චීන ජනපති ෂී ජිංපින් මේ වසර අවසානයේ ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණෙන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
මීට පෙර චීන ජනපතිවරයකු ලංකාවේ සංචාරයකට පැමිණ ඇත්තේ 1986 වසරේදීය. ඒ අනුව, චීන ජනපතිවරයකු ලංකාවට පැමිණෙන් ඇත්තේ දශක තුනකට පසුව වීම ද සුවිශේෂී සිදුවීමකි.
චීන ලංකා ආර්ථික සබඳතා සහ මිතුදම් තර කර ගැනීම මෙම සංචාරයේ දී ප‍්‍රධාන අරමුණු වනු ඇතැයි ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් පෙන්වා දෙයි. චීන රජය මේ වනවිටත් ශී‍්‍ර ලංකාවේ දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කලකින් අර ටිබෙට් රාජ්‍යය වගේ ලංකාවත් අපේ කියයි.රොෂාන් , ටිකිරි බණ්ඩා හරි.එක නූනොත් තමා පුදුමේ.. (දී)
පිටිගල, මේ අහන්න. උතුර බේරාගත්තේ සේනාධිනායක ඇතුළු රණවිරුවන් තමයි. ඒ ගැන විවාදයක් නැහැ. එහෙත් යුද්ධය ජයගන්න අවශ්‍ය අවි ආයුධ ලබාදුන්නේ කවුද? බටහිර ජාතින් අපිට අවි ආයුධ දෙන්න බැහැ කියනකොට චීනය ඇතුළු මිත්‍ර රටවල් කීපයයි අපේ පිහිටට හිටියේ. (නි)
සඳුනි උතුර බේරා ගත් එකේ සම්මානය හිමිවෙන්නේ අපේ රණ විරුවන්ට. චීනෙට නෙවේ, මොකක්ද චීනේ කලේ උතුර බේරා ගන්න ණය දීපු එකද? චීනේ කළා බම්බුව! ලැජ්ජයි මේ කතා වලට. (ස)
චීන්නු රුපියලකින් කරන්න පුළුවන් දේට රුපියල් 5 ක් වියදම් කරන කට්ටියනේ. මම කියන්නේ මම අත්දැකපු අත්දැකීම්. (නි)
ඉතා හරසරින් අපි ඔබ පිළිගනිමු! (නි)
චීන ජනාධිපති ලංකාවට පැමිණීම අපට ලොකු ආඩම්බරයක් වගේම ලොකු සවියක්. මෙම ශත වර්ෂයේ ලෝකයේ සිටින පළවැනි ආර්ථික බලවතා වගේම ආසියාවේ පළවැනි යුදමය බලවතා අප සමඟ සිටීම, අපේ රටට පැමිණීම කියා නිම කළ නොහැකි වටිනා දෙයක් (නි)
සාදරයෙන් පිළිගනිමු. චීනය අපට උදව් නොකළා නම් උතුර තාමත් ප්‍රභාකරන් අතේ. (නි)
උණුසුම් අන්දමින් පිළිගන්නවා (නි)
මෙම සංචාරයේදී අපේ අයිතිහාසික නටබුන් නරඹන අවස්ථාවේ නොරොච්චෝලේ නටබුමත් පෙන්නුවා නම් හරිම අගෙයි ! . (දී)
පිල්ලේ නෝනා දන්නවද ? (නදී)
ණය පොලියවත් පරක්කු උනාද (නදී)
ඉන්දියාවෙන් ඉල්ලගෙන කන්න වගේ (නදී)
ටිකිරි බණ්ඩාගේ කතාව හරි. එයාට මෝඩයි කියන අය තමයි මෝඩ. ලංකාවම චීනයේ පාලනයට ලගදීම යනවා. ගිනි පොලියට ලංකාවට නය දීල ඒවායින් ලංකාවට ආදායමක් එන්නේ නැති විට ලංකාවට නය ගෙවා ගන්න බැරුව යනවා. එතොකට චීනෙන් ඒවා පාලනයට ඉල්ලනවා. දැනටමත් නොරච්ච්ලේ සිද්ද වෙන්නේ එකයි. (නදී)
ටිකිරි බණ්ඩා මෝඩයි වගේ (නදී)
"චීන රජය මේ වන විටත් ශී‍්‍ර ලංකාවේ දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇත". අපිට වෙන්නෙත් දැන් පිලිපීනයට වෙලා තියෙන විනාශයම තමයි. ලංකාවේ අනාගත දරු පරම්පරාවට මොනවද වෙන්නේ? (නදී)
නව යටත් විජිතය බලන්න එනවාද? (නදී)
සාදරයෙන් පිලිගනිමු (නදී)