අලුත්ගම හා බේරුවල ආරක්ෂාවට විශේෂ රාජකාරි යටතේ කැඳවනු ලැබ සිටි වෙන්නප්පුවේ පොලිස් රියදුරෙක් පොලිස් ජිප් රියෙන් ඩීසල් ලීටර 20ක් අදිද්දී සහකාර පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මහතා විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු කියා ඇත්තේ ඇන්ජිමේ අවහිරයක් නිසා තෙල් ටිකක් ඉවත් කළ බවයි.
ඔහුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම එන්ජිමේ අවහිරයක් තිබුනද දන්නෙ නැහැ (නි)
ලොකු මහත්වරුන් ගහන්නේ ඔහොමද? හොරකම කියන්නේ අපේ සංස්කෘතික අංගයක් වගෙයි දැන්. (නි)
පොලිසිය සිටින්නේ රටේ සාමය හා ආරක්ෂාව රකින්න නේද? පොලිසියේ සිටින අයට විනය ගැන අවබෝධයක් නැද්ද? දෙවියන් තමයි දන්නේ.......... (නි)
අම්මෝ! වෙන්නප්පුවේද? දවසක් පාන්දර අපේ ලොරියේ බැටරිය ගලවාගත්තනේ වෙන්නප්පුවේ පොලීසියට කිට්ටුව නවත්වලා තේ එකක් බීලා එනකොට. (නි)
හොරකම අපි කවුරු කළත් වැරදියි (නි)
මගේ යාලුවෙකුගේ යතුරුපැදිය පැය තුනයි පොලිසියේ තිබුනේ. පෙට්‍රලුයි, පැති කණ්ණාඩියකුයි, සිග්නල් කප් දෙකකුයි නැති වුණානේ. (නි)
පොලිසියේ ඉන්න අයගෙන් අමතර වාසි ලැබෙන්නේ නැතිම කෙනෙක් කියන්න පුළුවන් පොලිස් රියදුරු.ඉතින් එයත් හිතන්න ඇති මටත් කිසිවක් නැති එකේ, මමත් ඔන්න ඔහේ පොඩ්ඩක් ගත්තහම මොකද කියලා. (නි)
ගොඩක් රියදුරන් මීට වඩා පහසු ක්‍රම යොදාගන්නවා, ඉන්ධන පිරවුම් හළේ අය සමඟ එකතුවෙලා (නි)
අයියෝ ලීටර් 20 ද (දී)
දුෂිතම ආයතනය වශයෙන් කප් එක උස්සන්න මහන්සි වෙනවා වගේ. වර්තා වුනේ නැති හොරකම් මැරකම් ටිකත් එලිකරගත්තොත් මෙදා සැරේ වර්ල්ඩ් කප් එකත් ඉස්සුවහැකි අපේ පොලිසියට. අශ්චර්යට ජයවෙවා. (ස)
එන්ජිමේ දෝසයක් තියෙනවනම් ඒ ගැන බලදාරින් දැනුවත් කරලා ඔය වැඩේ පටන් ගන්න තිබ්බනේ. (දී)
අනේ රාලේ මෙහමත් මිනිස්සු. (ස)