දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දී නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගේ තර්ජනයට ලක් වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පොලිස්පති වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීය.
තමාට පොලිසියෙන් සාධාරණයන් නොවන පසුබිමට තවදුරටත් පොලිස් සේවයේ සිටිය නොහැකි නිසා සේවයෙන් ඉවත් වන බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයස් මහත්මයා කියන දේ තමයි මටත් කියන්න තියෙන්නේ. (දී)
ආරංචි උනා මෙයා විදේශ රටක වීසා ඉල්ලා එය නොලැබුනු බව,මෙම කතාව හොඳයි පිට රටක සරණාගතයෙකු ලෙස ඉල්ලීම් කරන්න, යුරෝපයට එන්න අනිවාර්යයෙන්ම ඕකට වීසා හම්බවෙනවා,උපදේශ ඕනෙනම් හම්බ වෙන්න,මෙය විහිළුවක් නොවේ. (ස)
මෙවන් අවස්ථාවකට මුහුණ දුන් කෙනෙක් පමණි දන්නේ මෙහි ඇති අමාරු තත්වය. මානසිකව මෙය කොතරම් වදයක් ද ? සමාජයට මුහුණ දෙන්න පුළුවන් ද ආත්ම ගෞරවයක් ඇතුව. එම නිසා මොහු ගත පියවර 100% ක් නිවැරදි . දැන් මෙතුමාට සැනසිල්ලේ නිදා ගන්නවත් පුළුවන්. අද රටේ ඔක්කොම එක බොරුවෙන් වහන්න පුළුවන්, මිනිස්සු ස්වයන් මෝහනයකට පත් වෙලා ඉන්නේ.එම අවස්ථාවෙන් නැගිටවීම ලෙහෙසි නැහැ. (දී)
ස්වාධීන තීරණ ගත හැකි ඉහළ මට්ටමේ පුද්ගලික ආයතනයක ඉහළ වැටුපක් සමග ආරක්ෂක අංශයේ රැකියාවක් ඔබට ලැබේවායි මගේ ප්‍රාර්ථනාවයි. එවැනි ආයතයකට මෙම පුවත ඇස ගැටේවායිද පතමු. (නදී)
ඔය ලාංචන ,තරු ,පටි , කුරුල්ලෝ ගහගෙන ඉන්න මහත්වරුන්ටත් හොඳ ආදර්ශයක් දුන්නේ මේ පිටකොන්දක් තියෙන රාලහාමි මහත්තය. (නදී)
වගකිව යුත්තෝ මේවා නොදැක ඉන්නවා නොවේ. නීතියක් තියෙනවනන් එය ඉදිරියේ ඇමති උනත් සාමාන්‍ය පුරවැසියෙක් පමණි. (දී)
ප්‍රතිපත්ති ගරුක නීති ගරුක ඔබට පෞද්ලික අංශයේ මීට වඩා හොඳ රැකියාවක් ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. (දී)
ඔයත් ඇමති කෙනෙක් වෙන්න සිහින දකිනවා වගෙයි ගොනා හැරෙනකොට අපි දන්නවා පොල්පැලේට කියලා මගේ සුභ පැතුම් (දී)
වීඩියෝ එකේ දැක්ක ඇමති දඩ කොලේ දීපු වෙලාවේ කතා කරපු හැටි. ඇමතිට දැන් සන්තෝස ඇති. දේශපාලකයන්ගේ පාලනයට ගිය පොලිසිය. ඔබ නියම පුරවැසියෙක් ඇත්ත කියල ඉල්ලා අස්වීමෙන් පොලිසියේ ඉන්න සියල්ලටම ආදර්ශයක් ගෙනදීම. (ස)
මෙවැනි අකටයුතුකම් සිද්ද වෙද්දී තමයි මිනිස්සු නොමිනිස්සු වෙන්න පටන් ගන්නේ.හා මම කියන්නේ බොරුද? (දී)
පොලිස් ඉතිහාසයේ මම දැක්ක විශිෂ්ටයෙක්...ඔබ වැනි කෙලින් තීරණයක් ගන්න පුළුවන් කොන්ද කෙලින් තියන, කාටවත් යටත් නැති අවංක පුද්ගලයන් ට පමණයි...බ්‍රිතාන්‍ය යුගයෙන් පස්සේ පොලිසිය පිරිහෙන්නට පටන් ගත්තා....මේ මොහොතේ අපි අත්විඳින්නේ ඒ පිරිහීමේ උපරිම අවස්ථාවයි. ඔබට වාසනාවන්ත අනාගතයක්. (දී)
ඔබ පොලිසියේ සිටිය යුතුම කෙනෙක් . (දී)
මේවට ප්‍රතිචාර දාලත්බැහැ නොදත් බැහැ (දී)
ඔබ නැවත අනිවාර්යයෙන් ම නීතිය රජයන සමාජයක උසස් නනතුරකට පත් වෙනවා. වැඩි කලක් නොගොස්, එතෙක් අපිට ඉවසන්න වෙනව, මේ ක්‍රමය වෙනස් වන තුරු. (ස)
පොලීසියේ පොඩි නිලධාරීන්ට හැමදාම වෙන්නේ ඔහොම තමයි. උසස් නිලදධාරීන් නිවැරදි තීරණයක් ගත්ත නම් අද ඒ නිලධාරිය තවම සේවයේ. (ස)
දේශපාලනය නිසා ලංකාවේ සියලුම ආයතන සේවාවන් ක්‍රීඩාව පාසල විශ්වවිද්‍යාල ඇතුළු සියලුම දේවල් බිඳ වැටිලා තියෙන්නේ, (දී)
නිතිය කාටවත් අතට ගන්න බැහැ, මේ මනුස්සයාට සාධාරණයක් කරන්න (දී)
ඔබේ මහත්ම ගතිය අගයනවා. නමුත් පොලිසියට සේවය කිරීමෙන් වැඩක් නැහැ . පොලිසියවත් ඔබට උදව් කරන්නේ නැති නිසා තමුන්ගේ ජීවිතේ බෙරා ගන්න. පවල වැදගත් රටට වඩා. ලංකාවේ ඉන්න නුගත් අය නැති වූ දවසක ලංකාව දියුණු වේවි. (දී)
මේ වගේ අවංක නිලදාරියෙක්ට, ජොබ් එකක් දෙන්න හුගක් කැමති අය / කොම්පැනි තියෙනව. නමුත් රජයේ, සෙමි හා සමහර පුද්ගලික අය කැමති නැ. මොකද, යටින් කරන දේවල් , ඒ ගොල්ලන්ට කරගන්න බැරි වෙන නිසා. (දී)
මිනිස්සුන්ට පොලිසිය එපා වෙලා පොලිසියට රස්සාව එපා වෙලා (දී)
සාධාරනය හා යුක්තිය නැති බව දන්නා නිසා ඉල්ලා අස් උන ඔබ සේවයේ විශිෂ්ටයෙක් (දී)
නියම සිංහල කොල්ලෙක් (දී)
කොන්දක් ඇති ඔබ සියලුදෙනාට ආදර්ශයක් (දී)
ලංකා තිලක් ඔයා කියන එක හරි. මම ගොඩන් රටවලට ගිහිල්ලා තියෙනවා. ඒ රටවලට එන ගොඩක් අප්‍රිකානුවෝ කරන දෙයක් මේක. හැබැයි මෙයා වරද්දාගත්තා (නදී)
නියම ලංකා පුත්‍රයෙක් (නි)
නාරද කියලා තියෙන්නේ ඇත්ත. ඔබ ඒ අයුරින් කටයුතු කරන්න. (නි)
දශපාලනයට රට යටවෙලා ඉවරයි (දී)
ලංකා තිලක් නම් සීගිරි ගියපු නැති එක්කෙනෙක් කියල සැකයක් නැතුව කියන්න පුළුවන්. කොස්තාපල් මහත්මයා තර්ජනය කරවගත්ත වගේ ලංකා තිලක් කතා කරන්නේ. ඔබතුමා නම් ලංකාවටම ගැලපෙන හොද චන්ද දායකයෙක් තිලක්. (දී)
නීතියට නිතිය එපා වෙලා (දී)
මේක තමයි පියවර අංක දෙක..තුන්වෙනි එක තර්ජන තියෙනවා කියල ඇමෙරිකන් එම්බසි එකෙන් දේශපාලන රැක වරණ පැතීම.පස් වෙනි එක කොස්තාපල් පවුල එක්කම අමෙරිකාවේ පදිංචියට යාම.හැබැයි වැඩේනම් හිතන තරම් ලේසි වෙන එකක් නැහැ.. (දී)
ඔබගේ තීරණයට මම හිස නමා ආචාර කරමි. නමුත් නිල ඇදුම නැති කෙනා ලෙල්ල නැති කෙසෙල් ගෙඩිය වගේලුනේ. ඒ නිසා ප්‍රවේසමෙන්. අර නාරද කියපු දේ ගැන හිතල බලන්ඩ. (ස)
දේශපාලනයේ තියෙන වැරදි තැන් දැක්කාද (දී)
නුවර පැත්තෙත් පොලිසියේ මහත්මයෙක් මේ විදියටම කියල ඉල්ලා අස් වුණා නේද ? ඇත්තටම අපිට හරිම කණගාටුයි අද රටේ නිතිය වල්වැදිලා... (දී)
ඔබ ඉල්ලා අස් වූ එකයි (දී)
ලංකාවේ හැටි (නදී)
සාධාරණ පරීක්ෂණයක් කරලා මේ මනුස්සයාට සාධාරණයක් කරන්න (දී)
තමන්ම ගස් බැඳගන්නා, තමන්ටම ගහගන්නා, අමතකවෙන රටක ඔබ වැනි අය සිටින බව ඇසීමත් සතුටක්. කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ පවුලේ අය වෙනුවෙන් වැඩ කරන්න. ඔබගේ ඉල්ලා අස්වීම යම් දවසක රටට හොඳ දවසක් උදාවීමට හේතු වෙන්න පුළුවන්. යහපත් හෙට දවසක්! (දී)
නියම රාජ්‍ය සේවකයෙක් (දී)
නීතිය සැමට සමානව ක්‍රියාත්මක වීම රටක් ස්ථාවර වීමට බෙහෙවින් බලපායි (නදී)
ඔන්න ඔය වගේ සහ තව තවත් ලොකූ දේවල් කරන්න තමයි දහ අට ගෙනාවේ. (නදී)
හිතට එකඟව රස්සාව කරන්න බැරි තැන ගත්තු තීරණයක් (දී)
මෙම පොලිස් නිලධාරියා ලෝකෙටම ආඩම්බරයක් (දී)
තමන්ගේ අතින් වරදක් නැති නම් මොකටද අස් උනේ (දී)
ගහට නැග්ග මිනිහාටත් කියන්න දෙයක් තිබුනලුනේ (නි)
ඔබගේ දිවි මඟ සාර්ථක වේවා! (නි)
මේ මොනවද වුණේ? (නි)
ඕක තමයි රජයේ සේවකයෙකුට මෙවැනි අකරතැබ්බයකට මුහුණදීමට සිදු වුණොත් අවසානයේ ගන්න තිබෙන තීරණය. (නි)
ආසියාවේ ආශ්චර්ය මෙයයි! (නි)
ලැජ්ජා වෙනවා මම ශ්‍රි ලාංකිකයෙක් වශයෙන්. අසාධාරණයට එරෙහිවීම ගැන පාඩම් ඉගෙනගන්න ඕනෑ නම් මේවා හොඳ පාඩම්.මට දුක මගේ දරුවන් මේ රටේ ඉපදීමයි. (නි)
කොන්ද පණ තිබෙන නියම කොල්ලෙක්! (නි)
ඇමතිතුමාලට ගරු කරන්න ඉගෙනගන්න මින්පස්සේවත් (නි)
තමන් සේවය කරන ආයතනයෙන් කෙනකුට නිසි ගෞරවයක් සහ සුරක්ෂිතතාවයක් නොලැබෙන්නේ නම් එහි සේවය කිරීම කෙසේ කළ හැකිද..? (නි)
කොන්ද හොඳට තියෙන නිලධාරියෙක්. ඔබට වරදින්නේ නැහැ (නි)
ලංකාවේ යුක්තිය සහ සාධාරණය පිරිහීම සමඟ නීතියේ ආධිපත්‍යය හීනවීමෙහි තවත් එක නිදසුනක්. (නි)
ඔබ වැනි උතුම් නිලධාරීන්ට ජය! (නි)
පොලිසිය දේශපාලුවන්ට යටවෙනවා නම් අපේ ජීවිත කාලෙයේදි කොයිතරම් අසාධාරණ පොලිසියෙන් අපිට සිද්ධ වෙයි කියලා හිතාගත හැකිද? (නි)
දඩ කොලයක් කරපු හරියක්.... (නි)
ඔන්න ලංකාවේ ආශ්චර්යය. (නි)
අන්තිමට වෙන්නේ මේක තමයි ඉතින් (නි)
හැමතැනම පොඩි එකා පසු බසිනවා. මෙහෙවු රටක අපිත් ඉපදුනා එහෙනම්... (නි)
කොන්ද කෙළින් තියාගෙන කළ දේට ඔබට උපහාර වේවා! සටන අත්හරින්න එපා මහත්මයා. ඔබට ජයෙන් ජයම වේවා! (නි)
මම මගේ කැමැත්තෙන්ම ඉල්ලා අස්වෙමි. (නි)
කොන්ද පණ ඇති කෙළින් වැඩකරන නිලධාරියෙක් අපේ රටට නැති වුණා (නි)
පොලිසියේ අයට පොලිසියෙන්වත් පිහිටක් නැතිකොට, සාමාන්‍ය ජනයා ගැන කවර කතාද? (නි)
කවුරු කවුරු ගැනත් රටම දැනගත්තා (නි)
අසාදාරනය,දුෂණය,බලය හමුවේ නිතිය ඉල්ලා අස්විය ! (දී)
දේශපාලනය ලංකාවම නැති කරලා තියෙන්නේ (දී)
දේශපාලනය හැමතැනක්ම විනාශ කරලා (දී)
සියල්ල යහපත් පරිදි විසඳේවි (නි)
රැකියාවක් නම් හොයාගන්න පුළුවන්නේ ඉතින්... (නි)
තමුන් තමුන්ටම ගසාගන්නා, තමුන් තමුන්වම ගස් බැඳ ගන්නා, තමුන් තමුන්ටම වෙඩි තබා ගන්නා හිස් මිනිසුන් අතර සබඳ, ඔබ මහා විරුවෙකි අපිට! (නි)
අපි බලමු අපේ වගකිවයුතු අංශ මේ ගැන මොකද කරන්නේ කියලා. (නි)
කොන්දක් ඇති ඔබට,කොන්දක් ඇති සැමගේම උත්තමාචාරය! ප්‍රජාතන්ත්‍රවාදය වැළලෙමින් නැවත වැඩවසම් යුගය පැමිණෙමින් ඇත. ආශ්චර්යයේ මාවත එයයි. (නි)
සම්පත්, ප්‍රසංග ඔබගේ මෝඩකම තිබුනට හැමතැනම ප්‍රදර්ශනය කරන්න එපා. ලංකාදීප පුවත්පත දෙස් විදෙස් බුද්ධිමත් ලාංකිකයන් සියලු දෙනා කියවන පුවත්පතක්. (නි)
"උස්තැන් දැක හැකිළෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ" සොයුර, ඔබ නිවටයෙක් නොව නියම හෙළයෙක්. දුෂිතයන් ඉදිරියේ දණින් වැටි සිටිනවාට වඩා කොන්ද කෙළින් තියාගෙන රැකියාවෙන් ඉවත්වීමට ගත් තීරණය හරි. මෙරට නීතිගරුක ජනතා ආශිර්වාදය ඔබටයි. ඔබට සැමදා ජයෙන් ජය! (නි)
ඔබ මින් පෙන්වා දුන්නේ ඔබේ මහත්මා ගතියයි.ඔබතුමාට අවංක ගතිගුණ අගයන මිනිසෙක් පිහිටවෙනවා නිසැකය. (නි)
ඔබගේ ඉදිරිමඟ සාර්ථක වේවා! (නි)
බයවෙන්න එපා. නුඹ වගේ අය පොලිසියට ඕනෑම කරන වෙලාවක යන එක නම් දුකට කාරණාවක්. ඒ වුණාට ඔබට හොඳ කොන්දක් තියෙනවා කියලා මුළු රටම දැනගත්තා. ඔබට ජය වේවා ! (නි)
ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්නේ මේක (නි)
ඇයි එයා අස්වෙන්නේ? මේක පුදුම වැඩක්නේ .... (නි)
අන්තිමට වෙන්නේ මේක බව අපිටත් හිතුණා (නි)
ලංකාවේ පොලීසියෙන් සාධාරණයක් වේ යැයි කියා සිතන්න මටත් අමාරුයි (නි)
දැන් මෙයාගේ සියලුම වත්කම් පරීක්ෂා කර බැලුවා නම් නේද හොඳ? (නි)
ආත්ම ගරුත්වය රැකියාවට වැඩිය වටිනා බව ඔබතුමා ඔප්පුකර තිබේ. (නි)
පොලිසියේ අයටත් මෙහෙම නම් අපිට කොහොම වෙයිද? (නි)