IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘ඡන්දෙට රජයේ නූල් පොටක්වත් එපා‘

ඌව පළාත් සභාව විසිරැවීමට පෙර රජයේ වාහන සහ උපකරණ සියල්ල ලබන 12 වැනි දිනට පෙර පළාත් සභාවට බාර දී තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස ඌව පළාත් මහ අමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය ලේකම්වරුන්ට හා පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත අද කතරගමදී උපදෙස් දුන්නේය.

ඌව පළාත් සභා මැතිවරණය රටටම ආදර්ශයක් වන අයුරින් සාමකාමී මහත්මා දේශපාලනයක් කර පෙන්වීමට තමන් ක්‍රියා කරන බවත් ඌව පළාත් සභාවේ සිටිය සියලුම මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් ද තම රථ වාහන ලබන 12 පෙර බාර දීමට නියෝග කරන බව ද පැවසීය.

ඌව පළාත් සභාව ලබන 11 හෝ 12 වැනි දිනට පෙර විසුරුවා හැරීමට ඉඩ කඩ ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (0)

‘ඡන්දෙට රජයේ නූල් පොටක්වත් එපා‘

සත්ත්‍ය Monday, 07 July 2014 06:44 PM

මේවා ඇහෙද්දී මට හිනා යනවා. (නදී)

:       0       0

තබුක් සිල්වා Monday, 07 July 2014 02:58 PM

මේවා අහනකොටම මටම හිනා (නදී)

:       0       0

සම්පත් දිල්ලිමුනි ලන්ඩන් නුවර සිට Monday, 07 July 2014 03:02 PM

මගේ ආදරණීය සර් ඔබතුමන් වැනි නායකයන් අප මව් රටට මහා ආශීර්වාදයක් මෙන්ම මහා වාසනාවක් ශෂීන්ද්‍ර රාජපක්ෂ යන නාමය සාදා කාලික ලෙස මුළු ලෝකයේම බැබළෙනවා නියතයි .අහිංසක මිනිසුන්ට ආදරය කරන අහිංසක මිනිසුන් සමග සුහදව කටුයුතු කරන තවත් නායකයෙක් මිහිපිට නැති තරම්, ඔබගේ සිනහව මෙන්ම ඔබ ගේ හදවත ද සුන්දර බව මා දනිමි .ඒ හදවතේ සුන්දර බව මොනරාගල ජනතාවට මෙන්ම මුළු රටේම ජනතාව හඳුනාගෙන අවසන් ,ඔබතුමන්ගේ ජය විජයග්‍රහණයකින් නිම වී මගේ රටටම සෙනෙහවන්ත නායකයෙක් වීමට ශක්තිය ලැබේවා. (ස)

:       0       0

යසින්ත Monday, 07 July 2014 03:02 PM

මොනවා උනත් හොඳ අදහසක්, හොඳ වැඩක්, කාටවත් බඩු බෙදන්ඩ දෙන්ඩත් එපා. හොඳ තරඟයක් තියේවී කියලා හිතෙනවා. (ස)

:       0       0

ඉසුරන්දි Monday, 07 July 2014 03:06 PM

බලෙන් බලයේ ඉන්නවට වඩා ජනතාවගේ කැමැත්තෙන්ම විතරක් බලයට එනවනම් තමයි ගොඩාක්ම වටින්නේ. (ස)

:       0       0

ලලිත් Monday, 07 July 2014 06:59 PM

අනේ ඒ උත්තමයන්ට කතරගම දෙවි හමුදුරුවන්ගේම පිහිට අරක්ෂාවයි. (නදී)

:       0       0

නිශාර්ඩ් Monday, 07 July 2014 03:08 PM

ඔවු, මුළු රටටම ආදර්ශයක් වෙන අන්දමේ හොර මැරකම් වලින් තොර සාමකාමී මැතිවරණයක් සඳහා බොහොම හොඳ ආරම්භයක් ලබා දෙන්ට පළාතේ හැම පක්ෂයක්ම කටයුතු කලොත් හොඳයි. අපගේ සුබ පැතුම්. (ස)

:       0       0

මහී Monday, 07 July 2014 03:22 PM

මේ පාර ටිකක් අමාරුයි (නදී)

:       0       0

සීල Monday, 07 July 2014 03:28 PM

ඉස්සෙල්ලම ඔබ තුමාගේ වාහන ටිකයි, දෙපාර්තමේන්තු වාහන ටිකයි බාර දෙන්න කෝ. (නදී)

:       0       0

විජිත් Monday, 07 July 2014 03:34 PM

ඕවට අපි නම් අහුවෙන්නෙ නැහැ (නි)

:       0       0

එරංග Monday, 07 July 2014 03:36 PM

ආදර්ශවත් කියමනක් (නි)

:       0       0

නලින් Monday, 07 July 2014 03:47 PM

මේවා අහල පන යන තරමට මටම හිනා (නදී)

:       0       0

දුටුගැමුණු Monday, 07 July 2014 03:47 PM

නියමෙට කරයි. අපි බලමු ඔය කියන සර්ව සාධාරණය කොහෙද තියෙන්නේ කියලා. ඔව්වා භාර දුන්නහම කොළඹින් ඒ වගේ තුන් ගුණයක් වාහන එවයි (නදී)

:       0       0

මිගිද Monday, 07 July 2014 03:49 PM

නූල් පාටක් වත් ගන්න අතේ සල්ලි නැහැ ඇමති තුමෝ. (නදී)

:       0       0

ජසීම් Monday, 07 July 2014 03:51 PM

අනේ මාමේ මේවා කියන්න පුළුවන් කරන්න පුලුවන්ද බලමුකෝ මේ පාර සාර්ථකවේද ? (නදී)

:       0       0

නමිදු Tuesday, 08 July 2014 08:40 AM

කරනවා නම් ඇත්තටම අගය කරනවා. හැබැයි ඡන්දෙ නම් දෙන්නේ නැහැ හො‍ඳේ (නි)

:       0       0

කුසලා Monday, 07 July 2014 03:58 PM

ඔය කතා කියන්න එපා අපිට (නි)

:       0       0

දහම් Tuesday, 08 July 2014 08:57 AM

අර සුනිල් කියන කතාව 100% හරි. (නි)

:       0       0

එරංග Tuesday, 08 July 2014 09:14 AM

ඒක හොඳයි (නි)

:       0       0

සසෙන්ද්‍ර Monday, 07 July 2014 04:14 PM

මට මේවා ඇහෙනකොට හිනාත් යනවා (නි)

:       0       0

පෙරේරා Monday, 07 July 2014 09:12 PM

මොනාද මේ කතා! (අ)

:       0       0

සුනිල් Monday, 07 July 2014 04:21 PM

නුල් පොටක් නේ ඕනි නැත්තේ. ඩබල් කැබ් වාහන ඕනි, සේවයකන් ඕනි, සල්ලි ඕනි (ඒවානම් දැන් පාස් කරගෙන අහවර වෙලා ඇති) රුපවාහිනීය වැඩිය ඕනි, ටකරම් ඕනි, ඔය මෙකි නොකී දේ ඔක්කොම ඕනි නුල් පොට නැතිවට. හෙට අනිද්දා බලාගන්න පුළුවන් වේවි පාරිශුද්ද විදියට ඡන්ද කරන හැටි (නදී)

:       0       0

අනූ Monday, 07 July 2014 04:24 PM

සාමකාමී මහත්මා දේශපාලනයක් හිනා යන් නැද්ද ? (නදී)

:       0       0

බිංයක Wednesday, 09 July 2014 09:02 AM

මෙදා පාර දෙන්නම්කෝ අපි.... (නි)

:       0       0

ප්‍රශං Tuesday, 08 July 2014 09:50 AM

අපිටනම් කමක් නැහැ අපේ දේවල් ගන්නේ නැතුව (දී)

:       0       0

සදුනි Monday, 07 July 2014 04:29 PM

හොඳ ආදර්ශයක්.සිල්වා හීන දකිනවා.කමක් නැහැ එතුමාගේ සතුටනේ. (නි)

:       0       0

විජේසූරිය Tuesday, 08 July 2014 09:56 AM

නූල් නම් නැතුවට කමක් නැහැ ඉස්පිරිත්තු ටික වෙලාවට ලැබුනොත් ඇති! (ස)

:       0       0

අචිනි Monday, 07 July 2014 04:36 PM

මේවා අහලා මොනවා කියන්නද කියලා මට තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

ධම්ම Tuesday, 08 July 2014 10:11 AM

ඇමතිතුමාගේ පවුලේ කට්ටිය උදව්වට එන්නෙත් පෞද්ගලික වාහනවලද? (නදී)

:       0       0

නන්දන Monday, 07 July 2014 04:54 PM

සිල්වා, ඔයාගේ කීම හරියටම හරි (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 08 July 2014 12:07 AM

බලමුකෝ මොකද කරන්නේ කියලා (නි)

:       0       0

වසන්ත Monday, 07 July 2014 05:05 PM

මට එක්තරා චිත්‍රපටියක් මතක් වුණා (නි)

:       0       0

වීරසේකරගේ Tuesday, 08 July 2014 12:36 AM

ඇත්ත. රජයෙන් නුල්පොටක් මොකටද? (නි)

:       0       0

ජගත් Wednesday, 09 July 2014 04:48 AM

අනේ ඇත්තට, කොහොමද ඔහොම කියන්නේ? (නි)

:       0       0

මලීකා Wednesday, 09 July 2014 04:49 AM

බොහොම හොඳයි (නි)

:       0       0

සඳුන් පෙරේරා Wednesday, 09 July 2014 04:49 AM

ඇ‍ඟේ නූල් පොටක් නැතුව වගේ තමයි සමහර අය වැඩ කරන්නේ. (නි)

:       0       0

නිශාන් Monday, 07 July 2014 05:44 PM

මේවා අපිට කියන්න එපා ඇමතිතුමනි (නි)

:       0       0

ලහිරු Monday, 07 July 2014 05:54 PM

කතරගම දේවාලේ පඩුරු සල්ලි තියනවනේ. ඉතින් තව රජයෙන් සල්ලි මොකටද? (අ)

:       0       0

සුරන්ජිත් ලාල් Monday, 07 July 2014 06:31 PM

මේවා අහන කොට මටනම් බොන්න හිතෙනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 384 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 855 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 546 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 884 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1372 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 572 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site