කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ හවල්ලියේ මහල් නිවසක තුන් වැටි මහලෙන් මැදියම් රැයේ නිරුවත් ශ්‍රී ලාංකිකයකු තල්ලු කර මරා දමා ඇතැයි කුවේට් පොලිසිය කියයි.
ඔහු කතක සමඟ ඇඳේ සිටිය දී කතගේ සැමියාට අසුවන්නට ඇතැයි අල් අම්බා පුවත්පත කියයි.
ආසියා ජාතිතයකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් කාන්තාව ද තුවාල ලබා රෝහල් ගත කළ බවත් පොලිසිය කියයිග ඇය පොලිසියට පවසා ඇත්තේ තම සැමියා ඒ මිනිහා බිමට තල්ලු කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම් ගහේ ගෙඩි රසයි කියලා යක්ෂය කියනකොටම මිනිසාට දෙවියන්ව අමතක වුණාලු. හැබැයි ඒ ගෙඩිවල රස බල බලා ඉන්නකොට කසාද මිනිහට අහුවුණහම මිනිහාට දෙවියන් සිහි වුණාලු. අනේ විපතක මහත! (නි)
බීටාගේ අදහසට මමත් එකඟයි. මෙහෙත් අපේ අතළොස්සක් ගැහැණු පිරිමි තහනම් ගහේ ගෙඩිවල එල්ලිච්ච ගමන්ම තමයි. (නි)
ආසියා ජාතිකයෙක් කියලා තිබුනේ අපේ රටට මගේ හිතේ. ඔය කුවේට් රටේ අපේ අය තොග ගානට ඉන්නවා.(නදී)
පිරිමින්ට ඉතින් මෙහෙම තමා වෙන්නේ. කාටවත් කාන්තාවගේ වැරැද්දක් පෙනෙන්නේ නේද? මේ ක්ෂණික කෝපය ඇති කළේ කවුද කියලා තේරෙන්නෙ නැද්ද? (නි)
ලංකා තිලක්ගේ කතාවට මට හොදටම හිනා. (නදී)
අවුලක් නැහැ. මිට පස්සේ ඔහොම ගෙඩි කඩන කට්ටිය ගහට නගින්නේ නැතුව බිම ඉදල කෙක්කකින් කඩාගන්න. එතකොට බිම වැටෙන්නෙත් නැහැ. කව්රුත් තල්ලු කරන්නෙත් නැහැ. අත් දුටුවයි. සත්‍යයි. (නදී)
අපේ රටේ අය කොහේ ගියත් ඔය වැඩේට නම් හරි දත්ෂයි. (ස)
තහනම් ගහේ ගෙඩි කෑවා නම් එම ගැහැණිය ඒ තැනැත්තා තුන්වැනි මහලෙන් බිමට පැන්නත් කියන්නේ තමන්ගේ කසාද සැමියා අර මනුස්සයාව තල්ලු කළා කියන කතාවම තමයි. මොකද ඔය වගේ අය කතාකරන, හැසිරෙන විදිය මම හොඳට දැකලා තියෙනවා. (නි)
අපේ කෙනෙකුත් කකුල කඩාගත් සිද්ධියක් මට මේ වෙලාවේ මතක්වුණා (නි)
කණගාටුදායක සිදුවීමක් (නි)
දෙයියන්ට ඔප්පු වෙච්චාවේ (නදී)
මිනිය බාරගන්න පව්ලේ ය කොහොමද ලෝකෙට මූණ දෙන්නේ ? (අ)
ලොකු ලොකු අයට පිටරට ගිහිල්ලා ඔය වගේ දේවල් කරන්න පුලුවන් නම් සාමාන්‍ය මිනිහෙක් කළාම මොකද එක අතකට? (නි)
කෝ ..මේ ප්‍රතිචාර දමන ..විශේෂඥයෝ කව්රුත් නැනේ. (අ)
ලාංකිකයෝ කවදත් රටේ නම්බුව තබා වැඩ කරන්න සූරයෝ. (ස)
අලුත් අත්දැකීමක්, නිරුවතින් මැදියම් රෑ තට්ටු තුනක් උඩ ඉඳල පොළොවට පාවෙලා එන එක. (අ)
වැරැද්දට දඬුවමත් වැඩේ ඉවරවෙන්නත් කලින්ම ලැබිලවගේ. (දී)
මිනිස්සු මරන්නේ හරියට සෙල්ලමට වගේනේ (දී)
ඔන්න බලන්න වැරදි කලාම දඩුවම ලැබෙනවා ලංකාවට ඕනේ කරන්නේ මරණ දඩුවම මෙවෙනි දේවල් ලංකාවේ උනානම් කීදෙනෙක් දැන් මෙලොව නැති නේද? හොරෙන් පවල් අව්ල් කරන අය ගන්න උදාහරණයට හැදෙන්න් ගන්න උත්සාහය (දී)
බැලුවම කොයි රටෙත් එක වගේනේ (දී)
මම හිතුවේ ඉතාලියේ කියල. මෙහෙත් ඉතින් ඔහොමම තමයි. හැබැයි තල්ලු කරන්නේ නැහැ. (අ)