තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතය කළ ස්ථානයෙන් සොයා ගත් ලේ සාම්පල තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණගේ ලේ සාම්පල හා සැසඳෙන බව කැලණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ අණුක ජීව විද්‍යා ඒකකයේ මහාචාර්ය නිල්මිණී සී ගුණවර්ධන මහත්මිය සාක්කි දෙමින් කීවාය.
ඩීඑන්ඒ ජාන පරීක්ෂණයක් පවත්වන ආකාරය මහාචාර්යවරිය රෝහිණී වල්ගම මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ පැහැදිලි කළාය.
රෝගයක් හඳුනා ගැනීමට හෝ පීතෘ භාවය තීරණය කිරීමට මෙම පරීක්ෂණය යොදා ගන්නා බවත් කීවාය.
මහාචාර්යවරිය පැවසුවේ පළමු වැනි සැකකාර ලහිරුගේ ලේ සාම්පල හා එහි තිබූ ලේ නොගැලපුණු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් නඩුවේ අවසානයක් දකින්න පුලුවන් වෙයිද? (නි)
එහෙනම් තවත් මොන කතාද? (නි)
මෙන්න නියම සාක්ෂි (නි)
ඕවයින් වෙන්නේ නඩුවක් ගැන තිබුන විමසිලිමත් භාවය ගිලිහී යාමයි. ඊට පස්සේ විත්තිකරු නිදහස් වීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා.සමහර නඩු පැමිණිල්ල විසින්ම අත හැර දමනවා. සමහර විට පැමිණිල්ලේ සාක්කි පරස් පර වෙනවා. අන්තිමට නඩුව අහක යනවා. නැත්නම් විත්තිය නිදහස් වෙනවා.(මම කිව්වේ මේ නඩුව ගැනම නොවෙයි) බොහෝ විට සිදුවෙන දේ. (ස)
මේ පාපතරයන්ට මරණයම අත්වේවා. (ස)
තරාතිරම නොබලා දඬුවම් කරනවා -ජනාධිපති උසාවියත් මේ මතෙයේම සිටිය යුතුයි. (නදී)
මහාචර්ය තුමියටත් දෙවියන්ගේ පිහිටද? (අ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඊළඟ ඡන්දෙට ඉල්ලන්නත් මේ චණ්ඩිකම සුදුසුකමක් කරගනීවිද දන්නෙ නැහැ (නි)
මම නම් හිතන්නේ කවදාහරි ඔහු නිදහස් වෙයි (නි)
කිසිදේකට බයවෙන්න එපා. සියල්ල හොඳින් විසඳේවි (නි)
අපේ අර අදහස් දාන බන්දුල සිල්වා මේ ගැන මොකද කියන්නේ? (නි)
මේ ක්‍රියාව මෑත ඉතිහාසයේ ලක් පොළොව මත සිදුවූ ඉතාම අමානුෂික ක්‍රියාවක්.මෙය සිදුවීමේදී මොවුන් හැසිරී තිබෙන ආකාරය දෙස බලනවිට ඇතිවන්නේ ලැජ්ජාවකි (නි)
මේ නඩුව දෙස මුළු ලෝකයම බලාඉන්නවා. විශේෂයෙන් එංගලන්තය. මිනිමැරුම සිදුවී දැන් අවුරුදු දෙකහමාරක් පමණ වෙනවා. තවමත් නඩුව අවසන් නැහැ (නි)
ඔය තියෙන්නේ තවත් හොඳ සාක්ෂියක් (නි)
තවත් බලන් ඉන්නේ මොකද ? මේ මිනිස්සුන්ට දඩුවම් කරනවා මිසක් . (දී)
මේ නඩුවේ තීන්දුව දෙනතුරු අපි නොයිවසිල්ලෙන් බලා සිටිනවා (නි)
තව ටික කාලයක් යද්දී හැමෝටම මේක අමතක වෙයි (නි)
මරණීය දණ්ඩනය සාදාරනයි. පසුව අවශ්‍ය නම් ජනාදිපති සමාවක් ඉල්ලිය හැකිය.(නදී)
තංගල්ල පොලිසිය කළ පරීක්ෂණය ගැනත් අපි දැනගන්න කැමතියි (නි)
අපි බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් තීන්දුවක් (නි)
රටට අපකීර්තියක් වුනු මේ අයට මරණීය දන්ඩනයම අත්වේවා. (නදී)
ඔන්න ඔහේ ඕක අමතක කරලා දාන්න (නදී)
තවත් කල් ගියොත් මේ නඩුව මිනිසුන්ට බරක් වෙයි (නි)
සභාපති එල්ලුම් ගහටම යැවේවා ! (නදී)
වෙන වෙන නඩු නම් බොහොම ඉක්මනට අවසන් වෙනවා. එහෙත් මේ තවමත් එහෙමමයි. (නි)
නිකන් කාලේ අපතේ යන එක විතරයි. (දී)
විනය නැති රටක් කිසිදාක දියුණු නොවේ. අපේ නැත්තේ ඕකම තමා. ලෙස්සල අරිනවා හැම දෙයක්ම. (දී)
ආශ්චර්ය කරා යන ගමනේදී වෙන්නේ මොකක්ද කියලා අපි බලාගෙන ඉඳිමු (නි)
සැකකරු කව්රු උනත් වැරදි කරු උනොත් දෙන්න ඕන උපරිම දඬුවම දෙන්න ඕනේ. එයාල හිතාගෙන ඉන්නේ මේක එයාලට ගිය රට කියල. (දී)