IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


එජාප මන්ත්‍රීහු සතුන්ගේ සැප දුක බලන්න යති

එක්සත් ජාතික පක්ෂයේ ඉරාන් වික්‍රමරත්න,ආචාර්ය හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම,ආර් යෝගරාජන් සහ රුවන් විජයවර්ධන මන්ත්‍රීවරු දෙහිවල සත්වොද්‍යානයේ  නීරීක්ෂණ චාරිකාවක නිරත වුහ.

නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මික මල්සිංහ මහත්මිය මන්ත්‍රීවරුන් පිළිගත්හ.

පසුගිය කාලයේ සත්වෝද්‍යානය සම්බන්ධයෙන්  වු මාධ්‍ය වාර්තා ගැන සොය බැලිම මෙම චාරිකාවේ අරමුණ බවත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්

කරන බවයි.



අදහස් (0)

එජාප මන්ත්‍රීහු සතුන්ගේ සැප දුක බලන්න යති

විජේසිරි Friday, 20 June 2014 09:42 AM

අනේ අනේ විපක්ෂයේ කරන වැඩ. අනේ අපි ගැනත් බලන්නකෝ (නදී)

:       0       0

අතපත්තු Friday, 20 June 2014 09:44 AM

සත්තු ගැන වගේම මිනිස්සු ගැනත් බලන්න (නදී)

:       0       0

බණ්ඩාර Friday, 20 June 2014 09:46 AM

මෙයාලා සත්තු ගැන බලලා එන්නේ නැතුව අලි ගාලෙවත් නතර වෙයිද දන්නෑ...(නදී)

:       0       0

කෝලිත Friday, 20 June 2014 09:59 AM

අංගොඩ පිස්සන් කොටුවට බලන්න යන්න අදහසක් එහෙම නැද්ද දන්නේ නැහැ නේද ? (ස)

:       0       0

රංග Friday, 20 June 2014 10:17 AM

මෙතන නීතිඥයන්, මහාචාර්‍යවරු ඉන්නවා. මෙයාලා නිත්‍යානුකුල ටිකට් පතක් අරගෙනද සත්තු වත්තට ඇතුල් උනේ ? (නදී)

:       0       0

ඇසළ Thursday, 19 June 2014 08:48 PM

අනේ අපේ විපක්ෂයට ගිය කලක්.(අ)

:       0       0

චන්දික Friday, 20 June 2014 10:23 AM

අහිංසක සතුන් බන්දනාගාර ගත කිරීමට ඔවුන් කල වරද කුමක්ද? අහිංසක සතුන් මිනිසුන්ගේ විනෝදය සදහා සිරගත කර තබාගැනීම බලවත් පාපකර්මයකි . එවැනි සතුන් නරඹා විනෝද වීමද පාප කර්මයකි. කරුණාකර මෙම සත්ව බන්දනාගාරය වසා දමන්න. සතුන් බැලීමට අවශ්‍ය නම් වනාන්තරයකට ගොස් බලන්න (නදී)

:       0       0

ගාමිණී -සිරි Thursday, 19 June 2014 08:54 PM

අනේ... ඉතින්... එහි වාසය කරන අපා,දෙපා,සිව්පා සතුන්ට සාමජිකත්වයකුත් නැහැ, ඇති ඡන්දයකුත් නැහැ,ඒ උනත් නිරීක්ෂණ චාරිකාවට සුභ පැතුම් !! (අ)

:       0       0

විදුෂක Thursday, 19 June 2014 09:00 PM

හොඳ සංකල්පයක් . ගරු අජිත් පී.පෙරේරා මන්ත්‍රී තුමා මේහිදී කරුණු කාරණා ඉදිරිපත් කල ආකාරයත් එතුමාගේ භාෂණ ශෛලියත් සිත් ගන්නා සුළුය. මීළඟ නිරීක්ෂණ චාරිකාව ට මහරගම පිළිකා රෝහල තෝරා ගැනීම ගැන සලකා බැලීම වටී. (අ)

:       0       0

නදීකා Friday, 20 June 2014 10:36 AM

තාමත් අලි එහෙට මෙහෙට පනිනවා. මේ අය සත්තු බලන්න විනෝද චාරිකා ගිහින්ද ? (නදී)

:       0       0

වසන්ති Thursday, 19 June 2014 09:02 PM

සත්තු වත්ත අකර්මනය වෙලා තියෙන්නේ මිනිසුන්ගෙන් සල්ලි ගන්නවා විතරයි. මෙය මෙතැනින් අයින් කරනවාට විරුද්ද නෑ. ලංකාවේ අලි ඇතුළු අනිකුත් වන සතුන් ආරක්ෂා කරමු. (අ)

:       0       0

නිරෝෂා Friday, 20 June 2014 10:59 AM

සත්තු ගැන වගේම රටේ මිනිස්සු ගැනත් හොයලා බලන්න (නදී)

:       0       0

ප්‍රියංකා Friday, 20 June 2014 11:04 AM

සද් භාවයෙන් කරන ඕනෑම දෙයක් අපි අනුමත කරමු. (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 19 June 2014 09:23 PM

මනුස්සයෝ ගැන හොයල බලල ඉවරකරලා වගේ සතුන් ගැන බලන්න පටන් ගත්තේ (අ)

:       0       0

අචලා Friday, 20 June 2014 11:04 AM

ඔය ගමන්ම අංගොඩ, මුල්ලේරියාව පැත්තත් බැලුවොත් නරකද? හැබැයි කී දෙනෙක් එහේ නවත්තා ගනීවිද? (නදී)

:       0       0

සෑම් Friday, 20 June 2014 11:06 AM

මේ අයටත් සත්තුන්ගේ නම් ලැයිස්තුවක් කටපාඩම් කරගත්තොත් අර නිතරම තමාගේ පෙර ආත්ම වල නම් කියන ඇමති තුමාව පරදවන්න පුලුවන් වේවි.(නදී)

:       0       0

සුදත් ශ්‍රී Thursday, 19 June 2014 09:29 PM

දේශපාලකයින් යන්න ඕනෑ ඡන්ද පදනමක් තියෙන තැන් වලට විතරමද? සමහරක් ගේ අදහස් දැක්කාම තේරෙනවා සතුන්ටත් වඩා අන්තයි කියලා. දෙහිවල සත්වොද්‍යානයේ පරිපාලන ව්‍යුහය අන්තිමටම බිඳ වැටිලා තියෙන්නේ. සත්තු පුදුම දුකක් විඳින්නේ. කන්න නැතිව, ලෙඩ වෙලා මැරිලා යනවා. විපක්ෂය හරි මේ ගැන අවධානයෙන් ඉන්නවා කියලා තේරෙනවා නම් හොඳයි. මෙය අගය කල යුතු සංචාරයක්. (අ)

:       0       0

මාලි Friday, 20 June 2014 11:13 AM

නෑදෑයොත් බලන්න යන්න එපායැ (නදී)

:       0       0

මාලි Friday, 20 June 2014 11:14 AM

චන්දික ඔබේ අදහස නිවැරදියි (නදී)

:       0       0

උදය Thursday, 19 June 2014 09:43 PM

බොහොම හොඳයි (නි)

:       0       0

චාමික Thursday, 19 June 2014 09:46 PM

පමාවී හෝ විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට උත්සාහ ගැනීම ගැන ස්තුතියි! (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 19 June 2014 10:15 PM

මේ වගේම මිනිසුන් ගැනත් හොයන්න. බඩු මිල අහස උසට නැගලා. අඩුම ගණනේ ලෝක වෙළඳ පොළේ බඩු මිල පහළ යාමේ වාසියවත් ජනතාවට ගෙනදීමට විපක්ෂය උත්සාහ කරන්න (නි)

:       0       0

පිටිගල Thursday, 19 June 2014 11:29 PM

ඔව් ඉතින්, අපිව බලාගන්න කවුරුවත් නැහැනේ? (නි)

:       0       0

කාලිංග Thursday, 19 June 2014 11:50 PM

මේක හොඳ දෙයක්. රටේ විපක්ෂයත් පාලනයට හවුල් වෙන්න ඕනෑ, ආණ්ඩුවේ වැඩ නිරීක්ෂණය කරන්න ඕනෑ, අඩුපාඩු හොයන්න ඕනෑ , එතකොට ආණ්ඩුවට හිතුමතේ වැඩ කරන්න බැරිවෙනවා. සුභ පතනවා! ඉදිරියටම ගෙනියන්න මේ වැඩසටහන (නි)

:       0       0

චන්ද්‍රා Friday, 20 June 2014 12:59 AM

නරකද, සතුන්ට කෑම ටිකක් අරගෙනත් ගියා නම්? (නි)

:       0       0

පිටිගල Friday, 20 June 2014 12:33 PM

මෙතනම කොච්චර පාඩුවක්ද? කී දෙනෙක් ටිකට් නැතුව ඇතුලට ගිහින්ද ? (නදී)

:       0       0

පෙරේරා Friday, 20 June 2014 12:40 PM

ඔයට වඩා සත්තු ඉන්නවනේ අර දියවන්නාව පැත්තේ තියෙන සත්තුවත්තේ (අ)

:       0       0

මන්ෂි Friday, 20 June 2014 12:54 PM

දැන් ඉතින් සත්තු ගැන තමා හොයන්න වෙන්නේ.මිනිස්සු ගැන හෙව්වට වැඩක් නෑනෙ (අ)

:       0       0

මන්ෂාන් Friday, 20 June 2014 12:54 PM

දැන් ඉතින් සත්තු ගැන තමා හොයන්න වෙන්නේ.මිනිස්සු ගැන හෙව්වට වැඩක් නෑනෙ (අ)

:       0       0

තබිත Friday, 20 June 2014 12:56 PM

රටේ ඉහළ යන බඩු මිලත් එක්ක දුප්පත් මහ ජනතාව දිනෙන් දින විදින දුක් හා වේලක්ව හරියට පිරිමහ ගන්න බැරි යන අතක් නැති ව ඉන්න එකත් ගැනත් බලන්න. (අ)

:       0       0

ගිහාන් Friday, 20 June 2014 01:00 PM

මට නම් පේන්නේ එජාපෙ ඉන්න මිනිස්සු කරන්න දෙයක් නැති කමට ආතල් ගන්නවා වගේ. (ස)

:       0       0

නයෝමි Friday, 20 June 2014 03:51 AM

දැන් බලමුකෝ මේකෙන් සොයාගන්න දේවල් මොනවද කියලා (නි)

:       0       0

සුලාරි Friday, 20 June 2014 06:23 AM

බොහොම හොඳ කාර්යයක් (නි)

:       0       0

මහානාම Friday, 20 June 2014 07:41 PM

ජය වේවා! (නි)

:       0       0

බණ්ඩාර Saturday, 21 June 2014 09:31 AM

බේරුවල දර්ගා නගරය අලුත්ගම ගිනි තියපු සිංහල බෞද්ද මිනිසුන්ගේ ගෙවල් බලන්න බලු බල්ලෙක් නැහැ ඒ උනාට ඡන්දයක් ලංවෙනකොට ගෙවල් වටේ කැරකෙයි අනේ එකම සිංහල රටට උණු විනාසයක් . (අ)

:       0       0

අජිත් ලියනගේ Friday, 20 June 2014 06:57 AM

සුදත් ශ්‍රී, සත්‍යය එයයි. ඔබට ස්තුතියි. (නි)

:       0       0

දයාවංශ Friday, 20 June 2014 06:58 AM

අගය කළ යුතු වැඩක් (නි)

:       0       0

කේශාන් Friday, 20 June 2014 07:13 AM

මෙන්න මෙහෙමනේ ඉන්න ඕනෑ (නි)

:       0       0

ඉසුරන්දි Friday, 20 June 2014 01:58 PM

අනේ අම්මප මෙතුමන්ලට වෙන වැඩ නැතුවවත්ද? (ස)

:       0       0

මාධවී Friday, 20 June 2014 07:45 AM

ගියාට කමක් නැහැ අලි ගාලේ නතරවෙන්න ඕන එහෙම කියනවා නෙමේ ඔන්න.(නදී)

:       0       0

තිලක් දිසානායක Friday, 20 June 2014 08:03 AM

හොඳ දේ අගය කරමු (නදී)

:       0       0

අචිනි Friday, 20 June 2014 02:28 PM

මේ විදියට හරි මේ කූඩු කරලා ඉන්න සතුන් ගැන හොයල බලන එක ගැන මම නම් හරිම සතුටට පත් වෙනවා. (ස)

:       0       0

උමේෂ් Friday, 20 June 2014 08:04 AM

මෙවැනි සංචාර හොඳයි. හැබැයි දේශපාලන අරමුණු ඉටුකරගන්න නෙමේ. සැබෑම පිරිසිදු චේතනාවෙන් කරනවා නම් (නදී)

:       0       0

ගිහාන් Friday, 20 June 2014 08:07 AM

සුදුසුම තැනට ගිහින් තියෙනවා. සත්තුන්ට දෙයියන්ගේම පිහිටයි. (නදී)

:       0       0

අහිංසා Friday, 20 June 2014 08:08 AM

අගේ කළ යුතු වැඩක්. නමුත් මේ අවාසනාව රජකරන මොහොතේ අර මැර ප්‍රහාර වලින් විපතට පත්වුණ අහිංසකයන්ගේ තත්වය බලන්න. ඒ අයගේ සහයෝගයට උදවුකරන්න ගියානම් කොතරම් හොඳද ? (නදී)

:       0       0

මලී Friday, 20 June 2014 08:47 PM

ජය වේවා සත්තුවත්තට (අ)

:       0       0

රිච්මන්ඩ් Friday, 20 June 2014 08:48 AM

හැම මන්ත්‍රීවරයාම සතුන් ගැන විතරක් නොවේ මිනිස්සු ගැනත් සිතනවා නම් තමයි හොඳ.(අ)

:       0       0

කුෂාන් Friday, 20 June 2014 09:02 AM

සුදත් ශ්‍රී ඔබගේ අදහස හරි. එ්ත් මීට වඩා හැමෝම සැලකිලිමත් වෙන්න ඕනා වනයේ ජීවත් වෙන සතුන් ගැන. මොකද සත්තු වත්තේ ඉන්න සත්තු මෙහෙම බලන්න ගියාට යාල විල්පත්තු වගේ තැන් වලට නිවාඩු ගත කරන්න ගොඩක් අය යන්නේ තුවක්කු අරන් දඩයමේ දඩ මස් හොයාගෙන. (නදී)

:       0       0

අමාලි Friday, 20 June 2014 09:33 AM

සාමාන්‍යයෙන් මිනිස්සු නෑගම් යන්නේ අවුරුද්දට (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2530 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1684 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2431 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3334 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site