කවුඩුල්ල ජාතික වනේද්‍යානයේ රොට වැව ඉස්මත්තේ අද (5) අලුයම ඇති වූ ගින්නක් අක්කර දහසක පමණ ප්‍රදේශයකට පැතිර ගොස් ඇතැයි වනජීවි නිලධාරීහු කියති. ගුවන් හමුදාව යුද හමුදාව පොලිසිය සහ වනජීවි අංශ එකතුව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරයි. දැඩි සුළං තත්ත්වය ගින්න පැතිරයාමට හේතුවී ඇත. පෙර දින ද සෝමාවති ජාතික වනෝද්‍යානයේ ඇති වූ ගින්නක් වැඩිදුර පැතිරයාමට නොදී මැඩ පැවැත්වූ බව ද වනජීවි අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලංකාවේම තිබෙන රක්ෂිත වනාන්තර ටික ගිනි ගත්තත් අපි පුදුම වෙන්නේ නැහැ. රටකට ගිය කලක්. හරිම දුකයි. (නදී)
තව ටික දවසකින් විල්පත්තවේ වගේ ගෙවල් හදා ගනී (නදී)
මෙවැනි ආරංචි රක්ෂිත වන වලින් බහුලව සිදුවීම ඉතාමත් කනගාටුවට කරුණක්. වටිනා දැව වර්ග හා ජීවීන් මිය යාම ශෝචනීයයි. ජපානයේ මහ නගර සභාවල තියෙනවා විදේශ අංශයක්. පාවිච්චියට සුදුසු අලුත් වැඩියා කරන ලද ගිනි නිවීමේ උපකරණ හා ජල බවුසර් ඌන සංවර්ධිත රටවලට නොමිලයේ ලබාගන්න පුළුවන්. එරට ලාංකික සංගම්, එන්.ජී.ඕ, තානාපති මගින් සංඝ නායක බානගල උපතිස්ස තෙරුන් , හියු.ජේ . ජයකොඩි මහතා යන අයට හෝ කියා ඉල්ලීමක් කලොත් ලංකාවේ සෑම වන උද්යානයකටම අවශ්‍ය ගිනි නිවීමේ උපකරණ ත්‍යාග වශයෙන් නොමිලයේ සොයා දෙයි. වන ජීවී ඇමතිතුමා මේ ගැන උනන්දුවක් දක්වන්නේ නම් ඉතා ලෙහෙසි වැඩක්. කාරුණික අවධානය යොමුවේවා ! (නදී)
ගාමිණී - සිරි, කට්ටියට ඕනේ කරන්නේ රක්ෂිත වනාන්තර ටික අතු ගාලම ඉවරයක් කරන්න නම් (නදී)
ගාමිණී සිරි දැන් වත් තේරුම් ගන්න ඔය මැති ඇමතියෝ තමයි ඕවා පස්සෙන් ඉන්නේ කියා. මේවා කරන්නේ සිංහල වෙදකම විනාශ කරන්නත් එක්ක. (නදී)
සේරම ඉවර උනාම කියයි මේකට වැරදි සුද්දා කියලා. හරිම ලේසි උත්තරයක් (නදී)
දැඩි නියඟය නිසා ඇති වූ ලැව් ගින්නක්ද? (නි)
ගිනි ගත්තද ? නැත්තම් කවුරුන් විසින් හෝ ගිනි තිබ්බද? (නි)