එක්සත් ජාතික පක්ෂයේ හාලිඇළ නව සංවිධායක ජයන්ත කන්නන්ගර මහතා පිළිගැනීමේ උත්සවයක් අද (29) පැවැත්විමට තිබු හාලිඇළ හෝටලයට ගල් ගසා හානි කැර ඇතැයි පොලීසියට පැමිණිලි කැර තිබේ.
හෝටලයේ වීදුරුද පහත මාලයේ යකඩ වැටද කඩා බිද දමා ඇත.
අද අලුයම දෙකහමාරට පමණ හෝටලයට කඩා වැදුණු මැරයන් සියළු සැරසිලි ද වනසා කොඩිද කඩා ඇතැයි කියති.
ඌව පළාත් සභාව ලබන ජුලීයේදී විසිරැවීමට නියමිතය.ඡන්ද ව්‍යාපාරය පටන් ගන්නටත් පෙර එජාපයට එල්ල කළ මේ ප්‍රහාරයෙන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම පෙනේ යැයි හාලිඇළ නව එජාප සංවිධායක ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අතට ගන්න කාටවත් බැහැ, නීතිය ක්‍රියාත්මක කරන්න (දී)
ආණ්ඩුව බය වෙච්ච තරම පේනවා නේද? (නදී)
අපේ මිනිසුන්ට මොලේ පැදුනදාට බලා ගන්න පුළුවන් වෙන්නේ මොකක්ද කියල. (දී)
මෙයා ගැන අපි හොඳට දන්නවා, මේක මෙයාම කරගත්ත වැඩක් වෙන්න පුළුවන් ප්‍රසිද්ධ වෙන්න. (ස)
මොකද මේ පටන්ගත්දිම බයවෙලා (දී)
අන්න හොදයි ආදර්ශමත් (දී)
ඉබේ උනාද දන්නේ නැහැ (දී)
ඔක්කොම මේ අපිට සේවය කරන්නනේ මේ දඟලන්නේ. පව් (දී)
ලංකාවේ චන්ද දායකයාගේ චින්තනය වෙනසක් විය යුතුම කාලයයි මේ..ඇස් කන් නාසය තිබුනාට මදි...හොඳ නරක විශ්ලේෂණය කරගන්න මොලයක් වගේම සංවේදී හදවතක් චන්ද දායකයාට තිබිය යුතුයි ....බත් පැකට් එකට අරක්කු බෝතලයට නැතිනම් රුපියල් 1000 ට තම ආත්මයම පාවාදෙන චන්ද දායකයින් ලංකාවට එපා...අපි බලාගෙන ඉමු ඌව පළාතේ චන්ද දායකයින්ගේ වැඩ... (දී)
මේක තමයි දේශපාලනය. අනුමත කරන්න බැහැ. ඒ උනාට තමන් හදපු දේවල් වලින්ම තමන් බැට කනවා. (දී)
ඔන්න චන්ද දායකයින්ට හොද අවස්ථාවක් කාවද තෝරාගන්නේ කියලා තීරණය කරන්න (දී)
පක්ෂ පාට බේද වලින් වැඩක් නැහැ. කවුරුත් එකයි (දී)
ඹව්වා සාමාන්‍ය ජනතාව වන අපට අදාල ප්‍රශ්න නෙමෙයි ඹ්ගොල්ලොම විසදගන්න අපිට අපේ ප්‍රශ්න තියෙනවා ඹ්නෙතරම් හිතන්න(දී)
ඹව්වා සාමාන්‍ය ජනතාව වන අපට අදාල ප්‍රශ්න නෙමෙයි ඹ්ගොල්ලොම විසදගන්න අපිට අපේ ප්‍රශ්න තියෙනවා ඹ්නෙතරම් හිතන්න(දී)
කලකිරෙනවා දේශපාලනය ගැන (දී)
ඕවා නොවෙයි කරන්න ඕනේ දේශපාලකයින් ඔය තැනට ගෙනාව අහිංසක මිනිස්සුන්ට වීමට ජිවන බර අඩු කරලා දෙන්න (දී)
මේවා ප්‍රචාරය අරමුණු කරගෙන තමන්ම කරගන්න වැඩ . මේවට කියන්නේ ප්‍රචාරණ උපක්‍රම දැන් ජනතාව දන්නවා ඕව. (දී)
කළහ කාරී ලෙස හැසිරීමෙන් වෙන්නේ ප්‍රශ්න දුරදිග යාම මිසක වෙන යම් දෙයක් නොවෙයි (දී)