ගම්පහ දිස්ත්‍රික්කයේ පෞද්ගලික කර්මාන්ත ශාලා 44 ක කම්කරු සිට විධායක ශ්‍රේණිය දක්වා රැකියා ඇබෑර්තු 2000 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ අධ්‍යක්ෂිකා මුදිතා පත්මජායි මහත්මිය පැවසුවාය.
මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ගම්පහ දිස්ත්‍රික් රැකියා පොළ අද දවස පුරා ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වෙන අතර අද උදෑසන වන විට රැකියා විරහිත තරුණ තරුණියෝ දහසකට අධික ප්‍රමාණයක් එහි සිටිනු දක්නට ලැබිනි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්ත ශාලා 44 ක නියෝජතයෝද එහි පැමිණ සිටිති.
ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ තම ආයතනයන් හි පවතින ඇබෑර්තු සඳහා වන පුරප්පාඩු මෙම රැකියා පොල මගින් පුරවා ගැනීමයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පැවසුවේ රැකියා අපේක්ෂිත තරුණ තරුණයින්ගේ රැකියා අවශ්‍යතා හඳුනාගැනීම සඳහා වෙනම සමීත්ෂණයක් ද මෙහිදී සිදු කරන බවයි.
එම අවශ්‍යතාවයන් අනුව පුහුණු වැඩසටහන් පැවැත්වීමට කර්මාන්ත ශාලා හිමියන් සමග එකඟතාවයක් ඇති කරගැනීමට සැලසුම් කරන බවත් ඔහු පැවසුවේය.
(ඡායාරූප සහ වීඩියෝ දීපා අදිකාරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ක්‍රමයක්. එ්ත් මේක ක්‍රියාවෙන්ම විය යුතු දෙයක්. (නදී)
ඉතා හොඳ ප්‍රවෘත්තියක් (නි)
රැකියා ලැබුන විට තරුණ තරුණියන් අවංකව සේවය කර, තම රැකියාව ආරක්ෂා කර, එහි නම්බුව රැකීම ඉතා වැදගත්. කුමන තරාතිරමක රැකියාවක් වුවත් කමක් නැහැ. රැකියාවට ගිය ගමන් වැඩ නොපෙන්වා පඩි වැඩි කරගන්න කෙඳිරි ගාන්න , නිතර නිතර නිවාඩු ගන්න , සේවා කාලයේ පුද්ගලික වැඩ කරන්න ආදියට යොමු වුණොත් තමන්ට අනාගතයක් නැහැ. " යොමා සිත කරනු වැඩ ඇති තමා අත...පමාවට කරුණු මට උවමනා නැත " යන්නට අනුව අවංකව වැඩ කළොත් ඔබේ දියුණුව නියතයි. (නි)
හොඳ ආරංචියක් (නි)
කුසල්ගේ විස්තරය වටිනවා. බුද්දි ගලනය නැවැත්විය යුතු තමයි. මමත් ලංකාවේ විශ්ව විද්යාලයකින් පිටවෙලා ලංකාවේ කාලයක් තිස්සේ රැකියාව කරලා, දරු පවුල පිටින්ම පිටරට පදිංචියට ආව කෙනක්. නමුත් දැන් අලුත් පරපුර උපාදිය ලබා අවුරුද්දක් යන විට රටකට යනවා. ලංකාවට පාඩුයි. උපාදියක් නොමැති අයට ඇඟලුම් රස්සා වුනත් තිබීම වැදගත්. නැත්නම් ඒ කට්ටිය මොකද කරන්නේ? මෙතන රැකියා පොළ ඉතා හොඳ සේවයක් බව මට සිතේ. (නදී)
අනේ හොද පණිවිඩයක් තව වැඩි වෙන්න ඕනේ. (නදී)
පුද්ගලික අංශයේ රැකියා කරන විට රජයේ සේවයේ වගේ පුටුව රත් කරගෙන පඩි ගන්න නම් බැහැ. උපරිම පලදායිතාවයක් පෙන්වා වෙහෙස මහන්සි වී වැඩ කල යුතුයි. අවංකව වැඩ කලොත් තමන්ගේ දියුණුව සලසා ගත හැකියි. (නදී)
කැපුවා, මැහුවා, බෑග් වල දැම්මා, පෙට්ටි වල ඇසුරුවා, කන්ටේනරේ දැම්මා රට යැව්වා. 1977 ඉදලා ඕක තමා අපේ ප්‍රධාන රැකියාව. එදා අඩුම පඩිය 3500.00 වැඩිම 25000.00, අද අඩුම පඩිය 13500.00 වැඩිම 250000.00. පරිගණක අංශයේ එකම බලාපොරොත්තුව ඕස්ට්‍රේලියාව. ඉංජිනේරුවාගේ එකම බලාපොරොත්තුව මැදපෙරදිග ඉතා වැඩි වැටුප් සහිත රැකියා. මාලඹේ වගේ අධ්‍යාපන ආයතන වල ළමයින්ගේ එකම බලාපොරොත්තුව යුරෝපයේ ඉතා වැඩි වැටුප් සහිත රැකියා. ලංකාවෙ කඹුරලා බදු ගෙවීම නෙවේ. පුලුවන්නම් බුද්ධි ගලන නතර කරන්න පුලුවන් තිරසාර වැඩක් කරන්න බලන්න. (නදී)
ඉතාමත් හොද දෙයක්. සාර්ථක වෙවා කියා ප්‍රර්ථනා කරමි. ඔබ සැමට සුබ අනාගතයක් වේවා (නදී).
අවංකව කරනවා නම් හොඳ වැඩක්. අද පුද්ගලික අංශයේ රැකියා බහුල අතර සමහර ප්‍රදේශවල වැඩි වශයෙන් තරුණයන් රැකියා විරහිතව සිටිනවා. හේතුව නිවැරදි සම්බන්ධීකරණයක් නොමැතිකම. යම් ආයතනයක් මෙය නිවැරදිව සම්බන්ධීකරණය කරනවානම් ඉතා වටිනවා. නමුත් ආයතන වලට සේවයට ගැනීමේදී අන්තවාදී පක්ෂ වලට සම්බන්ධ වුවන් පිළිබධව සැලකිලිමත් විය යුතුය. නැත්නම් ඔහුන් පටු දේශපාලනය වෙනුවෙන් එම ආයතන ඉදිරියේදී අවුල් කරාවි. (නදී)
ලංකාවේ ඒක පුද්ගල අදායම ඩොලර් 4000 ක් කියල කියනවා. අනේ මන්ද කව්ද ඇත්ත කියන්නේ කියලා. (නදී)
අද වෙනකොට පාසලකට දරුවෙක් දා ගන්න පවා දේශපාලකයෙකුට ලක්ෂ 2-3 නක් දෙන්න වෙලා තිබෙන්නේ. මොන සහතික තිබුනත් වැඩක් නැහැ ලක්ෂ 2-3 ක් දෙන්න නැති නම්. (නදී)
"අද උදෑසන වන විට රැකියා විරහිත තරුණ තරුණියෝ දහසකට අධික ප්‍රමාණයක් එහි සිටිනු දක්නට ලැබිනි". ලංකාවේ රැකියා ප්‍රශ්ණයක් නැහැ කියල මම නම් හිතුවේ. (නදී)
ඔය රැකියාව ලැබෙන්නේ මාස කීයකටද ? ඡන්දය ඉවර වෙනකම් පමණක්ද? (නදී)
අපේ ගෙවල් ලඟ තරුණියක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගත්තු දේශපාලකයන් යන යන රැස්වීම් වලට බස් වලින් ගියේ රැකියාව ස්තිර කර ගන්න. එම ආයතනයේ සේවය කල තරුණියන් තමන්ගේ මුදල් විය හියදම් කරගෙනයි රැස්වීම් වලට ගියේ. අන්තිමට විශිෂ්ඨ ජයක් ලබල කිසිම දෙයක් නොලැබුණු තැන එම දේශපාලකයාගේ නිවසට කට්ටියම ගිහින් තිබුනා. දේශපාලකයාගේ බාර්යාව බැනල එලවාගෙන තිබුනා. කට්ටිය හිස් අතින්ම ගෙදර ඇවිත් තිබුනා. තිබුන සේසතත් වියදම් කරගෙනම. (නදී)
ඡන්දෙන් පස්සේ රක්ෂාව ඉවරයි. නැවත දැනුම් දෙන තුරු ගෙදරට වී සිටින්න. (නදී)
මේ ක්‍රමය ඉතාම සාර්තකයි. මා දන්නා බොහෝ රටවල මේ දේ ක්‍රියාත්මකයි. මුල සිටම රැකියාවට පුහුණු කර පසුව හැකියාව අනුව සේවය ලබා ගැනීම හෝ ඉවත්කිරීම සිදුකිරීම මෙහි අරමුණයි. පිට රට සේවය කරන අපේ බොහෝ දරුවන් මෙහි ඉතා දක්ෂකම් පෙන්වමින් රටේ නම ඉහලට ඔසවා තබා ගෙන සිටින අය බව මම අත් දැකීමෙන්ම දනිමි. රටට උගතුන් මෙන්ම හැකියාවෙන් පිරිපුන් ශ්‍රමිකයින් ගේ කැපවීමයි අවශ්‍ය. (නදී)
කදිමයි. කදිම වැඩක් (නදී)
එ්ක පුද්ගලික අංශයේ උනත් ඒකටත් දේශපාලකයෝ රිංගලා. (නදී)
අමු බොරුවක් ඡන්දේ ලඟ එනවා (නදී)
ඉතාමත් වටිනා ක්‍රියාවක් අනිත් දිස්ත්‍රික් වලත් මෙවැනි රැකියා පොළවල් දැමීමෙන් රටේ විරැකියාවෙන් පෙළෙන තරුණ පරපුරට සහනයක් ලබා දෙනවානම්. පුත්ගලික අංශයත් රජයත් හරියට සම්බන්ද වි මේ වැඩේ ඉදරියට ගෙනියන්න හැකියාව ලැබේවි යැයි ප්‍රාර්ථනා කරමි. බොරු උද්ගෝෂණ මෙහෙයවන අලුගෝසු කම්කරු පක්ෂ කාරයින්ව මෙයින් ඈත්කර තබන්න. (නදී)
නියමයි ! (නදී)
ඡන්ද ගුන්ඩුවක් වගේ දෙයක්ද ? (නදී)
හොඳයි..!!!