IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ඡායාරූප මාධ්‍යවේදීයාගේ සැත්කමට උදව් ඉල්ලයි

හදිසි අනතුරකට මුහුණ දුන් ද නේෂන් පුවත්පතේ  ඡායාරූප මාධ්‍යවේදී රුක්ෂාන් අබේවංශ මහතාගේ  ජීවීතය අනතුරින්  මුදා ගැනීම සඳහා ඔහුගේ කොඳු ඇට පෙළෙහි  සැත්කමක් සිදු කැරිණි.

ඔහු කොළඹ සෙන්ට්‍රල්  රෝහලේ  ප්‍රතිකාර ලබයි.

සියල්ල හොදින් සිදු වේ යැයි  සැමගේම බලාපොරොත්තුවයි.රුක්ෂාන්ගේ  සියලු ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ 30 ක් පමණ වැය වන බව රෝහල කියයි.

ඔහුගේ රක්ෂණයෙන් ලැබෙන්නේ  සුළු මුදලක් බවත් ඉතිරිය සොයා ගැනීම  විශාල අභියෝගයක් බවත් බිරිය කියන්නීය.මේ අභියෝගයට මුහුණ දෙන්නට රුක්ෂාන්ට අපේ උදව් අවැසිය.

ඔහුගේ බිරිය ශමිලා  නිරෝෂනී ආරියරත්න නමින්  කොමර්ෂල් බැංකුවේ මරදාන ශාඛාවේ ගිණුමට ආධාර බැර කළ හැකියි.

ගිණුම් අංකය - 8320022931, ස්විෆ්ට් කේතය CCEYLKLX දුරකතන අංකය- 071-6503062

 

 

 



අදහස් (0)

ඡායාරූප මාධ්‍යවේදීයාගේ සැත්කමට උදව් ඉල්ලයි

බුද්ධික දිසානායක​ Friday, 20 June 2014 03:56 PM

මම මේ අයියාගෙ ළඟම මිතුරෙක්. මොහු හොඳ මනුස්සයෙක්. මේ වියපැහැදම් මෙම පවුලට දරාගන්න අමාරුයි. මමත් උදව් කරනවා. ඔයාලත් පුලුවන් උදවුවක් කරන්න.ගොඩක් පින් අයිතිවෙයි! (නි)

:       0       0

රනිල් ආරියරත්න Friday, 20 June 2014 11:50 PM

ඉන්ද්‍රජිත් මේ මගේ අයියා.. එයා රට වෙනුවෙන් කලේ සත්‍ය හෙලිකල එක​.. මාධ්‍යවේදියෙක්ට කරන්න පුලුවන් ලොකුම දේ.. කරූ යතුරුපැදි අනතුරක්.. යතුරුපැදිය පැදවූ කෙනාටත් තුවාලයි නමුත් බරපතල නැහැ.. සුදත් ඔබේ ගැටලු සාධාරණයි. සියලු විස්තර ලබාදෙන්න අපි සූදානම්. සරා කොළඹ මහ රෝහලේ අව‍ශ්‍ය පහසුකම් නොතිබුනු නිසා තමයි අපි මේ රෝගියාව සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලට අරන් ගියේ. කොළඹ මහ රෝහලෙන් රෝගියාව දින 45ක් තබාගතයුතුයි කීවා. නමුත් පැය කීපයක් තුල සුෂුම්නාවේ ශල්‍යකර්මය කලයුතුව තිබුනා. අපි ඒ මොහොතේ ඒ තීරණය නොගත්තානම් රෝගියාගේ සත් දින දානය දී අවසන්.. (දී)

:       0       0

නුවන් Friday, 20 June 2014 04:16 PM

ඇත්ත. මෙවැනි වෙලාවක තමයි අපි උදවු කරන්න ඕනෑ (නි)

:       0       0

රාජු Saturday, 21 June 2014 03:05 AM

ඉන්ද්‍රජිත්, මිනිහෙකුට අනතුරක් ආපදාවක් වුනාම අලගිය තැන් මුලගිය තැන් හොයන්නේ නැතුව හැකි පමණින් උදව් කරන එක තමයි මනුස්ස කම. (නදී)

:       0       0

රෝයි කලප්ගේ - වෙරෝනා Saturday, 21 June 2014 03:06 AM

ඉන්ද්‍රජිත් රට වෙනුවෙන් කර ඇති දේ මොකක්ද? (නදී)

:       0       0

පුෂ්පා Saturday, 21 June 2014 12:36 PM

මට පෙනෙන්නෙත් හිතෙන්නෙත් ඉන්ද්‍රජිත් පොඩි විහිළුවක් කරලා වගෙයි. එ්කට කාගේ කාගේත් ඇස් රතු වුණාවත්ද? ඒක විහිළුවක් නම් ටිකක් ඒක සැර වැඩි කියල තමයි මට කියන්න තියෙන්නේ. අපි විකටයින්ගේ විකට කතා වලට කලබල වෙන්න ඕනි නැහැ!(නදී)

:       0       0

නැනි Saturday, 21 June 2014 06:00 AM

නාගයන්ටත් බෙහෙත් දුන්න උතුම් ජාතියක් අපි. රෝගියා සුවපත් වේවා! (නදී)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 20 June 2014 12:33 PM

රට වෙනුවෙන් කර ඇති දෑ දාන්න (නදී)

:       0       0

චාන්දනි Saturday, 21 June 2014 08:45 AM

කෙනෙකුට විපතක දී තමන් උදව් කරන්න අකමැති නම් කරන්න කැමති අයට ඉඩ දී පැත්තකට වෙන්න . රනිල් මහතා ඔබේ සොහොයුරාගේ ප්‍රතිකාර තොරතුරු , දොස්තර නිර්දේශ යනාදිය සඳහන් කරලා වැඩි විස්තර ඉදිරිපත් කලොත් හොඳයි නේද ? අපි බහුතරයකට මේ ගැන සැකයක් නැහැ . නමුත් විනිවිද භාවය ඉතා වැදගත්. (අ)

:       0       0

බිමල් Saturday, 21 June 2014 08:49 AM

රෝය් මහතා, රට වෙනුවෙන් සේවය කල උදවිය සඳහා තමා අර සිංගප්පුරුවේ ප්‍රසිද්ධ රෝහල තියෙන්නේ. මේ රෝගියාත් මට මතක නැහැ කිව්වා නම් සියලුම ප්‍රතිකාර ලැබේවි. (නදී)

:       0       0

රසික Friday, 20 June 2014 07:15 PM

මෙයා මගේ මිතුරෙක්. හොඳ මනුස්සයෙක්.. වාහන අනතුරකින් මේ දේ වුණේ.කළ හැකි උපකාරයක් කරන්න..ගොඩක් පින්! (නි)

:       0       0

දසුනි Saturday, 21 June 2014 08:53 AM

මේ කියන දේ ඇත්ත. මගේ ඥාති සොයුරාත් මිතුරෙකු සමග මෝටර් සයිකලයේ ගොසින් කකුල දෙක කැඩුනා. එය පැදවූ කෙනා සුළු තුවාල ලබා බේරුනා. සාමාන්‍යයෙන් පසු පස ගමන් කරන කෙනාටලු වැඩියෙන් අනතුරු වෙන්නේ. රුක්ෂාන්ගේ කන් කොන් නොසොයා අපි හැකි උපකාරයක් කරමු. (නදී)

:       0       0

හේමා Saturday, 21 June 2014 08:58 AM

ඉන්ද්‍රජිත් ඔබට අවශ්‍ය නම් රෝගියාගේ වැඩි විස්තර ඉල්ලන එ්කේ කිසිම වරදක් නැහැ . නමුත් කෙනෙකුට ලෙඩක් දුකක් වුන වෙලාවේ මෙහෙම කුහක වෙන්න එපා. රටට සේවය කල උදවියද මහ තැන් වල පිහිටෙන් ලෝකයේ හොඳ ම රෝහල වල ප්‍රතිකාර ලබා ගන්නේ. (නදී)

:       0       0

නිල්මිණි Friday, 20 June 2014 01:25 PM

රට වෙනුවෙන් කර ඇති දේ නෙමෙ,මේ මිනිසාගේ ජීවිතය බේරගන්න විදිහ බලන්න,ඉක්මන් සුවය සහ අපේ සියලු පාඨකයන්ගේ ආදරය නොඅඩුව ලබා දෙන්න, (ස)

:       0       0

නාලක Friday, 20 June 2014 01:32 PM

ඉන්ද්‍රජිත්, රට වෙනුවෙන් මුකුත් කරත් නොකලත් මනුස්සයෙක් වශයෙන් උදව්වක් කරන්න පුලුවන්නම් කරන්න.... පිස්සෙක් වෙන්න එපා...(ස)

:       0       0

මිගාර Friday, 20 June 2014 01:40 PM

ඉන්ද්‍රජිත් - මනුස්සයෙක් අසරණ උන වෙලාවට ඒ මනුස්සයා හොඳ මනුස්සයෙක්ද නරක මනුස්සයෙකද කියලා හොයා ඉන්නේ නැතුව මනුස්ස නාමයෙන් උදව් කරන එක තමයි කරන්න ඕනේ. අනේ මන්දා රටේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා මේ ලඟකදී ඉඳලා. මොහුට ඉක්මන් සුව ප්‍රර්ථනා කරන අතර පුළුවන් පුළුවන් විදියට උදව් කරමු අපි හැමෝම එකතු වෙලා. (ස)

:       0       0

රුවිනි Friday, 20 June 2014 07:38 PM

අපෙත් ළඟම මිතුරෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අහිංසක ලස්සන සරල ජීවිතයක් ගතකරන හොඳ පවුලක්. මේ පවුලට මේ වියපැහැදම් කොහෙත්ම දරාගන්න අමාරුයි. ගොඩක් පින් අයිතිවෙයි, පුලුවන් විදියට උදවු කරමු අපි හැමෝම එකතු වෙලා. (නි)

:       0       0

හේරත් Friday, 20 June 2014 08:08 PM

ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

සංජු Friday, 20 June 2014 08:44 PM

ඉන්ද්‍රජිත් කියන්නේ මොන වගේ කෙනෙක්ද මන්දා? රුක්ෂාන් කියන්නේ මනුස්සයෙක්. උදවුවක් කරනවා නම් ඒ හේතුවම ඇති. (නි)

:       0       0

රනිල් ආරියරත්න Saturday, 21 June 2014 05:39 PM

සියළු දෙනාගේම සහයෝගයට අවන්ක ස්තූතිය​. මේ වනවිට සුසුම්නාවේ ශල්‍යකර්මය සිදුකර අවසන්. ශල්‍යකර්මය සිදුකලේ ආසියාවේම හොඳම ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස සලකන සුනිල් පෙරේරා මහතා. කොළඹ මහ රෝහලේ අව‍ශ්‍ය පහසුකම් නොතිබුනු නිසා තමයි අපි මේ රෝගියාව සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලට අරන් ගියේ. තවමත් රෝගියාට පපු ප්‍රදේශයෙන් පහල පාලනයක් නැහැ (තාවකාලික තත්වයක් වේව කියලා අපි ප්‍රාර්ථනා කරනවා, නමුත් සුව වීමේ ස්ථීර දිනයක් වෛද්‍යතුමටත් කිවනොහැකියි). වෛද්‍ය නිර්දේශ​, රෝහල් බිල්, පොලිස් වාර්තා සියල්ල අවශ්‍ය ඕනැම අයෙකුට ලබාදෙන්නට අපි සූදානම්. රෝගියා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලේ 5 මහලේ පිහිටි ස්නායු දැඩි සත්කාර ඒකකයේ. හැකි ඉක්මනින් අපි රුපියල් ලක්‍ෂ 30ක මුදලක් රැස්කල යුතුයි. ඒ මුදල දැනට වියදම පමනයි. රෝහලෙන් පිටත් වූ දිනක සිට අතිරේක වියදම් අපමනයි බව අපි දන්නවා... වැඩි විස්තර සඳහා මා ඇමතීමට කාරුණික වන්න​.. රනිල් ආරියරත්න - 0771659602 (අ)

:       0       0

චන්දන Friday, 20 June 2014 02:50 PM

ඉන්ද්‍රජිත් ගිනිගත්ත රැවුලෙන් සුරුට්ටු පත්තුකරන්න හදනවා. ඔහු කල දේවල් පසුව බලමු. (ස)

:       0       0

කරූ Friday, 20 June 2014 03:10 PM

මොකක්ද හදිසි අනතුර අපි දැනගන්න ඕනා (නදී)

:       0       0

සුදත් ශ්‍රී Friday, 20 June 2014 03:34 PM

කලබල වෙන්නෙ මොකටද? එසැණ පුවත් පාඨකයින් මිනිස්සුන්ට උදව් කරන්න නිතරම සූදානමින් ඉන්නෙ. එහෙම උදව් ගත්තු අය ඕනෑ තරම් ඉන්නවා. ඒත් ඊට කලින්, උදව් කරන්නෙ කාටද, අනතුර උනේ කොහොමද, අරමුණ මොකද්ද? කියලා දැනගන්න උදව් කරන්නන්ට අයිතියක් තියෙනවා. කිසිවක් නොදැන බැංකු ගිණුම් වලට මුදල් යවන්න කවුද කැමති? (ස)

:       0       0

සරා Friday, 20 June 2014 03:35 PM

ඇයි මෙච්චර සල්ලි ඉල්ලන්නේ රෝහලෙන්? ප්‍රතිකාරය මොකක්ද? අනතුරෙන් වුනේ මොකක්ද? දෙවෙනි උපදෙසක් ගත්තා නම් හොඳයි නේද? මේ විස්තරත් දාන්න. (ස)

:       0       0

ප්‍රදීප් Friday, 20 June 2014 03:44 PM

රජයේ රෝහලක කරන්න බැරි දෙයක්ද?. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (ස)

:       0       0

ප්‍රදීප් Friday, 20 June 2014 03:44 PM

රජයේ රෝහලක කරන්න බැරි දෙයක්ද?. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2524 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1679 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2421 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 573 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3328 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site