IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘ඔරලෝසු පල්ලිය‘ බොදුබලේ ගිණුමට බැර කරන්න බැරි වේ

දක්ෂිණ අධිවේගී  පිවිසුම් මාර්ගයේ සංවර්ධන කටයුතු වෙනුවෙන්  ඔරලෝසු පල්ලියේ  තාප්පය හා ගොඩනැගිලිවලින් කොටසක් ඉවත් කළ බව බේරුවල ප්‍රාදේශිය ලේකම්  ජනක ශ්‍රී  චන්ද්‍ර ගුප්ත මහතා  කියයි.

මාස එකහමාරකට දෙකකට කලින් එම කොටස් ඉවත් කැර ඇත.පසුගිය15 වැනිදා  සිදු වු  ගැටුමෙන් එම පල්ලියට හානි සිදු වී යැයි ඇතැම් කොටස් ගෙන යන ප්‍රචාරය සම්පුර්ණයෙන්ම අසත්‍ය බව එහි වෙළද ප්‍රජාව ද තහවුරු කරති.

මේ පිළිබඳව අදහස් දක්වන දර්ගා නගරයේ ,අඹගහහන්දිය වෙළෙඳ සංගම් නියෝජිතයින් වන ආනන්ද කරුණාතිලක ඩබ්ලිව් කේ ගාමිණි,ජී ඒ ගුණසිරි,ජයරත්න යන මහත්වරුන්  කියා සිටියේ මාර්ග සංවර්ධනය වෙනුවෙන්  එම පල්ලියේ ද  දර්ගා නගරය ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයද රජයේ  හා පෞද්ගලික ආයතන වල ද කොටස් ද මාර්ග පුළුල් කිරීමේ  කටයුතු වෙනුවෙන්  එම පාර්ශවයේ කැමැත්ත ඇතිව කඩා ඉවත්  ඉවත් කළ බවයි. ඊට රජයේ වන්දි ලැබෙන බවද  ඔවුහු කියති.

වැලිපැන්න පිවිසුම අලුත්ගම නගරයේ සිට දර්ගා නගරය ,සීනවත්ත,අඹගහ හන්දිය,නාකන්දලගොඩ,කොටපිටිය,ඉඳිගස්තුඩුව,බොදුන්පිටිය,පහේ කණුව යන ගම් හා නගර පසු කර  කිලෝමීටර් 11 ක දුර වැලිපැන්න අන්තර් හුවමාරුව දක්වා සංවර්ධන කටයුතු මාස කිහිපයක සිට සිදුවෙයි.ඉකුත් දා ඇති වු මහා ගං වතුරෙන් මෙම මාර්ගයේ වළගෙදර  හා වැලිපැන්න  ප්‍රදේශය ද ගංවතුරෙන් යට විය. ඒ නිසා මාර්ග සංවර්ධනය අඩාල විය.

දර්ගා නගරය නගර මධ්‍යයේ මෙම මාර්ගයට සමීපව ඇති ‘ඔරලෝසු  පල්ලිය‘ තාප්පය හා ගොඩනැගිලි  කොටස් කිහිපයක්  යටතේ පල්ලියේ අනුමැතියෙන්  ඉවත් කළ බව  අධිවේගී මාර්ග නිලධරයෝ ද කීහ.

 

 

 

 

 

 

 

 



අදහස් (0)

‘ඔරලෝසු පල්ලිය‘ බොදුබලේ ගිණුමට බැර කරන්න බැරි වේ

මිස්වර් Monday, 23 June 2014 03:53 PM

මාළු ජීවියෙක් නොවෙයිද මාළු කන්න හොදයිද (දී)

:       0       0

සිංහ Sunday, 22 June 2014 09:19 PM

ස්තුතියි මොහොමඩ් රිස්වාන් (නදී)

:       0       0

මිනිපෙ Sunday, 22 June 2014 09:30 PM

ඇසල, වැඩිපුර මුහුදු මාළු ආහාරයට ගන්න ලෙස මම ඔබගෙන් අයදිමි. (නදී)

:       0       0

අරුමුගම් Monday, 23 June 2014 10:27 AM

හොද ක්‍රියාවක් (නදී)

:       0       0

ඉර්ෆා Monday, 23 June 2014 04:29 PM

කව්රු මොනවා කිව්වත් සමගිය බලය වේ .. (දී)

:       0       0

අශේන් Sunday, 22 June 2014 09:46 PM

ජය වේවා! (නි)

:       0       0

නඳුන් Sunday, 22 June 2014 10:10 PM

ඇයි සමහරු වටරැක හාමුදුරුවන්ගේ සිද්ධියත් බොදු බලය පිට පවරන්නනේ හැදුවේ (නි)

:       0       0

විද්‍යාරත්න Sunday, 22 June 2014 10:30 PM

බොදු බලය වැනි සංවිධාන මේ රටට අවශ්‍යයි (නි)

:       0       0

ලක්ෂිත Monday, 23 June 2014 11:21 AM

මුස්ලිම් සහෝදරවරුනි, ඔබලාට ආදරේට නොවේ ඔය අැමෙරිකාව ප්‍රමුක බටහිර රටවල් කතා කරන්නේ. සිංහල අපිට වඩා මුස්ලිම්වරු එක්ක ඇමෙරිකාව තරහයි. ඒ නිසා අපි දෙගොල්ල සහයෝගයෙන් වැඩකරමු. නැතිනම් අපි දෙගොල්ලම විනාශ වෙනවා. ඒ වගේම එල් ට් ටි නැවතත් ශක්තිමත් වෙනවා. හකීම් කියන දේවල් කරන්න යන්න එපා, ඒවා ඔහු කියන්නේ ඔහුගේ පැවැත්ම වෙනුවෙන් සෞදියේ රිස්වාන් ඔබ නම් සාධාරණ කෙනෙක් අන්න එහෙම අපි ඇත්තට තැන දෙමු (නදී)

:       0       0

දිනේෂ් Monday, 23 June 2014 12:02 PM

ඔය කාට කාටත් බොදු බලේ අගය දැනෙයි කාලයක් යනකොට. මන් කිව්වේ අපේ සමහරක් සිංහලයන්ට. (නදී)

:       0       0

වරුණ Monday, 23 June 2014 06:36 PM

කවදාවත් බොරුවට දිනන්න බැහැ (නි)

:       0       0

සනත් Monday, 23 June 2014 02:38 AM

ප්‍රභාත්, මෝඩ කතා කියන්නේ නැතුව ඉන්න (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 24 June 2014 05:30 AM

මිනිපේ, ශ්‍රී ලංකා ඉතිහාසය අවමයෙන් 1500 සිට 2014 දක්වාවත් අසා දැනගන්න. ඔබට සුභ අනාගතයක් පතමි! (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 23 June 2014 01:56 PM

මිනිපේ ඇසලට උපදෙස් දීමට පෙර ඔබ මහුදු මාලු නිතර අනුබව කරන්න (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 23 June 2014 05:32 AM

ස්තුතියි මොහොමඩ් රිස්වාන්! ලක්වැසි ජාතින් අතර සුහදතාවය වර්ධනය කරන ඔබ වැන්නන් ලක්මවට වාසනාවන්!! (නි)

:       0       0

සම්පත් Monday, 23 June 2014 05:47 AM

ඇත්ත වසන් කරන්න අමාරුයි (නි)

:       0       0

මහින්ද Sunday, 22 June 2014 07:00 PM

සංවර්ධන වැඩක් සිදු කරන විට මාධ්‍ය මගින් හෝ ජනතාව දැනුවත් කර තබන්නේ නම් වැරදි ප්‍රචාරවලට ජනතාව හසු වන්නේ නැහැ. අන්තවාදීන් බහුල රටක එවැනි දේ ඉක්මනින් සිදු කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණක්.(නදී)

:       0       0

කමල් Sunday, 22 June 2014 07:09 PM

බල සේනාවේ කටයුතුත් ආන්දෝලනාත්මකයි. ඒත් ඊටත් එහා ගිය අන්තවාදයක් සුක්‍ෂමව ක්‍රියාත්මක වන බව පෙනේ (නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 22 June 2014 07:25 PM

මමත් අලුත්ගම දර්ගා නගරයේ උපන් කෙනෙක්. ටවුමේ ඇති ඔරලෝසු පල්ලියේ තාප්පය සියලු පාර්ශවයන්ගේ අනුමැතිය ඇතුව කොටසක් ඉවත් කල කතාව ඇත්ත. මෙයටත් මෑතකදී ඇතිවූ සිද්දියටත් කිසිම සම්බන්දයක් නැත.(නදී)

:       0       0

සරත් Sunday, 29 June 2014 08:55 PM

මොහොමඩ් රිස්වාන් රටට අදර කොල්ලක් ඔබට ජය (දී)

:       0       0

නිසාර් Sunday, 22 June 2014 07:41 PM

බැරවෙන්නේ අහවල් රටින් ලු (නදී)

:       0       0

ඇසළ Sunday, 22 June 2014 08:13 PM

ඇමරිකන් තානාපති ගෙන් සහ එන්.ජී.ඕ කාරයින්ගෙන් තමයි මේවගේ සංවර්ධන කටයුතු වලටත් එදිරිවාදී කම් එන්නේ. (නදී)

:       0       0

තරංග Monday, 23 June 2014 09:13 AM

නෑ නෑ මම නම් විශ්වාස කරන්නේ නැහැ . (අ)

:       0       0

මිනිපෙ Monday, 23 June 2014 09:45 PM

ඇයි ප්‍රනාන්දු අය්යේ, මම මොක හරි ගොන් කතාවක් කිව්වද?(මුදී)

:       0       0

මොහාන් පීරිස් Sunday, 22 June 2014 08:31 PM

මේ හැමදේකටම මුල හදිස්සි කෝපවීම දුර දිග නොබලා වැඩකිරීම. ටිකක් මොලේ පාවිච්චි කරලා කරන දෙයක් කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ. (නදී)

:       0       0

ප්‍රභාත් Sunday, 22 June 2014 08:38 PM

කව්රු හරි සද්දෙන් වාතේ පිටකලත් ඒකට බොදු බලේ මාට්ටු වෙයිද දන්නේ නෑ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 8 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2349 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1278 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 854 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1482 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site