උතුරු නැගෙනහිර හින්දු වන්දනාකරුවෝ කුමන හා යාල වනෝද්‍යාන මැදින් කතරගම ඇසල උළෙලට සහභාගී වීමේ පාද චාරිකාව අද (20) ඔකඳ දේවාලය අසලින් ඇරැඹුහ.
දහසක් පමණ වන්දනාකරුවෝ මුල් නඩයට අයත් වුහ.
ඔවුහු අද සිට දින හතක් මහ වනය තරණ කැර ජුලි 28 වැනිදා කතරගමට ළගා වීමට නියමිතව සිටිති.
යුද හමුදාවේ 243 වැනි බල සේනාධිපති බ්‍රිගේඩියර් පී එච් එන් සිරි ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් ඔකඳදී තුන්වේලට පිසු ආහාර මගට වියළි සලාක ද පිරිනමයි.
aaaa
වීඩියෝ කේ.ඩී. දේවප්‍රිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් භක්තියකින්ද මේ අය පයින් යන්නේ. කතරගම දෙවියන්ගෙ පිහිටයි මේ අයට. (ස)
මේ අය ආපහු යන්නෙත් පයින්මද, කතරගම දෙවි පිහිටයි ! (ස)
ඔබ සැමට කතරගම සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ! (නදී)
සියලුම දෙනාට කතරගම දෙවි පිහිටයි මටත් ආසහිතෙනවා මෙහෙම යන්ඩ (දී)
මටනම් සැතපුම් එකක් පයින් යන්න බැහැ කකුල් කදිත්තුව හැදෙනවා. මේ හැමොටම කතරගම දෙවියන්ගේ පිහිටයි (අ)
ඔබ සැමට කතරගම දෙවියන්ගේම පිහිටයි! (නි)
මේ අය පයින් යන්නේ ප්‍රවාහන පහසුකම් නැති නිසාවත් සල්ලි නැති නිසාවත් නෙමෙයි. වැඩි දේව භක්තිය නිසයි. මේ පරම්පරාගත චාරිත්‍රය නවත්තලා එතැනටත් අධිවෙිගි මගක් හදන්නද කියන්නෙ (අ)
මෙම වන්දනාකරුවන්ට ගමනාන්තය දක්වාම කිසිදු උවදුරකින් හිරිහැරයකින් තොරව කතරගම දෙවිඳු පිහිටෙන්, මෙත් සිතින් යන ගමන නිමා කරගැනීමට ලැබේවා! ටිකිරි, මේ වන්දනාකරුවන් කතරගම දෙවියන් කෙරේ සිතේ ඇති භක්තියට යන පා ගමනට ආශිර්වාද කරන්න.ඇත්තටම මටත් යන්න ඇත්නම් මමත් යනවා මෙලෙස පා ගමනින් (නි)
පුදුමත් හිතෙනවා. මේ අපේ ලස්සන දිවයිනම නේද? ජාතික, ආගමික සංහිඳියාව ඉදිරියටත් පවතීවා! හමුදා සේනාධිපතිතුමාට ස්තුතියි. ලංකාදීපයටත් ස්තුතියි මෙහෙම දසුන් අපට බලන්නට සැළැස්වීම ගැන. (නි)
අධාවේගී මාර්ග වලින් ගසා කන කෝටි ප්‍රකෝටි මුදල් වලින් පුළුවන්නේ අසරණ මිනිසුන්ට ප්‍රවාහන පහසුකම් දෙන්න. (ස)
කතරගම පුද බිමට අයිතිව තිබුන අක්කර 250 කින් දැන් ඉතිරි කරලා තියෙන්නේ අක්කර 50 ක් පමණයි කියල විස්‌තර සහිතව පුවත් පතකින් පෙන්වා දුන්න.බලහත් කාරයෙන් අයිති කරගෙනලු. (ස)
කතරගම දෙවියන්ගේ පිහිටෙන් ලෙඩ දුක් අතුරු අන්තරා විපත් කිසිත් නොමවී යෙහෙන් කතරගමට සැපත්වීමට මේ හැම දෙනාටම හැකිවේවා ! මේ අය සමග එකතුවී ඇවිද යන්නට තරම් හිත් දෙන පින්තූර සහ තොරතුරු පලකිරීම ගැන යු විජේසිංහ,කේ ඩී දේවප්‍රිය දෙපලටම ස්තුති කරමි.(නදී)
වටරැක විජිත හාමුදුවන්ගේ සිද්ධිය යට ගියාද? (ස)
සියලු දෙනාටම කද සුරිඳු පිහිට ලැබේවා! ශ්‍රී ලංකාවට සමගිය සෞභාග්‍ය උදා වේවා (නදී)
කුමන කැලේ මැදින් යන ගමන හරිම අපූරුයි කඳසුරිඳු පිහිට ලැබේවා පිල්ලේ නෝනටත් පෙනේවා (අ)
කතරගම දෙවි පිහිට ලැබේවා ! (නදී)
නඩයේ සියලු දෙනාටම කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේව! ලෙඩදුක් විපත් නොවී ඔවුන්ගේ ගමන සාර්ථක වේවා ! (නදී)
මේවා දැකල සිත ඔකද වෙයිද දන්නේ නැහැ (නදී)
අනාදිමත් කාලයක සිට මේ බැතිමතුන් ඉතාමත් භක්තියෙන් දරු මල්ලන් සමග ,බඩු මුට්ටු කරපින්නා ගෙන ,ජලදුර්ග, ගිරිදුර්ග, වන දුර්ග තරණය කරමින් සැතපුම් ගණනාවක් පා ගමනින් කතරගමට පිවිසෙන බැතිමතුන්ට ගණනක් අයකරලා හෝ නුදුරු අනාගතයේදී ප්‍රවාහන පහසු කම් හමුදාව මගින් හෝ ඉටුකර දෙන්නේ නම් මහගු පිණක් බව මාගේ විශ්වාසයයි.(නදී)
මේ පුවත් තව විස්තර සහිතව අපට අපවාද නගන ලොකු රටවල ඉන්න බුද්ධිමත් අය අතර යවන්න අපේ තානාපති කාර්යාල වල ඉන්න මහත්වරු පියවර ගන්න ඕන. අපේ සිංහල ගැමියෝ පවා යාපනේ ඉඳන් එන දෙමල අයට කන්න උයලත් දෙනවා. ඉතින් අපේ රටේ සුළු ජාතීන්ට සුළු ජාතින් අදහන ආගම් වලට හිරිහැර කරනවා කියල කියන්නේ කුහක කමට නේද.(ස)
සුබ ගමන්, කතරගම දෙවි පිහිට ලැබේවා ! (නදී)
දෙවියන් වෙනුවෙන් තාමත් දුක් විඳින මිනිසුන්. ඒත් රටේ හැම කෙනෙක්ම සතුටින් සමාදානයෙන් ඉන්නවා නම් කොච්චර දෙයක්ද? (නදී)