බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මාධ්‍ය සාකච්ඡාවක දී ශුද්ධ වූ කුරාණයට අපහාස කළ බව තම අදහස යැයි සංස්කෘතික අමාත්‍යංශයේ මුස්ලිම් ආගමික අංශ අධ්‍යක්ෂ ජනරාල් කියයි.
ඔහු එසේ කියනුයේ ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝපටය සම්බන්ධයෙන් වාර්තාවක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට ඉදිරිපත් කරමිනි.
කොම්පඤ්ඤවීදියේ නූර්දීන් මොහොමඩ් මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් අනුව ඥානසාර හිමියනට එරෙහිව මේ විභාගය පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තවතවත් වයිරය වගාකරන දේවල් (දී)
හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගෙ වැඩක්නෙ. ගෝලීයකරනය හා විශ්ව ගම්මාන යුගයේ ඉදිරියේදී සිංහල බෞද්ධ පදනමට අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවේවි. කවුරු කෙසේ කීවත් බුද්ධාගමේ අභිවෘද්ධියට ප්‍රතිපත්ති මෙන්ම ආමිස පූජාවත් වැදගත්. ආමිස පූජාව භෞතික දෙයින් පමණක් නෙමේ නිර්මාණකරණයෙනුත් කල හැකියි. තම සහජ හැකියාවට අනුව, බුදු ගුණ ගීත ලිවීම, ඒවාට සංගීතය සැපයීම, ගායනය, බෞද්ධ නාට්‍ය හා සිනමාකරණය පවා,බෞද්ධ පොතපත හා කවි ලිවීම පවා ආමිස පූජාවන් ලෙසයි මට හිතෙන්නේ. තව කෙනෙකුට ප්‍රතිපත්ථි පූජාවට සුදුසු පරිසරයක් සකසා දීමත් මහඟු පින්කමක්. එය කල හැක්කේ ආමිස පූජාවෙන් පමණයි. ඒ වගේම ප්‍රතිපත්ථි පූජාවේ කෙසේ වෙතත් ආමිස පූජාවේ නම් කිසියම් පරාර්ථකාමීත්වයක් ගැබ් වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. අපේ හාමුදුරුවරු කියන්නේ ඇඟේ හයියට කාටවත් පහර දෙන්න නෙමේ. උන් වහන්සේලා ටිකක් සැරට කතා කලාට කලබල විය යුතු නැහැ. සැරට කීවෙ නැත්නම් ගනන් ගන්නෙ නැති එක අපේ හැටියක්. එයට ආවේගශීලී නොවී තමන්ට හැකි අයුරින්, බුද්ධාගමේ අභිවෘද්ධිය වෙනුවෙන් තාම තමන්ගේ හැකියාවෙන් අනුග්‍රහය දැක්වීමයි කල යුත්තේ. (දී)
අනේ කාලේ (දී)
අනිත් ආගම් වලට අපහාස වන දේ ඇතුලත් පොතකට අපහාස කලා කියන කතාව විහිළුවක්!(දී)
ලංකා තිලක් ඔබ හරි (දී)
එතකොට අර මුස්ලිම් කට්ටියක් බුදුහාමුදුරුවෝ මිනිමස් වැලදුව කියල ලොකු දේශනයක් කලේ, (දී)
අනිත් ආගම්වලටත් තමන්ගේ ආගම වගේ සලකන්න පුළුවන් නම් හොඳයි (දී)
කතාව ඇත්තද කිය ඕනේ ඉස්සෙල්ලා (දී)
හාමුදුරුවනේ සැලෙන්න එපා (දී)
එතකොට බදු හිමියන්ට කියපු ඒවා අපහස නෙමේද? (අ)
සිංහල බෞද්ධයෝ වහාම එකතුවව් (අ)
දැන්ම අවදි නොවුනොත් සිංහලයා නපුංසක ජාතියක් වෙනවා ළඟදීම (අ)
කවර ආගමකට වුවද අපහාස කරන්නේ නම් එය බරපතල වරදක්.මක් නිසාද යත් ආගම යනු ඉතා සංවේදී මාතෘකාවක් වන බැවිනි.(අ)
මෙයාල මේ දගලන්නේ මොකටද.(අ)
ලක්ෂපාන! ඉල්ලගෙන කන්න මිසක් වෙන මොනාටද. (අ)
මම හිතන්නේ නැහැ
කිසිම ආගමකට නිග්‍රහ කිරීම තවත් ආගමක කෙනෙකු කිරීම , ඔහු තමන්ගේම ආගමට නිග්‍රහ කර ගැනිමක් වැනිය. තමන් උපතින් ලද ආගම දර්මය ජාතිය කවුරුත් සලකන්නේ උතුම් දෙයක් සැටියට . (දී)
ඔබ වහන්සේ සමග අපි සැමදා සිටිනවා (දී)
කිසිම ආගමක පව් කරන්න කියලා තියෙනවාද? (දී)
දැන් ඉතින් මොනවා කරන්නද (දී)
සඳුනි සහ උත්තරා බණ්ඩාර යන දෙපලගේ අදහස් මා පුද්ගලිකව ඉතා අගය කරමි. (දී)
මොකක්ද? නොසන්සිදෙ කියනවා නේද? (දී)
එතකොට සවුදිවල රැකියාවට ගියපු අයට බුද්ධ ප්‍රතිමා තබාගැනීම තහනම් කියල කිව කතාව බොරු වෙන්ඩ ඇතිනේ. (අ)
දිකිරට බළලුත් සාක්කි , කිවලු .....ඔහොමයන් බලන්න , (අ)
මේ අය දැන් මොනවටද එන්න හදන්නේ. (අ)
සැලෙන්න එපා හාමුදුරුවනේ. කොන්ද පනතියන වැදූ අම්මට ආදරය කරන සිංහලයෝ ඔබ වහන්සේසමග ඉන්නව (අ)
අපේ බෞද්ධ ජනතාව දැන්වත් අවදිවන්න. පෙනෙනව නේද අපට රටේ තිබෙන තත්වය.(නදී)
හාමුදුරුවනේ, සදාකාලිකවම අපි ඔබ සමඟයි (නි)
මිත්‍රවරුනි, ධර්මය, ධර්මයෙහි හැසිරෙන්නා සුරැකීම සඳහාමය කියන උතුම් උපදේශය අප සිහියට ගතහොත්, අපි එකිනෙකාගේ ආගම් වලට අපහාස කරගැනීම කිසිවිටෙකත් නොවේවි. (නි)
මෙහෙම දේවල් නොවෙන්න වගබලා ගන්නවා නම් තමයි හොඳ (නි)
සමහරු අදහස් දාන්නේ මේ ලෝකයේ ඉන්න අය වගේ නෙමෙයි (නි)
සමහර අදහස් දැක්කහමත් පුදුමයි (නි)
ළඟකදි ඉඳලා සිද්ධවෙන දේවල් නම් එච්චර හොඳ මදි (නි)
සියලු ආගම් වලින් පැවසෙන්නේ සමාන දෙයක්. අපි සියලු ආගම් වලටම ගරු කළ යුතුයි (නි)
බුදුහාමුදුරුවො දේශනා කළ වදාළ දසරාජ ධර්මයෙන් රටක් පාලනය කරන ක්‍රමය ක්‍රියාත්මක කරන්න හොදම අවස්තාව මෙික තමයි. (නදී)
කිසිම ආගමකට අපහාස කරන්න කිසිම කෙනෙකුට අයිතියක් ඇත්තෙම නැහැ (නදී)
ඇයි මෙහෙම අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්නේ? (නි)
අදහස් දමන අයත් ටිකක් හිතා බලා අදහස් දමන්න (නි)
මෙවන් ප්‍රශ්නයකට පැටලීම ඉතාම කණගාටුදායක දෙයක්. අන්‍ය ආගම් වලට ගරුකිරීම උතුම් දෙයක් (නි)
මෙහෙම ප්‍රශ්න ඇතිවෙනවට මම නම් කැමති නැහැ (නි)
මේ ප්‍රශ්නය දෙස බුද්ධිමත්ම බැලිය යුතුයි (නි)
කුරාණයට අපහාස වෙන විදියට කතා කළා නම් එය වැරදි බව තමයි මටත් හිතෙන්නේ. (නි)
එසේ අපහාස කර ඇත්නම් එය දඩුවම් ලැබිය යුතු වරදකි. කිසිදු ආගමකට අගෞරව නොකළ යුතුය යන්න බුදු දහමේද ඉගැන්වීමකි. (නි)
මොනවා බලපොරොත්තු වෙන්නද මෙහෙම කරලා? (නි)
මේවා නම් වැරදියි කියලා මමත් කියනවා (නි)
මේක ඇත්තක් නම් ඇත්තෙන්ම කණගාටුයි (නි)
සඳුනි, කිිසම ආගමක කතාවක්වත් බෞද්ධ දර්ශනයට අදාළ වන්නේ නැහැ. බෞද්ධ දර්ශනය යනු ලොව වටා පැතිරෙන හිංසාව, භීෂණය, මෝහය, ද්වේශය, වෛරය නමැති අන්ධකාරය දුරුකරමින් නැඟෙන හිරු මඬලක් සේ ලොවම එළිය කරන්නක්. අපි අන්ධකාරයට දොස් පවරනවා වෙනුවට ආලෝකය පිහිට කොටගෙන යථාර්තය ඒ ලෙසින් දැකීමට පුරුදු වෙමු. (නි)
පටු දේශපාලන අදහස් ඉවත දමා එකාමෙන් නැඟී සිටිමු. (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
ලංකා තිලක් හරි (නි)
මේ කතාව මට නම් පිළිගන්නත් අමාරුයි (නි)
පුර්ණ අවබෝධයකින් තම තමන්ගේ ආගම අදහනවා නම් මේ ප්‍රශ්න නැහැ. (නි)
සඳුනි කිව්ව කතාව හරි. ඒක හැම ආගමකටම පොදුයි. බෞද්ධ රටක් ජීවත් වන අප අනිත් ආගම් වලට ගෞරව කළ යුතුයි (නදී)
නොපෙනෙන බලවේග සහ නොදැකු දෙවිවරු පසුපස යාම් නවතා, තම තමන්ගේ ආගමික විශ්වාශයන් තම තමන්ට පමණක් සීමා කරගෙන සහයෝගයෙන් අවුරුදු 60 - 70 තරම් මේ කුඩා කාලයෙන් රටට මතු පරපුරට මිනිස් ප්‍රජාවට සේවයක් කරන්න (නදී)
ඇයි බුදු දහමට නිගා දෙන දේවල් ගැන කියන කොට නිකම් ඉන්නේ (නදී)
මිනිස්සුන්ට තියෙන්නේ රජයට බල කරනවා මිසක අනෙක් ආගම් වලට ගහන එක නෙමේ. රජය පියවරක් ගන්නේ නැත්නම් ඡන්දෙදි රජය පරදවන්න ඕනා (නදී)
බුදු දහමේ පැහැදිලි කිරීම් ගැඹුරින් තේරුම් නොගත් සුළුපිරිසක් මේ. ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගෙන නිවන් මගට යොමුවේවා. (නදී)
අපි ඔබ වහන්සේ සමගයි. (නදී)
සම තැන දීල බලන්න මොකද වෙන්නේ කියලා. (නදී)
මේ සිද්ධවෙන දේවල් දැක්කහම ලොකු දුකක් ඇතිවෙනවා (නි)
ඇයි අපි ආගම් විවේඡනය කරන්නේ? (නි)
කවුරු කළත් අන්‍ය ආගම් වලට අපහාස කිරීම වැරදියි (නි)
සියලු ආගම් වලට අපි ගරුකරමු (නි)
හැම ආගමකින්ම උගන්වන්නේ යහපත් දේවල් (නි)
හැම ආගමක්ම එක සේ සළකා කටයුතු කරනවා නම් මෙවැනි ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ (නි)
සියලු ආගම් වලට එක සේ සැළකිය යුතුයි (නි)
සියල්ලටම වැඩිය හොඳයි, තමාගෙන් තම ආගමට තමාගෙන් වියයුතු යුතුකම් හරි හැටි සිදුවුණාදැයි හොයා බලා ඒවාට සුදුසු පිළියම් යොදන එක. එතකොට මේ වගේ ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. (නි)
මම මේ ඉන්නේ ලංකාවේද කියලා හිතෙනවා වෙලාවකට (නි)
හැගීමක් ඇති කිසිම කෙනෙක් තමන්ගේ දෙමවුපියන්ට වගේම ආගමට අපහාස කරනවා ඉවසන්නෙ නැහැ. මේවා හරිම සංවේදි කරුණු. අපි හැමෝම හිතට ගන්න ඕනෑ බුද්ධිමත්ව සංවේදීව මේවට මුහුණ දෙන්න. (නි)
අපිට නම් තවත් අනවශ්‍ය ප්‍රශ්න අවශ්‍ය නැහැ. ඉවසීමෙන් සියලු දෙනාම වැඩකරන්න (නි)
කරුණාකරලා බුද්ධිමත්ව කටයුතු කරන්න (නි)
ඇයි මෙහෙම කරන්නේ? (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
ඉවසීම තමයි සෑම දෙයකටම වැඩිය වැදගත් වෙන්නේ (නි)
හරිම කණගාටුයි මේ සිද්ධවෙන දේවල් දැක්කහම. (නි)
අපි සියලු ආගම් සමඟ සමගියෙන් සිටීමයි කළයුත්තේ (නි)
කවුරුවත් කාටවත් අපහාස කරන්න අවශ්‍ය නැහැනේ (නි)
හිමිනමකට කවදාවත් බොරු කියන්න බැහැ.හැබැයි කියලා තියෙන්නේ බොරුවක් නම් ඉතින් සුදුසු දඩුවමකට මුහුණදිය යුතුයි නේද? (නි)
අදහස් දාලා තියෙන හැටි බැලුවම පෙනෙනවා සමහරක් කට්ටියගේ හිත්වල මොනවද තියෙන්නේ කියලා (නි)
ඇයි අපි මේ විදියට අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගන්නේ? (නි)
අන්‍ය ආගම් වලට අපහාස කිරීම නම් වැරදියි (නි)
නොදන්නා දේ කතා නොකරනවා නම් කාටත් හොඳයි (නි)
සෑම ආගමකටම අපි ගරුකළ යුතුයි නේද? (නි)
සත්‍යය සැමදා ජයගන්නවා. බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
කවුරු මොනවා කිවුවත්, කුමක් සිදුවුණත් අපි සැමදා ඔබ වහන්සේ සමඟයි (නි)
අපි කුමක් කරමුද? (නි)
සුදත් ශ්‍රී කියන දේ සමඟ මම 100%ක්ම එකඟ වෙනවා. (නි)
තමන්ගේ වැඩේ තමන් කරන්න.කුරාන ග්‍රන්ථය හදාරන්න. නමුත් විවේචනය නොකරන්න (නි)
අරාබි රටකට ගිහින් නඩු දාන්න. (ස)
දැඩි දඩුවම් ලබා දිය යුතුයි (නදී)
හාමුදුරුවනේ, තම ආගම රැකගන්න, තම ආගමේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්න. ඒ හොදටම ඇති. නමුත් අන් ආගම් වලට නිගරු කරලා ජාතිවාදයක් ඇති කරන්න එපා. එ්ක විශාල පාපයක්. සිවුරේ ගරුත්වය රැකෙන පරිදි හැසිරෙන්න. අන් ආගමේ කෙනෙක් අපේ බුදු දහමට නිගරු කලොත් අපිටත් තරහක් කේන්තියක් එනවා නේද ? ඒ අනුව රටේ මිනිසුන් අතර ප්‍රශ්ණ ඇතිවෙනවා නේද ? (නදී)
ඉවසීමක් නැති නුගත් පරපුරක් (නදී)
මේ වගේ අවිචාර හැකර කටවල් නිසා ලංකාවේ අපේ අයට පිටරටකට ගිහින් පාරක තොටක නිදහසේ ඇවිදින්නවත් බැරි වෙන හැඩයි. කටක් ඇරලා අපි බෞද්ධයෝ කියල කියන්න ලැබෙන එකක් නැහැ මේ ආත්මෙදි. මකර කටින් ලෝකෙටම ගිනි තියන්නයි හදන්නේ. (නදී)
ඇයි අපිට සෑම ආගමක් සමඟම සහයෝගයෙන් ඉන්න බැරි? (නි)
අද තියෙන ලෝක තත්වය තුළ, ඕනෑම ආගමික නායකයෙක් හෝ පූජකයෙක් දේශපාලනයට ගියොත් කුමන්ත්‍රණකාරී ස්වභාවයකට හසුවීමට ඇති ඉඩ බොහොම වැඩියි. (නි)
ආගමක් මිනිසුන් අතර බලවත් වී ප්‍රචාරය වීමට බලපාන ප්‍රධාන හේතු දෙකක් ඇත. 1. ආර්ථික සහ දේශපාලන බලය ආගමට ලැබෙන ප්‍රමාණය 2. ආගමක් කොතරම් දුරට විද්‍යාත්මක සත්‍යයට ගැළපෙනවාද යන්න සහ දුගී මිනිසාගේ අසරණකමට ලැබෙන මානසික සහනය. (නි)
ආගම් දහම කවදාවත් වැරදි මඟට මිනිසුන් යොමුකරන්නේ නැත. (නි)
ආගම බිහිවෙන්නේ එකිනෙකා අතර සහජීවනයට මඟක් කියාදෙමින්. දැන් වෙන්නේ ආගම නිසාම බේදබින්න වීම නේද? බුදුන් වදාළ ලෙස ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකියි. (නි)
කිසිවෙකුගේ ආගමකට අපහාස කිරීමට අපිට අයිතියක් නැත (නි)
එහෙම කළා නම් ඉතින් වැරැද්දක් කියලා පිළිගන්න වෙනවා (නි)
මාලන් මල්ලි, ඔයා පිටරට ගිහින් ඇවිදිනකොට අනෙක් අය වගේ සාමාන්‍ය විදියට හැසිරෙන්න. යන රටකින් ඔය අමාරුවටත් බේතක් ගන්න. (නි)
එහෙම කළා නම් වැරදියි (නි)
අවවාදයට වැඩිය ආදර්ශය උතුම්. ආගමික පුජකවරුන් යනු එම ආගමේ මාර්ගෝපදේශකයන්ය. ඔවුන් යන මඟ පැහැදිලි විය යුතුය (නි)
තමන් අදහන ආගම හරි හෝ වැරදි හෝ තමන්ට එය වටිනවා. තමන්ට කැමති ආගමක් අදහන්න ස්වාදීන අයිතියක් තියෙනවා ඕන මිනිහෙකුට. එය වලක් වන්න කාටවත් බැහැ. වලක්වනවා නම් තව ටික දිනකින් මිනිස්සු තමන්ගේ ආගම ඇදහීමේ අයිතියට බාදා කලා යැයි මානව හිමිකම් එකේ නඩු දාන්න පටන් ගනියි (නදී)
කිසිවෙක් කිසිවෙකුට වෛර නොකලයුතුයි. ඒ වගේම තම තමන් අදහන ආගමකට එකිනෙකා ගෞරව දැක්විය යුතුයි. (ස)
කා ගැනද රනිල් ඔය කියන්නේ සිංහල බෞද්ධයා ගැනද? දැන් ඉතින් බෞද්ධයා ගැන අදහසක් දැම්මත් එක පල කරන්න බයයි. ඔහොම ජීවත්වෙනවට වඩා හොඳයි මැරෙන එක. (ස)
උප්පත්තියේ වරද තමයි. ඒ පවට කර ගහන්න වෙන්නෙත් බෞද්ධ අපිට තමයි. (ස)
මාලන් මල්ලි..ඔයා පිට රට ගිහින් ඇවිදින කොට සිංහල බෞද්ධයෙක් කියල පිටේ ගහන් ඇවිදින්න එපා..අනෙක් අය වගේ සාමාන්‍ය විදියට හැසිරෙන්න.යන රටකින් ඔය අමාරුවටත් බේතක් ගන්න.ලෝකේ ගිනි තියන හැටි ගිනි ගන්න හැටි බලන්න ඉරාකේ සිරියාව ලිබියාව නයිජීරියාව වගේ රටවල් දිහා බලන්න. දැකල නැත්නම්..ඒ ගිනි ගන්නේ බෞද්ධ අන්තාවදයකින් නෙමෙයි. මේ හාමදුරුවන්ගේ මකර කට හින්ද නෙමෙයි. අන්න ඉරාකේ කුරානේ විතරක් නෙමෙයි පල්ලි ඉදන් පුපුරවල ඩෝසර් කරලා දානවාලු...ඔයා සිංහල බෞද්ධයෙක් කියල ගහගෙන නෙමෙයි තොප්පියක් දාගෙන වටරැක හාමදුරුවෝ කර ගත්ත එකත් කරගෙන ගියත් ඒ රටකට ගියානම් ඔයාටත් ගැලවීමක් නැහැ.මේ රටත් එහෙම රටක් කර ගන්න අපිට අවශ්‍ය නැහැ.ඔයාට මේක මකර කටක් උනාට අපිට මේක ජාතිය ආගම අවධි කරන එඩිතර හඩක්..නියම සිංහ ගර්ජනාවක්.ඔයාට අහගෙන ඉන්න බැරිනම් කන් දෙකේ ඇගිලි ගහ ගන්න. (ස)
ඔය කෑගහන මිනිස්සු සල්මන් රශ්දී කුරානයට අපහාස වෙන පොතක් ලිව්වාම කටවල් වහගෙන හිටියේ ඇයි? එම පොතේ ඇත්ත ලියා තිබුන නිසා. ඥානසාර හාමුදුරුවන්ට ඔය තරම් වෛර කරන්නේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් හඬක් නගන නිසා. (ස)
එසේ අපහාසයක් වන්නට ප්‍රකාශ කළ දේ කුමක්දැයි අපිට දැනගන්න පුලුවන්ද? (නි)
කව්රු මොකට විරුද්ධව පොත් ලිව්වත් අපිට කමක් නැහැ. හැබැයි මේ රට කොටවන්නේ නැතිව. අනාගත දරු පරම්පරාවක අගය නොතේරෙන අය මෙතන ජරාව වපුරනවා. එහි ඵල භුක්ති විඳින්න වෙන්නේ අපේ දරු පරම්පරාවටයි. මෙහෙම අයට මනුෂ්‍ය ආත්මයක් ලැබිල තියෙන්නේ අපේ පවට. (නදී)
මම උපතින්ම පරම්පරාගත සිංහල බෞද්ධයෙක්. මගේ රට, ජාතිය, ආගම වෙනුවෙන් ඕනෑම තැනක පෙනී ඉන්නවා. අනුන්ගේ ආගම් වලින් මට වැඩක් නැහැ ඒ ආගම හරි උනත් වැරදි උණටත් ඒ ගැන මම උනන්දු නැහැ. මම කාටවත් නින්දා අපහාස කරන්නේ නැහැ. හැබැයි මගේ ආගමට ජාතියට රටට විරුද්ධ ඕනෑම යකෙකුට මම බයත් නැහැ. මගේ රට, ජාතිය ආගම වෙනුවෙන් මැරෙන්න උනත් මම ඉදිරිපත් වෙන්නත් බය නැහැ. සිංහල ජාතිය, බුද්ධාගම ශ්‍රී ලංකාවේ තව දහස් වසරක් බැබලේවා!. (නදී)
අපි සියලු ආගම් වලට ගරුකරන්නට පුරුදු වෙමු. එවිට ප්‍රශ්න පැනනොනඟී (නි)
ලංකා තිලක් ඔබට ස්තුතියි. ඇත්ත සඳහන් කලාට. (නදී)
අදහස් සමහර ඒවා දැක්කහම පුදුමත් හිතෙනවා (නි)
අපි සෑම ආගමකටම ගරුකර සමගියෙන් සිටිමු (නි)
එහෙම කරන්න එපා (නි)