ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුහු අද සරසවියේ සිට නුගේගොඩ ගුවන් පාලම දක්වා පැමිණ විරෝධයක් පැවැත්වූහ.
පන්ති තහනම ශිෂ්‍ය භාවය අහෝසිය ඉවත් කර පළමු වසර භික්ෂූන්ට නේවාසික පහසුකම් සලසන්නැයි ඔවුහු ඉල්ලති.
සරසවියේ මූලික පහසුකම් ද නැතැයි සිසුහු කියති.
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුහු අද සරසවියේ සිට නුගේගොඩ ගුවන් පාලම දක්වා පැමිණ විරෝධයක් පැවැත්වූහ.
පන්ති තහනම ශිෂ්‍ය භාවය අහෝසිය ඉවත් කර පළමු වසර භික්ෂූන්ට නේවාසික පහසුකම් සලසන්නැයි ඔවුහු ඉල්ලති.
සරසවියේ මූලික පහසුකම් ද නැතැයි සිසුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලිදාසලා ශලිනිලාගේ වැස්සකටවත් සරසවියට නොගිය උදවිය කවුරුවත්ම නැතුව ඇති. ඔක්කොමලා බෝඩ් එල්ලාගෙන උද්ඝෝෂණයේද එතකොට? (නි)
ඔබ වැනි අයගේ අදහස් පුදුමයි. බත් පත බෙදපු අතට ගරහන ඔබ බලන්න පුද්ගලික අංශයේ සේවකයන් ගේ උපයන කොට ගෙවන බදු ගැන. සරසවි වහන්න අවශ්‍ය නැහැ . ඔබලාගේ කටවල් නිසාම තමා පුද්ගලික සරසවි වලට මග පෑදුනේ. මම නම් රජය ට ඒ පිළිබඳව කිසිම දොසක් කියන්නේ නැහැ . (ස)
ශලිනි පාර්ලිමේන්තුව වහන්නේ මොකටද ? එතන නේවාසික පහසුකම් ඉල්ලා කවුරුවත් උද්ගෝෂණ කලේ නැහැනේ . පුළුවන් නම් ඔබලාගේ නවක වදය නවත්තන්නකො. ඔය තරම් නවක සිසුන් ගැන කැක්කුමක් ඇත්නම්. (නදී)
අපේ බදු සල්ලි රටේ යහපතට යෙදවෙනවා නම් සතුටුයි. හැබැයි ඒවා දෙන ගමන් සමහරුන්ගේ ලොකු කම් බලන්න නම් අපි කැමති නැහැ. සරසවි සිසුන්ට රැකියාවක් දෙන විට සමහරු දෙපාරක් හිතන්නේ මොකද කියලා දැන් හොඳට තේරෙනවා.(නදී)
මම පිටරට ඉඳලා , ලංකාවේ අඩු ආදායම් පවුලක සරසවි සිසුවෙකුට උපකාර කරනවා. නමුත් මගේ එක කොන්දේසියක් තමයි කිසිම අන්දමින් තමන්ගේ ඉගෙනීම අතපසු වන අරගල වලට සම්බන්ධ වුනොත් මාසික දීමනාව වහාම නවත්තන එක. ඒ සිසුවා ඉතා හොඳින් ඉගෙනගන්නවා. මම බලාපොරොත්තු වෙන්නේ ඔහුව වැඩි දුර ඉගෙනීමට ඕස්ට්‍රේලියාවට එන්න උපකාර කරන්න. (නදී)
සරසවි සිසුන්ගේ කටවල් නිසාම තමයි තියන දේවලුත් නැති කරගන්නේ. (නදී)
අපි හැමෝම එකතු වෙලා ජපුර සරසවියට වැසිකිලි ටිකක් හදලා දෙමුද ? හරිම කනගාටුයිනේ මුලික පහසුකම් වත් නැතිලු. (නදී)
මේ කතාව පල වේවිද දන්නේ නැහැ. මම නම් සරසවි සිසුන්ට මගේ නිවසේ නවාතැන් දෙන්න පුද්ගලිකව අකමැතියි. මගේ මිතුරියකගේ නිවසේ නවාතැන් ගත් සරසවි ශිෂ්‍යාවක අන්තිමේ දී එවකට උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ මිතුරියගේ පුතා සමග මිත්‍ර වී , මහා කලබැගෑනියක් වුනා. දරුවාගෙන් සල්ලි පවා ඒ සිසුවිය වරින් වර අරගෙන තිබුනා. නමුත් මේක පුද්ගලික අත්දැකීමක් විතරයි. (නදී)
මමත් කැමති නැහැ කාට නවාතැන් දුන්නත් සරසවි සිසුන්ට නවාතැන් දෙන්න . දැනට දශක කීපයකට පළමුව නම් ඉතා විනීත සිසු සිසුවියන් සිටියා .අපේ අල්ලපු නිවසේ සිටි සිසුවියන් දෙන්නෙක් මාස තුනක් බෝඩිම් ගාස්තු නොගෙවා හෙමිහිට පිටව ගිහින්. සල්ලි අමාරුයි කියපු නිසා ඒ උදවිය අනුකම්පා කරලා. විභාග කාලයේ එලි වෙනකන් පාඩම් කරලා , රස්නෙයි කියලා විදුලි පංකා දමාගෙන ඉඳලා දහස් ගණනක විදුලි බිලකුත් ගෙහිමියන් ගෙව්වාලු. (ස)
නන්දා මහත්මිය , ඔය වැඩේ සමහර උදවිය කරනවාලු (නි)
අපේ ගෙදරත් සරසවි සිසුවියක් නවාතැන් ගෙන ඉන්නවා. අපි සලකන්නේ ගෙදර කෙනෙකුට වගේ. අපේ දරුවන්ට දෙන රසවත් විශේෂ කෑම බීම පවා ඒ ළමයාට දෙනවා. නමුත් නෑදයන් ඇතුළු දන්නා කියන ඔක්කොම කියන්නේ වැඩිය කරට ගන්න එපා සරසවියේ නිසා ප්‍රවේශම් වෙන්න කියලා . අනේ මන්දා ! (ස)
මම මෙතන අදහස් දක්වපු බහුතරයකගෙන් අහන්න කැමතියි, තමන්ලා සරසවි වල නේවසිකගාර වල සිට ඉගෙන ගෙන තියෙනවද කියල. වැස්සකටවත් සරසවි ගිහින් නැති බව පේනව. නොදන්න දෙවල් ගැන කතා කරන මිනුස්සු දකින කොට අර ඇමති කෙනෙක් නොගැපෙන විදියට කියපු නම් ටික මෙතන්ට ගැලපෙනව කියල හිතනව. (ස)
මේක තමා ඔය සරසවියට ගිය අයට වරදින තැන. අනිත් උදවිය වැස්සකටවත් එතනට ගිහිල්ලා නැද්ද අහනවා. අනෙකුත් උදවියත් ඉහළ මට්ටමේ වෘත්තීය විභාග කර සමාජය ගැන අවබෝධයක් තිබෙන ඇත්තන් නේද? ඔයාලගේ ඔය ලොකුකම නිසා තමයි පුද්ගලික අංශයේ රැකියාවක්වත් ගන්න සමහර වෙලාවට බැරි. (නි)
ඇයි ලද දෙයින් සෑහීමකට පත්වෙන්න බැරි? (නි)
අනේ කවුරු හරි පුළුවන් නම් නුගේගොඩ අවට එකවර භික්ෂූන් වහන්සේලා 300 කට පමණ අඩුම ගානේ අවුරුද්දකට නවතින්න පුළුවන් හා එහෙම කැමති පන්සලක් තියෙන තැනක් කියනවාද, මේ පන්සල් වල හාමුදුරුවන්ට නවතින්න පුළුවන් කියන උන්දැලා....අනික මේ ගොඩක් අයට පුදුම දුකක් හිතිලා අපේ බදු සල්ලි කියලා. හරි ලංකාවේ සරසවි ඔක්කොම වහනවා,මට පුළුවන් නම් ඔයාලගේ වැය කළ හැකි ආදායම ප්‍රායෝගිකව වැඩි වෙනවා කියලා පෙන්වන්න. බදු සල්ලි ඉතුරු කරනවා නම් එහෙම නම් පාර්ලිමේන්තුවත් වහන්න වෙනවනේ. (ස)
ඉහවහා ගිය ලොකුකම උගතුන්ට ගැළපෙන්නේ නැහැ. විශේෂයෙන් අනෙකුත් උදවියගේ උගත්කම් ගැන හෙළාදැක කතා කරන අයගේ පරම්පරාවම උපාධිධාරියෝද? (නි)
ආණ්ඩුවේ කාර්යාලයකට වැඩක් කරගන්න ගියාම , කාර්යාලයේ කවුරු හරි අපේ ඇඟට ගොඩ වෙන්න එනවානම් ඒ උපාධිදාරියෙක්. උගත්කම තිබුනාට සිරිත් විරිත්, සමාජ ආචාර ධර්ම අතින් දැනුම බින්දුවයි සමහරුන්ගේ. (අ)
සමහරු අධි මාන්නයෙන් උපාධිදාරීන්ගේ උගත්කම ගැන කතා කළාට මම ඉන්න රටේ වැසිකිලි පිරිසිදු කරන්නෙත් සමහරවිට උපාධිදාරියන් . සමහරු දොස්තරලා. ගණකාධිකාරිවරුන්. නමුත් මේ රටේ උගත්කම ගැන කිසිම අධි තක්සේරුවක් හෝ අනුන් හෙලා දැකීමක් නැහැ . රැකියාවක් කරගැනීමට ඇති නිපුනතාවය සහ ශිල්පීය ඥානය මිසක් උපාධි සහතික මේ රටේ වැදගත් වන්නේ කථිකාචාර්ය ධුර වලට පමණයි. (අ)
බොහොම දෙනෙකුට ගැටලුව වී තියෙන්නේ බදු මුදල් වලින් ඉගෙන ගන්න එක. රටක , රජයක මුලික වගකීම ක් උගතුන් බිහි කිරීම. ඔතනට එන්නේ ඉතාමත්ම බුද්ධිමත් කොටසක්. ඒ නිසා කරුණාකර සරසවි ළමුන්ට ගරහන්න එපා. විදේශ රටවල් ගැන කියන උදවිය දන්නවද එම සරසවි සිසුන්ට රජයෙන් ඉත විශාල මාසික දීමනාවක් දෙන බව. (අ)
උගත්කම ගැන අධිතක්සේරුව මෙන්ම සමාජය අනුගත වෙන්න අවශ්‍ය විචාර බුද්ධිය අඩුවීම නිසා සරසවි සිසුන් නිබඳව සමාජයේ දෝශාරෝපණ වලට ලක්වෙනවා. සමාජයේ සෙස්සන් කිසිම උගත්කමක් නැති මෝඩයන් ලෙස හුවා දැක්වීමත් , තමන් සැමවිටම නිවැරදි යැයි සිතීමත් , රටේ සියල්ලන්ම තමන්ගේ ඕනෑ එපාකම් ඉටු කරදෙන්න බැඳී සිටිනවායි සිතීමත් නිසා තමයි ඔවුන්ගේ උගත් ජීවිතයේ වටිනාකම පහළ වැටෙන්නේ. (නි)
පද්මිණි , නියම උගතාගේ ලක්ෂණය තමා නිහතමානීකම. රටේ සෙසු පුරවැසියන්ගේ උගත්කම ගැන අවතක්සේරුවෙන් කතා කරන එක හොඳ දෙයක්ද? (නි)
පද්මිණි කොයි රටේ විශාල දීමනාවගැනද මේ කියන්නේ ? නිදහස් අධ්‍යාපනය එක්ක තවත් දීමනාත් දෙන්න ලංකාවේ රජයට පුලුවන්ද ? මහපොළ වුනත් ලැබෙනවානේ .සිසුන් බලාපොරොත්තුවෙන ඔක්කොම පහසුකම් දෙන්න නම් , ලංකාවේ සෙසු අත්‍යාවශ්‍ය පොදු කටයුතු සේවා ඔක්කොම නවත්තන්න වේවි. ශිල්ප ඉගනීමට බුද්ධිය ගැන නම් කිසිම විවාදයක් නැහැ . නමුත් ඔවුන්ගේ විචාර බුද්ධිය පිළිබඳව නම් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. (අ)
අපි එහෙනම් ආණ්ඩුවට කියමු තියන ඔක්කොම මුදල් මේ අයගේ බෝඩිමට වෙන් කරන්න කියලා . ඊළඟට අත්‍යවශ්‍ය රෝහල් සේවා, ප්‍රවාහනය , මහා මාර්ග සංවර්ධන කටයුතු ආදී පොදු පහසුකම් වලට ලෝක බැංකු අරමුදලින් ණයක් ගමු. ඒකත් පොලියත් එක්ක අපි ම ගෙවමු. කොහොමටත් මේ උදවිය ඉන්නේ රටෙන් මට මිසක් මගෙන් රටට කියලා හිතාගෙන නෙවෙයිනේ. (අ)
පද්මිණි තරහ වෙන්න එපා. සරසවි සිසුන් වුනාම , තමන්ගේ ගේ උපාධිය හැකි ඉක්මනින් හොඳින් නිමා කරලා , රැකියාවක් සොයාගෙන තමන්ගේ පවුලේ අයත් රටත් හැකි ඉක්මනින් වගකීමෙන් නිදහස් කරන්න ඕන නේද ? අවුරුදු ගණන් වර්ජන කරමින් ඊළඟට සරසවියට එන්න ඉන්න සිසුවන්ගේ වාරය පමා කරමින් , ඉන්නකොට සෙසු මහජනයාට මේ අය ගැන කිසිම පැහැදීමක් නැහැ (අ)
හරි බදු මුදල් කතාව පැත්තකින් තියන්නකෝ. උදේ ඉඳලා රස්සාවල් කරලා හවස මහන්සියට ගෙදර යන්න යන මහජනතාවට පාර අවහිර කරන එක උගත්කමේ ලක්ෂණයක් ද ? රටේ අත්‍යාවශ්‍ය සේවා වලට මොන තරම් බාධාවක් ද ? මේ වෙලාවට අහලින් පහලින් අසාධ්‍ය ලෙඩෙක් වත් ගෙනියන්න පුලුවන්ද ? නුගේගොඩ කියන්නේ හරිම ජනාකීර්ණ නගරයක්.(නදී)
පද්මිණි , මම ඉන්නේ එංගලන්තයේ මේ සිසුන්ට ආණ්ඩුවෙන් මොකුත් නොමිලයේ දෙන්නේ නැහැ. එයලා සරසවියට ගෙවන්න ඕනා. ආණ්ඩුවෙන් එ්කට ණයක් දෙනවා . රස්සාවක් ලැබුනම ගෙවන්න ඕනා. (නදී)
සිල්වා, මම ඉන්නේ ප්‍රංශයේ. මගේ දරුවන් දෙන්නම ඉගෙනගත්තේ රජයේ දීමනා වලින්. මේ රටට වෙනත් රටකින් උපාධිය කරන්න අපු අයට ඔය කියන වරප්‍රසාද නැහැ තමයි. (අ)
ශලිනි, ඉගෙනගන්න අාවානම් මොකටද පන්ති තහනම් කරන විදියේ දේවල් කරන්නේ. පාඩුවේ ඉගනගත්ත නම් කාටවත් කරදරයක් නැහැනේ. (නදී)
මෙහෙම ඉල්ලීම් ඉල්ලන්න ගියොත් හැමෝම පාරට බහීද දන්නෙ නැහැ (නි)
දැන් රටේ තියන ඔක්කොම ප්‍රශ්න පැත්තකට දාල මේ අයව හුරතල් කරන්න පටන් ගමු. වෙන රටවල් වල සරසවි සිසුන් කම්කරු රැකියා කරලා අධ්‍යාපන ගාස්තු හොයාගන්නේ. මෙහෙ තව තව ඉල්ලනවා. (නදී)
අධ්‍යාපනය ඇතුළු බොහෝ දේවල් නොමිලේ දෙන එකේ තම තමන්ගේ නවාතැන් පහසුකම් වත් සොයා ගන්න බැරිද ? අතට පයට හැම දෙයක්ම ඕනා. අමාරුවෙන් බදු ගෙවන මහජනයාට ඇවිත් මේගොල්ලන්ගේ අඳින ඇඳුම් ටිකත් සෝදලා මැදලා දෙන්න වේවි හෙට අනිද්දට (නදී)
පාඨක සභාවේ කවුද පසුගිය දා කියපු දේ හරියට හරි. ඊළඟට මේ ගොල්ලන්ගේ මගුල් ගෙවල් වලටත් අපේ බදු මුදල් යොදවන්න ආණ්ඩුවට සිද්ධ වේවි. !(නදී)
මේ ගොල්ලන්ගේ අධ්‍යාපනයට අමාරුවෙන් බදු ගෙවන අපිට තමා ඉඳුම් හිටුම් සපයන්න ඕනෑ. ඉල්ලීම් කෙළවරක් නැහැ (නි)
වෙනත් රටවල සිසුන් උසස් අධ්‍යානයට දුක් මහන්සි වෙලා සුළු රැකියා කරමින් මුදල් සොයනවා. අපේ උදවිය හැම දෙයක්ම අතට දෙනතුරු ඉන්නවා. අපි සරසවියට යන කාලේ අතිරේක ඉගැන්වීම් කර සුළු මුදලක් හෝ උපයාගෙන ප්‍රශ්න යම්තාක් හෝ විසඳා ගත්තා. දැන් හැමදේටම වර්ජන , තර්ජන නැත්නම් මර්දන ! (නි)
දිගින් දිගටම මේ වගේ වැඩ කරමින් මහජන මුදල් නාස්ති කරන එක නම් වැරදියි (නි)
මෙහෙම ඉල්ලන්න ගියොත් තියන දේවලුත් නැතිකර ගන්න තමා වෙන්නේ (නි)
අන්තරේ තියනකම් මේ ප්‍රශ්න විසදන්න බැහැ. අන්තරේ උන් ජීවත් වෙන්නේ උද්ගෝෂණ මෙහෙයවීමෙන්. (අ)
නවක ශිෂ්‍ය භික්ෂුන්ට නවක වදය දෙනඅමානුෂික ආකාරයත් තමන්ගේම නායක හාමදුරු වරුන්ට සත්තුන්ට වගේ අපහස කරන ආකාරයත් මාධ්‍ය සාකච්චාවකදී මෙහි උප කුලපති තුමා පැහැදිලි කලා..මෙයාලව දැක්කම මෙයාලගේ මාධ්‍ය සාකච්චාව ඇහුවම ඒවා අසත්‍යයි කියල කොහොමටවත් හිතන්න බැහැ..මේ කාලකන්නි බංකලොත් දේශපාලනයේ ඉත්තෝ වෙලා සාසනෙත් වනසන මේ මාර පුත්තුන්ව උපවැදි කරලා පස්සට පයින් ගහල එලියට දාන්න තියෙන්නේ බංකලොත් දේශපාලනේට ගිහින් පුර්නකාලිනවා කඹුරපල්ලා කියල. (අ)
ඉගෙනගන්න තිබෙන කාලය නේද මේ නාස්ති වෙන්නේ? (නි)
ඔව් දැන් කට්ටියට නේවාසික පහසුකම් දෙන්න තරු පහේ හෝටල් කීපයක් ඇස්තමේන්තු කරලලු තියෙන්නේ. අන්තරේ තුරන් කරලා දානකම් මේ රටේ දුප්පත් ඉගනගන්න කැමති අහිංසක ළමයින්ට සෙතක් වෙන්නේ නෑ (නදී)
ප්‍රවෘත්තිය කියවා ප්‍රතිචාර යොදන්න. භික්ෂුන් වහන්සේලාට ගෙවල් වල නවාතැන් දෙනවාද? මේ අයට පුළුවන්නේ එහෙම නම් දෙන්න. පංති තහනම ඉවත් කරන්න ඉල්ලන්නේ ඉගෙන ගන්න වෙන දෙයකට නෙවෙයිනේ. හැමදේටම විදේශ සරසවි උදාහරණයට ගන්න අය පහුගිය කාලෙදි ඒ ළමයි නගර වල කැරලි ගහපු හැටි හොයලා බලන්නකො.(නදී)
ඉගෙන ගන්නවට වැඩිය පාරේ රස්තියාදු වෙනවා. අවුරුද්දක් ඉගෙනගන්නවා. අවුරුදු දෙකක් පාරේ. හෙවනටත් එක්ක හොඳයි ගුවන් පාලම යටට ආ එක. (නි)
අමතක කරන්න එපා. අපවත් වෙච්ච හාමුදුරු කෙනෙකුගෙත් පංති තහනම් කරපු තැනක් ඕක .ඒ හාමුදුරුවො අපවත් වෙලත් ඒ කියන්නේ වැරදි කරලා තියෙනවා නේද? (නදී)
ජපුර සරසවියේ මෙහෙම ප්‍රශ්න තියනවා. ඒකට හේතුව නොදැන මෙහෙම ප්‍රතිචාර දාන්න එපා. ගෙදර හිටිය සිසුන්ගේ පවා පන්ති තහනම් කරලා. බොහොමයක් පාලකයන්ගේ අනවශ්‍ය මැදිහත්වීම් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ.(නදී)
හැම දෙයක්ම බදු ගෙවන මහජනයා සහ ආණ්ඩුව අතට පයට කර දිය යුතයි යන මතයේ ඉන්නකම් මේ ළමයින්ට නම් අනාගතයක් නැහැ. හාමුදුරුවන්ට නවතින්න පන්සල් තියනවා. (නදී)
සරසවි සිසුන් බහුතරයක් හිතන්නේ තමන්ගේ හැම ප්‍රශ්නයටම උත්තරය තියෙන්නේ අනුන් ළඟ කියලා. (නදී)
ශලිනි පන්ති තහනම දඩ මීමා කරගෙන අපි දුක් මහන්සියෙන් ඉපයූ බදු මුදල් අපතේ යවන්න කියලාද ඔබ කියන්නේ ? ඔබලා ඒවායින් ඉගෙන ගෙන යහපත් පුරවැසියන් ලෙස ජීවත් වෙනවා නම් අපිට ඉතා සතුටුයි. පාඩම වත් අතපසු නොකරනවා නම් එක දෙයක්. මේ බදු මුදල් ලෙස දෙන්නේ අපේ දරුවන්ට කන්න බොන්න දෙන්න ඉතිරි කරගන්න පුළුවන් මුදල්. ඔබලා රැකියාවක් කරන්න පටන් ගත්තාම දැනේවි ජීවත් වීමට කොපමණ වෙහෙසක් දරන්න ඕන ද කියලා. (නදී)
සරසවි සිසුන්ට රැකියාවකට යාමේදීත් ප්‍රශ්න ඇති වන්නේ , මෙන්න මේ අධිමානසිකත්වය සහ තමන් සැමවිටම නිවැරදිය කියා සිතන එක. ඔබලාට අයිතිවාසිකම් ගැන කතා කරන්න කලින් යුතුකම් ඉටුකළයුතු බව වැඩිහිටියන් කියා දීලා සරසවියට එවනවා නම් මෙහෙම ප්‍රශ්න ඇති වන්නේ නැහැ. (අ)
මම අහන්න කැමතියි , විශ්ව විද්‍යාල ශිෂ්‍යන් අඩු වශයෙන් යම් කිසි ප්‍රජා සත්කාරයක් , ස්වෙච්චා සේවයක් වත් කරනවාද කියලා . දැන් ඔබලා බෝඩිමේ ඇඳට දමන බෙඩ් ශීට් එකේ ඉඳලා බදු ගෙවන මහා ජනයාගෙන් බලාපොරොත්තු වෙනවා නම් රට වෙනුවෙනුත් කරන යමක් තිබෙන්න ඕනනේ . ඊළඟට කෙලින්ම රැකියා දියව් කියලා කෑගහන්න යන්න කලින් එහෙමවත් දෙයක් කරනවා නම් ලොකු දෙයක්. (ස)
පළමු වසරේ සිසුන්ට නේවාසික පහසුකම් දෙන්නලු . එතකොට පුළුවන්නේ කලින් දවාලේ දීපු නවක වද ටික නේවාසිකාගාරයට රෑට හරි පැනලා ලබා දෙන්න. නවක සිසුන් ගැන ඔච්චර කරුණාවයි නම් ඔබලා ඔවුන්ට දෙන අමානුෂික නවක වද ටික නවත්තන්න ඉස්සෙල්ලාම. (අ)
නිමල් මහත්තයෝ ඕගොල්ලෝ දුක් මහන්සියෙන් ඉපයූ බදු මුදල් හොරකම් කරන ආණ්ඩුවේ මහ අයව පේන්නැද්ද? සරසවියට නොගිය අයට සරසවි ළමයි ගැන තියෙන ඉරිසියාව තමයි මේ කතා වලින් පේන්නේ. (ස)
ශලිනි හාමුදුරුවන්ට නවතින්න පිරිවෙන් සහ පන්සල් ඕන තරම් කොලොම් පුරේ තිබෙනවා. මුලික පහසුකම් නැහැ කියන්නේ ජපුර සරසවියේ වැසිකිළියක්වත් නැද්ද ? අපොයි එහෙම නම් අහල පහල ගෙවල් වලට කතා කරලා හරි ඒ පහසුකම ඔබලාට සපයන්න ඕන. (නදී)
මුලික පහසුකම් වත් නැහැ කිව්වේ , ශලිනි ලාගේ දේශන ශාලාවේ වැසිකිලි කැසිකිලි පහසුකම් වත් නැද්ද ? (ස)
මම ඉන්න රටේ සරසවි සිසුන් නම් කම්කරු රැකියා කරන ගමන් ඉගෙන ගෙන අධ්‍යාපනයට අමතරව ප්‍රජා සත්කාරයේ යෙදෙනවා. පිටරට සරසවි සිසුන්ගේ වුනත් යම් කිසි හොඳ දෙයක් තිබෙනවා නම් අගය කරන්න ශලිනි. (ස)