දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඔරලෝසු පල්ලියේ තාප්පය හා ගොඩනැගිලිවලින් කොටසක් ඉවත් කළ බව බේරුවල ප්‍රාදේශිය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත මහතා කියයි.
මාස එකහමාරකට දෙකකට කලින් එම කොටස් ඉවත් කැර ඇත.පසුගිය15 වැනිදා සිදු වු ගැටුමෙන් එම පල්ලියට හානි සිදු වී යැයි ඇතැම් කොටස් ගෙන යන ප්‍රචාරය සම්පුර්ණයෙන්ම අසත්‍ය බව එහි වෙළද ප්‍රජාව ද තහවුරු කරති.
මේ පිළිබඳව අදහස් දක්වන දර්ගා නගරයේ ,අඹගහහන්දිය වෙළෙඳ සංගම් නියෝජිතයින් වන ආනන්ද කරුණාතිලක ඩබ්ලිව් කේ ගාමිණි,ජී ඒ ගුණසිරි,ජයරත්න යන මහත්වරුන් කියා සිටියේ මාර්ග සංවර්ධනය වෙනුවෙන් එම පල්ලියේ ද දර්ගා නගරය ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයද රජයේ හා පෞද්ගලික ආයතන වල ද කොටස් ද මාර්ග පුළුල් කිරීමේ කටයුතු වෙනුවෙන් එම පාර්ශවයේ කැමැත්ත ඇතිව කඩා ඉවත් ඉවත් කළ බවයි. ඊට රජයේ වන්දි ලැබෙන බවද ඔවුහු කියති.
වැලිපැන්න පිවිසුම අලුත්ගම නගරයේ සිට දර්ගා නගරය ,සීනවත්ත,අඹගහ හන්දිය,නාකන්දලගොඩ,කොටපිටිය,ඉඳිගස්තුඩුව,බොදුන්පිටිය,පහේ කණුව යන ගම් හා නගර පසු කර කිලෝමීටර් 11 ක දුර වැලිපැන්න අන්තර් හුවමාරුව දක්වා සංවර්ධන කටයුතු මාස කිහිපයක සිට සිදුවෙයි.ඉකුත් දා ඇති වු මහා ගං වතුරෙන් මෙම මාර්ගයේ වළගෙදර හා වැලිපැන්න ප්‍රදේශය ද ගංවතුරෙන් යට විය. ඒ නිසා මාර්ග සංවර්ධනය අඩාල විය.
දර්ගා නගරය නගර මධ්‍යයේ මෙම මාර්ගයට සමීපව ඇති ‘ඔරලෝසු පල්ලිය‘ තාප්පය හා ගොඩනැගිලි කොටස් කිහිපයක් යටතේ පල්ලියේ අනුමැතියෙන් ඉවත් කළ බව අධිවේගී මාර්ග නිලධරයෝ ද කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි මොහොමඩ් රිස්වාන්! ලක්වැසි ජාතින් අතර සුහදතාවය වර්ධනය කරන ඔබ වැන්නන් ලක්මවට වාසනාවන්!! (නි)
මොහොමඩ් රිස්වාන් රටට අදර කොල්ලක් ඔබට ජය (දී)
මිනිපේ, ශ්‍රී ලංකා ඉතිහාසය අවමයෙන් 1500 සිට 2014 දක්වාවත් අසා දැනගන්න. ඔබට සුභ අනාගතයක් පතමි! (නි)
ඇයි ප්‍රනාන්දු අය්යේ, මම මොක හරි ගොන් කතාවක් කිව්වද?(මුදී)
කවදාවත් බොරුවට දිනන්න බැහැ (නි)
කව්රු මොනවා කිව්වත් සමගිය බලය වේ .. (දී)
මාළු ජීවියෙක් නොවෙයිද මාළු කන්න හොදයිද (දී)
මිනිපේ ඇසලට උපදෙස් දීමට පෙර ඔබ මහුදු මාලු නිතර අනුබව කරන්න (නදී)
ඔය කාට කාටත් බොදු බලේ අගය දැනෙයි කාලයක් යනකොට. මන් කිව්වේ අපේ සමහරක් සිංහලයන්ට. (නදී)
මුස්ලිම් සහෝදරවරුනි, ඔබලාට ආදරේට නොවේ ඔය අැමෙරිකාව ප්‍රමුක බටහිර රටවල් කතා කරන්නේ. සිංහල අපිට වඩා මුස්ලිම්වරු එක්ක ඇමෙරිකාව තරහයි. ඒ නිසා අපි දෙගොල්ල සහයෝගයෙන් වැඩකරමු. නැතිනම් අපි දෙගොල්ලම විනාශ වෙනවා. ඒ වගේම එල් ට් ටි නැවතත් ශක්තිමත් වෙනවා. හකීම් කියන දේවල් කරන්න යන්න එපා, ඒවා ඔහු කියන්නේ ඔහුගේ පැවැත්ම වෙනුවෙන් සෞදියේ රිස්වාන් ඔබ නම් සාධාරණ කෙනෙක් අන්න එහෙම අපි ඇත්තට තැන දෙමු (නදී)
හොද ක්‍රියාවක් (නදී)
නෑ නෑ මම නම් විශ්වාස කරන්නේ නැහැ . (අ)
ඇත්ත වසන් කරන්න අමාරුයි (නි)
සංවර්ධන වැඩක් සිදු කරන විට මාධ්‍ය මගින් හෝ ජනතාව දැනුවත් කර තබන්නේ නම් වැරදි ප්‍රචාරවලට ජනතාව හසු වන්නේ නැහැ. අන්තවාදීන් බහුල රටක එවැනි දේ ඉක්මනින් සිදු කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණක්.(නදී)
ප්‍රභාත්, මෝඩ කතා කියන්නේ නැතුව ඉන්න (නි)
බොදු බලය වැනි සංවිධාන මේ රටට අවශ්‍යයි (නි)
ඇයි සමහරු වටරැක හාමුදුරුවන්ගේ සිද්ධියත් බොදු බලය පිට පවරන්නනේ හැදුවේ (නි)
ජය වේවා! (නි)
ඇසල, වැඩිපුර මුහුදු මාළු ආහාරයට ගන්න ලෙස මම ඔබගෙන් අයදිමි. (නදී)
ස්තුතියි මොහොමඩ් රිස්වාන් (නදී)
කව්රු හරි සද්දෙන් වාතේ පිටකලත් ඒකට බොදු බලේ මාට්ටු වෙයිද දන්නේ නෑ (නදී)
මේ හැමදේකටම මුල හදිස්සි කෝපවීම දුර දිග නොබලා වැඩකිරීම. ටිකක් මොලේ පාවිච්චි කරලා කරන දෙයක් කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ. (නදී)
ඇමරිකන් තානාපති ගෙන් සහ එන්.ජී.ඕ කාරයින්ගෙන් තමයි මේවගේ සංවර්ධන කටයුතු වලටත් එදිරිවාදී කම් එන්නේ. (නදී)
බැරවෙන්නේ අහවල් රටින් ලු (නදී)
මමත් අලුත්ගම දර්ගා නගරයේ උපන් කෙනෙක්. ටවුමේ ඇති ඔරලෝසු පල්ලියේ තාප්පය සියලු පාර්ශවයන්ගේ අනුමැතිය ඇතුව කොටසක් ඉවත් කල කතාව ඇත්ත. මෙයටත් මෑතකදී ඇතිවූ සිද්දියටත් කිසිම සම්බන්දයක් නැත.(නදී)
බල සේනාවේ කටයුතුත් ආන්දෝලනාත්මකයි. ඒත් ඊටත් එහා ගිය අන්තවාදයක් සුක්‍ෂමව ක්‍රියාත්මක වන බව පෙනේ (නදී)