එක්සත් ජාතික පක්ෂයේ ඉරාන් වික්‍රමරත්න,ආචාර්ය හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම,ආර් යෝගරාජන් සහ රුවන් විජයවර්ධන මන්ත්‍රීවරු දෙහිවල සත්වොද්‍යානයේ නීරීක්ෂණ චාරිකාවක නිරත වුහ.
නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මික මල්සිංහ මහත්මිය මන්ත්‍රීවරුන් පිළිගත්හ.
පසුගිය කාලයේ සත්වෝද්‍යානය සම්බන්ධයෙන් වු මාධ්‍ය වාර්තා ගැන සොය බැලිම මෙම චාරිකාවේ අරමුණ බවත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දික ඔබේ අදහස නිවැරදියි (නදී)
අනේ අනේ විපක්ෂයේ කරන වැඩ. අනේ අපි ගැනත් බලන්නකෝ (නදී)
සත්තු ගැන වගේම මිනිස්සු ගැනත් බලන්න (නදී)
මෙයාලා සත්තු ගැන බලලා එන්නේ නැතුව අලි ගාලෙවත් නතර වෙයිද දන්නෑ...(නදී)
අංගොඩ පිස්සන් කොටුවට බලන්න යන්න අදහසක් එහෙම නැද්ද දන්නේ නැහැ නේද ? (ස)
මෙතන නීතිඥයන්, මහාචාර්‍යවරු ඉන්නවා. මෙයාලා නිත්‍යානුකුල ටිකට් පතක් අරගෙනද සත්තු වත්තට ඇතුල් උනේ ? (නදී)
අහිංසක සතුන් බන්දනාගාර ගත කිරීමට ඔවුන් කල වරද කුමක්ද? අහිංසක සතුන් මිනිසුන්ගේ විනෝදය සදහා සිරගත කර තබාගැනීම බලවත් පාපකර්මයකි . එවැනි සතුන් නරඹා විනෝද වීමද පාප කර්මයකි. කරුණාකර මෙම සත්ව බන්දනාගාරය වසා දමන්න. සතුන් බැලීමට අවශ්‍ය නම් වනාන්තරයකට ගොස් බලන්න (නදී)
තාමත් අලි එහෙට මෙහෙට පනිනවා. මේ අය සත්තු බලන්න විනෝද චාරිකා ගිහින්ද ? (නදී)
සත්තු ගැන වගේම රටේ මිනිස්සු ගැනත් හොයලා බලන්න (නදී)
සද් භාවයෙන් කරන ඕනෑම දෙයක් අපි අනුමත කරමු. (නදී)
ඔය ගමන්ම අංගොඩ, මුල්ලේරියාව පැත්තත් බැලුවොත් නරකද? හැබැයි කී දෙනෙක් එහේ නවත්තා ගනීවිද? (නදී)
මේ අයටත් සත්තුන්ගේ නම් ලැයිස්තුවක් කටපාඩම් කරගත්තොත් අර නිතරම තමාගේ පෙර ආත්ම වල නම් කියන ඇමති තුමාව පරදවන්න පුලුවන් වේවි.(නදී)
නෑදෑයොත් බලන්න යන්න එපායැ (නදී)
සාමාන්‍යයෙන් මිනිස්සු නෑගම් යන්නේ අවුරුද්දට (අ)
මෙතනම කොච්චර පාඩුවක්ද? කී දෙනෙක් ටිකට් නැතුව ඇතුලට ගිහින්ද ? (නදී)
ඔයට වඩා සත්තු ඉන්නවනේ අර දියවන්නාව පැත්තේ තියෙන සත්තුවත්තේ (අ)
දැන් ඉතින් සත්තු ගැන තමා හොයන්න වෙන්නේ.මිනිස්සු ගැන හෙව්වට වැඩක් නෑනෙ (අ)
දැන් ඉතින් සත්තු ගැන තමා හොයන්න වෙන්නේ.මිනිස්සු ගැන හෙව්වට වැඩක් නෑනෙ (අ)
රටේ ඉහළ යන බඩු මිලත් එක්ක දුප්පත් මහ ජනතාව දිනෙන් දින විදින දුක් හා වේලක්ව හරියට පිරිමහ ගන්න බැරි යන අතක් නැති ව ඉන්න එකත් ගැනත් බලන්න. (අ)
මට නම් පේන්නේ එජාපෙ ඉන්න මිනිස්සු කරන්න දෙයක් නැති කමට ආතල් ගන්නවා වගේ. (ස)
අනේ අම්මප මෙතුමන්ලට වෙන වැඩ නැතුවවත්ද? (ස)
මේ විදියට හරි මේ කූඩු කරලා ඉන්න සතුන් ගැන හොයල බලන එක ගැන මම නම් හරිම සතුටට පත් වෙනවා. (ස)
ජය වේවා! (නි)
ජය වේවා සත්තුවත්තට (අ)
බේරුවල දර්ගා නගරය අලුත්ගම ගිනි තියපු සිංහල බෞද්ද මිනිසුන්ගේ ගෙවල් බලන්න බලු බල්ලෙක් නැහැ ඒ උනාට ඡන්දයක් ලංවෙනකොට ගෙවල් වටේ කැරකෙයි අනේ එකම සිංහල රටට උණු විනාසයක් . (අ)
දැන් බලමුකෝ මේකෙන් සොයාගන්න දේවල් මොනවද කියලා (නි)
අනේ... ඉතින්... එහි වාසය කරන අපා,දෙපා,සිව්පා සතුන්ට සාමජිකත්වයකුත් නැහැ, ඇති ඡන්දයකුත් නැහැ,ඒ උනත් නිරීක්ෂණ චාරිකාවට සුභ පැතුම් !! (අ)
හොඳ සංකල්පයක් . ගරු අජිත් පී.පෙරේරා මන්ත්‍රී තුමා මේහිදී කරුණු කාරණා ඉදිරිපත් කල ආකාරයත් එතුමාගේ භාෂණ ශෛලියත් සිත් ගන්නා සුළුය. මීළඟ නිරීක්ෂණ චාරිකාව ට මහරගම පිළිකා රෝහල තෝරා ගැනීම ගැන සලකා බැලීම වටී. (අ)
සත්තු වත්ත අකර්මනය වෙලා තියෙන්නේ මිනිසුන්ගෙන් සල්ලි ගන්නවා විතරයි. මෙය මෙතැනින් අයින් කරනවාට විරුද්ද නෑ. ලංකාවේ අලි ඇතුළු අනිකුත් වන සතුන් ආරක්ෂා කරමු. (අ)
මනුස්සයෝ ගැන හොයල බලල ඉවරකරලා වගේ සතුන් ගැන බලන්න පටන් ගත්තේ (අ)
දේශපාලකයින් යන්න ඕනෑ ඡන්ද පදනමක් තියෙන තැන් වලට විතරමද? සමහරක් ගේ අදහස් දැක්කාම තේරෙනවා සතුන්ටත් වඩා අන්තයි කියලා. දෙහිවල සත්වොද්‍යානයේ පරිපාලන ව්‍යුහය අන්තිමටම බිඳ වැටිලා තියෙන්නේ. සත්තු පුදුම දුකක් විඳින්නේ. කන්න නැතිව, ලෙඩ වෙලා මැරිලා යනවා. විපක්ෂය හරි මේ ගැන අවධානයෙන් ඉන්නවා කියලා තේරෙනවා නම් හොඳයි. මෙය අගය කල යුතු සංචාරයක්. (අ)
බොහොම හොඳයි (නි)
පමාවී හෝ විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට උත්සාහ ගැනීම ගැන ස්තුතියි! (නි)
මේ වගේම මිනිසුන් ගැනත් හොයන්න. බඩු මිල අහස උසට නැගලා. අඩුම ගණනේ ලෝක වෙළඳ පොළේ බඩු මිල පහළ යාමේ වාසියවත් ජනතාවට ගෙනදීමට විපක්ෂය උත්සාහ කරන්න (නි)
ඔව් ඉතින්, අපිව බලාගන්න කවුරුවත් නැහැනේ? (නි)
මේක හොඳ දෙයක්. රටේ විපක්ෂයත් පාලනයට හවුල් වෙන්න ඕනෑ, ආණ්ඩුවේ වැඩ නිරීක්ෂණය කරන්න ඕනෑ, අඩුපාඩු හොයන්න ඕනෑ , එතකොට ආණ්ඩුවට හිතුමතේ වැඩ කරන්න බැරිවෙනවා. සුභ පතනවා! ඉදිරියටම ගෙනියන්න මේ වැඩසටහන (නි)
නරකද, සතුන්ට කෑම ටිකක් අරගෙනත් ගියා නම්? (නි)
අනේ අපේ විපක්ෂයට ගිය කලක්.(අ)
බොහොම හොඳ කාර්යයක් (නි)
සුදත් ශ්‍රී, සත්‍යය එයයි. ඔබට ස්තුතියි. (නි)
අගය කළ යුතු වැඩක් (නි)
මෙන්න මෙහෙමනේ ඉන්න ඕනෑ (නි)
ගියාට කමක් නැහැ අලි ගාලේ නතරවෙන්න ඕන එහෙම කියනවා නෙමේ ඔන්න.(නදී)
හොඳ දේ අගය කරමු (නදී)
මෙවැනි සංචාර හොඳයි. හැබැයි දේශපාලන අරමුණු ඉටුකරගන්න නෙමේ. සැබෑම පිරිසිදු චේතනාවෙන් කරනවා නම් (නදී)
සුදුසුම තැනට ගිහින් තියෙනවා. සත්තුන්ට දෙයියන්ගේම පිහිටයි. (නදී)
අගේ කළ යුතු වැඩක්. නමුත් මේ අවාසනාව රජකරන මොහොතේ අර මැර ප්‍රහාර වලින් විපතට පත්වුණ අහිංසකයන්ගේ තත්වය බලන්න. ඒ අයගේ සහයෝගයට උදවුකරන්න ගියානම් කොතරම් හොඳද ? (නදී)
හැම මන්ත්‍රීවරයාම සතුන් ගැන විතරක් නොවේ මිනිස්සු ගැනත් සිතනවා නම් තමයි හොඳ.(අ)
සුදත් ශ්‍රී ඔබගේ අදහස හරි. එ්ත් මීට වඩා හැමෝම සැලකිලිමත් වෙන්න ඕනා වනයේ ජීවත් වෙන සතුන් ගැන. මොකද සත්තු වත්තේ ඉන්න සත්තු මෙහෙම බලන්න ගියාට යාල විල්පත්තු වගේ තැන් වලට නිවාඩු ගත කරන්න ගොඩක් අය යන්නේ තුවක්කු අරන් දඩයමේ දඩ මස් හොයාගෙන. (නදී)