ජනප්‍රිය බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායිට එරෙහිව වන්දි නඩුවක් පවරා රුපියල් දාහත්ලක්ෂයක් වන්දි ලබා ගත හැකි බවට මාමාට පොරොන්දු වී ඔහුගෙන් රුපියල් දස ලක්ෂයක් වංචා කළැයි කියන බෑනා අද උසාවි නොපැමිණියෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරිණි.
ඉන්දියා නිළිය සමඟ විවාහ වීමේ අදහසින් ඇයට ආදරය කළ බව කියන නිරෝෂන් දේවප්‍රිය අද තායිවානේ සිට පැමිණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ පෙනී සිටියේය.
ඉන්දියා නිළිය ඉන්දියා නළුවකු සමඟ විවාහ වීමෙන් තම බලාපොරොත්තු සුන් වීමෙන් සිදු වු මානසික පීඩාවට වන්දි නඩුවක් පවරා වන්දි ලබා ගත හැකි බව රොෂාන් අජිත් නම් බෑනා ඔහුට කියා තිබිණි. ඒ සඳහා ඔහුගෙන් රුපියල් ලක්ෂ දහයක්ද නඩුවේ වියදම් වශයෙන් ලබාගෙන ඇත.
නඩුවද නොපැවරූ නිසා එම මුදල් ඉල්ලා සිටි බවත් රුපියල් දස ලක්ෂය මාස් පතා කොටස් වශයෙන් ගෙවීමට එකඟ වු බවත් දේවප්‍රියගේ පැමිණිල්ලේ සඳහන් විය.
අද ඔහු පැමිණියේ රුපියල් පනස් දහසේ මුල් ගෙවීම ලබා ගැනීම සඳහාය. එහෙත් බෑනා උසාවි පැමිණ සිටියේ නැත.
මහේස්ත්‍රාත් ඔහුට වරෙන්තු නිකුත් කළේ ඒ අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියපු මාමා, වැරදිලාවත් අපේ ලංකා තිලක් තුමා නෙවෙයි නේ ! ඓශ්වර්යාත් ලජ්ජා බයට හැදුන බවලතියක් කියලා ප්‍රසිද්ධ නිසා ඇහුවේ. (ස)
බැනා තම මාමාගේ ව්‍යාකුල මානසික තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන අරන් තියෙනවා වගෙයි. ඒ තත්වයන් අනුව බෑනාට වුවද සිතෙන්නට ඇති, තම මාමා ලෝක අපවාදයෙන් බේරීම පිණිස කිසිත් නොකර නිහඬව ඉඳීවි කියලා. එ්ත් එහෙම නැහැ වගේ. මොනවා වුනත් මේ මාමාට නම් වෛද්‍ය සහනයක් අවශ්‍යයි වගේ. (නදී)
මේ වගේ මෝඩ මාමා කෙනෙක් අනේ අපිටත් සොයා දෙන්නකෝ.(නදී)
අපේ රටේ 50 පැනපු අයත් රෑට කොට්ටේ යටින් ෂාරුක් ඛාන්ගේ, අමිතාබ්ගේ පින්තූර තියාගෙන නිදියනවා.(නදී)
කවුද දන්නේ අයිෂ්වරයා එහෙම පොරෝදුවක් නොදුන්නා කියලා. ඔයාල හැමෝම හිතන්නේ මේක විහිළුවක් විදියට. ඔහුට අනුකම්පා කල යුතුයි. සමහර විට ඇය විවාහය සම්බන්ධව ලැබුණු හොඳම හොඳ අයදුම් පත ගැන සලකා බලන්නට ඇති. එහෙම විය නොහැකිද? (නදී)
මුළු ලංකාවටම ලැජ්ජාකරන මෙහෙමත් පිස්සෝ ඉන්නවනේ. (නදී)
අනේ මමත් මේ මනුස්සය වගේ ලජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුනු මගේ එසැන පුවත් බවලතියන්ට කොච්චර ආදරේ කරනවද? අනේ එ්ත් වැඩක් නැහැ එයාල ලොකු වැරදි වැටහිමක ඉන්නේ. කට්ටිය දුටු තැන හදන්නේ මගේ දත් කුට්ටම ගලවා ගන්න. (නදී)
මමත් අයිශ්චර්යට ට්‍රයි කරා. වැඩේ 50% හරි. තව 50% තියෙන්නේ. ඒ කිව්වේ මගේ පැත්තෙන් හරි. එයාගේ 50% තමයි තියෙන්නේ. (නදී)
ලංකා තිලක්, ඔයා ලියපු ටික දැක්කා නම් අපේ පාඨක බවලතියන් ඔබේ දත් ටික විතරක් නෙවෙයි කෙස් ටිකත් ගලවයි. (නදී)
ඕක ඉන්දියාවේ අයට ආරංචි උනොත් එහෙම ඉදලා විසුමක් නැහැ. මම වැඩ කරන තැන ගොඩක් ඉන්දියානුවෝ ඉන්නවා (නදී)
ඓස්චර්යත් ඔච්චර ලස්සන ගෑනියෙක්ද (අ)
කලබල වෙන්න එපා නිරෝෂන්.අපි ඔක්කොම ආශ්චර්යයට යන නිසා ඉස්සරහට ඕන තරම් අශ්චර්යල ලංකාවෙන්ම හොයා ගත්තහැකි. (ස) ..
ඇයි මල්ලියේ අපි දෙන්නා පෙම් බැන්දේ එක මලට... (ස)
මාමට මානසික පුශ්නයක් තියනවා නං ඔච්චර සල්ලි තියෙන්ඩ පුලුවන්ද....මේකේ මොකක් හරි ලොකු බොරුවක් යට තියනවා...ඔලුවත් එක්ක හිරි වැටෙනවා මේවා හිතත්දී...මාමා හරි බෑනා හරි දෙන්නම එකතු වෙලා හරි අමුතුම වැඩක් දෙන්ඩ වගේ යන්නේ...ප්‍රසිද්දියට වත්ද ...(ස)
අනේ පුතේ, ඔන්න ඔය පෙම් කළා කියන කොල්ලගේ ෆොටෝ කැල්ලක් දාපල්ලකෝ අපිටත් ටිකක් බලල හිනාවෙන්න (නදී)
මෙතන වැරැද්ද අයිශ්චර්ය ගේ . අපේ මාමව කසාද බැඳ ගත්තනන් මොකද වෙන්නේ. ලංකාවටත් කීර්තියක් නේ. මෙතන මාම කියල කිව්වට තරුණ නමක් . ගොඩක් වයස වෙන්න බැහැ. මේක අයිශ්චර්යට ආරංචි උනා නම් කසාදෙ කටුගාල ඇවිත් මේ මාමව කසාද බදී. පිවිතුරු අවංක ආදරෙනේ. (ස) .
අපිත් නඩුවක් දාන්න ඕන ආසියාවේ ආශ්චර්ය අපිට තවම ලබාගන්න බැරිවීම ගැන. (නදී)
අපෝ! ලංකා තිලක් මාමා මෙතන පෙන්වන ආශ්චර්යය දැක්ක නම් එහෙම, ඓශ්වර්යා එක පයින් කැමති වෙනවා. ගෙදරට බඩු ගේන්න කඩේ යවන වැඩේට ගන්න. (ස)
අපේ අල්ලපු ගෙදර ලැජ්ජා බයට හැදුන වයස 75 ක පමණ අවිවාහක බවලතියක් සිටිනවා. ආතරයිටිස් නිසා ගෙදරින් එලියට අඩියක් වත් තියන්නේ නැති වැදගතියක්. කතා කරලා බලමුද ? (ස)
ඓශ්වර්යාගේ ගෙදර රෙදි අපුල්ලන ඇබාර්තුව නම් අපේ සමහරුන්ට ගැලපෙනවා. (ස)
.....ට අයිශ්වර්යාගේ නැන්දම්මා නම් හොඳට ගැලපෙනවා. (ස)
අනේ කවුරු හරි අපේ .... තුමාට සුන්දර සුකොමල ලජ්ජා බය ට හැදුන මනාලියක් සොයා දෙන්නකෝ. කාගේ හරි කල වයස පසු වුන නැන්දම්මා කෙනෙක් වුනත් කමක් නැහැ. (ස)
........ ගේ දත් කුට්ටම නැතිවුනේ අයිශ්වර්යා බැහැ දකින්න ගිය වෙලාවේ වත්ද ? (ස)
කෙවින්., ඔය කියපු දේ හරි, ලංකා තිලක් දන්නවා අහුවුනොත් දත් ටික සමග හිසකෙසුත් ගලවනවා කියල. (අ)
"කුච් කුච් හෝතාහේ ... කිවුවලු (නි)
අනේ පවු! (නි)
මුළු හදින් මම ඇයට පෙම්කොට අනාගත පෙම් සිහින මැව්වෙමි... මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුණ හැටි බලා දුක්වෙමි... කියලා සින්දුවක් කියාගෙන හිටියා නම් හරිනේ. (නි)
මේ ලක්ෂ දහය දුන්න මනුස්සයාට මොලයක් නැද්ද? (දී)
පිස්සු නැත්නම් ශෝක් (දී)
පිස්සුද ලලිත් මොලේ තියෙනවා නම් ලක්ෂ 10ක් දෙයිද ? (නදී)
අර නිළිය දන්නවනම් අපේ මුළු නිතිපද්දතියටම වන්දි නඩුවක් පවරයි එයාට අපහාස කලයි කියල. (අ)
එකෙත් පොඩි ගතියක් තියෙනවා. (දී)
හෙට අනිද්දාට ඵෙශ්වර්යාගේ නීත්‍යානුකූල සැමියාටත් නඩු දමන පරාජිත පෙම්වතුන් ලංකාවෙන් මතුවෙයිද දන්නේ නැහැ (නි)
අනේ මන්ද මෙහෙමත් මානසික පිස්සෝ ඉන්නවනේ (අ)
මෙහෙව් රටකනේ අපි ජීවත් වෙන්නේ (අ)
මේ වගේ පිස්සෝ අපේ ලංකාවේ ජිවත් වෙනවා කියල මට විශ්වාස කරන්න බැහැ (අ)
මොනවද අනේ මේ විහිළු (අ)
දෑල කියන දේ තමයි මට කියන්න තියෙන්නෙත්. (අ)
දෑල කියල තියනවා හොඳටම. (අ)
ආශ්චර්යව මම සෙට් කොරල දෙන්නම් , අපේ ගේ ගවනේ ඉන්නේ! (අ)
මට හිතාගන්න බැරි මේ වගේ කෙනෙක් ළඟ කොහොමද ලක්ෂ දහයක් තිබුනේ කියලා (නි)
නියම බෑනා.... (නි)
මට පුදුම මේ වගේ බොරුවක් විශ්වාස කරලා සල්ලි දුන් මාමා ගැනයි. (නි)
විහිලු නෙමෙයි, මම නම් කියන්නේ මේක මානසික ගැටලු තත්ත්වයක්. එහිදී තමන්ට ළඟාවිය නොහැකි අය තමන්ට ආදරය කරන බව රෝගී පුද්ගලයාට දැනෙනවා (නි)
ආසියාවේ ආශ්චර්ය අපේ සිරි ලංකාව නිසා තමයි අපේ මිනිස්සු මේ හැටියට පිස්සු නටන්නේ. කලක් මේක බුද්ධිමතුන්ගෙන් පිරි ආශිර්වාද ලත් දුපතක්. ඒකට අද...? (නි)
මමත් ඒ කාලේ ඔය වගේ අපේ පාසලේ ලොකු මහත්තයාගේ පොඩි දුවට පෙම් කළා මුළු හදවතින්ම. ඒත් ඒ ළමයා ඒ බව දන්නෙවත් නැහැ. අන්තිමට ඒ අය වෙන පළාතකට මාරුවෙලා ගියා. ඊටපස්සේ මාත් ඔහේ මොකාද වගේ හිටියා. (නි)
මාමාට දුවෙක් ඉන්නවා නම් එයාව බෑනාට දීලා මේ තමා මගේ ඵෙයිශ්චර්යා කියලා වැඩේ ගොඩින් බේරාගන්න බලන්න. නඩුයන්නෝ වැනසෙන්නෝ කියලා අහලා නැද්ද? (නි)
අපේ අයටත් ඉන්දියන් නම් ඕනෑ දෙයක්. හැබැයි කියන්නේ නම් ඉන්දියන් දේවල් වර්ජනය කරන්න කියලා (නි)
ඒ මොකද එයා ඇවිල්ලා නැත්තේ? (නි)
මේ දේවල් මම වැඩකරන තැන ඉන්න ඉන්දියන් ජාතිකයන් දැනගත්තොත් ඉවරයි. ලැජ්ජාවේ ඉන්න වෙන්නෙ නැහැ (නි)
පචු කියලත් හිතෙනවා (නි)
මම කැමතියි එයාට - එයා කැමති නැහැ මට. (නි)
ලංකාවේ කෙල්ලන් නැතුවද මන්දා? (නි)
මේ වගේම ඩයනා කුමාරිට පෙම් කළ පිරිමිත් ලක්ෂ ගණනක් යුරෝපයේ ඉන්නවාලු (නි)
ආලය අන්ධයිලුනේ (නි)
මේවට තමයි හතර බීරි කතා කියන්නේ. (නදී)
චන්දන - කලබල වෙන්න එපා... ඉන්දියාවේ ඉන්නවා ඔයිට වැඩිය මානසික ලෙඩ්ඩු. බැට් වලට එහෙම වදින පුදන.(නදී)
මේ මාමව මානසික වෛද්‍යවරයකුට යොමු කළේ නැද්ද? (නදී)
ඕකත් පුදුම වෙන්න දෙයක්ද? ලංකාවේ කෙල්ලන්ගෙන් භාගයකට වැඩිය හින්දි නළුවන්ට පෙම් කරන්නේ? (නදී)
බිඳුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත ඈ මගේ පෙම් වතියයි කිසිදා නෙපැතු පෙමක් පතා ඔබ ඇය රිදවනු වැරදියි ඇය රිදවනු වැරදියි (නදී)
අධිකරණයට අදාල වැඩක් නොවෙන්න පුළුවන්. නමුත් කෙනෙක් මෙයාව මානසික ප්‍රතිකාර වලට යොමු කලානම් හොඳයි. විවිද අයට සිතින් පෙම් කිරීම සාමාන්‍යයි. අපිත් කොච්චර කලාද? ගමේ ළඳුන්ට, ඉස්කෝලේ පන්තියේ ළමයින්ට, ගුරුවරුන්ගේ දුවලට, තව අනන්තයි. නමුත් මෙතරම් රැවටීම ටිකක් අස්වාභාවිකයි.(නදී)
පිස්සු නැත්තන් ෂෝක් !! (අ)
විහිළු කරනවට වඩා ඒ් මනුස්සයා දිහා අනුකම්පාෙවන් බැලුෙවාත් හොඳයි. අැත්තටම මානසික විශාදියක් වෙන්න බැරි නැහැනේ. (නදී)
පිටිගල ඔබ ගැන හරි දුකයි. අපි ලොකු මහත්තයට විරුද්දව නඩුවක් දාමුද? (නදී)