ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතා බෝට්ටුවකින් ගිය ශ්‍රී ලාංකිකයින් 153 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දුන් බවට ක්‍රිස්මස් දූපතේ පැතිර යන වාර්තා ගැන ප්‍රතිචාර දැක්වීම ඔස්ට්‍රේලියා රජය ප්‍රතික්ෂේප කරයි.
ඕස්ට්‍රේලියා නාවික හමුදාවෙන් පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගත් බව කියන මෙම පිරිස සමඟ දුරකතන සබඳතා ඇනහිට ඇත.
බෝට්ටුවේ තිබු දුරකතනය ඕස්ට්‍රේලියා රජය රාජසන්තක කිරීම ඊට හේතුව බව කියති.
සරණගාතයින් පනස් දෙනකු රැගත් තවත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියා මුහුදු තීරයට පැමිණ ඇතැයි කියතත් ඕස්ට්‍රේලියාව එය තහවුරු නොකරයි. අන්තර්ජාතික නීතී රීතී අනුව ඕස්ට්‍රේලියා රජය සරණාගතයිනට නොසලකන බව පෙනේ යැයි මානව හිමිකම් නීතීඥයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ගියේ. පව් ඉතින් එයාලට මොන දුකක්ද කව්ද දන්නේ ? (නදී)
මිනිස්සු මොකද මේ ඔස්ට්‍රේලියාවටම යන්නේ (දී)
සංජීව, එංගලන්ත සුද්දා යටතේ අපි අද වෙනකම් හිටියනම් ඔස්ට්‍රේලියාවට සරණාගතයෝ එනවා වගේ තමයි එහෙනම් ලංකාවටත් කට්ටිය එන්නේ.බලන්න ඔස්ට්‍රේලියාව,නවසීලන්තය ,කැනඩාව ඔක්කොම සුද්දා යටත් කරගත් රටවල් නේද...? ඒ රටවල් දියුණුවේ හිනි පෙත්තටම නැගලා නේද..? සමහරු මේක දැක්කම මට හොදටම දෙහි කපයි.ඒකට කමක් නැහැ.එත් මේක තමයි තිත්ත ඇත්ත.(දී)
එරංග ඔබ අවංකව කතා කරපු එකට මගෙන් මල් මිටක්. සමහරුන්ට සංවර්ධිත රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකික අය ගැන තියෙන්නේ පුදුම තරහක්. ඒක කෙලින් කියන්නේ නැහැ. කියන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන පිටරටට ආවඩනවා කියලා. ඔය කියන කට්ටිය එම රටවල්, සෑම කෙනෙකුටම ස්ථිර පදිංචිය සදහා වීසා දෙනවයි කිව්වොත්,බත් මුලකුත් බැදගෙන ඇවිල්ලා, තානාපති කාර්යාලයේ, පෝලිමේ මුලටම ඉන්නෙත් ඒ ගොල්ලොම තමයි. එරංග, ඔබ වගේ අවංකයෙකුගේ පැතුම එලෙසම ඉටුවේවා කියලා මම අවංකවම ප්‍රර්ථනා කරනවා ...! (නදී)
ඉසුරන්දි,දැනටමත් ලංකාවට දේශපාලන රැකවරණ පතා පකිස්ථානයෙන් පැමිණ සිටිනවා. ඒ රටේ ක්‍රිස්තියානි,හින්දු සහ අමිදී මුස්ලිම් වරුන්ද වෙනවා. ඔවුන් පවුල් එක්දහස් ගානක් මීගමුවේ සහ හලාවත වෙසෙනවා. (නදී)
එරංග එනවා නම් මාස 6කටවත් ඔබව නවත්වාගෙන ඉඳුම් හිටුම් දෙන්න කවුරුහරි සූදානම් කරගෙන එන්න. මේ දවස් වල රැකියා තත්ත්වය නම් හොඳ මදි. දීමනාත් කප්පාදු වෙනවා. නීතියට අනුව ආවා නම් පසුව කල්ගත වූ විට හරි හොඳ කලක් යාවි. (නි)
නිලංක කියන කතාව හරි. අපේ රටේ අගය නොදන්නා අය සරණාගතයෝ වෙලා පිට රටවලට යනවට හොද වැඩේ. (නදී)
ලංකාවේ ආර්ථික ප්‍රශ්න නිසා තමා මිනිසුන් රට යන්නේ (නදී)
මේකේ ලංකාව එපාවෙලා ද යන්නේ කියලා ප්‍රතිචාර දාලා තියන අය බබාලා මගේ හිතේ. හම්බකරන හැම දෙයටම මොනවා වෙනවද දන්නේ නෑ. ගෙදර ඉන්නේ බයෙන් කොයි වෙලේ මොකා හරි පැනල තියෙන දෙයත් අරන් , ගැහැණු පරානේටත් මොකක් හරි කරල පණියි කියලා. දරුවෙකුට ඉල්ලන දෙයක් අරන් දෙන්න වත්කමක් නෑ. නීතියක් නෑ. මට නම් යන්න සෙට් උනොත් මම යනවා. (නදී)
ලංකාවේ රැකියා ප්‍රශ්නය තමා මේකට මුල. හරි විදියට රට යන්න තිබුනානම් මේවා මහේම වෙන්නෑ. (ස)
අන්තිමේදී සරණාගතයන් කිය කියා අනෙක් රටවලින් එන්න ගයිද දන්නේ නැහැ ලංකාවටත්. (නදී)
ඔස්ට්‍රේලියාවට ප්‍රායෝගික අවබෝධයක් තියනවා සරණාගතයන් යයි කියාගන්නා සංක්‍රමණිකයන් ගැන. (දී)
නීත්‍යානුකුල විසා එක්ක ලංකාවෙන් ආපු කෙනෙකුට මෙහෙ රැකියාවක් ගන්න වුනත් මේ දේවල් බලපානවා. මෙහෙ ඉපදුන අයටත් දැන් රැකියා අර්බුධයක් පවතින කාලයක් මේක. එහෙම එකේ බදු ගෙවමින් අනුන්ගේ බරත් අදින්න වුනාම මෙහෙ ඕස්ට්‍රේලියානුවන්ට මේ කාරනාව ගැන අප්‍රසන්නතාවක් ඇතිවෙන එක පුදුමයක් නෙවෙයි. (නදී)
මෙහෙ මිනිසුන්ට මේක හරිම වදයක් වෙලා තියෙන්නේ. (නි)
මිනිසුනේ, යන්න එපා කියද්දීත් යන්න තරමට ලංකාව එපාවෙලාද? (නි)
අපේ රටේ වැරදි කිය කිය එහෙ යන අය මැරෙන එකමයි හොඳ. (නදී)
ඒ උදවිය කට කැඩෙනකන් එන්න එපා කියද්දී යනවා. ගිහින් අනේ අපිට සලකන්නේ නැහැ කියනවා. ඔන්න දැන් ඕස්ට්‍රේලියාවේ ආබාධිත අයගෙත් දීමනා අඩු කරලා ඒ අයට වැඩ කරන්න කියලාලු. අපේ උදවිය නිකන් හැමදේම ලැබේවි කියලා තවම යනවා. (දී)
මිනිසුන්ට කියන දේ තේරෙන්නෙ නැති හැටි? යන්න එපා කියලා කොච්චර කියනවද? (නි)
ඔන්න ඒකටත් එක්ක ඉතාලිය... (නි)
යන්න එපා කියලා අවවාද කරද්දී මොකටද යන්නේ? (නි)
ඔය තරම් ඉක්මනට අපේ නාවික හමුදාවට මේ කට්ටිය බාර දුන්නා කියලා නම් හිතන්න අමාරුයි.ඒකට හේතුව ඔස්ට්‍රේලියාව සහ ලංකාව අතර තියෙන දුර ප්‍රමාණය.මම නම් හිතන්නේ ඩිසල්ලුයි ,කෑම බීමයි දීලා බෝට්ටුව හැරෙව්වා ආපහු ලංකාව පැත්තට.ඔස්ට්‍රේලියාව පහු ගිය කාලයේ ඉන්දුනීසියාවෙන් එන බෝට්ටු ඔක්කොම ආපහු හරවලා ඇරියා.මාස ගානකට පස්සේ ඔස්ට්‍රේලියාවට ආපු පලවෙනි බෝට්ටුව තමයි මේක. (දී)