තමාගේ චරිතය හා දේශපාලන ජීවිතයට හානි කිරීම සඳහා තම දේශපාලන හතුරන් තමා කුරාම් ෂේක් මිනී මැරුමට සම්බන්ධ කර ඇතැයි ද, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ ප්‍රකාශ කළේය.
හිටපු සභාපති මෙසේ ද කීවේය.
මා දේශපාලනයට ආවේ වයස 24දි. කුරාම් ෂෙයික් සමග හෝ ඔහුගේ පෙම්වතිය සමඟ මගේ තරහක් නෑ. එදා ඔවුන් සමඟ ගැටුමක් ඇති වුණෙත් නෑ. වික්ටෝරියා දූෂණය කළෙත් නෑ. කුරාම් ඝාතනයට මගේ වගකීමකුත් නෑ.
පළමු වැනි සැකකාර ලහිරු කැලුම් ද විත්තු කූඩුවේ සිට ප්‍රකාශයක් කළේය.
එදා - 2011.12.24 වැනි දා- මා හෝටලයට ගියේ නත්තල් සාදයේ නටන්නයි. 150ක් පමණ එහි සිටියා. විදේශිකයනුත් හිටියා. ශාලාවේ හරියට එළිය තිබුණේ නෑ. රෑ 12ට පමණ රතිඤ්ඤා පත්තු වුණා. ගෝරියක් ගෝරියක් යනුවෙන් කවුද කෑ ගැහුවා. මා කිසිවකුටත් ගැහුවේ නෑ. කුරාම්ටවත් ඔහුගේ පෙම්වතියටවත් ගැහුවේ නෑ. අනිත් අය සමඟ මාත් දිව්වා. පසුව මා පොලිසියට ගියා. පසුවදා පියාත් නීතීඥයකුත් මා සමඟ ආවා. එදා රෑ පොලිසියෙන් මා රහස් පොලිසියේ ජගත් රෝහණට භාර දුන්නා.
ඔහු මගේ අත් පා බැන්දා. ඇසුත් බැන්දා. කොහේදෝ රැගෙන ගියා. පහර දුන්නා. පසුදා හෝටලයට ගෙනාවා. මූ තමයි මිනිහා කියා පොලිසිය එහිදී කිව්වා. පසුව උසාවියෙදි මා රිමාන්ඩ් කළා.
දෙවැනි සැකකාර සමන් දේශප්‍රිය මෙසේ කීවේය.
‘මම දෙදරු පියෙක්. හෝටලයට එදා ගියේ මුල් වතාවටයි. මටත් පොල්ලකින් කවුදෝ ගැහුවා. යකෝ මොනවන බලන්නේ කියා කවුදෝ මගෙන් ඇහුවා. කුරාම් මරා දමා ඇති බව දැනගත්තේ පහුවැනි දා.
සිව්වැනි සැකකාර ප්‍රදීප් චතුරංග සිය ප්‍රකාශයෙන් මෙසේ කීවේය.
‘කුරාම්ගේ පෙම්වතිය මම දූෂණය කළේ නැහැ. එතන රණ්ඩුවක් ඇති වුණු බව දැක්කා. බෝතල්වලින් ගහ ගත්තා. බෝතල් බිඳී තිබුණා.
පස් වැනි සැකකාර සරත් සහන් මෙසේ කීවේය.
‘මට උපාධියක් තිබෙනවා. දහම් පාසලෙත් උගන්වා තිබෙනවා. මම මානව සම්පත් කලමනාකරුවෙක්.‘
ප්‍රගීත් චතුරංග නම් සැකකරු ද විත්ති කූඩුවේ සිට පැවසුවේ තමා මේ අපරාධයට හවුල් නොවූ බවයි.
අඟහරුවාදා (08) පැමිණිල්ලේ දේශන ඇරැඹීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කව්ද මේ අහිංසකයෝ ටික ට නඩු දැම්ම . මට නිකම් කැරකිල්ල වගේ (අ)
කුරාම් කුරම්ව විසින් මරා දමා ඇත. (අ)
කිතුල් ගහට ගිය මිනිහටත් තිබුනනේ නිදහසට උත්තර. අනේ පව් මේ පලා බබා සහ තාම කිරිබොන ගෝලයෝ ටික මුකුත්ම දන්නේ නැහැ. (අ)
පොව් අහිංසකයෝ! (අ)
අනේ, බෝ පැල වගේ! දහම් පාසලේ උගන්නලත් තියෙනවා. ඔය සාක්කි මදැයි නිදහස් කරන්න. (අ)
මුන් ඔක්කොම තොත්ත බාබාලා කුරාම් තමයි පිහියෙන් ඇනගෙන මැරිලා තියෙන්නේ .... වික්ටෝරියා දුෂණය වෙලා තියෙන්නේ එයා විහින්මයි ...... අනේ පවි ... අහිංසකයෝ ටික (අ)
මුන් ඔක්කොම රස්තියාදුකාරයෝ. අපේ රටේ නමේ ඇසුචි ගෑවා. මිනි මරුවෝ. (අ)
කුරාම් ෂෙයික් විසින් ඔහුගේ පෙම්වතිය දුෂණය කර අවසන් වෙද්දී පෙම්වතිය විසින් කුරාම් ෂෙයික් ඔලු කටු කුඩු වෙන්නම වෙඩි තියල මරල වෙනත් අයව පටලව ගන්න හැදුවට මේ අය මොනවා කරන්නද? (අ)
අපි දැක්කනේ හිරේ හිටියත් මෙයාල විඳින සැප.තුන් වේලම කෑම පවා පිටතින් ගෙන්වාගෙන කනවා අන්තරජාලයේ පෙන්වල දුන්නනේ.(අ)
එතකොට මිනිහටම ගහගෙන කෙල්ලත් දුෂණය කරලා මරුණ.(අ)
අනේ පව්, මට මේ කතා කියවන කොට හරියට දුක හිතුනා. කා ගැනවත් නොවේ, අහිංසක මහජනතාව ගැන. මිනී මැරුම්, දුෂණ වලට අපේ ගරු අදිකරණයෙන් දෙන තීන්දුව දෙස ලෝකයම බලා සිටී. යලි මෙවැනි දේ නොකිරීමට දැඩි දඩුවම් දෙන්න. (නදී)
එතකොට අපිද කුරාම් මරා පෙම්වතිය දුෂණය කලේ (නදී)
දැන් එතකොට අපිද මිනී මැරුවේ (නදී)
පොඩි බබාල ටික, ලබන අවුරුද්දේ මොන්ටිසෝරියට දාන්න ඕනෑ. පොත් බෑග් සහ කිරි බෝතල් ගන්නේ කොහොමද? (නදී)
දැන් එතකොට මිනි මරලා ගැණු දුෂණය කරලා තියන්නේ අපි ද? (නදී)
අනේ කොපමණ අහිංසක වැදගත් උදවියටද මේ අද්භූත චෝදනා නගලා තියෙන්නේ. දහම් පාසලේ උගන්වන උපාධිදාරී උදවිය ස්ත්‍රී දුෂණ කරාවිද ? ඔන්න බලන්න අපේ ප්‍රාදේශීය තුමාලා අමාරුවේ දාන්න කවුදෝ ගුණමකු කෙනෙක් හදපු උගුලක් මේක. (නදී)
එතකොට කුරාම් තම පෙම්වතිය දූෂණය කරලා, බෝතලයක් බිඳල අරන් ඇන ගත්ත කියලද කියන්නේ? මේ රැලට උපරිම දඬුවම් ලැබෙන්න ඕනෑ. (නදී)
දැන් එතකොට මේක කියවන අපි තමා කුරාම් ව මරල එයාගෙ කෙල්ලව රේප් කරල තියෙන්නෙ..එහෙමද? (අ)
සුප්පුව ගෙනල්ල මෙයාට කිරි දෙන්න ඕන! (අ)
බලන්ඩකෝ ඉතින් මේ පොලිසියේ උදවියගේ වැඩවල හැටි මේ අහිංසකම කිපදෙනෙකුටනේ නඩුදාළ තියෙන්නේ, (අ)
අනේ හරි අහිසක දේශපාලුවෙක්. අදහන්න වටිනවා ළදරුවෙක් වගේ (නදී)
මෙතන මොකක් හරි අපි නොදන්නා කතාවක් ඇති. මේ දේශපාලක තුමා වැරදි කරන්නේ නැතුව ඇති. මම කියපු දෙයක් කවදාවත් වැරදිලා නැහැ. තව ටික දවසකින් මෙතුමාව නිදොස් කොට නිදහස් වෙයි. එතකොට කට්ටියට මම කොච්චර බුද්ධිමත්ද කියල තේරෙයි. (නදී)
මට පිස්සු වගේ (නදී)
අනේ මේ අහිංසකයෝ ටික කිසි වරදක් කරලා නැහැ. විපක්ෂය බොරුවට කියනවා කුරාම්ම එයාගේ පෙම්වතිය දුෂණය කරලා කුරාන්ම සියදිවි නසාගෙන කියා. බයවෙන්න එපා ඔයාලට උසාවියෙන් මොන තීන්දුව දුන්නත් පොදු සමාව යටතේ නිදහස ලැබෙනවා. ඕන නම් ටික දවසක් හිරේ ඉන්න වේවි. නමුත් ඉක්මනින් එලියට එන්න පුළුවන්. (නදී)
එතකොට සියඹලා ගෙනාවෙ නෑ (නදී)
මෙම නඩුව දිහා මුළු ලෝකයම බලාගෙන ඉන්නේ. පක්ෂග්‍රාහී තීන්දුවක් දුන්නොත් ශ්‍රී ලංකා ප්‍රජාවටම හොඳ නැහැ (නදී)
දැන් මේ සැකකරුවන් කවුරුවත් මේක කලේ නැති නම් අවශේෂ ජනයා වන අපි නේද ඊළඟ සැකකරුවෝ.? ඔන්න හැමෝම එදා මේ සිද්ධිය වුන දවසේ හිටපු තැන සහ කරපු දේ මේ සභාවේ කියන්න හොඳේ. (නදී)
රටේ හැම දේ වගේම මේකත් විපක්ෂය සහ විදේශ බලවේග වලින් කෙලවර වේවි. ලෝකයේම ආශ්චර්ය (නදී)
මේ අය වැලිකඩ යවන්න ඕනා (නදී)
ලංකාව ලෝකයෙන් බොහොම ඉක්මනින් තනිවෙනවා. ගොනා හැරෙනකොට පොල් ගහට වන දෙය හිතාගන්න පුළුවන්. (නදී)
මම ඕක කලින්ම කිව්වා. අන්තිමට කුරාම් එයාවම මරාගෙන එයාගේ පෙම්වතිය බොරුවට දූෂණය වෙලා මේ අහිංසකයෝ ටික බොරුවට අහු කරලා තියෙන්නේ. ලංකාව තරන් මිනිස්සුන්ට විහිළු සපයන රටක් ලෝකේ තියා මුළු ග්‍රහ මණ්ඩලේම නැතුව ඇති. (නදී)
දැන් එතකොට කවුද මේකට වග කියන්න ඕනා. මේ ජෝඩුවට ලංකාවට ඇවිත් මේ අමාරුවේ වැටෙන්න ගුවන් ටිකට් පත නිකුත් කල කෙනා වෙන්න ඕනා. එහෙම නැති නම් අදාළ වීදුරු බෝතලේ නිෂ්පාදකයා ද , එහෙමත් නැතිනම් හෝටලයේ නවාතැන් දීපු උදවිය ද , අහල පහල කාමරවල තුෂ්නිම් භූත වූ උදවියද . ? (නදී)
හම්බන්තොටනේ එ්කයි එයාල එහෙම කියන්නේ. අනේ ටිකිරි ඔළුවට තේරෙන්නේ නැද්ද ? (නදී)
බලනකොට ඔක්කොම බබාල. හිතුවද දන්නේ නැහැ අපිට අන් තියනවා කියල. (නදී)
අනේ අහිංසක රැල. කටේ කිරි සුවඳවත් ගිහින් නැහැ. (නදී)
මේ අය ඉතා අහිංසක බැවින් නැවතත් දිනවමු. මේවා මේ අයට බලය දුන්නු අයගේ කුසල කර්ම. තෙරුවන් සරණයි. (නදී)
අනේ ලංකා තිලක් ගේ බුද්ධිමත් අනාවැකිය බොහොම දෙනෙක් කලින්ම දන්නවානේ. මේක පල කරන්න ඔබ ප්‍රමාද වැඩියි. (නදී)
මේ අයට උපරිම දඩුවම් දිය යුතුයි. අගතියට පත් අයට සාදාරණය ඉටුකරන්න .මෙම නඩු තීන්දුව.දෙස ගොඩක් රටවල් බලාගෙන ඉන්නවා. (නදී)
ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මොකක්ද? අපේ මිනිස්සු හරි හොඳ යි. මේ පිට රට අය අපිට මඩ ගහන්න කතා හදනවා. මන් හිතන්නේ මේක කරලා තියෙන්නේ ඒ අයමයි (නදී)
" කුරාම් විසින් එයාටම පිහියෙන් ඇනගෙන මැරිලා. " එහෙමද වෙන්නේ (නදී)
ඩුප්ලිකේට් එක මට කලින් වැට පැනලා. ආසාවනේ. දෙන්නම ඉතින් හවුලේ අදහස් දාමු. කොහොම උනත් මගේ ප්‍රාර්ථනය මේ පාපතරයින්ට අවශ්‍ය දඩුවම ඉක්මනින් මේ නඩුවෙන් ලැබෙන්න කියල. ඔවුන් මේ රටට කල අවමානය කැළල යන්තම් හෝ මකාගාන්න පුළුවන් වෙන්නේ මොවුන් සියලු දෙනා හැකි ඉක්මනින් පෝරකය වෙත දැක්කවිමෙන් පමණයි. (නදී)
නීති උපදේශකයා ලස්සනට කියන්න ඕන විදිහ උගන්වල තියනවා. නීතියෙන් බේරුනත් ඔය අපරාධවල විපාක දරු මුනුබුරන්ටත් ගෙවන්න වෙනවාමයි. (නදී)
තොත්ත බබාල ටික එන්න මගේ උකුලට නලවන්න (නදී)
මෙම සමාජ දුෂකයන් සමාජය පමණක් නොව හිර ගෙවලුත් දුෂණය කරාවි. ඉක්මනින්ම පෝරකයටම තමයි දක්කන්න ඕන. එත්, ඊළඟ ආත්මෙදි වත් ලෝකෙට කරදරයක් නොකර ඉන්න ආත්මෙක ඉපදෙයි කියල කියන්න බැහැ. ඒ තරමටම පව් කාරයෝ. (අ)
දෙසපලකයෝ වනාහි දැලි පිහිය අතට ලැබුණු වදුරෝය.මොවුන්ට නිසි දඬුවම නොදුනහොත් යහ සමාජයේ පිළිකුල දෙගුණ තෙගුණ වේවි. (අ)
මේ පළමු විත්තිකරු වන විදානපතිරණ මුසාවක් නොව සත්‍යම ප්‍රකාශ කරන බවට ප්‍රතිඥා දීමෙන් පසුව නේද සිය ප්‍රකාශය කර තිබෙන්නේ?(අ)
මුළු ලෝකයම බල ඉන්නේ තීන්දුව දිහා. එංගලන්තය අපි එක්ක ජම්මාන්ත වෛරය කින් ඉන්නේ මේ වැඩ නිසා(අ)
මට පෙනෙන විදියට කුරාම් විසින් සිය පෙම්වතියව දුෂණය කර තමා තමාටම ගසාගෙන මිය ගිය බවක් පෙනේ සැකකරුවන් අහිංසක අය බව පේනවා
නෑ නෑ කුරාන් මැරුවේ මම එයාල හරිම අහිංසකී අනේ (අ)
එක්දහස් නමසිය පනස් ගණන් වල ලංකාවේ හිටපු ප්‍රසිද්ද මහේස්ත්‍රාත් වරයෙක් තීරණයක් දුන්නා වන් ගෙඩියක් මිනීමරුවා කියලා (නදී)
උඩ ඉන්න දෙවියන්ටවත් මේවා පෙනෙන්නේ නැද්ද, දෙවියනේ? (නි)
මේ අහිංසකයින් ඇයි මේවට පැටලුවේ? (නි)
"කොළොම්තොටින් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම ............., ඒ වෙනුවට ගොඩබැස්සේ ආශ්චර්යයයි කොළොම්තොටට......." (නි)
තව ටික දවසකින් කියයිද දන්නෙ නැහැ මුකුත් මතක නැහැ කියලා? (නි)
එතකොට මේවා ඔවුන්ම කරගත්තා කියලද අපිට හිතාගන්න වෙන්නේ? (නි)
අනේ! ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ වරදකරුවන්ට උපරිම දඩුවම් දී එල්ලුම් ගහට යවන්න කියායි. නැත්නම් අපේ රටට වූ කළු පැල්ලම මකන්න බැරිවේවි (නි)
අපේ රටේ හැමතැනකදීම වගේ දැන් දැන් ප්‍රකාශ වෙන්නේ තමන්ටම ගහගත්තා, තමන්ම දූෂණය කරගත්තා වගේ වචන. ජාත්‍යන්තරයටත් ගිය මේ නඩුවට ලෝකය ඉදිරියේ අපේ රට ලැජ්ජාවට පත්කරන්න එපා. (නි)
එතකොට කොහොමද එදා විදේශීය කාන්තාව සාක්ෂිදෙද්දී මේ හොඳ මහත්වරුන්ට වැරදුනේ? (නි)
මේක ගැන ලංකාව විතරක් නෙමෙයි ලෝකයම බලාගෙනයි ඉන්නේ (නි)
ආශ්චර්ය ළඟදීම බලාගන්න පුලුවන් අපිට (නි)
මට අපේ රටේ මිනිසුන් ගැන කණගාටුයි (නි)
බැරිද මේ අයත් ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න? (නි)
ගමකට බැනුම් ඇහුවට පස්සේ ලංකා තිලක්ට පොඩ්ඩක් ලැජ්ජාව ඇවිල්ලා වගෙයි (නි)
ලංකා තිලක් කඩේ යන්නේ ප්‍රාදේශීය සභා මට්ටමෙන් උඩින් ඉන්න කට්ටියට වගේ. (නි)
අනේ පවු! අහිංසක සැකකරුවන් ටිකක්. මෙයාලගේ කතා අහනකොට දුක හිතෙනවා, කිසිකෙනෙකු කිසිම වැරැද්දකට සම්බන්ධ නැහැ. (නි)
මම දන්නා විදිහට නම් විදේශ රටවල නීතිඥ මහත්වරුන්ට අවසර නැහැ අධිකරණය නොමඟ යන සාක්ෂි දෙන තම සේවාදායකයන් හට ආරක්ෂාව දෙන්න හෝ ඒ අයව මෙහෙයවන්න. අවුරුදු කීයකට පස්සේ හරි අහුවුණොත් දඬුවම් ලැබෙනවා. ලංකාවේ නම් කෙසේද කියා මම දන්නේ නැහැ. (නි)
අනේ මේ අයව ආයුධ පෙන්වන්න එක්කගෙන යන්නෙ නැද්ද? (නි)
අහිංසක සභාපති ඇතුළු පිරිස නිදොස්කොට නිදහස් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා (නි)
මේ අහිංසකයින් නිදහස් කරන්න (නි)
දැන දැන වැරදි කරන අය නැවත සමාජයට මුදා හැරීමෙන් ඇතිව ඇති භයානක තත්ත්වය ගැන කුමන කතාද? අධිකරණය නිවැරදි තීරණයක් ගැනීම අපගේ එකම බලාපොරොත්තුවයි. (නි)
අහිංසකයෝ ටික පව් නේද? (නි)
විත්තිකරුවන්ගේ ප්‍රකාශ වලින් පෙනෙන්නේ මෙම මිනීමැරුමට වගකිවයුත්තේ පිටසක්වල ජීවීන් කොටසක් බවද? මේ අහිංසකයන්ට චෝදනා කිරීම උගුලක් වෙන්න ඇති නේද? මේ බලවේගයන්ට මුහුණදීම සඳහා දෑත් ශක්තිමත් කිරීම මේ අවස්ථාවේ අපි කාගේත් යුතුකමක්. (නි)
ඉස්සර කොහොමට තිබුන තංගල්ලද අද මෙහෙම වෙලා තියෙන්නේ? (නි)
මේ ගැන මුලු ලෝකයක්ම බලාසිටින බව මතක තබාගන්න (නි)
දැන් මේකට වරදකරු කවුද? (නි)
පහුගිය දවස්වල පරීක්ෂණ වලින් තහවුරු වුණා නේද ලේ සාම්පල සැකකරුවන්ගේ ලේත් එක්ක ගැළපෙන බව. ඒවත් එහෙනම් බොරුද? (නි)
පුදුම ආශ්චර්යක් මේක නම්. ඇසින් දුටු ශාක්ෂි තිබියදීත් මොනවද මේ දොඩවන්නේ? (නි)
කාට කියන්නද මේ අවනඩු? (නි)
මොවුන් එම අපරාධය කළේ නම් මේ ආත්මයේ හෝ මතු යම් ආත්මයකදී මීට වන්දි ගෙවනු ඇත (නි)
විත්තිකාරයින් කියනවා ඒගොල්ලෝ මේකට සම්බන්ධ නැහැ කියලා. එහෙම නම් මේක පිටසක්වල ජීවීන්ගේ වැඩක්ද? ඔවුන්ද මිනිස් වෙසින් ඇවිල්ලා මේක කළේ? (නි)
මැරුණු මිනිසුන්ට කතා කරන්න පුලුවන් නම්.... (නි)
මේවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණද? (නි)
මට කේන්ති මේ අය එක්ක නොවේ. මේ අය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් සමඟයි (නි)
එතකොට කුරාම් සිය දිවි නසා ගත්තාද? (නි)
මට හරි දුකයි අපේ ශ්‍රී ලංකාව ගැන සහ අපේ අනාගතය ගැන.අපේ පැතුම් හැමදාම සිහිනයක්. (නි)
අනේ! හරිම අහිංසක විත්තිකරුවන් පිරිසක්නේ (නි)
අනේ පව්. මෙහෙමත් වැඩ කරනවද? එතකොට වික්ටෝරියා හඳුනාගත්තා කියන එකත් බොරුවක් වෙන්න ඇති. (නි)
බිල් ක්ලින්ටන් මොනිකා ලුවින්ස්කි සිද්ධියේදී වගේ ඩීඑන්ඒ පරීක්ෂණයකට යන්න මොනවාවත් ඉතුරුවෙලා නැද්ද? (දී)
ඔබ වැරද්දක් කරලා තියෙනවද නැද්ද කියල උසාවිය තීරණය කරයි (දී)
ජාත්‍යන්තර කුමන්ත්‍රණ (දී)
එක්කෙනෙක් සතුටු කරන්න කියල මුළු ලංකාවම පාවල දෙන්න එපා. අසරණ ලංකාවාසී ජනතාවම පාවල දෙන්න එපා.එහෙම වුනොත් ලංකාව තවත් මිනිකන්නන්ගේ දේශයක් බව ලෝකෙටම ඔප්පු කරාවි. (ස)
මේ නඩුව මෙච්චරකල් ඇදෙන්නේ මොකද කියල මොලේ කළඳක් තියෙන ඕනම කෙනෙකුට තේරෙනවා. (ස)
මේ මනුස්සයට ගිනස් වාර්තාවක් තියන්න පුළුවන් ඩි.එන්.එ.පරීක්ෂණ බොරු කරලා. (නදී)
දහම් පාසල් ඇසුරු කරන , රටට වැඩ කරන, කුරා කුම්බියෙකුට වත් උඹ නොදකින් කියා වත් නොකියන මේ අහිංසක මිනිස්සු උසාවියට දක්කල බොරු නඩුවක් පටලලා කරපු අපහාසෙට වික්ටෝරියාට සහ ශ්‍රී ලංකා පොලිසියට දෙන දඬුවම මොකද්ද කියල මුළු ජනතාවම බලාගෙන ඉන්නේ. (නදී)
ඔන්න අපිව එහෙම ගාව ගන්න එපා (දී)
මේක කලේ මේ අය නෙවෙයිනම් පොලිසිය පොල් ගානවද අපරාද කාරයන් අල්ලන්නේ නැතිව. (දී)
ඕවා වෙන්න කලින් හිතන්න ඕන තමන්ගේ අනාගතයට මොකද වෙන්නේ කියලා.දෙයක් උනාට පස්සේ පුරසාරම් දොඩලා වැඩක් තියෙනවද.. (දී)
අපරාධ කල අයට වඩා කවදා හරි විඳවන්නේ ඔවුන්ට අනුග්‍රහය සහ රැකවරණය සපයන උදවියයි. තමන්ට පල නොදුන්නත් තමන්ගේ දරු මුණුපුරන් ඇතුළු ඊළඟ පරම්පරාවේ උදවියට හරි විඳවන්න වෙනවා. ස්ත්‍රී දුෂණ කළා නම් පරම්පරාව ගෙන යාමට දරුවන් නැතිවීම ආදී මෙකී නොකී ඔක්කොම ඉදිරියේදී ලැබේවි. (දී)
තමා විසින් තමාම ගස් බැඳගන්න රාජ්‍ය සේවකයන් සිටින, ඔලුව පැලෙනකන් තමාටම ගසා ගන්නා හමුදා මේජර්වරුන් සිටින, දඩ කොලයක් දුන්විට සිය වාහනය ඉබේ ගිනි ගන්නා පොලිස් නිලධාරීන් සිටින, ගුරවරු සහ ගුරුවරියන් දණ ගස්වන රටේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සිය රුසියානු පෙම්වතිය දුෂණය කොට තමාම වෙඩි තබාගෙන සිය දිවි නසා ගත නොහැක්කේ මන්ද? (ස)
සුද්දො එයාලගේ රටට වෙලා ඉන්නේ නැතුව මෙහෙ ඇවිත් අපේ අහිංසක කොල්ලෝ ටික අමාරුවේ දාන්න හදනවා... මෙයාල මල් වගේ අහිංසක කොල්ලෝ ටිකක්... පව්... හිරේ දුක් විඳිනවා. (ස)
කඩේ යන තොත්ත බබාලා. (ස)
එතකොට රජයේ රස පරීක්ෂකගේ වාර්තා බොරු . මෙයාල ඔක්කොම සුදනෝ . එහෙමනම් ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වැඩක් නැහැ නේද ? මේ ඔක්කොම එකතුවෙලා කරපු අපරාධයට දඩුවම් දෙන්නම ඕන. (ස)
අනේ මාව නම් අල්ලන්න එපා . ඔය දවසේ මම නම් හිටියේ කොළඹ. ඔය කට්ටිය අහිංසකයෝ නම් කරපු අය අල්ල ගන්න එකයි ඇත්තේ. .(දී)
කාට කියන්නද මේ අවනඩු? (දී)
කුරම් වික්ටෝරියාව දූෂණනය කරලා සියදිවි නසාගෙන වගේ. අනේ පවු ඔය විත්තිකරු පැන්චන්ට (නදී)
කාට මොනවා කියන්න බැරිද (දී)
මෙහෙවු රටක අපි ඉපදුනේ මොකටද කියලා අපෙන්ම අහනවා මිසක් අපි වෙන මොනවා කරන්නද? (නි)
තව නොබෝ දිනකින් නඩු තීන්දුව අනුව මෙම ඉතා අහිංසක, නිහතමානී, බෝ පැළ වැනි වූ සභාපතිතුමා සහ දහම් පාසල් ගුරුතුමා ඇතුළු චෝදනා ලැබූ සියලු දෙනාම නිදොස්කොට නිදහස් වෙයිද? ඉන්පසුව එළඹෙන ඡන්දයේදී මෙම පිරිස අතරින් වැඩිදෙනෙකු තංගල්ල නුවරවාසී බුද්ධිමත් ජනතාවගේ වැඩි මනාපයෙන් නැවත වරක් අතිවිශිෂ්ට ජනතා සේවය සඳහා පත්වෙන්නත් පුලුවන් (නි)
බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
රට කරවන නායකයෝ මේවට වග කියන්න ඕන ඍජුවම. (දී)
කුරාම් වික්ටෝරියා දුෂනයකර සිය දිවි හානිකරගෙන ඇථ.
ඇයි රකිත සමහර අපේ උත්තමයෝ බය කරන්න බොරු සෙල්ලම් පිස්තොලත් තියනවනේ. (අ)
මේකේ තීන්දුව දිහා ලෝකෙම බලා ඉන්නවා (දී)
අපිත් ලංකාවේ නොහිටියට මේක මුල ඉඳලම බලාගෙන හිටියේ. වැරදි කාරයන්ට නිසි දඬුවම් දෙන්න ඕනා. නීතියෙන් නොලැබුනොත් ස්වභාව ධර්මයෙන් ලැබෙයි (නදී)
මේවා කාට කියන්නද? (දී)
මටත් අදහස් ගලාගෙන එනවා ලියනවා නම් පොතක් පිරෙන්න. නමුත් මගේ හිතට නැගෙන අදහස් ශිෂ්ඨ ලෝකයා ඉස්සරහ එළිදක්වන්න බැරි නිසා සද්ද නැතිව ඉන්නවා. (ස)