කොටුව දුම්රියපොළේ නවතා තිබු මහනුවර බලා පිටත් වීමට නියමිතදුම්රිය හා එස් 11 හලාවත දුම්රිය මුහුණට මුහුණ ගැටීමට ගොස් සිදුවන්නට ගිය අනතුර වළක්වා ගැනීමට ඊයේ (19 ) හලාවත දුම්රියේ රියදුරු සමත් විය.
අද (19) සවස කොටුවෙන් හලාවත යෑමට ඇති දුම්රිය මරදානේ සිට කොටුව දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර එහි නැවතුම ලෙස වේදිකා අංක අට ලබා දී ඇත. නමුත් ඒ වන විටත් මහනුවරට බලා කොටුවෙන් 4.35 ට පිටත් වන දුම්රිය එහි නවතා තිබිණි.
හලාවත දුම්රියේ රියදුරු මීටර් පනහක පමණ දුරින් එම ස්ථානයේ තවත් දුම්රියක් නවතා ඇති බව දැකීමෙන් වහා ක්‍රියාත්මක වී අනතුර වළක්වා ගැනීමට ක්‍රියා කළ බවත් එසේ නොවුයේ නම් පසුගියදා පොතුහැරදී සිදු වු දුම්රිය අනතුර මෙන් විශාල අනතුරක් වන්නට ඉඩ තිබු බව දුම්රිය මගීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මෙහෙම වෙන්නේ? (නි)
අනේ මන්දා! මේ කරදර අස්සේ දුම්රිය වලටත් මොනවා වෙලාද කියලා (නි)
ඉඳහිටවත් සංඥා වයර් පද්ධතියවත් පරීක්ෂා කරන්නේ නැද්ද? (නි)
ආයිත් දුම්රිය රියදුරු වර්ජනයක් එයිද දන්නේ නැහැ දුම්රිය අනතුර වැලක් වීමට එරෙහිව. (අ)
වගකීමක් නැති සේවකයන්ගේ ක්‍රියාවක් බව ඉතාම පැහැදිලියි. දැන් ඉතින් කමිටුවක් පත් කරමු. (අ)
බොහොම හොද රියදුරු මහත්මයෙක් ගොඩක් ස්තුති වෙන්ඩ ගිය අනතුර වලක්වා ගත්තාට (අ)
ඔය දුම්රිය කොටුවට එන්නේ හෙමින් නිසා ලොකු අනතුරක් වෙන එක නවතින්න ඇති. (නි)
දෙයියනේ! කොහොමද එහෙම වෙන්නේ? (නි)
අනතුර වළක්වපු රියදුරාට දැන් අපේ කට්ටිය දොස් කියයිද දන්නේ නැහැ. අද අපේ රටේ හරි දේ කරන, වැරදිදේට වැරදියි කියන මනුස්සයාටනේ හැමෝම බනින්නේ (නි)
දුම්රිය දෙපාර්තමේන්තුව ගැන නම් දැන් කතාකරල වැඩක් නැහැ.ඊයේ මහනුවර දුම්රියේ යෑමට ටිකට්පතක් ඉල්ලූ විට මට දී තිබුණේ උණවටුනට ටිකට්පතක්. (නි)
අපේ කොල්ලෙක් හලාවත වැඩ කරුවෙක්.. කෙසේ වෙතත් මීට වැඩ වගකීම් අත්‍යවශ්‍යයි ...(නදී)
දුම්රිය මාර්ග සඥ පද්දතිය දෝෂ සහිත බව මෙම සිදුවීම් වලින් පෙනේ.කලයුත්තේ අස්චර්යයට යාම මදකට ප්‍රමාද කර දුප්පතාගේ මුලික අවශ්‍යතාවලට පිළියම් කිරීමි. උඩින් යන්නෝ අනතුරු වලට මුහුණ පාන්නේ නැත. (අ)
මේකත් අබලන් මාර්ගයේ දෝෂයක් හරි ඇමතිතුමාගේ දෝෂයක් හරි කියල මේ අය ස්ට්‍රයික් කරන්න ගනියි.(නදී)
මීට අදාල නිලධාරීන්ට මරණීය දන්ඩනය පැනවිය යුතුයි. මොවුන් මිනිස් ජීවිතත් එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ. හැපුනා නම් කී දෙනෙක් මැරෙනවද ? මිනිමැරීමට තැත්කිරීමේ චෝදනාව මත නඩු පැවරිය යුතුයි (නදී)