IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


‘ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමග යවනවා‘

(අජන්ත කුමාර අගලකඩ)

ලීටර් 18  නව ගෑස් සිලින්ඩරයක්  හඳුන්වාදීමෙන් ,ගෑස් සමාගම්  පාරිභෝගිකයා නොමග යැවීමක්  කර ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

මේ අතර කිලෝ ග්‍රෑම් 12.5  ගෘහස්ථ එල්පී ගෑස් සිලින්ඩර පාරිභෝගිකයාට මිලදී ගැනීමට වෙළඳ පොළේ නැති බවද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළෙඳ පොළේ අලෙවි කරන මිලට වඩා රුපියල් සීයක් අඩු වෙන් නව ගෑස් සිලින්ඩරයක් වෙළඳපොලේ අලෙවි  කිරීමෙන් පාරිභෝගිකයාට අසාධාරණයක් වන බැවින් ,එහි  මිල රුපියල් එක්දහස් එකසිය පනහක් ලෙස නියම කරන්නැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත .

වෙළඳ පොළට අලුතින් හදුන්වා දෙනු ලැබූ ලීටර 18 ගෘහස්ථ ගෑස් ගෑස් සිලින්ඩරයක ඇත්තේ  ගෑස් කිලෝ 9.5 ක් බැවින් ,එහි බර කිලෝ ග්‍රෑම්වලින් සඳහන් කරන්නැයි ද ඇමතිවරයා යෝජනා කර ඇත.

ඇමතිවරයා මිට අදාළ කැබිනට් සංදේශයක් ද අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති අතර, එය සාකච්ඡාවට ගැනීම සතියකින් පමණ කල් ගොස් ඇතැයි වාර්තා වේ . 

 



අදහස් (14)

‘ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමග යවනවා‘

සඳුන් Saturday, 17 July 2021 11:53 AM

බන්දුල සර් .... ගෑස් ආනයනය තහනම් කරන්න ලොකු සර්ට අදහසක් දෙන්න. අපි දර වලින් උයමු. සර්ලා කොච්චර කිව්වත් අහන් නැති සර්ලගේ යාලු ගෑස් කොම්පැණි වලට පාඩමක් උගන්වන්න දියවන්නාවේ කුස්සියෙන්ම පටන් ගමු...

:       0       88

ලලිත් එම් Saturday, 17 July 2021 12:18 PM

රාජ්‍ය සමාගමක් රජයට එරෙහි ක්‍රියාවක් ලෙස මොනවා හරි කරනවා නම් ඒක නවතා දැමීමට ඇති හැකියාව අදාල බලධාරීන්ට නැතිද? නිකම් මහජනයාට විහිලුවක් කරලා ගසාකමින් මොකක්ද මේ වගේ නීච වැඩ වලින් බලාපොරොත්තු වෙන්නේ...?

:       0       59

සමරේSunday, 18 July 2021 05:58 AM

ජනාධිපතිතුමා පත්කරපු සභාපතිලා නිසා ඒ සමහරු ඇමතිලාටත් ඉහළයි. කොහොමටත් ශලිල මුණසිංහ ඉඳලා ඔය ලිට්රෝ සභාපති කට්ටිය අමුතුම කොටසක්...

:       0       2

මුණසිංහ Saturday, 17 July 2021 01:47 PM

ඔබතුමා නම් හරි මග ගිහිල්ලා... මහජනතාව තමයි මෝඩයන්...!!!

:       0       130

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 17 July 2021 02:36 PM

"ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමඟ යවනවා." රටක වෙළෙඳ ඇමැති කියයි. එසේ නම්, ඇමතියෙකු ඉන්නේ කුමකටද?

:       0       175

Sunil Saturday, 17 July 2021 04:11 PM

මේ සම්බන්ධ ඇමැතිලා දෙන්නම පඹයින් නැතිනම් රූකඩද?

:       0       36

Sri Lanka Saturday, 17 July 2021 04:17 PM

අපිට දුක අපි පත්කර ගත්තු බුද්ධිමත් ආණ්ඩුව ගොනාට අන්දලා කිලෝලීටර වලට හරවලා ගොනාට අන්දපු එක ගැන. වැඩිපුර ආණ්ඩුවේ ඉන්නේ මහාචාර්යවරු..

:       0       45

ගමේ එකාලා Saturday, 17 July 2021 05:55 PM

ආර්ථික ඔස්තාර් වෙච්චි කෙනත් බොරු පොරොන්දු දීලා, බේගල් ගහලා මුලු මහත් ජනතාවම නොමග යැව්වේ නැද්ද?

:       0       58

sunanada Saturday, 17 July 2021 07:10 PM

අනේ මන්දා...! මේ මහත්තයා ළඟකදී ඉඳලා අමුතු දේවල් කියවනවා.

:       0       19

සිරී Saturday, 17 July 2021 07:18 PM

හරි අපි මොකක් හරි කරන්න බලන්නම්...!!!

:       0       18

Nihal Saturday, 17 July 2021 08:56 PM

එහෙනම් අපි ඒවා ගෑස් ආයතන එක්ක විසඳාගන්නම්. ඔයා පට්ටම තියලා ගෙදර යන්න.

:       0       0

chathuri Sunday, 18 July 2021 04:14 AM

ඊටත් වඩා "බුල්ඩෝග්" බල්ලන් මිනිසුන්ව නොමග යවනවා.

:       0       27

නිකපිටිය Sunday, 18 July 2021 06:28 AM

ඇමැතිතුමා කියව කියවා ඉන්නේ නැතිව පාරිභෝගිකයින් බේරාගත යුතුයි. මේ ගසාකෑම මාස ගණනක් දිගටම කෙරෙනවා..

:       0       23

chaminda Sunday, 18 July 2021 10:38 AM

ඔබතුමා හැම තිස්සෙම අපිව නොමග යවනවා. අපිට ඕවා හොඳට හුරුයි. දැන් ඉතුරු ටිකත් ඔහොම යමු..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 129 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1063 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 569 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 517 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 713 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 133 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 404 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1309 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site