කොළඹ වරායේ ඉවත දැමූ ලොකු ලූනු කන්ටේනරයක් ගලේවෙල මකුළු ගස් වැව ගබඩාවක තෝරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමින්ද බණ්ඩාරනායක මහතා පොලිසිය කළ දැනුම්දීම අනුව පොලිස් ස්ථානාධිපති රුක්ෂාන් පෙරේරා මහතා මේ වැටලීම් කළේය.
එම පුවත පළ කිරීම වැළැක්වීම සඳහා ලංකාදීප එසැණ හා ලංකාදීප වාර්තාකරු කාංචන කුමාර ආරියදාසට රුපියල් පනස් දහසක අල්ලසක් දීමට එහි සිටි පුද්ගලයෙක් ඉදිරිපත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරායේ සිට ගලේවෙලට කොහොමද මේවා ගියේ? ඇයි ඕක විනාශ කරන්න තැනක් තිබුනෙම නැද්ද ඔය කොළඹ අවට? මේකට නම් පසුවිපරමක් අත්‍යවශ්‍යයි. (නි)
මාධ්‍යවේදී කාංචනට අපගේ උපහාරය! (නි)
පනාගොඩ, ඒක හරි. ඇල්ලූ කුඩු වලට මොකද වුණේ කියලා කිසිම තොරතුරක් මම නම් දැක්කේ නැහැ. (නි)
කොළඹ වාරයෙන් ඉවත දාපු එක ගලේවලට ගියේ කොහොමද . ඇතුලෙම වැඩක්. ඔය ලුණු ටික වරායේ ඉදන් ගලේවලට යනකම්ම පන්දාහේ ඒවා කීයක් නම් දෙන්න ඇත්ද? (නදී)
ඕවත් වැඩද... මල්ලි ඕවත් වැඩද... ? ලූනු කන්ටේනර් මොනවද කුඩු කන්ටේනර් කතාව ගැන බලද්දී? ඒ කතාවට ඇත්තටම මොකද වුණේ හැබෑට? (නි)
සියල්ල මුදලට තීරණය වන සමාජයක මෙවැනි දේ සිදු නොවීමත් පුදුමයකි. ඒ වුණත් කාංචන කුමාර මුදලට යට නොවීම මාධ්‍යවේදීන්ට හොඳ පුර්වාදර්ශයක්. (නි)
දේශපාලකයෙක් ගෑවී නැති මෙවන් සිදුවීමක් ලංකාවේ නැති තරම්.මේකටත් කවුරුහරි සම්බන්ධ ඇති (නි)
කාංචන මහතාණෙනි, ඔබ මාධ්‍යවේදී රැකියාවෙන් උපයන සෑම සතයක්ම ඔබේ දෙමව්පියන්ට ඔබ ගැන ආඩම්බර විය හැකි කාරණාවක් බවයි මට කියන්න ඇත්තේ (නි)
මේ ලූනු ටික අදාළ පුද්ගලයාට සහ ගෙදර උදවියට කැවිය යුතුය. අල්ලසට යට නොවූ කාංචන මහතාට අපේ ආචාරය ! (නි)
මේවට මහා මොළකරුවන් කවුරුහරි සම්බන්ධ ඇති. නැත්නම් ඔහොම කරන්න බැහැනේ (නි)
වරායෙන් ඉවත දැමූ කන්ටේනරය හොර ව්‍යාපාරිකයෙක්ට ලැබුනේ කොහොමද? මේ වගේ දේවල් විනාශ කරන්න ක්‍රමවේදයක් නැද්ද? කොහොම නමුත් අවංක පොලිස් නිලධාරින්ට අපේ ප්‍රණාමය. (නි)
අයියෝ අපේ රටට ගිය කල! මිනිස්සු ව්‍යාපාර කරන්න හදන්නේ කූණු ළූණු, පුස් කෑ පරිප්පු, පුස් කෑ හාල්, එතනෝල්, කසල තේ, කසිප්පු, කුඩු, කල් ඉකුත් වූ බෙහෙත් වලින්. මුදල් තියෙන මිනිස්සු ඇයි රටේ නිෂ්පාදනය නංවන්න එම මුදල් යොදවන්නේ නැත්තේ. මෙහෙම රටක් දියුණු වෙයිද? (නි)
අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ? (නි)
මේ මාධ්‍යවේදියා රටට අවංක වූ නිසා කුණු ලූනු කතාව එළිදරවු වුණා කියමුකෝ. දැන් මේ කුණු ලූනු ගොඩට මොකද වෙන්නේ? (නි)
හරි ඉතින්, ඔය කන්ටේනර් එක කොළඹ සිට ගලේවෙලට ගෙනියන්න අවසර දුන්නේ කවුද? මේවා පිටුපස තව කවුරුහරි ඉන්නවා යනු මගේ අදහසයි. (නි)
මේ පුද්ගලයින්ට දඩ ගහන්ඩ ඕනෑ. රේගුවෙන් ඉවතදාන බඩු කොහොමද එළියට ගියේ? මේ ගැන සොයාබලන්න (නි)
පගාවට යටනොවූ අවංක මාධ්‍යවේදී කාංචනට අපගේ ප්‍රණාමය! (නි)
අල්ලස් එකට කියන්නයි වටින්නේ මේවා (නි)
නියම වාර්තාකරුවෙක්. ඔබට ජය! (නි)
පේනවා නේද? කුණු බඩු මිනිසුන්ට කවලා සල්ලි හොයලා. (නි)
මේවා අහලා බලලා හිනාවෙලා, අදහසක් පළනොකර මඟහැරිම පාඨක අයිතිය කඩකිරීමකි (නි)