කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රතික්ෂේප කළේය.
අලුත්ගම හා බේරුවල ජුනි 15 වැනි දා ඇතිවූ සිද්ධියට පොලිසිය වග කිව යුතු බවත්, පොලිසිය ඉදිරිපිට තමා පහර කෑමට ලක්වූ බවත් එයි වගකීම බාරගෙන පොලිස්පති ඉල්ලා අස්විය යුතු බවත් නොඑසේනම් තමා අස්වන බවත් ඔහු කියා සිටියේය.
ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට බාර දුන් බවක් මෙතෙක් වාර්තා වූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමා අද රටේ දැවෙන ප්‍රශ්න (දී)
තවත් මෙගා නාට්‍යක්. අනුන්ට අස්වෙන්න කියල බැරි නම් තමා අස්වීම. (අ)
කොන්ද පන තිබේනම් ඉල්ලා අස්වීම භාර දිය යුත්තේ කථානායකට මිසක් පක්ෂ නායකට නොවේනෙ. ඕකට තමයි කියන්නෙ නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඕනැයි කියන්නෙ. (අ)
රට යන්නේ කොයි අතටද කියලා තේරුම් ගත යුතුයි (දී)
අන්න රඟපෑම් අස්වෙනවනම් ලිපිය දෙන්න ඕන කතානායක තුමාට පාර්ලිමේන්තුවෙ මහ ලේකම් තුමාට මිසක් විපක්ෂ නායක තුමාට නෙවිනෙ. . (දී)
මේවා තමයි රඟපෑම් කියන්නේ. කීයක් ඔට්ටුද මෙතුමා අස්වෙන්නේ නැත. (දී)
අනේ වගේම වඩාත් තියෙන්න ඕනේ (දී)
2014 තෙවරප්පෙරුම නාට්‍ය නිර්මාණ " රනිල් එක්ක බෑ " ඔබේ නගරයටත් ළඟදීම.(දී).
නොගෙන ඉන්න එපා (දී).
අනේ ඔය ගෙදර ගියා නම් හොදයි .(දී)
මේකත් පොඩි මාද්‍ය සංදර්ශනයක් වගේ පෙන්න පුළුවන් , මොකද මේ මන්ත්‍රී තුමාට විරුද්දව එජාපයේ විශාල විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් තියෙන නිසා , ඒක වලකා ගන්න ද කියල හිතෙන්න පුළුවන් . කොහොම නමුත් අද ඉන්න බලයට කෑදර දේශපාලකයෝ ඉන්න ගැන බලන කොට මෙතුමා මේ ප්‍රශ්නයේදී ගොඩක් ඉදිරියෙන් ඉන්නේ . එතුමාගේ ජිවිත අවධානම ගැන වත් නොහිතා විපතට පත් උන අයට උදව් කරන්න ගිහින් තුවලා කර ගත්තා වහනය කුඩු කර ගත්තා . (අ)
මන්ත්‍රීකමින් ඉල්ලා අස්වෙන්න ඕනෑ නම් අස්වීමේ ලිපිය කතානායකතුමාට හෝ පාර්ලිමේන්තුවේ ලේකම්තුමාට බාරදිය යුතුයි. (නි)
පොලීසියෙන් ඔයාලටත් ඔහොම නම් අපට කුමන කතාද .මටනම් ජීවිතෙත් එපාවෙලා (දී)
මේකත් පොඩි මාද්‍ය සංදර්ශනයක් වගේ පෙන්න පුළුවන් , මොකද මේ මන්ත්‍රී තුමාට විරුද්දව එජාපයේ විශාල විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් තියෙන නිසා , ඒක වලකා ගන්න ද කියල හිතෙන්න පුළුවන් . කොහොම නමුත් අද ඉන්න බලයට කෑදර දේශපාලකයෝ ඉන්න ගැන බලන කොට මෙතුමා මේ ප්‍රශ්නයේදී ගොඩක් ඉදිරියෙන් ඉන්නේ . එතුමාගේ ජිවිත අවධානම ගැන වත් නොහිතා විපතට පත් උන අයට උදව් කරන්න ගිහින් තුවලා කර ගත්තා වාහනය කුඩු කර ගත්තා . (දී)
අනේ! හරිම දුකයි (නි)
මෙදා පොටේ දෙනවා බැටේ (දී)
එක්කෝ පොලිස්පති එක්කෝ තෙවරප්පෙරුම මහත්තයා (දී)
කොහොම නමුත් අද ඉන්න බලයට කෑදර දේශපාලකයින් ගැන බලනකොට මෙතුමා මේ ප්‍රශ්නයේදී ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. එතුමාගේ ජිවිත අවදානම ගැනවත් නොහිතා විපතට පත් වූ අයට උදව් කරන්න ගිහින් තුවාල කරගත්තා (නි)
රනිල් මහත්තයාට දීලා හරියන්නෙ නැහැ නේද? (නි)
කතානායකට දුන්නා නම් ඒක බාරගෙන මෙලහකට (නි)
රනිල් මහත්තයාට ජයවේවා! (නි)
කතානායකතුමාට බාරදුන්නා නම් ඉවරනේ (නි)
කතානායකතුමාට දුන්නා නම් මෙලහකට එයා ගෙදර! (නි)
ඔය රංගන හොඳයි කොන්ඩේ බැදපු චීනුන්ට. (නදී)
එයා ඉවත් වුණා කියලා අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
දෙවරක් වත් නොසිතා භාර ගතයුතු දෙයක් නේද මේ මඟ හරින්නේ...විපක්ෂ නායක තුමා පෙන්වන්නේ තම මහත්ම ගුණයයි(දී)
අනේ ඉතින් ඉල්ලලා අයින් වෙන්නකෝ (නි)