ඌව පළාත් සභාව විසිරැවීමට පෙර රජයේ වාහන සහ උපකරණ සියල්ල ලබන 12 වැනි දිනට පෙර පළාත් සභාවට බාර දී තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස ඌව පළාත් මහ අමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය ලේකම්වරුන්ට හා පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත අද කතරගමදී උපදෙස් දුන්නේය.
ඌව පළාත් සභා මැතිවරණය රටටම ආදර්ශයක් වන අයුරින් සාමකාමී මහත්මා දේශපාලනයක් කර පෙන්වීමට තමන් ක්‍රියා කරන බවත් ඌව පළාත් සභාවේ සිටිය සියලුම මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් ද තම රථ වාහන ලබන 12 පෙර බාර දීමට නියෝග කරන බව ද පැවසීය.
ඌව පළාත් සභාව ලබන 11 හෝ 12 වැනි දිනට පෙර විසුරුවා හැරීමට ඉඩ කඩ ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරනවා නම් ඇත්තටම අගය කරනවා. හැබැයි ඡන්දෙ නම් දෙන්නේ නැහැ හොඳේ (නි)
මට එක්තරා චිත්‍රපටියක් මතක් වුණා (නි)
මේවා අපිට කියන්න එපා ඇමතිතුමනි (නි)
කතරගම දේවාලේ පඩුරු සල්ලි තියනවනේ. ඉතින් තව රජයෙන් සල්ලි මොකටද? (අ)
මේවා අහන කොට මටනම් බොන්න හිතෙනවා (අ)
මේවා ඇහෙද්දී මට හිනා යනවා. (නදී)
අනේ ඒ උත්තමයන්ට කතරගම දෙවි හමුදුරුවන්ගේම පිහිට අරක්ෂාවයි. (නදී)
මොනාද මේ කතා! (අ)
බලමුකෝ මොකද කරන්නේ කියලා (නි)
ඇත්ත. රජයෙන් නුල්පොටක් මොකටද? (නි)
සිල්වා, ඔයාගේ කීම හරියටම හරි (නි)
අර සුනිල් කියන කතාව 100% හරි. (නි)
ඒක හොඳයි (නි)
අපිටනම් කමක් නැහැ අපේ දේවල් ගන්නේ නැතුව (දී)
නූල් නම් නැතුවට කමක් නැහැ ඉස්පිරිත්තු ටික වෙලාවට ලැබුනොත් ඇති! (ස)
ඇමතිතුමාගේ පවුලේ කට්ටිය උදව්වට එන්නෙත් පෞද්ගලික වාහනවලද? (නදී)
අනේ ඇත්තට, කොහොමද ඔහොම කියන්නේ? (නි)
බොහොම හොඳයි (නි)
ඇඟේ නූල් පොටක් නැතුව වගේ තමයි සමහර අය වැඩ කරන්නේ. (නි)
මෙදා පාර දෙන්නම්කෝ අපි.... (නි)
නියමෙට කරයි. අපි බලමු ඔය කියන සර්ව සාධාරණය කොහෙද තියෙන්නේ කියලා. ඔව්වා භාර දුන්නහම කොළඹින් ඒ වගේ තුන් ගුණයක් වාහන එවයි (නදී)
මගේ ආදරණීය සර් ඔබතුමන් වැනි නායකයන් අප මව් රටට මහා ආශීර්වාදයක් මෙන්ම මහා වාසනාවක් ශෂීන්ද්‍ර රාජපක්ෂ යන නාමය සාදා කාලික ලෙස මුළු ලෝකයේම බැබළෙනවා නියතයි .අහිංසක මිනිසුන්ට ආදරය කරන අහිංසක මිනිසුන් සමග සුහදව කටුයුතු කරන තවත් නායකයෙක් මිහිපිට නැති තරම්, ඔබගේ සිනහව මෙන්ම ඔබ ගේ හදවත ද සුන්දර බව මා දනිමි .ඒ හදවතේ සුන්දර බව මොනරාගල ජනතාවට මෙන්ම මුළු රටේම ජනතාව හඳුනාගෙන අවසන් ,ඔබතුමන්ගේ ජය විජයග්‍රහණයකින් නිම වී මගේ රටටම සෙනෙහවන්ත නායකයෙක් වීමට ශක්තිය ලැබේවා. (ස)
මොනවා උනත් හොඳ අදහසක්, හොඳ වැඩක්, කාටවත් බඩු බෙදන්ඩ දෙන්ඩත් එපා. හොඳ තරඟයක් තියේවී කියලා හිතෙනවා. (ස)
බලෙන් බලයේ ඉන්නවට වඩා ජනතාවගේ කැමැත්තෙන්ම විතරක් බලයට එනවනම් තමයි ගොඩාක්ම වටින්නේ. (ස)
ඔවු, මුළු රටටම ආදර්ශයක් වෙන අන්දමේ හොර මැරකම් වලින් තොර සාමකාමී මැතිවරණයක් සඳහා බොහොම හොඳ ආරම්භයක් ලබා දෙන්ට පළාතේ හැම පක්ෂයක්ම කටයුතු කලොත් හොඳයි. අපගේ සුබ පැතුම්. (ස)
මේ පාර ටිකක් අමාරුයි (නදී)
ඉස්සෙල්ලම ඔබ තුමාගේ වාහන ටිකයි, දෙපාර්තමේන්තු වාහන ටිකයි බාර දෙන්න කෝ. (නදී)
ඕවට අපි නම් අහුවෙන්නෙ නැහැ (නි)
ආදර්ශවත් කියමනක් (නි)
මේවා අහල පන යන තරමට මටම හිනා (නදී)
මේවා අහනකොටම මටම හිනා (නදී)
නූල් පාටක් වත් ගන්න අතේ සල්ලි නැහැ ඇමති තුමෝ. (නදී)
අනේ මාමේ මේවා කියන්න පුළුවන් කරන්න පුලුවන්ද බලමුකෝ මේ පාර සාර්ථකවේද ? (නදී)
ඔය කතා කියන්න එපා අපිට (නි)
මට මේවා ඇහෙනකොට හිනාත් යනවා (නි)
නුල් පොටක් නේ ඕනි නැත්තේ. ඩබල් කැබ් වාහන ඕනි, සේවයකන් ඕනි, සල්ලි ඕනි (ඒවානම් දැන් පාස් කරගෙන අහවර වෙලා ඇති) රුපවාහිනීය වැඩිය ඕනි, ටකරම් ඕනි, ඔය මෙකි නොකී දේ ඔක්කොම ඕනි නුල් පොට නැතිවට. හෙට අනිද්දා බලාගන්න පුළුවන් වේවි පාරිශුද්ද විදියට ඡන්ද කරන හැටි (නදී)
සාමකාමී මහත්මා දේශපාලනයක් හිනා යන් නැද්ද ? (නදී)
හොඳ ආදර්ශයක්.සිල්වා හීන දකිනවා.කමක් නැහැ එතුමාගේ සතුටනේ. (නි)
මේවා අහලා මොනවා කියන්නද කියලා මට තේරෙන්නෙ නැහැ (නි)