IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


‘කොළඹ නවම් මහා පෙරහැර’ වීදි සංචාරය කෙරේ

(යොහාන් භාසුර)

කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.

මෙවර පෙරහැර වෙනත් වසරවල පෙරහැරට වඩා වර්ණවත් සහ ජවසම්පන්න පෙරහැරක් බවට පත්වූ අතර ගංගාරාම විහාරස්ථානය සහ අවට මාර්ග අතුරුසිඳුරු නොමැතිව වැසීයන ආකාරයට ජනතාවගෙන් පිරී තිබුණි.  

කැලණිය රජමහා විහාරයේ ‘කණ්ඩුල’ හස්තිරාජයා සධාතුක කරඬුව වඩම්මවාගෙන යෑමේ වාසනාව උදාකරගෙන සිටි අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා හස්තිරාජයා පිට සධාතුක කරඬුව තැන්පත් කළේය.

මෙවර පෙරහැරට ඉතිහාසයේ පළමු වරට තායිලන්ත නර්ථනයක් ඇතුළත්ව තිබූ අතර එම නර්තනය බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වූහ. ඊට අමතරව මුස්ලිම් සංස්කෘතිය නැටුමක් සහ උතුරේ සංස්කෘතිය විදහා දක්වන යාපනයේ ප්‍රදේශ නර්ථන කණ්ඩායම් දෙකක් ද පෙරහැර වර්ණවත් කළේය.

මෙවර පෙරහැරේ අලි ඇතුන් 15 කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කළහ. කස, ගිනිබෝල, විවිධ සම්ප්‍රදායන්ට අයත් නර්ථන අංග ඇතුළු අංග 50 කට අධික සංඛ්‍යාවක් මෙවර පෙරහැරට ඇතුළත්ව තිබුණි.

ඡායාරූප : ගයාන් අමරසේකර  



අදහස් (0)

‘කොළඹ නවම් මහා පෙරහැර’ වීදි සංචාරය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට සිතාසි
2025 පෙබරවාරි මස 13 117 0

යාපනය කන්කසන්තුරෙයි තයිඉට්ටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිටදී අධිකරණ තහනම් නියෝගයන් කඩකරමින් විරෝධතාවයේ නිරත දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජේන්ද්‍ර ක


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 433 0

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


අදානි සමාගම සුළං බලාගාරය අකුලා ගනියි
2025 පෙබරවාරි මස 13 440 0

ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියනයක් හෙවත් ඩොලර් කෝටි 100ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණ


මහනුවර රෝහලේ නතර වුණු වැඩ අරඹන්න කෝටි 150ක්
2025 පෙබරවාරි මස 13 175 0

මහනුවර ජාතික රෝහලේ දැනට අතරමඟ වැඩ නැවතී ඇති ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 4 කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපි


රාජ්‍ය මුද්‍රණාලයේ කලබලයක්
2025 පෙබරවාරි මස 13 609 0

රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ ඇති වූ ගැටමක් දුර දිග යාමෙන් එහි ආරක්ෂකයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


පාපන්දු ක්‍රීඩා පිටියේ යකඩ තට්ටුවක් වැටීමෙන් සිසුවෙක්ට තුවාල
2025 පෙබරවාරි මස 13 161 0

පළුගස්දමන පාසලේ පාපන්දු ක්‍රීඩාපිටියේ තිබූ යකඩ වැටක් කඩා වැටිමෙන් 11 හැවිරිදි සිදුවකු බරපත තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 146 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 128 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site