IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කුණ්ඩසාලේ විදුහලක ආරවුලකින් සිසුවෙක් රෝහලේ

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පාසල් සිසුවෙකුට එම පාසලේම සිසුන් පිරිසක් පහර දීම හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වත්තේගම පොලිසිය කියයි.

කුණ්ඩසාලේ පිලවල නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 වසරේ සිසුවකුට එම වසරේම සිසුන් පිරිසක් පාසලේ වැසිකිලිය තුලදි ‍මෙම සිසුන් පිරිස සිසුවාට පහර දී ඇති බවත් පසුව පාසල නිමවී නිවසට යන අතරතුර මරන තර්ජනය කළ බවත් සිසුවාගේ මව පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන්ය.

සිසුවාගේ හිස සහ පපු ප්‍රදේශයට පහර දී ඇති බවත්  පහර කැ පාසල් සිසුවා එදිනම යක්ගහපිටිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ගැනිම සදහා රෝහල් ගත කර ඇති අතර වැඩි දුර ප්‍රතිකාර සඳහා සිකුරාදා මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර පහරදීමට සම්බන්ධව දෙපාර්ශවයෙන්ම කටඋත්තර ලබාගත් බවද පොලිසිය කියයි.

  

 



අදහස් (0)

කුණ්ඩසාලේ විදුහලක ආරවුලකින් සිසුවෙක් රෝහලේ

චමිලා Saturday, 20 June 2015 11:33 AM

ලලිත්, විකාර අදහස් ලියන්න එපා. සමහරවිට ගහපු ළමයි ගොඩේ ඔයාගේ පුතා හරි මල්ලි හරි ඇති. ඔයා වගේ පවුලේ සාමාජිකයෙක් ඉන්න ඒ ළමයාගේ අනාගතයට දෙවියන්ගේ පිහිට තමයි. (නි)

:       0       0

ඉන්දික වීරසිංහ Saturday, 20 June 2015 01:08 PM

අද සමාජය නව තාක්ෂණයත් සමගම වල් වැදී අවසන් .හරසුන් ටෙලිනාට්‍ය ,ජංගම දුරකථන ළමුන් ළග තබා ගැනීමට ඉඩ දීම මෙන්ම ,පැය 24 පුරා දිවෙන ටියුෂන් ආදිය ද මෙම තත්වයට මනා පිටුබලයක් .අද සමහර නිවෙස්වල රිමෝට් කන්ට්‍රෝල් එක වෙලා තියෙන්නෙ පාසල් දරුවන් .ඔවුන්ට ඕනා විදියටයි දෙමාපියන් පවා හැසිරෙන්නෙ .ළමයට අවවාදයක් දෙන්න බයයි .ඉතින් ගුරුවරයෙක්ට අවවාදයක් දෙන්න බැහැ ..දඩුවම් දෙන්න බැහැ. එක්කෝ ගුරුවරයාට පහර දෙනව .නැත්නම් වැරැද්ද පෙන්නා දුන් අයට පහර දෙනව .ගුරුවරු දඩුවම් කරාම එක්කො රෝහල්ගතවෙලා ගුරුවරු නීතිය හමුවට ගේනව .අද මේ විකෘති සමාජය තුළ පෙර ගුරුවරයා කළ කාර්යභාරය අද පාසල කරන්න බැහැ .නමුත් සමාජය එය එලෙසම බලාපොරොත්තු වෙනව .එ්ත් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ තමන්ගේ පාසල් කාලය තුළ තම ගුරුවරුන්ගෙන් වරදට දඩුවම් විඳලා පුරුදු එම තත්වය අවබෝධ කරගත් සුළු පිරිසක් පමණයි .වත්මන් ගුරු පරපුර තුළ ළමුන් කෙසේ හෝ යහ මග ගැනීමට වුවමනාව ඇති පිරිසක් සිටියත් තව දශකයක් පමණ යන විට දරුවන් යහමගට ගැනීමට ගොස් කරදර විදිනවාට වඩා මෙවැනි වරදවල් කරන සිසුන් නොදැක්කා සේ සිටින ගුරු පිරිසක් බිහි වුනොත් එය පුදුමයක් නොවේ .මොකද සමාජය යහමගට ගැනීමේ කාර්යභාරය උඩුගම් බලා පිහිනීමක් මෙන් පෙනෙනෙන නිසා .විනයක් නැති රුපවාහිනී මාධ්‍ය කලාව මෙන්ම පිරිහුණු පවුල් සංස්කෘතිය ළමුන්ගේ පිරිහීමට ප්‍රධාන හේතුවක් (බ)

:       0       0

අසාද් Saturday, 20 June 2015 07:41 PM

‍මේවා ඉතින් ළමයි ළමයින්ගේ ප්‍රශ්න! (නි)

:       0       0

කමල් සිල්වා Saturday, 20 June 2015 08:34 AM

මේක දැක්කම හැමෝම කියයි මේ වැඩේ වැරදියි කියලා. හැබැයි ඕක අහලා සර්ලගෙන් ගුටිකාපු එකා තමයි දන්නේ ඒකේ ර‍ඟේ (නි)

:       0       0

ලලිත් Saturday, 20 June 2015 09:01 AM

එක එක්කෙනාගේ වැරදි ගැන නොසොයා තමන් හරියට උන්නනම් ඔහොම ගුටිකන්න වෙන්නේ නැහැනේ? (ස)

:       0       0

තිලාන් Saturday, 20 June 2015 09:29 AM

අනේ මන්දා ළමයින්ට මොනවා වෙලාද කියලා (නි)

:       0       0

නුවන් Saturday, 20 June 2015 09:41 AM

ඕනෑ නැති දේවල් කරන්න ගියාම ඔහොම තමා මල්ලි. දෙමාපියෝ ගුරුවරුත් මුලදී සද්ද දාලා පස්සේ නිකන් ඉඳියි. අන්තිමේ ආදරය කරන දෙන්න සතුටින් ඉඳීවි. ඔයා ගුටිකයි (නි)

:       0       0

මාලන් Saturday, 20 June 2015 09:50 AM

හොඳ වැඩේ! කේලම් කියන අයට දෙන්න ඕනෑ ඔහොම තමයි. (නි)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Saturday, 20 June 2015 09:56 AM

පාසැල් පෙම්හබ නිසා සියදිවි හානි කරගැනීම්, මිනී මරාගැනීම්, පහරදීම්, පැහැරගෙනයෑම්, තර්ජනය කිරීම්,අපයෝජනය කිරීම හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම යනාදී භයානක සිදුවීම් පාසැල් අවටත් ඉන් බැහැරවත් සිදුවෙමින් පවතී. මෙය පොලිසියේ පැමිණිලි දැමීම, අත්අඩංගුවට ගැනීම, අධිකරණයට ඉදිරිපත් කිරීම,සිරගත කිරීම, වරදකරුවන් නම් දඬුවම් කිරීම සිදුකිරීමෙන් පමණක් නවතා දැමිය හැකිද? සමාජ විද්‍යඥයිනි, පර්යේෂකයිනි, මනෝ වෛද්‍යවරුනි, විවිධ සමාජ අර්ථ දේශකයිනි, නැද්ද රට වෙනුවෙන් ධනාත්මක යෝජනාවන්? හිතමුකො මේ ගැන මව්බිමට අනුකම්පාවෙන්. ළමා වැඩිහිටි සියල්ල කැටිකරගත් ගුණාත්මක ආකල්පයන් තුළින් පුරවමුකො ඔවුනගේ හදවත් යහපත් අදහස් වලින්.මාධ්‍ය සන්දර්ශන වලින් පමණක් රටේ ජනතාවගේ ආරක්ෂාව හෝ සිත්සතන් සුවපත් කළ නොහැක. තමන්ට පැවරී ඇති වගකීම් නිවැරදිව ඉටුකිරීම වර්තමාන හා අනාගත පරපුරේ අභිවෘද්ධිය බව සිතට ගතහොත් අපරාධ දුරුවී රටවැසියන්ට වාසනාව ගෙන දෙනු ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3207 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2333 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3177 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3061 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1354 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site