මඩකලපුවේ සිට කතරගමට පාද යාත්‍රාවේ යමින් සිටි අවුරුදු පහක දරුවකු කුමන ජාතික වනෝද්‍යානයේ කුඹුකන් ඔයට වැටී මිය ගිය බව පොලිසිය කියයි.
මඩකලපුවේ සිට කතරගමට පාද යාත්‍රාවේ යමින් සිටි අවුරුදු පහක දරුවකු කුමන ජාතික වනෝද්‍යානයේ කුඹුකන් ඔයට වැටී මිය ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම බැතිමතුන්ට වන්දනා කාලයේදී උවදුරු වලින් මිදීමට, ගණනක් අයකර හෝ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමක් කරන්නේ නම් මහඟු පිනක් ! (නි)
වැඩි හිටියන්ගේ මෝඩ වැඩ ගැන කතා කරන්නත් තරම් වයසක් නැති දරුවකුගේ නිදහස උදුරා ගෙන මෙවැනි අනතුරු දායක ගමනක් යන්න වැඩි හිටියන් පෙළඹීම කනගාටු දායකයි. (නදී)
බැලුවො(902) අදහස්(0) යි. සතෙක් ගැන විස්තරයක් පළවුනත් අදහස් දාන අයට දරුවෙක් ගැන අදහස් දාන්න බැරි ඇයි ? (නදී)
අනේ මේ පුංචි පැටියාව බේරගන්න බැරිවුණානේ! (නි)
ගෙදර ඉඳන් පිනක් කරලා දෙවියන්ට පින් දුන්නා නම් මෙයාලට දෙවියෝ වත් පිහිට වෙනවා. බාල වයස්කාර ළමයින් මෙවැනි ගමන් ගේන්න තරම් මේ අය අනුවන වීම ගැන දෙවියන් කුමක් කරන්නද? (නදී)
ගාමිණී මේ අය පයින් එන්නේ ජොලියට කැලේ මැදින්. එකෙන් සිදුවන පරිසර (විශේෂයෙන් වනජීවී හානිය) කියා නිම කල නොහැකියි. බස් එකේ එනවනම් ඕන තරම් පුළුවන් (නදී)
වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නේද මේ පෙනෙන්නේ (නදී)
යන්නේ දෙවියන්ගෙ පිහිට පතාගෙන. එන්නෙ තමන් මලක් වගේ හදා ගත්තු පැටියත් නැතිව. ඇයි මිනිසුන්ට තමන් කිසිදාක නොදැක්ක දෙවියෙක් ඉන්නවා නම් ඒ දෙවියන්ට දෙවියන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්න බැරි. කෙනෙකු කාටවත් කරදරයක් අවැඩක් නොකර සාධාරණ ජීවිතයක් ගත කරනවා නම් දෙවි කෙනෙක් ඇත්නම් කරන්න ඔන ඔහුට පිහිට වෙන එක මිසක් තමන්ට වැඳ නමස්කාර කරන කෙනුකුට පමනක් පිහිටවීම නොවේ. දැන් මෙතන සිද්ඳ වෙලා තියෙන්නෙ පිහිට පතාගෙන යන අයටත් පිහිටක් නැති වීමක්. (නදී)
ගාමිණී, ප්‍රවාහන පහසුකම් තිබුනත් මේ බැතිමතුන් පානම ඉදලා කතරගමට පයින් යන්නේ දෙවියන්ට කරන පුජාවක් හැටියට. සමහර බැතිමතුන් හිගාකමින් මේ ගමන සම්පුර්ණ කරනවා. මේ ගමන බොහෝ අන්තුරුදායකයි. බැතිමතුන් ඒවා ගණන් ගන්නේ නැහැ (නදී)
අපේ පැරණි මුතුන් මිත්තෝ එදා දේපල, ඉඩකඩම් දරුවන්ට පවරා දී ඉතාමත් භක්තියෙන් සුමන සමන් දෙවි පිහිට පතමින් ගම්වල සිටම යොදුන් ගණනාවක් පා ගමනින් ගොස් ශ්‍රී පාද වන්දනාවේ නඩ පිටින් ගියේ ජීවිතය ගැන ද නොහිතමින්. මොකද එදා හරි හැටි පාරවල් හෝ ප්‍රවාහන පහසු කම් නොතිබූ නිසා. පහසු කම් ඇති මේ කාලයේ පරණ බැතිමතුන්ගේ චාරිත්‍ර හැටියට එහෙම ගමේ සිට පයින් යන නඩ ගැන අපි සබරගමුවේ වුවත් මෙතෙක් ආරංචි නොමැත. (නදී)
ගාමිණී, මේ අය හින්දු බැතිමතුන්. (නි)