IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඥානසාර හිමි රහස් පොලීසියේ

අලුත්ගම හා බේරුවල පසුගිය 15 වැනි දා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් රහස් පොලිසියේදී ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

දහවල් 1ට පමණ ඒ රහස් පොලිසියට වැඩම කළ ඒ හිමියන් පස්වරු 3.45 වන විටත් එහි සිටි බව දැනගන්නට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිහල රාවය සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

මේ වන විට 117 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඉන් 88 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ.

 

 

 



අදහස් (0)

ඥානසාර හිමි රහස් පොලීසියේ

නුවන් Wednesday, 02 July 2014 04:36 PM

ඔබ වහන්සේට යහපතක්ම වේවා (දී)

:       0       0

අරවින්ද Thursday, 03 July 2014 12:00 AM

මම ඔබ වහන්සේ සහ ඔබ සංවිධානය සමගයි. (දී)!

:       0       0

රොෂාන් Wednesday, 02 July 2014 04:40 PM

ඔබ වහන්සේට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

සංජීව Wednesday, 02 July 2014 04:44 PM

කොතනින් ගැළවුණත්, වරදක් කර ඇත්නම් හෘද ශාක්ෂියෙන් ගැළවෙන එක හීනයක් (නි)

:       0       0

මෙත්ත සිංහ Thursday, 03 July 2014 12:08 AM

සමගිය තමයි වැදගත් සමගිය නැති වූ තැන ප්‍රශ්න (දී)

:       0       0

දේව් Wednesday, 02 July 2014 04:56 PM

රට,දැය,සමය සුරැකීම පිණිස ඔබ වහන්සේ සමඟ අපිත් ඉන්නවා හාමුදුරුවනේ (නි)

:       0       0

නන්දසිරි Wednesday, 02 July 2014 04:57 PM

අපි නම් සැමදා හාමුදුරුවෝ සමඟයි (නි)

:       0       0

සේරම් Wednesday, 02 July 2014 04:58 PM

වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

යසන්ත Wednesday, 02 July 2014 04:58 PM

බලමු මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

මදු කොරවින්ද Thursday, 03 July 2014 12:56 AM

අහිංසක මිනිසුන් මරා, ජාතක ධනය කෝටි ගණන් විනාශ කර කල විපත්තිය නොදැකපු සිහලුනේ, "තොපේ ඇස්ගෙඩි දෙකට හෙන ගහලද සිහලුනේ " (නදී)

:       0       0

අර්ජුන රණවන Wednesday, 02 July 2014 05:04 PM

බලාගෙන, බොහොම ප්‍රවේශමෙන් ඔබගේ රාජකාරිය කරන්න (නි)

:       0       0

සෙව්වන්දි Thursday, 03 July 2014 01:03 AM

ජාතිය ආගම වෙනුවෙන් කතා කරපු එක වරදක්ද? ඇත්තටම උන්වහන්සේ කලේ වරදක්ද? මම බෞද්ද නෙවෙයි. නමුත් ලංකාවේ බෞද්ධ සිද්දස්ථාන විනාස කර එහි අන්‍ය ආගමිකයින් පදිංචි කරවල, අහිංසක භික්ෂූන්ට කරදර කරන්න පටන් ගත්තේ කව්ද? ඒ වෙනුවෙන් කතා කල අයගේ වැරැද්දද? (නදී)

:       0       0

ටෙනිසන් Wednesday, 02 July 2014 05:10 PM

රහස් පොලීසියේ මහතුනි , කරන දෙයක් අනේ බොහොම ප්‍රවේශමෙන්. නැවත රටේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිවන විදිහට නම් කරුණු කාරණා සිදුවෙන්න දෙන්න එපා. (නි)

:       0       0

සරණ Wednesday, 02 July 2014 05:12 PM

මම හාමුදුරුවන්ට කැමතියි. නමුත් තවටිකක් ඉවසනවා නම් තමයි හොඳ (නි)

:       0       0

ච්න්තක Thursday, 03 July 2014 01:08 PM

අබ සරණයි ! (නදී)

:       0       0

මොහාන් Wednesday, 02 July 2014 05:17 PM

අපි ඔබ වහන්සේ සමඟයි. (නි)

:       0       0

මහින්ද Thursday, 03 July 2014 02:03 AM

ඥානසාර හිමිට තෙරුවන් සරණයි! (නි)

:       0       0

නුවන් Wednesday, 02 July 2014 05:18 PM

නිවැරදි තීරණයක් ගන්නා තුරු අපි බලා සිටිනවා (නි)

:       0       0

ප්‍රියා Thursday, 03 July 2014 02:03 AM

ගිනි තිබ්බා නෙමෙයි ගිනි තියාගත්තා (නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 02 July 2014 05:18 PM

රට යන පැත්ත ගැන බොහෝ දේ හිතාගන්න පුළුවන් මේ අදහස් දෙස බලනකොට.

:       0       0

තිලක් Wednesday, 02 July 2014 05:24 PM

හාමුදුරුවනේ , සැළෙන්න එපා. බොදු ජනතාවට නායකත්වය දෙන්න දිගටම.අපි ඔබ පසුපස ඉන්නවා. (නි)

:       0       0

මාර්ක් Wednesday, 02 July 2014 05:26 PM

හිමියනි, ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

සරත් Wednesday, 02 July 2014 05:27 PM

මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

මංගල Wednesday, 02 July 2014 05:27 PM

ඇයි හාමුදුරුවන්ව රහස් පොලීසියට ගෙන්නුවේ? (නි)

:       0       0

මහානාම Wednesday, 02 July 2014 05:27 PM

මේ වෙලාවේ අපි නිවැරදි තීරණයක් ගැනීම අනිවාර්යයෙන් කළයුතුයි. මේක බොහොම බැරෑරුම් ප්‍රශ්නයක්. අපි බොහොම නුවණැතිව හැඟීම වලට වහල් නොවී බුද්ධියෙන් වැඩ කළ යුතුයි. නානසාර හාමුදුරුවන්ගේ අත්‍යවශ්‍යතාවය රටට හොඳින් ඉදිරියේදී දැනේවි (නි)

:       0       0

විරාජ් ඒකනායක Wednesday, 02 July 2014 05:29 PM

ඔබ වහන්සේගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා නිසැකයි (නි)

:       0       0

එදිරිසූරිය Wednesday, 02 July 2014 05:29 PM

කිසිදු ප්‍රශ්නයක් ඇතිවෙන්න නම් ඉඩතියන්න එපා (නි)

:       0       0

සෑම් Wednesday, 02 July 2014 05:31 PM

ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)

:       0       0

විජේතිලක Thursday, 03 July 2014 01:29 PM

මේ පරීක්ෂණයේ තීන්දුව මානවහිමිකම් කොමිසමෙන් ඉල්ලයිද දන්නේ නැහැ (දී)

:       0       0

මාලක සමීර Wednesday, 02 July 2014 05:38 PM

ඔබ වහන්සේ වරදක් කළත් නැතත් අපි දන්නවා ඒ රට වෙනුවෙන් කියලා. ඔබ වහන්සේට බුදු සරණයි! (නි)

:       0       0

රවිදු Wednesday, 02 July 2014 05:42 PM

අපි බලමු සිද්ධ වෙන්නේ මොනවද කියලා (නි)

:       0       0

චතුර Wednesday, 02 July 2014 05:44 PM

මංගල, පහුගිය කාලේ කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැනේ, නේද? ඔයා නිදාගෙනද හිටියේ? (නි)

:       0       0

එරංග Wednesday, 02 July 2014 05:46 PM

මෙහි සිදුවූ දේවල් අපිට දිගටම වාර්තා කරන මෙන් ඉල්ලා සිටිනවා (නි)

:       0       0

මහේෂ් Wednesday, 02 July 2014 05:51 PM

ඔබ වහන්සේගේ අපිට වීරයෙක් (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 02 July 2014 06:03 PM

ඥානසාර හාමුදුරුවන්ගේ අදහස් හොඳයි. එහෙත් කතා කිරීමේදී මීට වඩා ප්‍රවේශම් වුණොත් හොඳයි. (නි)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 02 July 2014 06:06 PM

වරදක් කර නැත්නම් බයවෙන්න කිසිම හේතුවක් නැහැ (නි)

:       0       0

රුවන්ත Wednesday, 02 July 2014 06:11 PM

බුදු දහම මුළු ලෝකයටම පොදු වුවකි. බුදුන් වහන්සේ මේ උතුම් වූ ධර්මය දේශනා කළේ සියලු ලෝ වැසියන්ටමය. එය අපට පමණක් උරුම වුවක් නොවේ. බුදු දහමේ මුලික හරය අවිහිංසාවයි.කිසිවෙකුට අප හිංසා නොකළයුතු අතර ඒ සඳහා පෙළඹවීම් නොකළ යුතුය. සියල්ලම සිදුවන්නේ කර්මය අනුවය. (නි)

:       0       0

සදජිත් Wednesday, 02 July 2014 06:11 PM

ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)

:       0       0

රුවන් Wednesday, 02 July 2014 06:12 PM

ජාතියේ ආරක්ෂාවට සිටින මුරදේවතාවා ඔබයි හිමියනි. අපි ඔබ වහන්සේ සමඟයි. (නි)

:       0       0

හැරිසන් Thursday, 03 July 2014 06:55 AM

ඔබ වහන්සේ කිසිම දේකට බයවෙන්න එපා. අපි සැමදාම ඔබ වහන්සේ සමඟ ඉන්නවා (නි)

:       0       0

හර්ෂණී Wednesday, 02 July 2014 06:16 PM

මම නම් කිසිමදාක හාමුදුරුවන්ට දොස් කියන්නෙ නැහැ (නි)

:       0       0

සිරිමල් Wednesday, 02 July 2014 06:17 PM

හාමුදුරුවනේ, ඉවසීමෙන් වැඩ කරන්න (නි)

:       0       0

මාර්ක් Wednesday, 02 July 2014 06:18 PM

ඔබ වහන්සේ ජාතික වීරවරයෙක්. (නි)

:       0       0

මොහාන් වික්‍රමසුරිය Wednesday, 02 July 2014 06:25 PM

මම දැක්කා සිරස්තලයක් හිම්නමගේ වියෝවට කඳුළු කියලා. ඉස්සර මේවා සාමාන්‍ය දේවල් (නදී)

:       0       0

කුමාර Thursday, 03 July 2014 07:16 AM

බොදු බල සේනාව සැමදා දිනේවා! (නි)

:       0       0

මාලක Wednesday, 02 July 2014 06:26 PM

ඔබ වහන්සේ වරදක් කළත් නැතත් අපි දන්නවා ඒ රට වෙනුවෙන් කියලා.(නදී)

:       0       0

විකුම් Wednesday, 02 July 2014 06:26 PM

විෂිල් ගගහා නරඹන්න පුළුවන් අලුත්ම චිත්‍රපටිය. නම තමයි මතක නැත්තේ.(නදී)

:       0       0

අක්මල් Wednesday, 02 July 2014 06:27 PM

ජගත් වෙත්තසිංහ, ඔබට තේරෙන දේවල් ලංකාවේ සුළු කොටසකට තේරෙන්නේ නැහැ. (නදී)

:       0       0

සඳරුවන් Wednesday, 02 July 2014 06:28 PM

ඔව් අපි ජාතිවාදී ද? අපි ත්‍රස්තවාදී ද ? (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 02 July 2014 06:30 PM

මේක ප්‍රශ්න කිරීමක් පමණක් වෙන්න ඕනේ. සමහර විට සනසන්න කරන වැඩක් වෙන්න ඕනේ. (නදී)

:       0       0

තුසිත Wednesday, 02 July 2014 06:30 PM

චම්පික රණවක මහතා කියපු වැදගත් කතාවක් තියෙනවා. එ්ක අමතක කරන්න එපා. ඒ තමයි පිලිතුරේදී කව්රු නැති උනත් ප්‍රශ්නේදී ඔක්කොම සිංහල මිනිස්සු එක තැනක කියන එක මෙය ජාතික කටයුත්තක් මිස ජාති වාදී උම්මත්තක කටයුත්තක් නොවෙයි. (නදී)

:       0       0

පාරා Wednesday, 02 July 2014 06:32 PM

ඔන්න ඉතින් ආණ්ඩුව කන්නයි හදන්නේ. (නදී)

:       0       0

ඉම්රාන් Wednesday, 02 July 2014 06:35 PM

එයාට විතරක් වෙන නීතියක් ද? (නදී)

:       0       0

මධුශානි Wednesday, 02 July 2014 06:41 PM

අපි සැමදා ඔබ වහන්සේ සමඟයි (නි)

:       0       0

ඇසළ Wednesday, 02 July 2014 06:47 PM

අපි එකාමෙන් නැඟී සිටිමු. බේද දුරලා ජීවත් වෙමු. මෙවැනි හිමිවරුන් දහස් ගණනක් අප අතරේ ඉපදේවායි ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

එදිරිසූරිය Wednesday, 02 July 2014 06:51 PM

අපේ නිර්භීත භික්ෂුන් වහන්සේලා ඒ කාලෙත් අපේ රට බේරාගත්තා (නි)

:       0       0

ලකී Thursday, 03 July 2014 02:23 PM

රටේ නීතිය කාටත් පොදු උනා නම් තමයි හොඳ. බලමුකෝ පොදු වෙයි ද කියලා (නදී)

:       0       0

තාරක‍ Wednesday, 02 July 2014 07:04 PM

මොනවා වුණත් අපි ඔබ වහන්සේ සමඟයි (නි)

:       0       0

ලාල් ජකර්තා Wednesday, 02 July 2014 07:09 PM

ප්‍රශ්න අහන්න. ගරු ස්වාමීන් වහන්සේ වරදක් කර නැහැනේ. අපි ඥානසාර හිමියන් සමඟයි. ගරු ස්වාමීන් වහන්සේට ධෛර්යය හා ශක්තිය පතමු. (නි)

:       0       0

ශාන්ත Thursday, 03 July 2014 08:34 PM

අපි සැමදා ඔබ සමගයි හාමුදුරුවනේ, තෙරුවන් සරණයි (නදී)

:       0       0

තරිදු Wednesday, 02 July 2014 07:31 PM

ඥානසාර හිමියෝ වීරයෙක්. ඔබ වහන්සේ දෙවියන් ආරක්ෂා කරත්වා! (නි)

:       0       0

හැරිස් Wednesday, 02 July 2014 07:34 PM

ඉවසීමෙන් බලා සිටිමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

ගොඩය Thursday, 03 July 2014 02:54 PM

ඔබ වහන්සේගේ සමහර කෙරුවාවල් ඔබවහන්සේටම අබසරන වෙලා වගේ. (ස)

:       0       0

ශාන් Wednesday, 02 July 2014 07:38 PM

ඔය ස්වාමින් වහන්සේව අරගෙන ගියේ ඇයි? (නදී)

:       0       0

සරාම් Thursday, 03 July 2014 02:55 PM

වපුරපු දේවල්නේ නෙලාගන්න වෙන්නේ . නිවන් සැප ලැබේවා ! (ස)

:       0       0

විමුක්ති Wednesday, 02 July 2014 07:53 PM

මෙතුමාගේ ඔවදන් වල ප්‍රති පල කඩ 150 යි ජීවිත 4 යි දේපල මිලියන ගණන්.ඔබ වහන්සේට අබ සරණයි (නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 02 July 2014 07:54 PM

බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් වත්මන් බුද්ධ සාසනයට සිදුවුන සේවාවක් ඉදිරිපත් කරනමෙන් පිරිසිදු බෞද්දයෙකුගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි (නදී)

:       0       0

සිතාර Wednesday, 02 July 2014 07:55 PM

සත්‍ය ජයගනී (නදී)

:       0       0

සිරිසේන Wednesday, 02 July 2014 07:56 PM

රහස් පොලිසියෙන් හාමුදුරුවෝ කට උත්තර ගන්න දවස ඉක්මනට උදාවේවා. (නදී)

:       0       0

ආචි Thursday, 03 July 2014 09:53 AM

ඔබ වහන්සේට දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේව!! (ස)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 02 July 2014 08:19 PM

ඔබ වහන්සේට සියලු ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ජනක ලන්ඩන් Wednesday, 02 July 2014 08:49 PM

ෂෙරිෆ්, අපි ඥානසාර හිමිගෙන් බලාපොරෝත්තු වෙන්නේ බන භාවනා කිරීම නොව සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය රැකුමට අවශ්‍ය නායකත්වයයි. මග පෙන්වීම සහ නිදාගෙන සිටින සිංහලයෝ අවදිකරවිම. රටට ජාතියට ඇල්මක් ඇති සැවොම මේ හිමියන්ට විශාල ගෞරවයක් තියෙනවා. අනතුර කල්තියා හඳුනාගෙන මතු පැවැත්ම උදෙසා තම ජාතිය අවදි කරවීම ජාතිවාදී හෝ ආගම්වාදී නොවෙයි. (නදී)

:       0       0

රන්ජිත් Thursday, 03 July 2014 10:33 AM

බලාගෙන ඉන්නකෝ...දවසක මෙයාව මෙහෙයවන බලවේග විසින් මෙයාව ගිලගන්නවා...(ස)

:       0       0

සිරිසේන Wednesday, 02 July 2014 09:10 PM

අන්තවාදය ගැන දකින්න ඕනේ නම් එක එක ආගම් කල්ලි කොටා ගන්නා හැටි මැද පෙරදිග යුද්ද දිහා කියවා පියව් නරයනේ. බටහිර රටවල ආගම් අන්තවාදය ගැන විතරක් නෙවෙයි ආගම් ප්‍රචාරයට වියදම් කරන හැටි කුඩා මාළුවා මහා මාළුවාගේ ගොදුරු වෙන හැටි අවදියෙන් බලව්නේ. අව් කන්නාඩි ගලවන්න. පියවි ඇසින් බලන්න. මුහුණේ තියෙන කටින් කතා කරන්න. (නදී)

:       0       0

රන්ජිත් Thursday, 03 July 2014 11:30 AM

මේක මහා පුදුම රටක්. අපි සැමදා ඔබ වහන්සේ සමඟ බව අමතක නොකරන්න. අන්තර්ජාලය නැති තව ගොඩාක් දෙනා ඇති. (නි)

:       0       0

සිරිබිරිස් Wednesday, 02 July 2014 09:33 PM

හෙහ්....මහත්මා ගාන්ධි තුමා සෙරෙප්පු දාගත් ඉන්දියානු වීර පුතෙක්. එතුමත් අන්තවාදියෙක් කියූ බටහිර ගැත්තන් ඥානසාර හිමි රබර් සෙරෙප්පු දෙකක් දා ගෙන සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය රැකුමට අවශ්‍ය නායකත්වය දෙන විට උන් වහන්සේට අන්තවාදියෙක් කිව්වට අපි එහෙම කියන්නේ නැහැ. (නදී)

:       0       0

සරත් ආනන්ද Thursday, 03 July 2014 11:40 AM

බලන් ගියහම ලංකාවෙත් සිංහල පිස්සෝ ගොඩයි. කතාව විතරයි රටට වැඩක් නැහැ. මිනිස්සු කුලප්පු කරන්න විතරයි පුලුවන් (නදී)

:       0       0

සෙනරත් බණ්ඩාර Wednesday, 02 July 2014 09:42 PM

ෂෙරිෆ් මහත්මයා මම ඔබට වැදගත් යමක් කියන්නම්. ජාතියක් රැකෙන්නේ නැතුව ආගමක් රැකෙන්නේ නැහැ. සිංහල ජාතිය ලක් දෙරණ තුල රැදෙන තාක් කල් සිංහල බුදු දහම රැකෙයි. බුදු සමය රැකෙයි. අපේ බෞද්ධ උරුමය රැකෙන්නේ ජාතියක් රැකුනොත්. උන්වහන්සේ තමන්ගේ ජාතියට ආගමට කරන මෙහෙය සිංහල හැමදෙනාටම තේරෙනවා. ඇස් ගෙඩිවලට හෙන ගහපු සිංහල කොටසක් දැන් බිහිවෙලා. සිරිසේන මහත්මයා කියන්න වගේ අවදියෙන් බලව්. ඔබ වහන්සේට බුදු සරණයි. (නදී)

:       0       0

අමිල ගමගේ Wednesday, 02 July 2014 09:47 PM

සිංහලයන් වෙනුවෙන් කතා කරන්න බැරිනම් අපි මොකුන්ද ? නියම සිංහලයෝ ඔබ වහන්සේ සමගයි. (නදී)

:       0       0

අනුරශාන්ත Thursday, 03 July 2014 11:56 AM

බලන්නොකෝ අද දවසේ පත්තර කියවලා. මොනතරම් රටට වින කරන අයද සිටින්නේ කියා. රටේ අමත්‍යංශවල ලේකම්ලා, සභාපතිලා ඇතුළු නිලධාරී ජනතාවගේ මුදල් කොල්ල කාල තියෙන තරම. පිටරවලින් ඉඩම් පවා අරගෙනලු. මේ හොරුන්ගේ වත්කම් හොයල දඩුවම් ලබාදීමට රජයට බල නොකරන්නේ ඇයි. එක පැත්තක් විතරක් නැතුව මේවටත් සද්දේ දාන්නකෝ එතොකටනේ අපට බොදුබලේ ගැන හැගීමක් ඇතිවන්නේ. (නදී)

:       0       0

උපුල් ලියනගේ Wednesday, 02 July 2014 09:51 PM

ඥානසාර හිමි බුද්ධ පුත්‍රයෙක්. දෙවියන්ගේ ආරක්ෂාව අවශ්‍යද ? (නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 02 July 2014 09:56 PM

ජනක ලන්ඩන් වෙත, නිදාගෙන සිටින සිංහලයෝ අවදිකරවිම නම් අපහසු කරුණක්. හතර වටේ තැබෑරුම් තියෙද්දී බහුතර සිංහලයෝ කන පැලෙන්න මත්පැන් බිලා හතර ගාතේ හොඳට නිදි. මිනිස් දේපල කොල්ල කාලා ගිනි තියෙන එක නෙමෙයි අවදිවෙනවා කියන්නේ. අවම වශයෙන් බුදුරජාණන් වහන්සේ දෙසු ධර්මයේ පස් පව් වලින් වැලකි සිටීමයි (නදී)

:       0       0

නුවන්සර Thursday, 03 July 2014 12:11 PM

බොහෝ අදහස් ඔවුනොවුන්ගේ හදවත් වලට එකඟව ලියන ඒවාද කියා මා හට සැකයක් තිබෙනවා. (නි)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 02 July 2014 04:21 PM

උන්වහන්සේ වරදක් කරලා නැහැනේ? (දී)

:       0       0

කුසුම් Wednesday, 02 July 2014 11:15 PM

මෙම හිමිනමට අපි කවුරුත් ගරුකළ යුතුය (නි)

:       0       0

රංග Wednesday, 02 July 2014 04:27 PM

වැඩක් නැ (දී)

:       0       0

දොන් රොෂාන් දී සොයිසා Wednesday, 02 July 2014 04:33 PM

අපි සිංහල බොදු ජනයා වෙනුවෙන් පෙනි සිටින අපේ ඥානසාර හිමි නිදොස් කොට නිදහස් කරනමෙන් ඉතා බැගෑපත්ව ඉල්ලමි ඔබ සැමට පිං ! (දී)

:       0       0

සිරි Wednesday, 02 July 2014 04:35 PM

ඥානසාර හිමි රහස් පොලිසියෙන් ප්‍රශ්න කරනවා ඇති...(දී)

:       0       0

කුමාරි Wednesday, 02 July 2014 11:49 PM

හැමෝම චෝදනා කරන්නේ මේ හමුදුරුවන්ටනේ ඉතින් උන්වහ්සේගෙන් ප්‍රශ්න කරලා බොරු චෝදනා වලින් නිදහස් කිරීමත් හොදයි කියලයි මම හිතන්නේ.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 257 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 361 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 231 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 882 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1517 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4268 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24738 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site