විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පිහිටුවා දකුණු කොරියා රැකියා අපේක්ෂකයන්ගෙන් රුපියල් දස ලක්ෂ ගණනක් වංචා කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය රටින් පැන ගොස් ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැන්වීය. අංගොඩ ,කොටිකාවත්ත වෙළෙද සංකීර්ණයේ අංක දෙක දරන කඩයේ හිමිකාරිය තුෂාරි දිල්හාරි රටින් පනින්නට ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
තවමත් පැමිණිලි ලැබෙන බවත් වංචා කළ මුදල කොතෙක් දැයි දැන්ම කළ නොහැකි බවත් දැනට රුපියල් තිස් ලක්ෂයක් වංචා කළ බවට තොරතුරු ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
බොරු වෙබ් අඩවිය බැලු පිරිස් සැකකරුවන් නම් කළ බැංකුවලට මුදල් බැර කර ඇති බව ද රහස් පොලීසිය කියයි.
සමන් තිලක දර්ශන උද්‍යාන හෙවත් මොහොමඩ් වෂිර් ,සිත්ති නසීමා නිෂාම්දීන් හා ජුඩී ස්ටීවන්සන් යන සැකකරුවෝ ජුලි 14 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුහ.
වෙබ් අඩවිය නිර්මාණය කළැයි කියන තෙවැනි සැකකරු විශ්ව තරංග ෆොන්සේකා රුපියල් ලක්ෂ පහක පෞද්ගලික ඇප දෙකක් මත මුදා හැරිණි.
පළමුවැනි හා දෙවැනි සැකකරුවන් ළඟ තිබී රුපියල් ලක්ෂ පනක් සොයාගත් බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
කොළඹ 03,ගාලු පාරේ,අංක 994/1/4 ස්ථානයේ කේ එල් සී ප්ලේස්මන්ට් ස්ර්විස් ප්‍රයිවෙට් ලිමිටඩ් යන නම යටතේ මෙම ව්‍යාජ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙනිසන් මහතාට සංවර්ධිත රටවලට ගිය උදවිය මතක් කරනකොට හොඳටම හිත රිදිලා. සාධාරණ රැකියා අවස්ථා, දේශපාලනීකරණය නොවූ උසස්වීම් තිබෙනවා නම් කවුරුත් රට යන්නේ නැහැ. මම ඉංග්‍රීසි ගුරු විභාගයෙන් දිවයිනේ දෙවැනියා වෙලා කැඳවීමක් නොලැබුන කෙනෙක්. කාටද පාඩු? මටද? මම දැන් වෙනත් ක්ෂේත්‍රයක පිටරට රැකියාවක් කරනවා. (නි)
අද හොරමැරකම් වුණත් කරන්නේ බොහොම බුද්ධිමත්වයි (නි)
ජාවාරම පිටුපස දේශපාලුවෙක් නැහැ කියලද හිතෙන්නේ? (නි)
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අයත් ගුවන් තොටුපලේ ඉන්නවා නේද...? (නදී)
මෙවැනි වෙබ් අඩවි රජයේ වගකිව යුතු ආයතනවල අනුදැනුමක් නැතිව ලියාපදිංචි කරන්නේ කොහොමද? මේවට උඩගෙඩි දෙන මිනිස්සු පළමුවෙන් අල්ලලා ගස් බදින්න ඕනේ.(නදී)
මේ වගේ බොරු වෙබ් සයිට් හරියට තියෙනවා. එ්ත් ලංකාවේ පොලිසියයි, අර මොකක්ද සර්ට් (http://www.slcert.gov.ලක්) එකයි, කිසිම පියවරක් ගන්නේ නැහැ දැනුමකුත් නැහැ (නදී) මේ වගේම වෙබ්සයිට් ඔරිජිනල් වෙබ් සයිට් එකට සමාන නමකිනුයි, සමාන පෙනුමකිනුයි හදන වෙබ් සයිට් වලින් මිනිස්සු අනන්තවත් රැවටෙනවා, මමත් කිහිපයක් පැමිණිලි කරා ස්ර්ට් එකට, ඒත් කිසිම වැඩක් නැහ. උදා: ගොසිප් ලංකා වෙබ් සයිට් එක වහේ හදපු -> http://www.gossip-lankanews.com ලියතඹරා වෙබ් සයිට් එක වගේ හදපු http://liyathabara.lk/ එත් ඉතින් ලංකාවනේ අස්සයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහගන්නත් බැරිවෙලා වගේ මෙක දැක්කම.
රට යන මාතෘකා ආවහම සමහරු පොලවේ අඩි හප්පගෙන මෙතන අදහස් ලියන්නේ, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන උපන් රටට වැඩ කරන්නේ නැහැ පිටරටට ඒ සේවය ලබා දෙනවා කියලා.එතකොට ඔය නෝනලා මහත්වරුන්ගෙන් මම අහන්නේ ඔහෙලගේ ඒ ආඩිපාලි කියවිල්ල කොරියාවට,මැදපෙරදිගට යන අයට අදාළ වෙන්නේ නැද්ද...? ඒක අදාළ වෙන්නේ සංවර්ධිත රටවල ජීවත් වන අයට විතරද....? (දී)
සුසන්ත මහත්තයට ටිකක් රිදිලා වගෙයි. මහත්තයෝ මැද පෙරදිග හෝ කොරියාව හෝ අපේ ශ්‍රමිකයන්ට ස්ථිර පදිංචිය දෙන්නේ නැහැ,එහෙ යන ශ්‍රමිකයෝ උපයන මුදල එවන්නේ ලංකාවටයි. එනිසා ඔවුන් රටට නය නැහැ. අද ලංකාවට ඉහලම විදෙස විනිමය ගෙනෙන්නේ ඔහුනුයි .හැබැයි ඔයාල වගේ ආත්මාර්ථ කාමියෝ අතලොස්සකුත් ඉන්නවා,එයාලගේ මුදල් තැන්පත් වෙන්නේ විදෙස් බැංකුවල. දැන් තේරෙනවනේ ආඩපාලි කියන්නේ කවුද කියල.කරුණා කරලා අපේ රටේ අනාගතය වෙනුවෙන් මැද පෙරදිග හා කොරියාවේ දහදිය හෙලන මිනිසුන්ට අපහාස නොකරන්න (දී)
කොහොමද ඇය මෙහෙම පැන්නේ? (නි)
ඇයි අපේ පොලිසියට ඉන්ටපෝල් එකේ සහාය ගන්න බැරිද? (නි)
මේ ප්‍රශ්නය මෙච්ච දුරදිග යනතුරු සිටියේ ඇයි? (නි)
මෙච්චර මහ මොළකාරියෙකුට රටින් පනින එකත් වැඩක්ද? (නි)
රවී මහත්මයා, ඔබ හරි. ටෙනිසන් මහත්මයාට තව කරුණක් මතක්කර දිය යුතුයි.ඔබතුමා දන්නේ නැතුව ඇති, සංවර්ධිත රටවල ජීවත් වෙන ලාංකිකයන් මාස්පතා විදේශ විනිමය මිලියන කීයක් ලංකාවට එවනවද කියා.ඒකෙන් අපේ ආර්ථිකයට මොනතරම් පිටුවහලක් වෙනවද කියලා. (නි)
කරුණාජීව මහත්තයෝ, බොරු කියන්න එපා.කරන එක රැකියාවකින් ජීවත් වෙන්නත් බැහැ (නි)
ටෙනිසන් මහත්මයා, මමත් සැහෙන කාලයක ඉදලා සංවර්ධිත රටකට යන්න උත්සහා කරනවා. තාම හරි ගියේ නැහැ. මට පන්සලේ හාමුදුරුවෝ කිව්වා "ඒකටත් වාසනාව තියෙන්න ඕනේ, අපි ඒ අයගේ, වාසනාවට, පිනට ඉරිසියා කරලා වැඩක් නැහැ."මේ ආත්මෙදි පුළුවන් තරම් පින් අතේ වැඩ කරන්න "කියලා. ඉතින් මම මේ දවස් වල පින් අතේම වැඩ කරනවා. ලබන ආත්මේවත් මගේ ආශාව ඉටු වෙන්න කියලා. (නදී)
විමලරත්න කියන කතා....කාටද, ටෙනිටද කියන්නේ....? (නදී)
ඔය සුසන්ත, කොහෙද දන්නේ නැහැ රැකියාව කරන්නේ. (නි)
රටින් පනින්න කලින් විදේශ ගමන් බලපත්‍ර අවලංගු කලේ නැද්ද ? මෙහෙම වංචා කාරයෝ ඉස්සෙල්ලාම උත්සහ ගන්නේ රටින් පිට වෙන්න කියන එක කාටවත් තේරිලා නැහැනේ . හැබයි ගමේ කෙසෙල් කැනක් හොරකම් කරපු අප්පුහාමිගේ විදේශ ගමන් බලපත්‍රය නම් මෙලහකට නඩු භාණ්ඩයක් වෙලා ඇති. (දී)
බලන්න කොච්චර සැළසුම්සහගතද කියලා? (නි)
ඇය කොහොමද ගුවන්තොටින් පැනගත්තේ? ඒවත් සොයා බලන්න වටිනවා (නි)
රාජ්‍ය සේවයේ අය මීට වඩා කල්පනාකාරී වියයුතුයි. මේ ආයතනයේ පරිගණක නිලධාරින් හෝ පරිපාලන නිලධාරින් අන්තර්ජාලය භාවිතා කරන්න ඇතිනේ . තමන්ගේ ආයතන වෙබ් අඩවියට රාජකාරි කටයුතු වලට ඇතුලු වනවිටවත් මේ හොර වෙබ් අඩවිය අසු වුණේ නැද්ද ? මේවා හරි පුදුම සිදුවීම් (නි)
අපරාධ දවසින් දවස වැඩිවෙනවා. අනේ ලංකාවකට ගිය කලක්! (නි)
මේ නම් දිහා බැලුවහම ආගම්, වර්ග භේදයකින් තොරව සහජීවනයෙන්ම වැඩ කරලා තියෙන බව පේනවා. (දී)
වංචා කරුවන් වැහිවැහල පරිස්සම් වෙන්න (දී)
රටින් පනිනකල් බලන් හිටියේ මොකද (දී)
මෙවනි වන්චාවන්ට ගොදුරුවෙන අය බොහොමයක් තරුන තරුණියො.රටක පාලකයන් මීටවඩා ජනතාව ගැන සලකීමක් ඒවගේම වගකීමකින් කටයුතු කලයුතුයි .රටෙ රැකියා නොමතිනම් එහෙම නතිනම් පිටරට නොගොස් තමරටෙ රකියාව කරගෙන ජිවත්වෙන පිනිස වැඩි වටුපක් ඔවුන්ට හිමිකරදියයුතු වෙනව.මෙවගෙ රකියා ආයන ගන දැඩිනීති අනුව වගකීමෙන් යුතුව ක්‍රියාකලයුතු වෙනව. (දී)
මේවට විදේශ සේවා එකත් වග කියන්න ඕන . (දී)
අනේ මන්දා පොලිසියේ වරදක්ද අධිකරණයේ වරදක්ද කියල මෙච්චර බරපතල වරදක් කරලත් නිදැල්ලේ ඉන්නට ඉඩ සැරස්සුවේ.කොහොම හරි දැන්නම් ගිය දුන්පාරක්වත් හොයාගන්න හම්බවෙන්නේ නැ.මේ දේවල් දැක්කම දෙපැත්තෙන්ම හිනා යනවා.. (දී)
මම මිට කළිනුත් සටහන් කළා. මේ වගේ ලෝක හොරු හැංගෙන්න තැන් හොයාගෙනයි වැඩට බහින්නේ. ඒක මං වගේ සොක්කෙකුට තේරුණාට වෙන කාටත් තේරිලා නැහැනේ. (දී)
මේ ගොල්ලොමයි කිව්වෙ මහ මොල කාරියක් කියල.එච්චර ලොකු මොලයක් තියනව කියල දැනගෙනත් ඇයි මෙච්චර නිදහසේ ඉන්න දුන්නෙ.?? (දී)
දැන් ඉතින් මේ නෝනා කොහේ හරි රටක දේශපාලන රැකවරණ පතාගෙන ඇති. (දී)
කෝටියකට වඩා වැඩියෙන් හොරකම් කලොත්,වංචා කලොත්,ගසා කෑවොත් ලංකාවේ නීතියෙන් ගැල වෙන්න ක්‍රම තියෙනවා. (දී)
අලි බෙටි දැක්කාට පස්සෙලු පෙරහැර ගිහිල්ල කියලා දන්නේ ! (දී)