රත්තොට දිකුකුඹුර විදුහලේදී අඹ ගසකින් වැටී සිසුවකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයා අද සවස සවස සැකපිට අත්අඩංගුවට ගත් බව රත්තොට පොලීසිය කියයි.
ඉකුත් සිකුරාදා (27) පාසල්වත්තේ අඹ ගසකින් ඇද වැටී බරපලත තුවාල ලබා මිය ගිය මාතලේ රත්තොට දික්කුඹුර විද්‍යාලයයයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු කසුන් බුද්ධික රණතුංග සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් කිහිප දෙනකුගෙන් ලබා ගත් සාක්කි මත විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු හෙට (01) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද දන්නෙ ලමයා හොරෙන් ගහට නැගලාද, ගුරු උපදෙස් පිට ගහට නැග්ගද කියලා. හරියට කාරණා නොදැන ප්‍රතිචාර දාන අය (නදී)
නොදනිමි කාගේ දොසා (දී)
ගුරුවරුන්ට අාගමික නායකයින්ට සමාජයේ වැදගත් අයට බනින විට දොස් කියන විට පරෙස්සම් වන්න. බාල පරපුර ඔවුන් විශ්වාස කරන ඒක ඔවුන්ට ගරු කරන ඒක නැති වූ දාට කාට කාටත් දෙවියන්ගේම පිහිට යි. මම නම් ඒවැනි අයෙගන් වරදක් වූ විට පුද්ගලයා මිස නිලය තනතුර විෙව්චනය කරන්නෙ නැහ. ඒ් මගේ දරුවන් යහමග යවන්න පුලුවන් ඔවුන්ට විතරක් නිසා. (දී)
විදුහල් පති වරයාගෙන් වරදක් සිදුවී ඇති බව පේනවා වගකීම පැහැර ඇරලා (දී)
විදුහලේ වගකිවයුතු කෙනෙක් මේ දරුවා ගසට නග්ගලා. වැටුනට පස්සේ බිම ලේ පැල්ලම් තිබිලා. අඹ එකතු කරන්න ගෙනා කූඩයත් අසල කැලෑවකට වීසි කරලා. ඒ නිසා විදුහල්පති අත් අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කරන එක තමයි කරන්න තියෙන්නේ. අනික් බලා සිටි ළමයි කියාවි හරියටම වුණේ මොකක්ද කියලා.(දිල්)
පින්නවලට සුද්දෝ එනවා හෝ ගාලා..අපි කොහොමද දන්නේ සතුන්ට අඹ දානයක් දෙන්න ගියාද ? ඉස්කෝලේ වත්තේ අඹ සුද්දන්ට විකුණන්න ගියාද ? කියලා. (ස)
පොලිසිය අත් අඩංගුවට ගන්නේ සැකය උඩ. මේ අඹ කාලෙ නේද? මේ ළමයට කලින් නියම කරලා පින්නවල ගියා වෙන්ට බැරිද? (ස)
මෙතුමා හිටියේ පින්නවලනේ. (නදී)
පාසැල් තුල වන සියලු අනතුරු වලට විදුහල්පති වරුන් ගාවගන්න එපා . නමුත් ඔවුන්ට වගකීමක් ඇත. සිද්දිය සිදුවන වෙලාවේ විදුහල්පති සිටියේ පින්නවල නම් වගකීම ඇත්තේ වැඩ බලන විදුහල්පතිට නොවේද ? (නදී)
දැන් පාසැල් වල විනය නීති පිරිහිලා. අපේ පාසැල් කාල වකවානු දිහා බලපුවහම දැන් ඉන්න ගුරුවරු ගැන කලකිරීමක් විතරයි අතිවෙන්නෙ. අපේ පාසල් වත්තෙත් හොදට පිරිනු ගිරා අඹ ගහක් තිබුනා. අපට ගහ දිහා බලන්නත් තහනම්. උදෙන්ම අවිල්ලා වැටුනු අඹ ගෙඩියක් අහුලා ගත්තොත් මිස.(නදී)
අගක් මුලක් නොදැන මේවට හු මිටි දෙන්න දෙන්න දන්නේ නැහැ. නමුත් ගුරුවරුන්ටම දොස් පවරන එකත් සාදාරන නැහැ නේද. (නදී)
මේ සිද්ඩිය වෙද්දී මෙතුමා හිටියේ පින්නවල කිව්වා නේද? (දී)
කාට හරි දොළ දුකක් හැදුනද ? (නදී)
දැන් ඉන්නෙ කර්නල්ලානෙ, දිසාපාමොක්ලා නැහැ. (නදී)
නිවසින් පිටත්වන දරුවා පාසැල තුළ සිටින කාලය තුළ ඔහුගේ වගකීම පැවරෙන්නේ පාසැල් ප්‍රධානීන්ට. (නි)
කවුරු වැරදිදි කවුරු හරිද කියා අපි නොදනිමු. තීන්දුව ලැබෙනතුරු අපි බලාසිටිමු (නි)
පාසැල් කාලය තුළදී ළමුන්ව ආරක්ෂා කිරීමේ නීතිමය ක්‍රියාදාමයකට විදුහල්පතිවරුන් ඇතුළත් වෙනවා. දැන් දැන් අසන්නට ලැබෙන දේවල් වලට අනුව තත්ත්වය බොහොම කණගාටුදායකයි. (නි)
පාසල් වත්තේ තිබෙන ගස් ටික කපා දමමුද? මේ ළමයා බලහත්කාරයෙන් කවුරුන් විසින් හෝ ගහට නැග්ගුවාද? විදුහල්පති සැකපිට අත්අඩංගුවට ගන්න හේතුව මොකක්ද? (නි)
දැන් ඉන්න ගොඩක් විදුහල්පතිවරුන් ගැන කතාකරලත් වැඩක් නැහැ (නි)
මේ ළමයාට අඹ කඩන්න ගහට නඟින්න කියලා තියෙන්නේ කවුද දන්නෙ නැහැ (නි)
දැන්නං ගුරුවරුන්ගෙ කල්කිරියාව අන්තිමයි. (දී)