IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ඓශ්චර්යා රායිට තනිවම පෙම් කරලා

ජනප්‍රිය බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායිට එරෙහිව වන්දි නඩුවක් පවරා  රුපියල් දාහත්ලක්ෂයක් වන්දි ලබා ගත හැකි බවට මාමාට පොරොන්දු වී ඔහුගෙන් රුපියල් දස ලක්ෂයක් වංචා කළැයි කියන බෑනා අද උසාවි නොපැමිණියෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරිණි.

ඉන්දියා නිළිය සමඟ විවාහ වීමේ අදහසින් ඇයට ආදරය කළ බව කියන නිරෝෂන් දේවප්‍රිය අද තායිවානේ සිට පැමිණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ පෙනී සිටියේය.

ඉන්දියා නිළිය ඉන්දියා නළුවකු සමඟ විවාහ වීමෙන් තම බලාපොරොත්තු සුන් වීමෙන් සිදු වු මානසික පීඩාවට වන්දි නඩුවක් පවරා වන්දි ලබා ගත හැකි බව රොෂාන් අජිත් නම් බෑනා  ඔහුට කියා තිබිණි. ඒ සඳහා ඔහුගෙන් රුපියල් ලක්ෂ දහයක්ද නඩුවේ වියදම් වශයෙන් ලබාගෙන ඇත.

නඩුවද නොපැවරූ නිසා එම මුදල් ඉල්ලා සිටි බවත් රුපියල් දස ලක්ෂය මාස් පතා කොටස් වශයෙන් ගෙවීමට එකඟ වු බවත් දේවප්‍රියගේ පැමිණිල්ලේ සඳහන් විය.

අද ඔහු පැමිණියේ රුපියල් පනස් දහසේ මුල් ගෙවීම ලබා ගැනීම සඳහාය. එහෙත් බෑනා උසාවි පැමිණ සිටියේ නැත.

මහේස්ත්‍රාත් ඔහුට වරෙන්තු නිකුත් කළේ ඒ අනුවය.

 

 

 



අදහස් (0)

ඓශ්චර්යා රායිට තනිවම පෙම් කරලා

නිෂේන් Friday, 20 June 2014 03:50 PM

මේ කියපු මාමා, වැරදිලාවත් අපේ ලංකා තිලක් තුමා නෙවෙයි නේ ! ඓශ්වර්යාත් ලජ්ජා බයට හැදුන බවලතියක් කියලා ප්‍රසිද්ධ නිසා ඇහුවේ. (ස)

:       0       0

රවිදු Thursday, 19 June 2014 08:00 PM

ඒ මොකද එයා ඇවිල්ලා නැත්තේ? (නි)

:       0       0

අනු Friday, 20 June 2014 09:46 AM

අපිත් නඩුවක් දාන්න ඕන ආසියාවේ ආශ්චර්ය අපිට තවම ලබාගන්න බැරිවීම ගැන. (නදී)

:       0       0

බිනුක Friday, 20 June 2014 10:56 PM

පිස්සු නැත්නම් ශෝක් (දී)

:       0       0

අනු Thursday, 19 June 2014 08:11 PM

අනේ මන්ද මෙහෙමත් මානසික පිස්සෝ ඉන්නවනේ (අ)

:       0       0

සුනිල් රණවීර Thursday, 19 June 2014 08:12 PM

මෙහෙව් රටකනේ අපි ජීවත් වෙන්නේ (අ)

:       0       0

දෑල Thursday, 19 June 2014 08:34 PM

මේ වගේ පිස්සෝ අපේ ලංකාවේ ජිවත් වෙනවා කියල මට විශ්වාස ක‍රන්න බැහැ (අ)

:       0       0

කුසුම් Friday, 20 June 2014 04:07 PM

අපෝ! ලංකා තිලක් මාමා මෙතන පෙන්වන ආශ්චර්යය දැක්ක නම් එහෙම, ඓශ්වර්යා එක පයින් කැමති වෙනවා. ගෙදරට බඩු ගේන්න කඩේ යවන වැඩේට ගන්න. (ස)

:       0       0

ශාන්ති Thursday, 19 June 2014 08:51 PM

මොනවද අනේ මේ විහිළු (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 19 June 2014 09:06 PM

දෑල කියන දේ තමයි මට කියන්න තියෙන්නෙත්. (අ)

:       0       0

ශාන්ති Saturday, 21 June 2014 01:06 AM

පිස්සුද ලලිත් මොලේ තියෙනවා නම් ලක්ෂ 10ක් දෙයිද ? (නදී)

:       0       0

ගැමුණු Friday, 20 June 2014 10:58 AM

බැනා තම මාමාගේ ව්‍යාකුල මානසික තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන අරන් තියෙනවා වගෙයි. ඒ තත්වයන් අනුව බෑනාට වුවද සිතෙන්නට ඇති, තම මාමා ලෝක අපවාදයෙන් බේරීම පිණිස කිසිත් නොකර නිහඬව ඉඳීවි කියලා. එ්ත් එහෙම නැහැ වගේ. මොනවා වුනත් මේ මාමාට නම් වෛද්‍ය සහනයක් අවශ්‍යයි වගේ. (නදී)

:       0       0

රනිල් ප්‍රියංතා Friday, 20 June 2014 11:03 AM

මේ වගේ මෝඩ මාමා කෙනෙක් අනේ අපිටත් සොයා දෙන්නකෝ.(නදී)

:       0       0

ධනුකේ Thursday, 19 June 2014 09:23 PM

දෑල කියල තියනවා හොඳටම. (අ)

:       0       0

ජීවක Thursday, 19 June 2014 09:23 PM

ආශ්චර්යව මම සෙට් කොරල දෙන්නම් , අපේ ගේ ගවනේ ඉන්නේ! (අ)

:       0       0

සේනක Friday, 20 June 2014 04:35 PM

අපේ අල්ලපු ගෙදර ලැජ්ජා බයට හැදුන වයස 75 ක පමණ අවිවාහක බවලතියක් සිටිනවා. ආතරයිටිස් නිසා ගෙදරින් එලියට අඩියක් වත් තියන්නේ නැති වැදගතියක්. කතා කරලා බලමුද ? (ස)

:       0       0

චමිලා Thursday, 19 June 2014 09:35 PM

මට හිතාගන්න බැරි මේ වගේ කෙනෙක් ළඟ කොහොමද ලක්ෂ දහයක් තිබුනේ කියලා (නි)

:       0       0

දයා අලහාකෝන් Friday, 20 June 2014 11:08 AM

අපේ රටේ 50 පැනපු අයත් රෑට කොට්ටේ යටින් ෂාරුක් ඛාන්ගේ, අමිතාබ්ගේ පින්තූර තියාගෙන නිදියනවා.(නදී)

:       0       0

අභිෂේක් Friday, 20 June 2014 11:11 AM

කවුද දන්නේ අයිෂ්වරයා එහෙම පොරෝදුවක් නොදුන්නා කියලා. ඔයාල හැමෝම හිතන්නේ මේක විහිළුවක් විදියට. ඔහුට අනුකම්පා කල යුතුයි. සමහර විට ඇය විවාහය සම්බන්ධව ලැබුණු හොඳම හොඳ අයදුම් පත ගැන සලකා බලන්නට ඇති. එහෙම විය නොහැකිද? (නදී)

:       0       0

කාන්ති Friday, 20 June 2014 04:39 PM

ඓශ්වර්යාගේ ගෙදර රෙදි අපුල්ලන ඇබාර්තුව නම් අපේ සමහරුන්ට ගැලපෙනවා. (ස)

:       0       0

නවිනි Friday, 20 June 2014 04:42 PM

.....ට අයිශ්වර්යාගේ නැන්දම්මා නම් හොඳට ගැලපෙනවා. (ස)

:       0       0

උපුල් Thursday, 19 June 2014 09:39 PM

නියම බෑනා.... (නි)

:       0       0

ලාලනී Friday, 20 June 2014 04:46 PM

අනේ කවුරු හරි අපේ .... තුමාට සුන්දර සුකොමල ලජ්ජා බය ට හැදුන මනාලියක් සොයා දෙන්නකෝ. කාගේ හරි කල වයස පසු වුන නැන්දම්මා කෙනෙක් වුනත් කමක් නැහැ. (ස)

:       0       0

ආනන්ද Thursday, 19 June 2014 09:44 PM

මට පුදුම මේ වගේ බොරුවක් විශ්වාස කරලා සල්ලි දුන් මාමා ගැනයි. (නි)

:       0       0

ජානකි Friday, 20 June 2014 04:49 PM

........ ගේ දත් කුට්ටම නැතිවුනේ අයිශ්වර්යා බැහැ දකින්න ගිය වෙලාවේ වත්ද ? (ස)

:       0       0

සමන් Friday, 20 June 2014 11:18 AM

මුළු ලංකාවටම ලැජ්ජාකරන මෙහෙමත් පිස්සෝ ඉන්නවනේ. (නදී)

:       0       0

මල් Saturday, 21 June 2014 10:40 PM

එකෙත් පොඩි ගතියක් තියෙනවා. (දී)

:       0       0

ලංකා තිලක් Friday, 20 June 2014 11:27 AM

අනේ මමත් මේ මනුස්සය වගේ ලජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුනු මගේ එසැන පුවත් බවලතියන්ට කොච්චර ආදරේ කරනවද? අනේ එ්ත් වැඩක් නැහැ එයාල ලොකු වැරදි වැටහිමක ඉන්නේ. කට්ටිය දුටු තැන හදන්නේ මගේ දත් කුට්ටම ගලවා ගන්න. (නදී)

:       0       0

නිරෝෂන් Thursday, 19 June 2014 10:51 PM

විහිලු නෙමෙයි, මම නම් කියන්නේ මේක මානසික ගැටලු තත්ත්වයක්. එහිදී තමන්ට ළඟාවිය නොහැකි අය තමන්ට ආදරය කරන බව රෝගී පුද්ගලයාට දැනෙනවා (නි)

:       0       0

සත්‍යා Thursday, 19 June 2014 10:52 PM

ආසියාවේ ආශ්චර්ය අපේ සිරි ලංකාව නිසා තමයි අපේ මිනිස්සු මේ හැටියට පිස්සු නටන්නේ. කලක් මේක බුද්ධිමතුන්ගෙන් පිරි ආශිර්වාද ලත් දුපතක්. ඒකට අද...? (නි)

:       0       0

පිටිගල Thursday, 19 June 2014 11:24 PM

මමත් ඒ කාලේ ඔය වගේ අපේ පාසලේ ලොකු මහත්තයාගේ පොඩි දුවට පෙම් කළා මුළු හදවතින්ම. ඒත් ඒ ළමයා ඒ බව දන්නෙවත් නැහැ. අන්තිමට ඒ අය වෙන පළාතකට මාරුවෙලා ගියා. ඊටපස්සේ මාත් ඔහේ මොකාද වගේ හිටියා. (නි)

:       0       0

ඉන්දික Friday, 20 June 2014 12:01 PM

මමත් අයිශ්චර්යට ට්‍රයි කරා. වැඩේ 50% හරි. තව 50% තියෙන්නේ. ඒ කිව්වේ මගේ පැත්තෙන් හරි. එයාගේ 50% තමයි තියෙන්නේ. (නදී)

:       0       0

කෙවින් Friday, 20 June 2014 12:18 PM

ලංකා තිලක්, ඔයා ලියපු ටික දැක්කා නම් අපේ පාඨක බවලතියන් ඔබේ දත් ටික විතරක් නෙවෙයි කෙස් ටිකත් ගලවයි. (නදී)

:       0       0

සෙනවි Friday, 20 June 2014 12:20 PM

ඕක ඉන්දියාවේ අයට ආරංචි උනොත් එහෙම ඉදලා විසුමක් නැහැ. මම වැඩ කරන තැන ගොඩක් ඉන්දියානුවෝ ඉන්නවා (නදී)

:       0       0

සෙලිනා Friday, 20 June 2014 05:49 PM

කෙවින්., ඔය කියපු දේ හරි, ලංකා තිලක් දන්නවා අහුවුනොත් දත් ටික සමග හිසකෙසුත් ගලවනවා කියල. (අ)

:       0       0

සම්පත් - ඩුබායි Friday, 20 June 2014 12:36 PM

ඓස්චර්යත් ඔච්චර ලස්සන ගෑනියෙක්ද (අ)

:       0       0

කුමාරි Friday, 20 June 2014 06:07 PM

"කුච් කුච් හෝතාහේ ... කිවුවලු (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 20 June 2014 02:59 AM

මාමාට දුවෙක් ඉන්නවා නම් එයාව බෑනාට දීලා මේ තමා මගේ ඵෙයිශ්චර්යා කියලා වැඩේ ගොඩින් බේරාගන්න බලන්න. නඩුයන්නෝ වැනසෙන්නෝ කියලා අහලා නැද්ද? (නි)

:       0       0

අසෝක Friday, 20 June 2014 04:33 AM

අපේ අයටත් ඉන්දියන් නම් ඕනෑ දෙයක්. හැබැයි කියන්නේ නම් ඉන්දියන් දේවල් වර්ජනය කරන්න කියලා (නි)

:       0       0

ගුණසිරි Friday, 20 June 2014 05:06 AM

හෙට අනිද්දාට ඵෙශ්වර්යාගේ නීත්‍යානුකූල සැමියාටත් නඩු දමන පරාජිත පෙම්වතුන් ලංකාවෙන් මතුවෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

චන්දන Friday, 20 June 2014 05:09 AM

මේ දේවල් මම වැඩකරන තැන ඉන්න ඉන්දියන් ජාතිකයන් දැනගත්තොත් ඉවරයි. ලැජ්ජාවේ ඉන්න‍ වෙන්නෙ නැහැ (නි)

:       0       0

උපාලි Friday, 20 June 2014 01:22 PM

කලබල වෙන්න එපා නිරෝෂන්.අපි ඔක්කොම ආශ්චර්යයට යන නිසා ඉස්සරහට ඕන තරම් අශ්චර්යල ලංකාවෙන්ම හොයා ගත්තහැකි. (ස) ..

:       0       0

සේකර Friday, 20 June 2014 05:56 AM

පචු කියලත් හිතෙනවා (නි)

:       0       0

ලුම්බිණි Friday, 20 June 2014 05:58 AM

මම කැමතියි එයාට - එයා කැමති නැහැ මට. (නි)

:       0       0

චමත් Friday, 20 June 2014 01:25 PM

ඇයි මල්ලියේ අපි දෙන්නා පෙම් බැන්දේ එක මලට... (ස)

:       0       0

සාලිය Friday, 20 June 2014 01:28 PM

මාමට මානසික පුශ්නයක් තියනවා නං ඔච්චර සල්ලි තියෙන්ඩ පුලුවන්ද....මේකේ මොකක් හරි ලොකු බොරුවක් යට තියනවා...ඔලුවත් එක්ක හිරි වැටෙනවා මේවා හිතත්දී...මාමා හරි බෑනා හරි දෙන්නම එකතු වෙලා හරි අමුතුම වැඩක් දෙන්ඩ වගේ යන්නේ...ප්‍රසිද්දියට වත්ද ...(ස)

:       0       0

චමීර Friday, 20 June 2014 06:21 AM

ලංකාවේ කෙල්ලන් නැතුවද මන්දා? (නි)

:       0       0

නිමන්තිකා Friday, 20 June 2014 07:34 PM

අනේ පවු! (නි)

:       0       0

ලොකුගේ Friday, 20 June 2014 01:42 PM

අනේ පුතේ, ඔන්න ඔය පෙම් කළා කියන කොල්ලගේ ෆොටෝ කැල්ලක් දාපල්ලකෝ අපිටත් ටිකක් බලල හිනාවෙන්න (නදී)

:       0       0

ප්‍රියාන් Friday, 20 June 2014 07:41 PM

මුළු හදින් මම ඇයට පෙම්කොට අනාගත පෙම් සිහින මැව්වෙමි... මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුණ හැටි බලා දුක්වෙමි... කියලා සින්දුවක් කියාගෙන හිටියා නම් හරිනේ. (නි)

:       0       0

නයනි Friday, 20 June 2014 06:53 AM

මේ වගේම ඩයනා කුමාරිට පෙම් කළ පිරිමිත් ලක්ෂ ගණනක් යුරෝපයේ ඉන්නවාලු (නි)

:       0       0

නාමල් Friday, 20 June 2014 01:50 PM

මෙතන වැරැද්ද අයිශ්චර්ය ගේ . අපේ මාමව කසාද බැඳ ගත්තනන් මොකද වෙන්නේ. ලංකාවටත් කීර්තියක් නේ. මෙතන මාම කියල කිව්වට තරුණ නමක් . ගොඩක් වයස වෙන්න බැහැ. මේක අයිශ්චර්යට ආරංචි උනා නම් කසාදෙ කටුගාල ඇවිත් මේ මාමව කසාද බදී. පිවිතුරු අවංක ආදරෙනේ. (ස) .

:       0       0

රවිදු Friday, 20 June 2014 07:09 AM

ආලය අන්ධයිලුනේ (නි)

:       0       0

රාජුන් Friday, 20 June 2014 07:45 AM

මේවට තමයි හතර බීරි කතා කියන්නේ. (නදී)

:       0       0

උමේෂ් Friday, 20 June 2014 08:01 AM

චන්දන - කලබල වෙන්න එපා... ඉන්දියාවේ ඉන්නවා ඔයිට වැඩිය මානසික ලෙඩ්ඩු. බැට් වලට එහෙම වදින පුදන.(නදී)

:       0       0

කිත්සිරි Friday, 20 June 2014 08:09 AM

මේ මාමව මානසික වෛද්‍යවරයකුට යොමු කළේ නැද්ද? (නදී)

:       0       0

නිමල් Friday, 20 June 2014 08:14 AM

ඕකත් පුදුම වෙන්න දෙයක්ද? ලංකාවේ කෙල්ලන්ගෙන් භාගයකට වැඩිය හින්දි නළුවන්ට පෙම් කරන්නේ? (නදී)

:       0       0

පබා Friday, 20 June 2014 08:14 AM

බිඳුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත ඈ මගේ පෙම් වතියයි කිසිදා නෙපැතු පෙමක් පතා ඔබ ඇය රිදවනු වැරදියි ඇය රිදවනු වැරදියි (නදී)

:       0       0

සඳුන් Friday, 20 June 2014 08:28 AM

අධිකරණයට අදාල වැඩක් නොවෙන්න පුළුවන්. නමුත් කෙනෙක් මෙයාව මානසික ප්‍රතිකාර වලට යොමු කලානම් හොඳයි. විවිද අයට සිතින් පෙම් කිරීම සාමාන්‍යයි. අපිත් කොච්චර කලාද? ගමේ ළඳුන්ට, ඉස්කෝලේ පන්තියේ ළමයින්ට, ගුරුවරුන්ගේ දුවලට, තව අනන්තයි. නමුත් මෙතරම් රැවටීම ටිකක් අස්වාභාවිකයි.(නදී)

:       0       0

නිශාර්ඩ් පරීනා Friday, 20 June 2014 08:35 AM

පිස්සු නැත්තන් ෂෝක් !! (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 21 June 2014 10:33 AM

අර නිළිය දන්නවනම් අපේ මුළු නිතිපද්දතියටම වන්දි නඩුවක් පවරයි එයාට අපහාස කලයි කියල. (අ)

:       0       0

දිලු Friday, 20 June 2014 08:55 AM

විහිළු කරනවට වඩා ඒ් මනුස්සයා දිහා අනුකම්පාෙවන් බැලුෙවාත් හොඳයි. අැත්තටම මානසික විශාදියක් වෙන්න බැරි නැහැනේ. (නදී)

:       0       0

ලලිත් Friday, 20 June 2014 10:12 PM

මේ ලක්ෂ දහය දුන්න මනුස්සයාට මොලයක් නැද්ද? (දී)

:       0       0

අහාන් Friday, 20 June 2014 09:17 AM

පිටිගල ඔබ ගැන හරි දුකයි. අපි ලොකු මහත්තයට විරුද්දව නඩුවක් දාමුද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2534 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1687 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2431 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site