ඉතාලියේ බ්‍රෙෂියා නගරය ආසන්නයේ ඇති විල්ලනුවොවා ගමේ ලාංකිකයන් හා ඉන්දියා ජාතිකයන් අතර මහ රෑ සනර්දෙල්ලි මාවතේදී අතින් පයින් සහ පොලු ගසා ගත් බවත්, මේ දුටු ඉතාලි ජාතිකයන් පොලිසියට දැන්වූ බවත් පොලිසියෙන් පැමිණ පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් කියති.
තුවාලකරුවෝ ගවාර්දෝ රෝහලට ඇතුලත් කරනු ලැබූහ. පොලිසිය පවසන්නේ මෙම ගුටිබැට හුවමාරුවට සහභාගිවු සියලුදෙනාම නීත්‍යනුලව ඉතාලියේ ජීවත්වන අය බවයි.
මේ පිරිස ජුලිමස 19 වැනිදා උසාවියට ඉදිරිපත්කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙවු රටේ ඉතාලි ගිය මල්ලිලා නිකන් ඉඳීද? (නි)
මහින්ද ඔයාගෙ කථාව සහතික ඇත්ත. ජෝර්දානෙදිත් ඔය සිදිධියම වුනා. (ස)
ඔය වසුන්දරා කියන කෙනා හීනෙන්වත් වෙන රටකට ගිහින් තියනවද? (දී)
වසුන්දරා ඕගොල්ලෝ කරන්නේ ඉතින් කන එක විතරයිනේ (දී)
කොහොමත් ඉන්දියන්කාරයන්ගේ ඔළුව වැඩියි තමයි (නදී)
මෙතන ඉන්දීය ජාතිකයෝ කියන්නේ දකුණු ඉන්දියානු ද්‍රවිඩයෝ වෙන්න ඕන. (ස)
ගොඩක් අය තමන්ගේ නොහැකියාව පෙන්වන්න මේ වගේ වැඩ කරනවා. ඕකෙන් වෙන්නේ හරිහමන් විදිහට ජිවත් වෙන කෙනාටත් තැනක් නැති වෙන එකයි. (දී)
ගමේ නමෙත් මොකක් හරි සම්බන්දයක් ඇති මේ ගැටුමට................ (දී)
කව්ද දන්නේ මේක අපේ අයගේ වරදක්ද ඉන්දියන් අයගේ වරදක්ද කියල. කොහොම උනත් අපේ ජාතියටම ගරහන එක තමා ලොකුම වරද. (දී)
කොහේ ගියත් "පුරුද්ද" මුලට දානවා. (නි)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! රණ්ඩු නොවී ඉන්නම බැරි හැටි? (නි)
ඉන්දියානු සහ බංගලාදේශ අය එක්ක කොහොමත් ඉන්න අමාරුයි. ඉඳලම බලන්න ඕනෑ (නි)
ඉන්දු ලංකා ක්‍රිකට් ගැටුම මතක් වුණා මට (නි)
ලංකාවෙන් මේ රටට ගිහිල්ලා ඉන්න ගොඩක් අය උගත් බුද්ධිමත් අය වෙන්න බැහැ, මේ වෙන දේවල් බලනකොට (නි)
ඕස්ට්‍රේලියාවේ ඉන්න සුඩාන් ජාතිකයොත්, ඔවුන් ඔවුන්ම මඟතොටේ ගහගන්නවා.එක රණ්ඩුවකදී එකතුවෙන ප්‍රමාණය සියයකට වැඩියි. (නි)
කොහේ ගියත් මරාගන්නවානේ... (නි)
මත්පැන් නිසාද ගහගත්තේ...? අපරාදේ පොලිසියට කිවුවෙ (නි)
ඉතාලියේ අපේ ලංකාවේ නම කාලා තියෙන්නේ. අපේ අය රට ගැන හිතන්නෙ නැද්ද? (නි)
මේ අය රටේ නමත් කනවා (නි)