කොළඹ කොම්පඤ්ඤවීදීයේ සතොස ගොඩනැගිල්ලේ හය වැනි මහලේ වීදුරු දොරකට අලාභ හානි කළ සම්බන්ධිකරණ ලේකම්වරයකුට රුපියල් එකොළොස්දහස් දෙසිය පනහක් වන්දි ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
මෙසේ වන්දි නියම වුයේ වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු වන දොන් පීටර් නානයක්කාරටය.2012 දී එම වීදුරු දොර කඩා හානි කර තිබිණි. සතොසේ මුදල් හා විගණන අංශයේ පිවිසුම් දොරටුව පිහිටියේ ඒ මහලේය.
ඔහු ඊට හානි කළ බව සොයා ගැනුණේ ඔහුගේ ඇඟිලි සලකුණු තුනක් එහි සටහන් වී තිබීමෙනි.2013 ජුලී 31 වැනිදා එම ගොඩනැගිල්ලේ ගින්නක් හටගත් බවත් ගින්නට කලින් එම දොර කඩා ඇති බවට කොම්පඤ්ඤවීදියේ පොලීසියට පැමිණිලි කළ බවත් අධිකරණයේදී කියැවිණි.
දෙපාර්ශවයේම එකඟත්වයෙන් සිද්ධිය සමථකට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් රාජ්‍ය දේපළකට හානිකිරීම වැරදියි (නි)
මෙහෙම පුලුවන්ද රාජ්‍ය දේපළ වනසන්න? (නි)
මේ වාගේ සත්ගුණවත් පුද්ගලයන් සම්බන්ධීකරණ ලේකම්ලා හැටියට පත් කරගැනීමම මදෑ ඉතින්... (නි)
ගින්නට ඉස්සරවෙලා විගණන අස්සේ දොර කඩලා නම් ඉතින් නිකම් නෙමේනේ දොර කඩලා ඇත්තේ. ලිපි ගොනු එහෙමත් අතුරුදහන් වෙලා ඇතිනේ. ඊට පස්සේ එ්ක වහන්නයි ගින්න පටන්ගන්න ඇත්තේ. ඒ ගැන හොයල නැද්ද? අනේ මන්දන්නේ නැහැ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ (නදී)
නිතිය වල්වැදිලද? නැත්තම් ඕන ඕන අය මේ නිතිය ඕන ඕන විදිහට පරිහරණය කරනවද? (නදී)
ගොඩනැගිල්ලේ ගින්න සහ අලාභය ගැන තවත් හොයන්න දෙයක් නැහැ. නඩුව සමතයකට පත් වෙලා නේ. (නදී)
නඩුයි බඩුයි කාගේ වුණත් මේ දේපල අපේ. (මහජනතාවගේ) (නි)
සුනිල්, මටත් තියෙන ප්‍රශ්නය ඒකම තමයි. ඔහොම යමු. ආශ්චර්යය අපේ අත ළඟ. (නි)
මොකටද දන්නෙ නැහැ දොර කැඩුවේ? (නි)
අනේ ඇත්තට, මෙහෙමත් දේවල්? (නි)
වෙන කෙනක් කරා නම් එහෙම, සමතය කෙසේ වෙතත් සැහෙන කාලයක් ඇතුලේ ඉන්න වේවි. (දී)
මෙහෙම සමථයකට පත්වුණ එක හොඳයි එක අතකට (නි)
මේ දන්නේ නැති නිසා අහන්නේ. එහෙමත් නඩු සමතයකට පත් කොරගන්න පුලුවනිද? දැන් කවුද ඔය කියන දෙපාර්සවේ? (දී)
ඔච්චර කල් යන්නෙ නැහැ 2012දිම හයවෙනි මහලෙ ඉඳන් පොලවට තියන දුර එයාටම මනින්න කිව්ව නම්.ජනතා දේපල මේ විදියට විනාශ කරන්න කවුද බලපත්‍ර දුන්නෙ... (දී)
අතිගරු ජනාධිපති තුමනි මේ සිද්දිය ගැන සොයාබලන්න (දී)
මට මතක් වෙන්නේ අම්බලමේ පිනාගේ කතාව. (දී)
වෙන කෙනෙක් කළා නම් හිරේ.(දී)
ලංකාවේ නඩුවක් ඉවර වෙන්න යන කලක් අප්පා,මෙතරම්ම උසාවිය කාර්ය බහුලද (දී)
ඔය කියන සම්භන්ධී කරණ ලේකම් වරයා ස.තො.ස. කරාටේ සංගමයේ බ්ලැක් බෙල්ට් කාරයෙක් වෙන්න ඇති.! (දී)