කුරාම් ෂේක් ඝාතනයේ නීති විරෝධී රංචු ගැසීමේ චෝදනාව විත්තිකරුවන් හය දෙනාට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත් මුදලිගේ මහතා කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය හමුවේ පැවසීය.
පැමිණිල්ලේ සාක්කි සම්පිණ්ඩන දේශනය අරඹමින් ඔහු කීවේ නේචර් රිසෝට් හෝටලයේ දිල්රුක්ෂි කුරාම්ගේල පෙම්වතිය වික්ටෝරියා සහ එදා රෑ එහි සිටි දේශීය අමුත්තන්ගේ සාක්කි අනුව 1-4 විත්තිකරුවන් මේ අපරාධයට හවුල් බවයි.
‘ඔවුන් කුරාම්ට හා වික්ටෝරියාට පහර දෙනු සාක්කිකරුවන් දැක ඇත. පළමු වැනි සැකකාර ලහිරු කැළුම් පහර දුන් බව වික්ටෝරියා කීවා. පිහිනුම් තටාකය අසළ දී සෙසු අය ආධාර සහ අනුබල දී තිබෙනවා. තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ගිනි පෙලෙල්ලකින් පහර දුන් බව ඇය කීවා. රථගාලට පැමිණි හිටපු සභාපති එහි තිබූ ත්‍රිරෝද රියකට අලාභ හානි කළ බවටත් සාක්කි තිබෙනවා. විත්තිකරුවන් සාමූහිකව නීති විරෝධී රංචු ගැසීමක යෙදී සිටි බව පැමිණිල්ලෙන් ඔප්පු කර තිබෙනවා. දෙවැනි විත්තිකාර සමන් දේශප්‍රිය මේ අපරාධයට හවුල් වූ බව රයන් අකලංකගේ සාක්කියෙන් ඔප්පු වෙනවා.
රයන් පැමිණිල්ලට අහිතකර සාක්කිකරුවකු වුවත් ඔහු දෙවැනි විත්තිකරු හඳුනා ගත්තා. රයන්ගේ සාක්කිය පිළිගන්නවා ද නැද්ද යන්න අධිකරණය සතු කාරණයක්. මේ ඝාතනය කළින් සැලසුම් කළ එකක් නෙවෙයි. අනෙක් අතට කම්පනයට පත් වූ සාක්කිකරුවන්ගෙන් හැම වැදගත් කාරණයක්ම අඩුපාඩුවක් නැතිව විස්තර කරතියි හිතන්න බෑ.
වැඩිදුර දේශන බදාදා (09) කල් තැබිණි.
2011 දෙසැම්බර 21 වැනි දා බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක් කළැයි ළහිරු කැළුම්ල සමන් දේශප්‍රිය, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, ප්‍රනීත් චතුරංග එම් සරත් නොහොත් සහන් හා එම් චතුරංග චෝදනා 17ක් යටතේ මේ නඩුවට මුහුණ දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු කරන කියන දේවල් දැක්කාම අනේ කියවෙනවා (දී)
මිනීමරා බේරී යන්න ඉඩතියන්න එපා. විස්සයෙන් දෙසපලුවෙකුට (දී)
මෙය කට්ටියවනම් අඩුම තරමෙය් වසර 25කත වත් හිරෙය්ට යවන්න ඕනේ අනිත් අයට හැදෙන්නත් එක්ක (දී)
රටේ නම කැත කල සිදුවීමක්, තීන්දුව කුමක් වුවත් මෙය ජ්‍යත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ අපට අපහාස වන විදිහට තමයි. නීතියට බය නැති සදාචාරයක් නොමැති අය ගැන වගකිව යුතු ඔබාමාද? (ස)
ගරුතර උසාවියේ ගරුත්වය රැකෙන්නේ මේ අයට දෙන තීන්දුව අනුවයි. සර්ව බල නීතියට ගරු කරන මිනිසුන් කොටසක් තාමත් අප දේශයේ ඉන්නවා. ඔවුන් මේ වෙන සියල්ල දෙස නිහඩව බලා සිට, හදවතින් තීන්දු දෙනවා. මොන තීන්දුව කලත් ඒවාට ස්වභාව ධර්මය දඩුවම් දෙනවා. සත්‍යයි. (නදී)
මම රැකියාව කරන්නේ පිටරට. මුළු ලෝකයම මෙම නඩුව දෙස බලා ඉන්නවා (නි)
මේක මුළු ලෝකයම බලාගෙන ඉන්න නඩුවක්. කිසිම හේතුවක් නිසාවත් මේ නඩුවට අසාධාරනයක් කරන්න එපා. මොකද මේ වගේ දේවල් අපේ වෙනකොට අවනම්බු වෙන්නේ අපේ රටට. මේ දේශපාලනයට එන උන් හිතාගෙන ඉන්නේ ඕනෙම බලු වැඩක් කරලා නිදහස් වෙන්න පුළුවන් කියල. දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනේ. අනේ කරුණාකරලා චන්දයක් තියල හරි අපේ රටට මරණ දඬුවම ගේන්න ඕනේ. (ස)
රටට නීතියට ලැජ්ජා නොවෙන තීන්දුවක් ලබාදෙන්න. (ස)
අපි බලාගෙන ඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)