හෙරායින් කිලෝ එක හමාරක් ළඟ තබා ගත්තැයි සැකපිට මහර රිමාන්ඩ් බාරයේ රාගම රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවකු බන්ධනාගාර රැකළුලුන්ගෙන් මිදී පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
දකුණු අතේ ඉහළ සිට පහළ දක්වා විශාල කැටයම් කොටා ඇති දේවකගේ තුසිත චාමර නොහොත් දිලාන් (29) නම් එම සැකකරු ගැන තොරතුරක් වෙතොත් 011 29 57 197 අංකයට රාගම පොලිස් ස්ථානාධිපතිට දන්වන ලෙස පොලිසිය ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද අලුතෙන් නව නිලදාරීන් පොලිසියට බදවා ගත්තොත්.එහෙම කරෝත්නම් ජනතාව නැවතත් පොලිසිය විස්වාස කරයි. (දී)
කොල්ලෙක්ට මැරෙන්න වෙඩි තිබ්බ පොලිසියට මේ අයට වෙඩි තියන්න තුවක්කු පත්තු වෙන්නේ නෙත්ද (දී)
වැඩේ ලස්සනට කරලා ශෝක් එකට සැලසුම් කරල වගේ. අපිට පෙන්නන්න හදපු නාඩගමක් මේක. රැඳවියන් රෝහලේ හිටියත් ඇඳට තියල මාන්චු දාන්න ඕනනේ. ඒකනේ නිතිය. කොහොම වෙතත් රටේ නීති කුඩු මුදලාලිලාගේ පා දෙකම ලෙවකනවනේ. (ස)
ඔය ෂුවර් එකටම අර කුඩු **** ගේ බඩු වෙන්න ඇති. ඒවායින් කොටසක් තැන් තැන් වලටත් යන නිසා දැක්කේ නැහැ වගේ ඉන්න නාට්‍යය දාන්න කියන්න ඇති. (නදී)
කුඩු ගහන එකෙක් අහුවුවොත් තමයි අතට කකුලට මාංචු. කුඩු මුදලාලිලාට රජ සැප. එයාලට ආරක්‍ෂාවත් ලැබෙනවා. දකුනේ කුඩු රජෙක් ඇල්ලුවා කියලා මතකද? මිනිහා ලස්සනට ඉන්නවලු. ජන්දෙදි එක් පුතෙකුට කෝටි ගානක් වියදම් කරලා තිබුනා. මිනීමරලා උනත් කවදාවත් ආයුධ හොයන්න එක්ක ගෙන යන්නෙ නැහැ. ගෝලයයි මිනිහයි හිරේ රජ සැප. (නදී)
ආරක්ෂාවේ තරම තමයි ඔය. (නදී)
ඉතින් මේ ටිකම ඇතිනේ, මොන වගේ බලයක්, සම්බන්ධයක් ඇද්ද කියා හිතාගන්න පුලුවන් අපිට. මොහුට අතට මාංචු දමා එම මාංචු ඇඳට සවිකර තිබිය යුතුයි නේද? (නි)
කාට කියන්නද මේ අවනඩු? (නි)
අනේ අපේ පොලිසිය! (නි)
ඉස්සර නම්, ඔවැනි සැකකරුවන් රෝහලේ ප්‍රතිකාර ගන්න කොට කකුලටයි,ඇදටයි මාංචු දාලා තියෙන්නේ.දැන්නම් තත්වේ කොහොමද දන්නේ නැහැ. (දී)
මුරට තිබ්බ කෙනා !!!!? (දී)
දැන් අල්ලයි වලිගෙ! (දී)
හොරෙන් වෙන්න බැහැ. පුජාවක් තියලයි යන්න ඇත්තේ. (දී)
ආරක්ෂාවට හිටපු බන්ධනාගාර නිලධාරින්ගෙන් ඔය ගැන හරි තොරතුරක් දැන ගන්න පුළුවන්.ඉක්මනින් ඔවුන් මුණ ගැහෙන්න (දී)
තවත් ලස්සන නාටකයක් නේද (දී)
සල්ලි දකින කොට අත පය කොර වෙන්න ඇති !(දී)
මිදී පලා ගිහින් කියන්නේ...අතපය කොරවෙච්ච අයද මුරට ඉඳල තියෙන්නේ....ඇත්ත කියන්නද....!!!!! අනීවාර්යෙන් බර ගානක් අතට අරන් කුඩු කාරයට පැනල යන්න උදව් කරන්න ඇති. (ස)