(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂයේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් සඳහා අධීක්ෂණ මන්ත්‍රී ධූර ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යාංශ හෝ රාජ්‍ය අමාත්‍යාංශවල අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස නොව ,රජය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ .
එම මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්රික්කවලම ඔවුන් අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට යෝජනා වී ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
රජය මගින් විශේෂ ව්‍යාපෘති ගණනාවක් රටපුරා මේ වන විට ආරම්භ කර ඇති අතර ,ඒවා අධීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීම වඩාත් ප්‍රායෝගික බව රජයේ අදහස වී ඇතැයි ද පැවසේ .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් ඉකුත්දා කණ්ඩායම් තුනක් වශයෙන් හමු වූ අතර ,එහිදී ද ජනාධිපතිවරයා මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි වාර්තා වේ .
ඒ අනුව මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම අද හෙටම සිදුවනු ඇතැයි ඇතැයි ද පැවසේ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
තනතුරු නැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රීධූර
Hafeel Saturday, 17 July 2021 10:27 AM
එහෙම අධීක්ෂණ මන්ත්‍රීලා පත් කරන්න තරමට රටේ මොනවද වෙන්නේ? රටේ සම්පත් ටික විදේශ රටවලට විකුණන්න එක අධීක්ෂණ කරන්නද? ගොවීන්ට පොහොර නැහැ. ආණ්ඩුවේ නොහැකියාව වහන්න කොවිඩ් නීතියක් ක්‍රියාත්මක කරනවා.
පිටිගල මිලානෝ Saturday, 17 July 2021 11:17 AM
මේ අයගේ රාජකාරියේ කොටසක් තමයි ව්‍යාපෘති අධීක්ෂණය කිරීම... රටේ නායකයා ඒකවත් දන්නේ නැද්ද?
ලලිත් එම් Saturday, 17 July 2021 12:24 PM
එක් එක් ආයතනයෙන් සූරාකෑමකට හැකි ප්‍රමාණය නිරීක්ෂණය කිරීමට වෙන්න ඇති...
Kule Saturday, 17 July 2021 12:46 PM
ක්‍රමය හොඳයි... හරියට අවංකව සමගියෙන් රටට සේවයක් කළොත්...
පප්පSaturday, 17 July 2021 02:34 PM
මොන සේවයක්ද? ඒ ගැන දන්නේ අපිනේ...? ගිය වෙලාවේ ඉඳලම බලයි කොහොමද ගානක් ගහගන්නේ කියලා....
සෙනෙවිරත්න Saturday, 17 July 2021 06:41 PM
රාජපක්ෂවරු අතේ තිබෙන ආයතනත් අධීක්ෂණය කරන්න මේ අයට හැකිද?
මුණසිංහ Saturday, 17 July 2021 04:03 PM
ජනාධිපතිතුමනි, කරුණාකරලා මේ අධ්‍යාපනය වෙන කාට හරි දෙන්න. ගත්තු දවසේ ඉඳලා අවුල්... සත පහක වැඩක් නැහැ. පොළවේ පය ගහපු කෙනෙකුට එය බාර දෙන්න. ඊළඟට ඔබතුමා ඇතුළු ආණ්ඩුවේ පරාජයට හේතුවන අංක එක අධ්‍යාපනය බාර කෙනා... ගුරු ගැටළුවේදීත් ඇමතිත් එකයි, ලේකම්නුත් එකයි.. ඇවිලෙන ගින්නට පිදුරු දමනවා. ගුරුවරුන්ගේත්, ළමයින්ගේත් වටිනාතමක් තේරෙන කෙනෙක් එම තනතුරු දෙකට දාන්න.
Sri Lanka Saturday, 17 July 2021 04:21 PM
යහපාලනය වගේම තමයි... කොපි... පේස්ට්..
Pradeepa Saturday, 17 July 2021 06:23 PM
දැන් සැපද? පරණ සෙල්ලම මෙයාලත් කරනවා. කෝ ඒ කාලේ ආණ්ඩුව ගේන්න කඩේගිය බුද්ධිමතුන්.., වියතුන්, මහා සංඝරත්නය?
BamunuarachchiSunday, 18 July 2021 05:31 AM
වෙනම දීමානාවක් දෙනවා නම් තමයි ප්රශ්නය. එහෙම නොදෙනවා නම් පන්තියම මොනිටර්ලා කළාම අපිට ඇති රුදාව මොකක්ද? අපිට පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දීපු බ්‍රිතාන්‍යයින් පස්සෙන් හිනාවෙනවා ඇති...
Koka Sunday, 18 July 2021 07:32 AM
අධීක්ෂණ මන්ත්රීකම් මොකටද ඔය ලංකාවේ ආහාරයට ගන්නා ද්‍රව්‍ය, වෙනවෙන නම් ආදිය තියෙන්නේ ඒවාට අදාලව ඇමතිකම් දීලා දාන්නකෝ... වැටුප් දීමනාවලට ගෙවල්වලින් සල්ලි ගේනවයැ.. අපි බදු ගෙවන්නම්..!!!