IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


එක හීනයක් ඉටුවුණාම හොඳටම ඇති

 

ඔබ නිතරම දකින්න නැහැ. මේ දිනවල හමුවන්නෙත් ‘‘රනා’’ නාට්‍යයේ ස්වේතා චරිතයෙන් පමණයි.
පේ‍්‍රක්‍ෂකයින් වැඩියෙන්ම පිළිගන්නා නාට්‍යයක රඟපෑවාම ප‍්‍රමාණවත් හොඳ රංගනයක් ඉදිරිපත් කළාම අප ඇගයීමට ලක්වෙනවා.


 ඇයි ඔබ එකවර නාට්‍ය රැසක චරිත බාර නොගන්නෙ?
එකවර චරිත ගොඩාක් බාර ගන්නවාට වඩා කරන එක චරිතයට ගොඩාක් කැපවෙන්න මම කැමතියි. හැමදාම රඟපෑම තෝරාගන්නේ ඒ විදියටයි.

 


ලංකාවේ ජනප‍්‍රියම ටෙලිනාට්‍ය රංගන ශිල්පිනිය ලෝකයේ දුර්ලභම බල්ලන් ඇති කරනවා කියලා ආරංචියක් තියෙනවා. එය ඇත්තද?
ඇත්තටම මේ දුර්ලභ ගණයේ සුරතල් සතා මගේම නෙවෙයි. මම ඒ සතාට ආදරය නිසා ලැබුණේ වෙනත් විදියකටයි. ඉතින් මම එයාව ආදරයෙන්
රැකබලා ගන්නවා. එයාගේ නම ‘ක්ලියෝ’.

 


දැන් ඔබ යන යන තැන මෙයා ගෙන යනවා කියන්නෙ?
මෙයාව හදන්නම  ඕනෑ කියන අදහස තිබුණෙ නැහැ. ඒත් දැන් මෙයා නැතුව බැහැ වගෙයි. හරි හුරතල්. මම නැතිව එයාට සාංකාව වගෙයි. ඉතින් මෙයාවත් හොඳට ස්ටයිල් එකට අන්දවගෙන වෙනමම මල්ලක දාගෙන යන යන තැන අරගෙන යනවා. චිහිවාහුවා කියන ලෝකයේ සිටින කුඩාම සුනඛ වර්ගය මෙයයි.

 


ආශා ඔබේ නමට පසුගියදා හිමිවුණු ‘‘ජනප‍්‍රිය’’ කියන ලේබලය එක්ක ඔබට ලැබුණු දේවල් මොනවාද? ජනපි‍්‍රයවීම නිසා එහෙම දේවල් වෙනවද?
ඇත්තටම ඔව්. විවිධ නිර්මාණවලට බොහෝ ආරාධනා ලැබීම ඒ අතරින් ප‍්‍රමුඛයි. නමුත් මගේම නිර්මාණ නිෂ්පාදන ආයතනයක් තියෙනවා. ඒ නිසා එහි වැඩ කටයුතු එක්ක සීමිත කොටසකට තමයි සම්බන්ධ වෙන්නෙ. ‘‘ඇඞ්ෆිනිටි’’ එහි නමයි.

 


‘‘හීන හතක්’’ සංගීත වැඩසටහන මෙහෙයවීමට රොෂාන් ප‍්‍රනාන්දු සමග ඔබ එකතුවෙනවා. හීන හතක් ගෙනඑන ඔබට තියෙන හීන මොනවාද?
හීනයක් තියෙනවා. හැබැයි එය එකපාරට සැබෑ නොවන හීනයක් වේවි. කවදාහරි දවසක හොඳ නිර්මාණ කිරීම තමයි ඒ හීනය. ඒ වෙනුවෙන් තමයි අද දවසේ සෑම තත්පරයක්ම ගතවන්නේ. අත්දැකීම් එක්ක ඒ හීනය යථාර්ථයක් කර ගන්න මම ආසයි.

 


ඔබගේ ජීවිතයේ ඉටුකර ගන්න හීන හතක් තිබේනම් කොහොමද ඒවා පෙළගස්වන්නෙ.
ඇත්තටම පුද්ගලික ජීවිතේ මට ගොඩාක් හීන නැහැ. ප‍්‍රධාන හීනය ගැන තමයි මුලින්ම කිව්වේ. ඒ වටා තමයි අනෙක් හීන ගොනුවෙලා තියෙන්නේ. ඇත්තටම මට ඉටුකර ගන්න හීන හතක්  ඕනෑ නැහැ. එක හීනයක් තිබුණාම ඇති.

 


ජනපි‍්‍රය කියන චරිත එනවා - යනවා ඒත් හැමදාටම ජනපි‍්‍රයත්වය තබා ගන්න නම් මොනවගේ දෙයක් කළ යුතුයි කියලද හිතන්නේ.
වී වැපුරුවොත් ලැබෙන්නෙ වී නේ. තල වැපුරුවොත් තල කියලා කතාවක් තියෙනවානෙ. සියල්ල සිද්ධ වන්නේ ඒ විදියටයි. මිනිසුන්ට දැනෙන දේ කළොත් පවතීවි. වත්මන් පේ‍්‍රක්ෂකයින් මෝඩ නැහැ. ඒ නිසා ඔවුන්ව අන්දවන්න බැහැ. යහපත් දේට ඔවුන් ගෞරව දක්වනවා.

 


ස්වේතා (රනා) ගැන කතා කොළොත්?
ස්වේතා ඉහළ පැලැන්තියේ පවුලක චරිතයක්. නමුත් පොළවේ පයගහලා සිටින චරිතයක්. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන තරුණියක්. දුර්ලභ ගණයේ අසනීපයකින් පෙලෙන ඇය ජීවිතයේ නැගී සිටින්න උත්සාහ ගන්නවා. ඇයට ඇයගේ අම්මගෙන් ලැබෙන ශක්තිය ඉහළයි. මරණය පරදා ජීවිතය ජයගන්න උත්සාහ ගන්න කාන්තාවක්.

 


‘‘ජනපි‍්‍රය’’ ලේබලය මුලට දාගෙන අද බොහෝදෙනා දේශපාලනයටත් එනවා. ආශා ඔබට එවැනි අදහසක් නැද්ද?
අපෝ මම නම් දේශපාලනය ගැන කතා කරන්නත් කැමති නැහැ.

 

 



අදහස් (0)

එක හීනයක් ඉටුවුණාම හොඳටම ඇති

ගයාන් Thursday, 21 August 2014 03:46 AM

ඔය බලු පැටියාව කොහෙන්ද හොයාගත්තේ? (නි)

:       0       0

පරාක්‍රම මනම්පේරි Wednesday, 23 July 2014 01:12 PM

ඔබගේ රඟපෑම් ඇති විශිස්ටයි. සුවීත ලෙස (නදී)

:       0       0

කුමාරි Thursday, 17 July 2014 03:29 AM

ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි. රනා නාට්‍ය හොඳයි. එ්ත් මිත්යා දෘෂ්ටික දේවල් ඕනවට වඩා වැඩියි කියල මට හිතෙනවා. හොඳ නිර්මාණ තෝරගන ඉදිරියේදීත් රගපාන්න. දුවට යහපත් අනාගතයකට තුනුරුවන්ගේ ආශිර්වාදය පතනවා! (නදී)

:       0       0

ඉන්දික Friday, 25 July 2014 04:32 PM

ඇත්තටම චාම් ගතියට ගොඩක් අය කැමතියි (නදී)

:       0       0

ආශා Tuesday, 08 July 2014 12:49 PM

මම කැමතිම නිලියක් (දී)

:       0       0

හේවාවිතාරණ Friday, 22 August 2014 07:14 PM

ඒ කියන්නේ හීනත් ඉඳල හිටලා බලනවා (නදී)

:       0       0

ගයාන් Wednesday, 09 July 2014 02:26 AM

දියණියනි,හොඳ නිර්මාණ ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

නීල් Sunday, 13 July 2014 09:02 AM

ඔබගේ සිහින සැබා වේවා... !!! (ස)

:       0       0

බංඩාර Tuesday, 08 July 2014 11:11 AM

මම හරිම අාස නිලියක්. ගොඩාක් මේක් අප් නැති උනත් ඔබ හරි ලස්සනයි. අනිත් නිළිය මංජුලා කුමාරි (නදී)

:       0       0

සාරා Friday, 11 July 2014 06:15 AM

විච්චුරන එපා. ඔයා කොහොමත් ලස්සනයි (නදී)

:       0       0

රමසි Saturday, 12 July 2014 03:54 PM

ඔබේ අනාගතය ගැන මට බයයි. (ස)

:       0       0

දිනූෂා Friday, 11 July 2014 06:38 AM

ගොඩක් ලස්සනයි. ඒවගේම හරිම නිහතමානියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 399 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 868 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 555 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 896 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1378 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 573 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37641 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site