් මිනිස් අයිතිවාසිකම් රැකෙනවාද ? එදා උපකුලපති තුමාට කන්න බොන්න තියා , වැසිකිලි පහසුකම් වත් තිබුනා ද දන්නේ නැහැ . (දී)
කොහොමත් ළමයි ඉගෙන ගන්නේ නැහැනේ (දී)
විශ්ව විද්‍යාල තුළ සාමකාමී අධ්‍යාපනය, පර්යේෂණ සහ නව නිමැවුම් වගේම ඒවා නඩත්තු කරන අහිංසක ජනතාවට නිසි සේවයක් කිරීම සඳහා විනය පවත්වාගැනීම අත්‍යාවශ්‍යයි. විනය විරෝධී කටයුතු සදහා සිසුන්ට දඩුවම් දීම බහුලව සිදුවෙනවා. නමුත් සුළු පිරිසකගේ වැඩ නිසා අහිංසක වැඩදායක සිසුන්ගේ නිදහස් අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය උදුරාගැනීම මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන්නේද? (නි)
ගුරුවරුන්ට තර්ජනය නොකෙරුව නම් මොනවද කෙරුවේ පැය ගානක් යන්ට නොදී හිර කරගෙන.ගුරුවරු මොන තරම් අපහසුවෙන්ද ඉන්ට ඇත්තේ .මගේ අදහස මේ සියලුම ගුරුවරුන්ගෙන් සමාව ගත යුතුයි (දී)
ඉතාම හොද තීරණයක්. සිසුන් තමන්ගේ තරම හා වගකීම නොතකා කරන මෙවන් ක්‍රියා නොතකා හිටියොත් මොවුන් කිසිදාක හැදෙන්නේ නැහැ (නි)
ගුරුවරු යනු දෙවිවරුය. දැන් පාසල් වලටත් මේ ලෙඩේ බෝ වී ඇත. ඉල්ලීම් දිනාගැනීම සඳහා තවකෙක් බලෙන් හිරකර තබාගැනීමට තරම් සරසවි ශිෂ්‍යයින් පහත් තත්වයට පත් කරන දේශපාලන පක්ෂ ඡනතා මතයෙන් අතුගෑම කළ යුතුයි. (නි)
මේවා අද කාලේ පුදුමවෙන්න දේවල් නෙමෙයි (නි)
කුමාරගේ අදහස හරි. අපි ඉගෙනගන්න කාලෙත් ඔහොමයි. (නි)
ගුරුවරයෙකුට අපහාස කළ කෙනෙක් හොඳින් ජීවත්වුණා කියලා අහන්න ලැබිලා නැහැ කවදාවත් (නි)
සිසුන් තමන්ගේ දෙමව්පියන් ඉදිරියේ ගුරුවරුන්ගෙන් සමාව ගත යුතුයි. මේවාට ගෙවල් වල ඉන්න දෙමව්පියනුත් වගකියන්න ඕනෑ. ඉගෙනගන්න යනවා කියලා තමන්ගේ ළමයා මොකද කරන්නේ කියලා හොයන්න ඕනෑ නැද්ද? (නි)
මම නම් කියන්නේ, ප්‍රසිද්ධියේ සමාව ගන්නතුරු ගුරුවරුන්ට සරසවිය පළාතේ යන්න එපා කියලා. අර කවුද කිව්වා වගේ මේ උදවිය ඊළඟට රැකියාවට ගියදාට කරන්නේ රැකියා ස්ථානවල ප්‍රධානීන් කාර්යාල අඩස්සි ගතකර එතනත් බලයෙන් ඉල්ලීම් දිනා ගැනීම (නි)
මොකටද ගුරුවරු? ඇයි මේ චණ්ඩි පැටවුන්ගේ දෙමව්පියන්ට පුළුවන්නේ ගෙවල් වල ඉඳගෙන උගන්වන්න. ඒ අයටත් බොහොම ආඩම්බර ඇතිනේ දරුවන්ගේ හපන්කම් ගැන (නි)
ශිෂ්‍ය අන්තවාදයට උඩගෙඩි දෙමින් ඔවුන් කරන ඕනෑම දෙයක් අනුමත කරමින්, බංකලොත් දේශපාලනයේ ඉත්තන් වෙමින්, විශ්ව විද්‍යාල පද්ධතිය අවුල් කරන්න උත්සාහ ගන්න අයගේ ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිවිපාක තමා අද මේ ඇස් පනාපිට අත් විඳින්නේ (නි)
ලංකාවේ අධ්‍යාපනය කාදමන සියලු ශිෂ්‍ය ව්‍යාපාර වහාම තහනම් කළ යුතුයි (නි)
ගුරු-සිසු පරතරය තියාගෙන කටයුතු කරනවා නම් ප්‍රශ්න ඇතිවීම අවමයි (නි)