ලංකා ගුරු සංගමයේ 57 වැනි වාර්ෂික මහා සම්මේලනය ගාල්ල මහජන ක්‍රීඩාපිටියේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
උතුරු-නැගෙනහිරින් ද ගුරුවරු ආහ.
‘ව්‍යාජ අධ්‍යාපන සර්වර්ධනයක් වෙනුවෙන් දරුවන් හා ගුරු විදුහල්පතිවරුන් පීඩාවට පත් නොකරනු‘ යන්න මෙවර සමුළුවේ තේමාව විය.
යෝජනා නවයක් හා ඉල්ලීම් 87ක් එහිදී සම්මත කර ගැනිණි.
දේශපාලනඥයකුගෙන් සිදුවූ අඩත්තේට්ටම්වලට එරෙහිව අභීතව ක්‍රියා කරීම නිමිත්තෙන් නවගත්තේගම සුසිලා හේරත් ගුරුවරිය සම්මේලනයේ දී විශේෂ සම්මානයකින් පිදුම් ලැබුවාය. ඇයට සම්මානය පිරි නැමුවේ පරිපාලනයෙන් තමනට සිදුවූ අඩත්තේට්ටම් ගැන හෙළි කළැයි 2012 දී වැඩ තහනමට ලක්වූ සමන්ති මනෝහරි පැලකැටිය ගුරුවරිය විසිනි.
ගුරු සංගමයේ නව සභාපති ලෙස ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාත්, ලේකම් ලෙස ජෝසප් ස්ටාලින් මහතාත්, භාණ්ඩාගාරික ලෙස සුජීවා මානෙල් මහත්මියත් තේරි පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් දුර ගමනකට ආසිරි (දී)
අනාගත වෙදැදුරු ,පඩිවරු සහ යතිවරු ,නිර්මාණය කරන ගුරු දෙවිවරුන්ගේ සංගමයට ශුබාසිංසන ,(දී)
ගුරුවෘතිය අති උතුම්. ඕනෑම කෙනෙකුට ලැබෙන රැකියාව තමන්ගේ පින් පවු අනුව ලැබෙන බව මගේ හැගීමයි.දහස් ගණන් ළමුන්ගෙන් වැදුම් පිදුම් ලබන්නත්, ඇස් පාදන්නත්, සමාජයේ බුහුමන් ලබන්නත් ගුරුවරුන්ට අවස්ථාව ලැබී ඇත්තේ, එය පින් කර ලබාගත් රස්සාවක් නිසයි.මේ ආත්මයෙත් තව පින් රැස්කරගත හැකියි. (දී)
බලාගෙන ගියාම කැපිලිවලට අහුවෙච්ච කට්ටිය නේ ඉන්නේ. (දී)
දරුවන්ට අඩන්තේට්ටම් කරන ගුරුවරු ගැන මොකද්ද ගත්තු තීරණය ? (දී)
දේශපාලනයට විරුද්ධව ක්‍රියා කල ගුරුතුමියට අපේ ප්‍රණාමය! ළමයෙක් සෙරෙප්පු දෙකක් දාගෙන ආව කියල පන්තියෙන් එලියට දාපු ගුරුතුමිය වගේ අය ගැනත් ඔය 87 ට ඇතුලත්ද හැබෑට? (දී)