IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


උතුරුමැද මහ ඇමැති දුමින්දට ‘තමුසේ ’කියයි

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ඉදි කිරීමට නියමිත මහින්දෝදය විද්‍යාපීඨයට මුල්ගල තැබීමේ  උත්සවයේ ප්‍රධාන ආරාධිතයා කවුරුන්දැයි අධ්‍යාපන සේවා  අමාත්‍ය දුමින්ද දිසානායක හා උතුරු මැද ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් මහතා අතර එම උත්සවයේදී  උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

එහිදී  ඇමැතිවරුන් දෙදෙනා අතර ඇති වු වචන හුවමාරුව මෙසේය

ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන්

මට මේවා ජනාධිපතිතුමා බාර දීලා තියෙන්නේ

අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක

ඔයාට මොනවද බාර දීලා තියෙන්නේ?ඉස්කෝලේ කැබිනට් ඇමැතිවරයෙක් සිටිද්දි එයා තමයි උත්සවයක ප්‍රධාන ආරාධිතයා වන්නේ.ඔයා දන්න දෙයක් කතා කරන්න.

ප්‍රධාන අමාත්‍යවරයා

ඔයාලනේ මේවා වෙනස් කරන්නේ

අධ්‍යාපන සේවා අමාත්‍යවරයා

මොනවද ?අපි කොහෙද වෙනස් කළේ.වැරැදි දේ හරි ගස්සගන්නයි ඔයාට කියන්නේ

ප්‍රධාන අමාත්‍යවරයා

තමුසෙලානේ වැරැද්දුවේ මිනිස්සු ඉස්සරහා

අධ්‍යාපනසේවා අමාත්‍යවරයා

කතා කරන්න ඉගෙන ගන්න.තමුසේ කියන්නේ කරත්ත  කාරයෙක්ද?

යැයි එම උණුසුම් වචන හුවමාරුව සිදු විය.අනතුරුව අමාත්‍යවරුන් දෙපළ සුබ මොහොතින් මහා සංඝරත්නයේ  පිරිත් සඡ්ඣායනා මැද විද්‍යා පීඨයට මුල්ගල් ද  තැබුහ.

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

උතුරුමැද මහ ඇමැති දුමින්දට ‘තමුසේ ’කියයි

සුගුනවති Friday, 27 June 2014 04:56 PM

තමුන්නාන්සේ කිව්වනම් ඇඟට සනීප ගතියක් දෙනෙයි (දී)

:       0       0

දීනා Friday, 27 June 2014 09:47 AM

මේ දෙන්නගෙන් උතුරු මැදට අබ සරණයි

:       0       0

කුසුම් Thursday, 26 June 2014 09:34 PM

ඉතින් කොහොමද පොදු ගැටලුවකදී ශිලාචාර ලෙස විසඳුම් හොයන්නේ. මයුරංග මහතා කියපු දේ නම් හරියටම හරි .එත්, මේවගේ අයට ප්‍රථමික අධ්‍යාපනයෙන් ඉහලට අධ්‍යාපනය දෙන්නේ කොහොමද කියන එක තමයි ගැටලුවකට තියෙන්නේ. (අ)

:       0       0

අරුණ අබේරත්න Thursday, 26 June 2014 09:58 PM

මූණ දිහා බලපුවාම පේනව මහඇමතිකමකට සුදුසු කෙනෙක් කියල. (අ)

:       0       0

මිනිපෙ Thursday, 26 June 2014 10:09 PM

මහජනයා: කරත්තකරෙක් නොවේ, ගොන් බානක්. (අ)

:       0       0

ආනන්ද Thursday, 26 June 2014 10:18 PM

එක හැලියේ බත් බෙදාගෙන කන්න බැරි අය කොහේද අපේ රට හදන්නේ ජාතික සමගිය මුලින්ම ගොඩනගන්න ඹිනි නමි ළදරු පාසැල් යවලා ගන්න ඹිනි (අ)

:       0       0

නිලන්ත Friday, 27 June 2014 10:21 AM

තමුසේ යන වචනය තමුන්නාන්සේ යන්නෙන් බිදී ආවක්ද යන්න සොයා බැලීම වටී (නදී)

:       0       0

ඉස්මිල් හුස්සෙන් Thursday, 26 June 2014 10:53 PM

මහා ඇමති කෙනෙක් මෙහෙම හැසිරෙන එක අනුමත කල නොහෙකියි. කැබිනෙට් ඇමති ට මුල් තැන හිමිවිය යුතුයි. මෙවෙනි අය දේශපාලනය කිරීම රටකට සුදුසු වේද???(දී)

:       0       0

ශාන්ත Friday, 27 June 2014 10:26 AM

චන්ද දායකයෝ තමයි වැරැද්ද කරලා තියෙන්නේ (දී)

:       0       0

විජේනායක Thursday, 26 June 2014 11:02 PM

දැන් පෙනීයන පරිදි අවශ්‍ය වන්නේ අධ්‍යාපනයට ඇමතිවරුන් නොව ඇමතිවරුන්ට අධ්‍යාපනයයි (නි)

:       0       0

එඩ්වර්ඩ් Thursday, 26 June 2014 11:03 PM

බලනකොට අපේ පොඩි ළමයි හොඳයිනේ (නි)

:       0       0

එරංග Thursday, 26 June 2014 11:15 PM

බලනකොට අපි අපිටමටි ගහගන්න ඕනෑ (නි)

:       0       0

අජිත් උදය කුමාර Thursday, 26 June 2014 11:20 PM

රට හදන්න පෙර දේශපාලකයින් හදාගන්න වෙනවා (නි)

:       0       0

ප්‍රියා Saturday, 28 June 2014 03:15 PM

ඔය මුකුත් නොවනා වගේ දෙන්නත් එක්ක ඉන්නේ (දී)

:       0       0

චන්ද්‍රානි Sunday, 29 June 2014 11:50 AM

ළමයි ඉන්නවා කියලාවත් බැලුවේ නැහැ (දී)

:       0       0

පනාගොඩ Friday, 27 June 2014 12:01 AM

අර කවුරුත් පුරුද්දට කියන පළියට "කරත්තකාරයාවම" හෑල්ලු කරන්නේ ඇයි? මගේ ආදරණීය තාත්තා අපිව ලොකු මහත් කළේ කරත්ත රස්සාව කරලා. ඔහු මම අද දකින බොහොම දෙනෙකුට වැඩිය බුද්ධිමත්. (නි)

:       0       0

කුරුප්පු Sunday, 29 June 2014 11:53 AM

පවු අහිංසක ළමයි (දී)

:       0       0

චානක Friday, 27 June 2014 12:31 AM

ජාතික ඇඳුම ඇන්දාට මදි. ජාතියට ආදරයක් තියෙන්නත් ඕනෑ (නි)

:       0       0

සුමන Tuesday, 01 July 2014 12:27 PM

රටේ මාර ප්‍රශ්න තියෙනවා අනේ (දී)

:       0       0

නන්දා Thursday, 26 June 2014 04:40 PM

තමුසේ යනු බොහොම වැදගත් වචනයකි (දී)

:       0       0

ජිවක Friday, 27 June 2014 12:11 PM

මම නම් මිට පස්සේ ඔය කාටවත් චන්දෙ දෙන්නේ නැහැ (දී)

:       0       0

සුසිර Friday, 27 June 2014 12:44 AM

එහෙම බැලුවම සමන්ත මහත්තයෝ, "තෝ" කියන්නෙත් "ඔයා"ටමයි නේද? (නි)

:       0       0

නිශාද ලක්මාල් Thursday, 26 June 2014 04:42 PM

ඔන්න අපේ ඇමතිලා ....(දී)

:       0       0

චතුරිකා Friday, 27 June 2014 12:47 AM

අපි පොඩි කාලේ රණ්ඩු වෙනකොට මගේ සහෝදරයා මට බනින්නේ තමුසේ කියලා. මම අඩ අඩා අම්මාට කියනකොට එයා කියන්නේ ගණන් ගන්න එපා කියලයි. (නි)

:       0       0

ක්‍රිස් රත්නායක Friday, 27 June 2014 12:16 PM

මේවා නොදැක පණ පලයන් පෙරේදා........... (දී)

:       0       0

රන්දිව් Thursday, 26 June 2014 04:48 PM

අපිනම් තමුසේ කියන්නේ යාලු කමට (දී)

:       0       0

උපා Friday, 27 June 2014 12:29 PM

අධ්‍යාපනයක් නැති කම (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 27 June 2014 01:09 AM

අපි මොනවට කලබල වෙනවද? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 27 June 2014 01:14 AM

'වලියට බර පොරවල්මනේ' අපේ මිනිසුන්ටත් ඕනෑ (නි)

:       0       0

රත්නායක Thursday, 26 June 2014 04:54 PM

රංජිත් කියන්නේ දුමින්ද දිසානායකගේ පියා හිටපු මහ ඇමති බර්ටි මහත්මයාගේ යටතේ හිටපු මුරකරුවෙක්..තමන් මහ ඇමති පුටුවට ආවේ කොහොමද කියන එක තමන්ම දන්නවා.උදලු බෙදල මහ ඇමති උනහම ඔහොම තමා.හරියට කටුස්සගේ කරේ රත්තරං බැන්ද වගේ

:       0       0

රත්නායක Thursday, 26 June 2014 04:54 PM

.තමන් මහ ඇමති පුටුවට ආවේ කොහොමද කියන එක තමන්ම දන්නවා.උදලු බෙදල මහ ඇමති උනහම ඔහොම තමා.හරියට කටුස්සගේ කරේ රත්තරං බැන්ද වගේ. (ස)

:       0       0

ලුම්බිණි Thursday, 26 June 2014 04:54 PM

මේ වගේ උදවිය තමයි අපි පත් කර ගෙන ඉන්නේ අපේ මහජන නියෝජිතයෝ වශයෙන්. පොඩි ළමයි නම් සෙල්ලම් බඩු වලට මෙහෙම රණ්ඩු වෙනවා. අහෝ දෙවියනි! (ස)

:       0       0

සීල Thursday, 26 June 2014 04:55 PM

බලන කොට මෙයාල කරත්තකාරයාටත් වඩා අන්තිමයි.! (ස)

:       0       0

මියුරංග Thursday, 26 June 2014 04:59 PM

අපට අවශ්‍ය අධ්‍යපනයට ඇමතිවරුන් නොව ඇමතිවරුන්ට අධ්‍යාපනයයි. (ස)

:       0       0

නාලක Friday, 27 June 2014 02:00 AM

මෙවන් අය පාලනය කරන රටක ඉපදීමට ලැබීමත් මොනතරම් නම් අවාසනාවක්ද කියලා හිතෙනවා (නි)

:       0       0

කණිෂ්ක Friday, 27 June 2014 02:18 AM

දුමින්ද ඇමතිතුමා පළපුරුද්ද තිබෙන ඇමති කෙනෙක්. මේවා තේරෙයි කාට කාටත් ඉදිරියට. ඔහොම යමු (නි)

:       0       0

සමන් Thursday, 26 June 2014 05:00 PM

උණ පුරුකේ දැම්මත් බලු වලිගේ දිග නෑරේ. (ස)

:       0       0

සමා Thursday, 26 June 2014 05:01 PM

අනේ කාලේ (දී)

:       0       0

සමන් Thursday, 26 June 2014 05:02 PM

දේශපාලනය කියන්නේ ගොහොරු මඩ වලක් (දී)

:       0       0

වසන්ත Thursday, 26 June 2014 05:02 PM

මොනවා උනත් ප්‍රදාන ඇමති තුමා කියපු කතාව හරි. (දී)

:       0       0

චන්දන Thursday, 26 June 2014 05:04 PM

එතකොට කරත්ත රස්සාව කරන මනුස්සය තමුසේ?? මේවා තමයි ලංකාවේ තියෙන පහත් මත (දී)

:       0       0

වසන්ත Friday, 27 June 2014 03:12 AM

මේවගේ හැසිරෙන්න නොදන්නා අය නිසා අපේ රජයේ නමත් පිරිහෙනවා (නි)

:       0       0

සඳරුවන් ලන්ඩන් Thursday, 26 June 2014 05:05 PM

නියමයි. ඔහොම යමු. කලකදී රහලු, කලකදී වහ වෙනවලු. මේක දේශපාලනය කරන කාටත් හොඳ පාඩමක්. (දී)

:       0       0

ලෙස්ලි Thursday, 26 June 2014 05:06 PM

ප්‍රස්තා පිරුලක් මතක් වුනා. ‘ගොනා වුනාට කමක් නැහැ, තප්පුලන්න එපා‘. (ස)

:       0       0

දසුන් Thursday, 26 June 2014 05:10 PM

ඔය ඉන්න මුකලන් බස්සෝ දෙන්නෙක් වගේ . (ස)

:       0       0

විමල් Thursday, 26 June 2014 05:12 PM

අදහසක් ලියන්න බෑ. කාට හරි යන්න වෙනව එලියට. (ස)

:       0       0

භානුක Friday, 27 June 2014 04:43 AM

උත්සවයට ආ ගමන්ම දෙන්නවම අල්ලලා බාලාංශ පතියේ වාඩිකරවලා හෙට ඉඳලා පාසල් එන්න කියන්නයි තිබුණේ (නි)

:       0       0

නිහාල් Friday, 27 June 2014 04:44 AM

කරත්තකාරකම වුණත් අනෙක් රැකියා වගේම රැකියාවක්. මිනිසුන්ගේ රැකියාවන් පහත් කරන්නේ කොහොමද? (නි)

:       0       0

ධම්ම Thursday, 26 June 2014 05:15 PM

අපට නම් ඕවා මහා පුදුම දේවල් නොවෙයි. අප දන්නවා ඔය කාගේ කාගේත් තරාතිරම. (ස)

:       0       0

ගයානි Friday, 27 June 2014 04:55 AM

කාටවත් ඕනෑ නැහැ ජනතාවට සේවයක් කරන්න. දේශපාලනයට එන උදවියගේ පවුල් පසුබිමේ සිට සොයා බැලිය යුතුයි. දුමින්ද මහතා උගත් බව අපි දන්නවා. (නි)

:       0       0

කපිල Thursday, 26 June 2014 05:18 PM

ඇත්තටම දේශපාලකයෝ කියල කට්ටියක් මොකට ද? (ස)

:       0       0

නිමල් Thursday, 26 June 2014 05:18 PM

ඉස්සර ගම්මුලෑදෑනියෙක් හරි මැම්බර් කෙනෙක් හරි වෙන්න ගමේ පිළිගත්ත, ඉඩ කඩම් තියෙන වැදගතෙක් වෙන්න ඕනේ. අද නම් රස්තියාදු කාරයෙක් උනත් කමක් නෑ, පෝස්ටර් ගහන්න පුලුවන් නම්..(ස)

:       0       0

සුභාෂ් Friday, 27 June 2014 05:02 AM

මේ විදියට ජනතාව ඉදිරියේ හැසිරෙන උදවියට ඇත්තේ ඉහවහා ගිය හීනමානයයි. තමන්ගේ ඇතුළාන්තය හැමෝටම පෙන්නනවා. දුමින්ද මැතිතුමා උගත් බව අපි දන්නවා. (නි)

:       0       0

රත්නසිරි Friday, 27 June 2014 01:33 PM

මොකටද මේ දෙන්නා පොර කුකුල්ලු දෙන්නෙක් වගේනේ. පාසලට මොන ආදර්ශයක්ද?යථාර්ථය මෙයයි. මේ රටේ අද පලාත් සභා ක්‍රමය, මේ වගේ සිදහස් ගණනක් ඇති කරළා තියෙන්නේ. ඔය දහතුනම කුණු බක්කියට දාලා අපේ රටට ගැලපෙන විවස්ථාවක් හදාගන්න බැරි ඇයි. වහල් භාවයෙන් මේ ජාතිය බේරා ගත හැක්කේ කාටද? (අ)

:       0       0

චින්තක Thursday, 26 June 2014 05:23 PM

ලැජ්ජයි නේ කමක් නැහැ කමක් නැහැ ඔහොම යන් (දී)

:       0       0

ඕවින්ද Friday, 27 June 2014 05:15 AM

ඕවා කතා කරලා වැඩක් නැහැ අනේ... (නි)

:       0       0

උපාලි Thursday, 26 June 2014 05:28 PM

එකට වැඩ කරන්න බැරුව කොහේ කරන්නද රටට වැඩ. (දී)

:       0       0

රූපා Thursday, 26 June 2014 05:29 PM

මදුරංග තමයි හොඳම කොමෙන්ට් එක දාල තියෙන්නේ. අයිත් වෙන කතා වැඩක් නැහෙනේ. (දී)

:       0       0

ආනන්ද Thursday, 26 June 2014 05:31 PM

මියුරංග මහතාණනි ,, මසුරන් වටිනා කියමන (දී)

:       0       0

සමන් Friday, 27 June 2014 05:54 AM

මොවුන්ව පත්කළ අපිටම තමා බූවල්ලෙන් තලාගන්න ඕනෑ. (නි)

:       0       0

වජ්ජා Thursday, 26 June 2014 05:37 PM

රත්නායක, අපේ ඉතිහාසය පුරාම ඔය වගේ කතා තියෙනවා. (දී)

:       0       0

රන් Friday, 27 June 2014 01:53 PM

ඔහේ කිව්වා නම් හරි තමුසේ කිව්වාම කැත වචනයක් ද තමුසේ කියන්නේ තමුන්නාන්සේ කියන එකයි හාමුදුරුවන් වහන්සේලාත් කරුනාවෙන් මිනිසුන් අමතන්න යොදා ගන්නවා සිංහල මිනිසුන් හරි සිංහල උගන ගත යුතුයි (අ)

:       0       0

අජිත් Friday, 27 June 2014 06:04 AM

තමුසේ කියන වචනයෙහි තේරුම තමුන්නාන්සේද? (නි)

:       0       0

සමන්ති Friday, 27 June 2014 06:14 AM

මෙහෙමත් ඇමතිලා ඉන්නවනේ? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 26 June 2014 05:46 PM

යාලු කමට වෙන්න ඇති අනේ (දී)

:       0       0

ඇසළ Friday, 27 June 2014 06:29 AM

අපේ මුදල් වලින් ජීවත් වන නිසි අධ්‍යාපනයක් නොලද දේශපාලුවන් මේ රටට විශාල බරක්. පත්කරන්න කතිරය ගැසූ අපිටයි ගහන්න ඕනෑ. (නි)

:       0       0

සමන්ති Friday, 27 June 2014 06:34 AM

තමුසේ වචනය මට පෙනෙන හැටියට නම් භාවිතය වරදක් නොවේ. (නි)

:       0       0

සමන්ති Friday, 27 June 2014 06:44 AM

ඉංග්‍රීසි තේරුම බලන්නකෝ ටිකක්. (නි)

:       0       0

කැලුම් Friday, 27 June 2014 06:47 AM

ඕවා ඔහොම තමා... (නි)

:       0       0

ගුණසිරි Friday, 27 June 2014 06:50 AM

මේ උදවිය කැබිනට් රැස්වීම් ආදී තැන් වලත් මෙහෙමද දන්නේ නැහැ එකිනෙකාගේ දුක සැප විමසා ගන්නේ? (නි)

:       0       0

හසන්ත Friday, 27 June 2014 06:55 AM

මේ වගේ මැති ඇමතිවරුන් එක්ක මේ රට මේ තරමින්වත් පාලනය කරගෙන යන එක ගැන පුදුමයි. (නි)

:       0       0

හේවගේ Friday, 27 June 2014 07:05 AM

පොඩි ළමයි වගේනේ (නි)

:       0       0

ශ්‍රියානි Thursday, 26 June 2014 06:11 PM

අද රැඳු උනාට හෙට හොඳයි නේ (දී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 June 2014 06:12 PM

තමුසේ කියන්නේ නරක වචනයක් කියල කවුද කියන්නේ ? තමුන් නාන්සේ බොහොම ඉහල ආමන්ත්‍රණයක් පහසුවට තමුසේ කියල කීවට ගන්න ගන්න එපා ! තමුසෙලා කතා කරන හැටි අහල දැකල තියෙනවා හරිය !(දී)

:       0       0

ප්‍රසංග Friday, 27 June 2014 02:30 PM

මේක අපේ සම්ප්‍රදායික කරත්තකරුවන්ට කරන අපහාසයක්. කරත්තය අදින ගවයටත් අවශ්‍ය ගරු බුහුමන් කරලා වැඩ කරන මිනිස්සු. (දී)

:       0       0

මර්වින් Friday, 27 June 2014 07:31 AM

ලංකාවම කොවක දාල මකන්න ඕනේ (දී)

:       0       0

අසේල Friday, 27 June 2014 07:38 AM

ඒ ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න ඒ ඒ කට්ටිය විසදා ගනීවි (දී)

:       0       0

ලසන්ත Friday, 27 June 2014 07:39 AM

අපි තමයි ඇත්තටම වැරදි (දී)

:       0       0

වික්‍රම Friday, 27 June 2014 07:41 AM

මට එපා වෙලා තියෙන්නේ (දී)

:       0       0

ලංකා Thursday, 26 June 2014 06:37 PM

මේවා ගැන කාට කියන්නද? (දී)

:       0       0

බිනාලි Friday, 27 June 2014 07:53 AM

ඔයිට වඩා දේවල් අහන්න බලාගෙන තමයි දේශපානයට එන්න ඕනේ (දී)

:       0       0

ඉසුරන්දි Thursday, 26 June 2014 06:39 PM

උගත්කම තිබ්බට මදි මොළෙත් තියෙන්න ඕනේ..(දී)

:       0       0

සේනක Friday, 27 June 2014 08:02 AM

වැඩිය හිතන්න එපා (දී)

:       0       0

රනිල් Thursday, 26 June 2014 06:43 PM

මදුරංග ඔබෙගේ ප්‍රතිචාරය මෙතෙක් මා දුටු හොඳම ප්‍රතිචාරයයි. "අපට අවශ්‍ය අධ්‍යපනයට ඇමතිවරුන් නොව ඇමතිවරුන්ට අධ්‍යාපනයයි"(දී)

:       0       0

ඉන්දික Thursday, 26 June 2014 06:46 PM

මියුරංග ඔබේ අදහස නම් මසුරන්!(දී)

:       0       0

ජයනි Thursday, 26 June 2014 07:02 PM

දැන් මේ ප්‍රදේශයේ නේද අර හොර අත්සන යෙදු ලියුමක් ගැන අධ්‍යාපන අධ්‍යක්ෂිකා පැමිණිලි කලේ. ඉතින් අත්සන හොර වුනාට අන්තර්ගතය ඇත්ත බව මේ පුවතින්ම එළිවෙනවා නේ . දුමින්ද මහතා නම් යම් දැන උගත් කෙනෙක් කියලා අපි අසා තිබෙනවා . ඒ වුනාට අනෙක් උදවිය ගැන කතා කිරීම සුදුසු මදි. එහෙම වුනොත් ප්‍රදේශයේ ඉහල ඉඳලා හැමෝගෙම සුදුසුකම් අභියෝගයට ලක් වේවි. අනෙක ඉතින් මේ හැමෝම පත් කර ගත්තේ ඒ පළාතේ ජනතාව් නම් අනෙකුත් පළාත් වල අපි ට මේ ගැන කතාවක් නැහැ . (අ)

:       0       0

අචල Friday, 27 June 2014 08:19 AM

තමුසේ කියන්නේ නරක වචනයක්ද (දී)

:       0       0

අශේන් Friday, 27 June 2014 08:20 AM

කරත්ත කරුවෝ කියන්නේ කවුද (දී)

:       0       0

ගොන් මාර්ටින් Thursday, 26 June 2014 07:07 PM

මේ අයට මේඅයම වෙඩි තියාගෙන ඉවරයක් වෙනවනම් අනේ අපේ රටට හොදක්ක් වේවි (අ)

:       0       0

සුමිත් Thursday, 26 June 2014 07:13 PM

අපට අවශ්‍ය අධ්‍යපනයට ඇමතිවරුන් නොව ඇමතිවරුන්ට අධ්‍යාපනයයි (අ)

:       0       0

පාල Thursday, 26 June 2014 07:18 PM

හරියට හරි මියුරංග. අධ්‍යාපනය නැති සුළු කොටසක් අධ්‍යාපනය ඇති විශාල ජනතාවක පාලනය කරන රටක් මේක. (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 26 June 2014 07:20 PM

ලංකාවේ හුගක් පාලකයෝ මේ වගේ තමයි ,රටේ අනාගතයට දේව පිහිට තමයි .මේ වගේ තේරුමක් නැති අය තමයි හැමතැනම ඉන්නේ .(අ)

:       0       0

ලක්ෂපාන Thursday, 26 June 2014 07:22 PM

මදුරංග අධ්‍යාපනය දුන්නත් ඔය මිනිස්සු හදන්න බැ. තවත් මුදල් නාස්තියක් ඔය මිනිස්සු ඔය තනතුරුවලින් ඉවත් කරන්න විදිහක් බැලුවනම් තමයි හොඳ. (අ)

:       0       0

සිල්වා Thursday, 26 June 2014 07:24 PM

රජ රට මිනිස්සු මහා ඇමති විදියට පත්කරගෙන තියෙන්නෙ රජ වැඩකාරයෙක් .කැබිනට් ඇමතිවර්යෙක්ට කතා කරන විදියක්වත් දන්නෙ නැති මහා ඇමති සාමානය මිනිසෙක්ට කොහොම කතා කරයිද. (අ)

:       0       0

කමනි Thursday, 26 June 2014 07:27 PM

බලන්න උත්සව සභාවේ අනෙකුත් ආරාධිත වැදගතුන්ගේ අප්‍රසන්න මුහුණු ටික . උත්සවයට ආපු මෝඩකම කියලා නොකියා කියවෙනවා. මේ නොහොබිනා බාලාංශ පන්තියේ හැසිරීම් ගරු ජනපතිතුමාට ආරංචි වෙන්නේ නැද්ද? කවුරුන් හෝ මේ පත්තරේ එතුමාට පෙන්වුවානම් ! (අ)

:       0       0

විමල් Thursday, 26 June 2014 07:34 PM

ඕකට තරහ ගන්ඩ දෙයක් ය, මගේ නෝනා මට ආදරේට කියන්නෙත් , තමුසේ කියන දෙයක් අහන ඒකකය, ඕක නේ කෙල උනේ කියල. ගණන් ගන්ඩ එපා. තවත් අමතිවරුනම් අපිට එපා. (අ)

:       0       0

ලංකාපුත Thursday, 26 June 2014 07:40 PM

මම නිවැරදි නම්, තමුසේ යනු තමුන්නාන්සේ යන වචනයම නේද? (අ)

:       0       0

කණිෂ්කා Thursday, 26 June 2014 07:42 PM

අපි යෝජනා කරනවා මැති ඇමතිවරුන්ට , ආචාර ධර්ම , සිරිත් විරිත් උගන්නන්න " පාසලක්* අරඹන්න . පවුල් පසුබිමෙන් ඒවා ලැබුනේ නැතිනම් විමධ්‍ය ගත අයවැයෙන් හරි කමක් නැහැ සල්ලි යොදවන්න. ජනතාව ඊට විරුද්ධව වචනයක්වත් කියන එකක් නැහැ. මේවා මුළු රටටම ලජ්ජා හිතෙන දේවල්. (අ)

:       0       0

ටෙනි Thursday, 26 June 2014 07:48 PM

කෝ මේ බන්දුල පෙරේරා ? මොනවද මේ ගැන කියන්න තියෙන්නේ ? මේවා සංවර්ධනය කරා පාතබන රටවල ලක්ෂණ ,නේද බන්දුල ? (අ)

:       0       0

ශාන්ති Thursday, 26 June 2014 07:49 PM

මියු රංග ඔබේ කටේ සිනි දාන්ඩ් ඕන (අ)

:       0       0

සම Thursday, 26 June 2014 07:51 PM

මම වීඩියෝ එක බැලුව..සජීවී නාට්‍යයක් වගේ ..මරු (අ)

:       0       0

මාලි Thursday, 26 June 2014 07:53 PM

අයියෝ තමුසෙ කියන්නෙ තමුන්නාන්සෙ කියන එකනේ ඕකවත් දන්නෙ නැද්ද (අ)

:       0       0

නුවන් Friday, 27 June 2014 09:20 AM

ගැටලුව මෙය නෙවෙයි. බලාගෙන සිටි දරුවන් මෙයින් ඉගෙන ගන්නේ කුමක්ද? (ස)

:       0       0

සිරි Thursday, 26 June 2014 08:04 PM

උදලු තලේට ඡන්දෙ දෙන රටේ මේවා මොනාද...! (අ)

:       0       0

මල්රාජ් පිරිස් Thursday, 26 June 2014 08:19 PM

මයුරංගගේ කතාව සහතික ඇත්ත. (අ)

:       0       0

මෙවන් Thursday, 26 June 2014 08:32 PM

"රාජකීය පුතෙක්" මේ රටේ කරත්ත රැකියාව කරන අහිංසක ශ්‍රම බලකායට අවර ගනයේ වචන වලින් අපහාස කරයි. (අ)

:       0       0

සමන්ත Thursday, 26 June 2014 08:44 PM

තමුසේ කියන්නේ තමුන්නාන්සේ කියන එකයි ..ඕනෑම නම් මහාචාර්ය ජේ බී දිසානායක තුමාගෙන් අහලා බලන්න.... (අ)

:       0       0

පිටිගල Friday, 27 June 2014 09:40 AM

වැඩි හරියක් නූගත් චන්ඩි. තක්කඩි, කතා කරලා වැඩක් නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 11 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 125 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 90 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 403 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 921 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 3344 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37537 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24728 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site