පෞද්ගලික විශ්ව විද්‍යාල ගොඩ නඟමින්, අධ්‍යාපනයට වැය කරන මුදල් කප්පාදු කරමින්, රජය ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීමට සියලු සිසුන් ජාති ආගම් බේද ඉවත දමා එකමුතු විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා ජාතික ශිෂ්‍ය වීර දින සමරු දේශනය පවත්වමින් පැවසීය.
ලංකාවේ දහදිය හෙළන මව්වරුන්ගේ දරුවන්ට හරි හැටි පාසලක්වත් නැතිව සිටියදී වෙල්ගම ,ලක්ෂ්මන් යාප ,බර්ටි දිසානායක ,ජයරත්න හේරත් ,ජනක බණ්ඩාර,මර්වින් විජේමුණි,අගමැති , ජනාධිපති ආදීන්ගේ දරුවන් පිටරට අධ්‍යාපනය ලබා ඇතැයි ද ඔවුන් ඡන්දය ඉල්ලීමට ලංකාවට එතියිද ඔහු කියයි.
නිද්‍රාශිලී සමාජය අවධිකළ යුත්තේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් කම කියන්නේ රටට බරක් වෙන්න නිදහසට හේතුවක් නෙවෙයි. පිට රටවල සරසවි සිසුන් කම්කරු රැකියා කරමින් තමන්ගේ අධ්‍යාපන වියදම් සොයා ගන්නවා. සමහරු කරන්නේ අපේ ව්‍යවහාරයෙන් කසල ශෝධක රැකියා. ලංකාවේ උදවිය අනේ අපි දුප්පත්. ඒ නිසා ආණ්ඩුවෙන් අපිට බෝඩිමේ බෙඩ් ශීට් එකේ ඉඳලා සපයලා දෙන්න ඕන කියා කියා නිකන් ඉන්නවා. ඒ ඉන්න ටිකත් පිකටින් කර කර පාරවල් අවහිර කර කර නිදහස් අධ්‍යාපනය රැක ගන්න කියලා මොර දෙනවා. හැකි ඉක්මනින් තමාගේ ඉගෙනීම අවසන් කර රැකියා සොයාගෙන , තමන්ගේ බරෙන් ආණ්ඩුව සහ බදු ගෙවන ජනතාව නිදහස් කරන්න ඕන කියලා හිතන්නේ නැහැ. (නදී)
වැඩි ලකුණු ගන්නා සිසුන් රැකියාවක් කරන ගමන් පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙනීම වරදක්ද? ඔවුන්ගෙන් රටට බරක් නැහැ. අනෙක එවිට ඔවුන් තමන් සහ මව්පියන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් නිසා ඉගෙනීම අතපසු නොකර ,වර්ජන පිකටින් කරමින් මාර්ග අවහිර කරන්නේ නැතුව ඉගෙන ගනීවි. (නි)
හලෝ ඔයා මාර කතාවක් නේ කියන්නේ දුප්පත් සිසුනට තමයි රජයේ විශ්ව විද්‍යාල ඔක්කොම තිබෙන්නේ. සල්ලි ඇති කෙනා කෙනා පිටරට ගියාම තවත් අවස්ථා දුප්පත් සිසුන්ට ලැබෙනවා. වෙනස දුප්පත් සිසුන් සටන් කර කර ඉන්නවිට අනික් අය ඉගෙන ගෙන ඇවිත් රැකියා අවස්ථා ලබාගන්නවා. ඔබල මේ දරුවන් නොමගට යවනවා. දෙමාපියන්ගේ සල්ලිවලින් ඉගෙන ගන්න ළමයි දඩ මීමා කොරගන්න ඔබලාට බැහැ නේද? (නදී)
දිස්ත්‍රික් කෝටා ක්‍රමයට අසු වී සරසවි වරම් නොලැබූ එහෙත් ඉහල ලකුණු ඇති සිසුන් සෑම වසරකදේම බිහි වෙනවා. පුද්ගලික විශ්ව විද්‍යාල තිබුනොත් රැකියා කරන ගමන් ඔවුන් ඉගෙන ගනීවි. කුමන ආකාරයට හෝ රටට බරක් නැති උගතුන් බිහි වීම , රස්තියාදු කාරයන් බිහිවීමට වඩා හොඳයි නේද ? (නදී)
88, 89 මේ ගොල්ල රට විනාශ කරපු හැටි අමතකද ? (නදී)
දිස්ත්‍රික් කෝටා ක්‍රමයට ළමයින් රජයේ විශ්ව විද්‍යාල වලට ගැනීම තුලින් වෙන්නේ අඩු ලකුණු තිබෙන අයට විශ්ව විද්‍යාල වරම් ලැබීමත් වැඩි ලකුණු ඇති කෙනා (සල්ලි තිබේ නම්) පුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එකයි. (නදී)
මොනවා උනත් කතාව සහතික ඇත්ත (දී)
මෙහි අදහස් දක්වා ඇති අයගේ තරාතිරම් නම් මම දන්නේ නැහැ. නමුත් නිදහස් අධ්‍යාපනයට පින්සිදුවෙන්ට රටේ ඉහලම තනතුරු දරමින් සිටින උදවියත් නිදහස් අධ්‍යාපනය වලදාන්න කතා කියනකොට මෙහි අදහස් දක්වා ඇති අය කෙරහි මොන කතාද.(නදී)
මහින්ද , ඔබගේ අදහස තමයි මෙහි නියම යථාර්තය. මේගොල්ලන්ගේ කතාව රන් දෝලාවෙන් ඒ උනාට ගමන නම් තුවාල වෙච්ච නාගයාගේ වගේ. මේ අය 1971 ඉඳලා ප්‍රතිපත්ති ප්‍රකාශන නම් කීයක් ඉදිරිපත් කළාද?.තව කීයක් හෙට අනිද්දා වෙනකොට දායිද දන්නේ නෑ. ඒවා දාන්න වෙනම අංශයක් රාජ්‍ය ලේඛනාගාරයේ අරින්න වේවි. (නදී)
පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රමිතියකින් ක්‍රියාත්මක විය යුතුයි. සමහර විශ්ව විද්‍යාල සිසුන්ගේ තිබෙන්නේ කුහක විප්ලවීය අදහස් විය හැක. එ් කෙසේද යත් ප්‍රමිතියෙන් යුතු විශ්ව විද්‍යාල බිහිවූ පසු රැකියා වෙලද පොලේ තරගකරුවන් සංඛ්‍යාව වැඩි වන බව දන්නා නිසා සමාජවාදය හරහා තම ධනවාදය ලගා කරගැනීමට උත්සාහ දැරීමයි (නදී)
ආණ්ඩුව බය නැතුව පුද්ගලික අධ්‍යාපනයට පන දිය යුතුයි. ඒ වගේම දුම්රිය දෙපාර්තුමේන්තුව වැනි ආයතන අර්ද පුද්ගලික විය යුතුයි. අපිට අනාගතය දකින ආණ්ඩුවක් ඕනා. ඒ වගේම දුෂණයෙන් තොර ඇමති මන්ඩලයකුත්, නිවැරදි තීරණ ගත හැකි, නායකයෙකුත් ඔනෑ (නදී)
දැනටත් එහෙම නෙවේද ? පුළුවන් කෙනා රට ගිහින් ඉගෙන ගන්නවා. නැති කෙනා නෑ. පුද්ගලික විශ්ව විද්‍යාල එන එකෙන් කට්ටිය යන එක අඩු වෙන එක සහ වියදම අඩු වෙන එක වෙනවා. ශිෂ්‍යත්ව 10 හරි දුන්නොත් දුප්පත්, දක්ෂ ළමයි 10 හරි තව ඉගෙන ගනී. හැම දේම නරක දේ විතරක් දකින එක මේ ගොල්ලන්ගේ සිරිත (නදී)
මමත් කැලණිය කැම්පස් එකේ හිටියේ. මුල්ම දේ තමා ශිෂ්‍ය ව්‍යාපාරයේ රැස්වීමකට ඇයි අනුර කුමාරව ගෙන්නුවේ ? එ්කෙන්ම මෙයාලගේ දේශපාලන සම්බන්ධතාවය පැහැදිලි වෙනවා. ඒ වගේම ඔය ශිෂ්‍යයෝ අධ්‍යාපනය රැක ගන්න උද්ඝෝෂණ කරන්නේ නෑ. මට මේ කවුරු හරි කියන්න බලන්න මෙන්න මෙහෙම උද්ඝෝෂණ කරපු දවසක්. "අපේ පාඨමාලා ඉංගිරීසියෙන් උගන්නපියව්", "නිකම් ඉන්න අපිට හැකි තරම් උගන්නපියව්"."අපිට මීට වඩා අමාරු, නවීන දේවල් උගන්න්පියව්"...ඔහොම උද්ඝෝෂණ කරන්නේ නෑනේ. ඒකෙන්ම තේරෙනවා මේ බොරුව.(නදී)
කාලිංග, මම ඔබ අගයමි (නි)
ඉස්කෝලේ පිස්සු නටන එකා ටියුෂන් පන්තියේදී හොදට ඉගෙන ගන්නවා. මම නම් කියන්නේ නිදහස් අධයාපන කප්පාදුව අපේ රටට අවශ්‍ය බවයි. පිටරටක උපාධ්යක් කරන්න ගියාම දොර ලග ඉදල සල්ලි තමා. අර ෆීස්, මේ ෆීස් කියල. ඉස්කෝලෙත් නිකම් ඉගෙනගෙන කැම්පස් එකෙත් නිකම් උගන්වනකොට මේ වගේ වටිනාකම ගැන හිතන්න ඉගෙනගන්නේ නැහැ. අපේ රටෙත් රජයේ විශ්ව විද්‍යාල වල පාඨමාලා ගාස්තුවත් අය කර ගැනීමේ ක්‍රමයක් ඇති කළොත් සිසුන් අනුරලගේ දේශනා වලට සහභාගී නොවනු ඇත. (නදී)
අන්න බලන්න මෙතන ජේ.වී.පී එකට ඡන්ද කීයක්ද? තව දෙමාපියෝ, නෑදෑයෝ, යාලු මිත්‍රයෝ, මධ්‍යස්ථ ඡන්ද එකතුවුණාම ? (නදී)
ජ.වී.පෙ. නායකයා මැති සබේදී මන්ත්‍රී වරුන්ගේ ප්‍රශ්න ඇසීමේ කාලයේදී අසන ප්‍රශ්න වලින් බහුතරය අහන්නේ කුහක ප්‍රශ්න. පෞද්ගලිකව මඩගහන ප්‍රශ්න. දුප්පත් වැසියාගේ එදිනෙදා ජීවිතයට රුපියල් පහකවත් වටිනාකමක් නැති ප්‍රශ්න. සමහර වෙලාවට එයාටවත් කිසිම වැදගම්මක් නැති ප්‍රශ්න. ප්‍රශ්න අනිවාර්යයෙන්ම ඇසිය යුතුයි. විවාදයක් නෑ. එහෙත්, අනේ මන්දා? සහෝදරයා, නරකද ඉංග්‍රීසි චතුරව (බණ්ඩාරනායක ලලිත් ඇතුලත්මුදලි , සුමන්තිරන් මහත්වරුන් වැනි අයවගේ) කතා කරන්න ඉගෙන ගත්තනම්. එතකොටවත් විශ්වයට විවෘතවෙලා දැනුම, බුද්ධිය ප්‍රසාරණය වෙලා මීට වඩා ධනාත්මක සිතුවිලි පහල වෙයිනෙ.(නදී)
ඔයාල තමා මේකට වගකියන්න ඕනා. ළමයින්ට ඉගෙනගන්න දෙන්නේ නැතුව ඔලු කුරුවල් කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ. (නදී)
මේ තියෙන්නේ ජනතාවගේ අදහස්. අනුර දිසානායකලට මේවා තැපැල් කරලා අරින්න. මිනිස්සු එයාලගේ බන අහන්නේ නෑ කියල එතකොටවත් තේරුම් ගනීවි. (නදී)
රුචිර ලංකා ගේ අදහසට එකඟ වෙනවා. මේ ගොල්ල මේවා දන්නවා ඒත් හිතන්න ඉගෙන ගෙන නෑ. හැම දේශපාලුවෙක්ම අඩු වැඩි වශයෙන් මෙහෙම තමා (නදී)
හුගක් උත්තර කුහකයි. නමුත් විශ්ව විද්‍යාලවල කරන නවක වදය නැවැත්වීමට ඔබතුමන්ලා දායක විය යුතුයි. මොකද අන්තරය ඔබලාට අැහුන් කන් දෙන නිසා. ඔබලාට පුළුවන් සියලු නවක සිසුන් උත්සවයක් පවත්වා ඔවුන් පිළිගන්න. එවිට ඔවුන් ඉගෙනගෙන රටට වැඩදායක ඔබේ මතය ජනතාව අතරට ගෙන යනු ඇත. නැතිනම් විශ්ව විද්‍යාල තුල විප්ලවවාදෙන් එලියට ගියවිට දානපතියන් වනු ඇත. සැමදාම ඔබේ පක්ෂය එකතැන පල්වෙනු ඇත ජනතාව දුක්විදුනු ඇත. (නදී)
කතාව නම් නියමයි මහත්තයෝ. හැබැයි ඔබ තුමාගේ හෙන්චයි කොලු රැළට කියන්න අහිංසක දරුවන්ට තමන්ගේ ඉගෙනීම කරගෙන යන්න දෙන්න කියලා. නිකන් උද්ගෝෂණ වලට පටලවා ගන්නේ නැතුව (නදී)
සල්ලි කාරකම තමි එකම සුදුසු කම සමාජයේ වැජබෙන්න (දී)
ඇත්ත තමයි මහත්තයෝ (නි)
මොනවා නැතත් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. (නි)
සමාජ වාදය කියන්නේ කුහක කමේ උපත..තියෙන එකාට ඉරිසියා කිරීම,.උට තියෙනවනම් මටත් උගෙන් අරන් හරි ඕන..මට නැත්නම් ඌටත් ඕන නැහැ කියන සංකල්පය කියල මම අහල තියෙනවා.නිකමට ඔය ගම්වල ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය දිහා බලන්න.ඒක ඇත්තක් නෙමෙයිද කියල. (අ)
තරුණ කොල්ලෙක් පෙන්නන්න බැහැ. මරන්නමයි සැලැස්ම. 88 සහ 89 විශ්ව විද්‍යාල තරුණ තරුණියෝ මරවපු තරම කොපමණ දැයි කවුද නො දන්නේ. (නදී)
අහගෙන ඉන්න අමාරුයි නේද සුනිල්? ඇත්ත තිත්තයි කියල කියමනක් තියෙනවා. (දී)
දුප්පත් අයට තියෙන්නේ තාක්‍ෂණය විෂය කරලා පෙදරේරුවෙක් වෙන්න. ඊට පස්සේ තව පාරක් කපටි දේශපාලකයෙක්ගේ පස්සෙන් හිහින් ජයවේවා කියන්න. (නදී)
සෝමවංස මහත්තයාගේ දරුවෝ ඉන්නේ කොහෙද? ලන්ඩන් වල. අනුරපුරේ ලාල් කාන්ත, අද දරුවෝ කොහෙද? අනුන්ට ඇගිලි එකක් දික් කරනකොට තමන්ගේ පැත්තට හතරක් දික් වෙනවා කියල හිතන්න මහත්තයෝ. (නදී)
88- 89 මේගොල්ලො කරපුවා අපිට තාම මතකයි. මිනි මරුවො තමයි මේකෙ ඉන්නෙ. (නදී)
පිටරට ගිහින් ඉගෙනගෙන එහෙ පදිංචි වෙලා සැප ගන්න පුළුවන් වෙලත් ලංකාවේ දේසපාලනයට එන එක ගැන සතුටු වෙන්න ඕනි. අනික ඉගෙනගෙනනේ එන්නේ. මේ අනුර කුමාරලා නොදකින පැත්තක් එතන තියනවා. දැන් ලෝකේ යන අතට ඔය දුප්පත් නැති බැරි වචන සෙට් එක දාල දේසපාලන වාසි ගන්න බෑ. ප්‍රයෝගික ලෝකෙට මේ දේශනා ගැලපෙන්නේ නෑ. (දී)
ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර තිබිය යුතුය. නමුත් ඒවා ජනතා විමුක්ති පෙරමුණෙන් විබේදනය වී ස්වාදීන විය යුතුය. (නදී)
ඉතින් ඒ අයට ඡන්දෙ දුන්නේ පිටරට උදවිය නෙවෙයි නේ. මෙතුමාත් හරිම කතා නේ කියන්නේ. (නදී)
දුප්පත් කම නැතිබැරිකම හැමෝටම පොදු දේවල්. උත්සාහයෙන් අද කාලයේ ඒවා ජය ගන්න උදවිය ඉන්නවා. දුප්පත් කම මාකට් කරලා අද ලබා ගන්න පුළුවන් දේවල් සීමිතයි . (නදී)
දේශපාලන විෂබීජ අධ්‍යාපන කේෂ්ත්‍රයට වැපුරුවයින් උනේ අහිංසක තරුණ ජිවිත බිල්ලට වැටුන එකනේ.(නදී)
අනුර බණ කියනවා. වෛරය වපුරනවා. දුප්පත් ළමයි විශ්ව විද්‍යාලයට ගියාම ඒ අහිංසකයින්ට ඉගෙන ගන්න නොදී දේශපාලනයට ඇදල දානවා. තමන්ගෙ බඩ වඩා ගන්න හැමදාමත් දුප්පතුන් දඩ මීමා කරගන්න ජවිපෙ නායකයින්ගෙ දරුවො කොහෙද ඉන්නෙ කියල පෙන්නලම දේශණාව පටන් ගත්ත නම් හොඳයි. අනුරඊටත් වඩා ජවිපෙ නිර්මාතෘ විජේවීරයන්ගෙ දරුවො අද ඉන්න අසරණ තත්වය අමතක කළා මේ නායකයො කොහොමද රටේ දරුවන්ගෙ අනාගතය ගැන සිතන්නෙ. වරින් වර ප්‍රතිපත්ති වෙනස් කරමින් පක්‍ෂයේ අනන්‍යතාව පාවා දී රජුන් ,රැජිනියන් හා පොදු අපේක්‍ෂකයන් පසු පස ගොස් වැඩ වරද්දා ගත් පසු කයිවාරු කෙලීම කෙතරම් යුක්ති යුක්තද යන්න දෙවරක් සිතා බලන්න.(නදී)
ලංකාවේ දැන් දුප්පතු ඉන්නවද? මෙහෙ හැමෝටම ලම්බෝගිනි තියෙනවා,බඩගිනි නෑ.(නදී)
කියන්න අවශ්‍ය දේ මහින්ද කලින්ම කියලා. දුප්පත් සිසුවා මුල්ලේ ඉදල හරි තමන්ගේ වගකීම යුතුකම වටහාගෙන ඉගෙන ගනීවි. ඔබතුමන්ලාගේ ඔය කොන්තරත්කාරයෝ ටික උන්ට නිදාහසේ ඉගෙනීම කරගෙන යන්න ඉඩ දුන්නොත්. ඔබ තුමන්ලා කරන්නේ දුප්පත් එකා මුල්ලට නෙමෙයි මුල්ලෙනුත් වලට තල්ලු කරන එක. ඒකා වලට ඇද දාන තරමට තමයි ඔබතුමාලගේ පැවැත්ම තියෙන්නේ. වලෙන් ගොඩ දාන එකෙන් නෙමෙයි. ඒක මුළු රටම දන්නවා ඔබ තුමන්ලා නොදන්නවා කියල හිතාගෙන හිටියට. (නදී)
මෙවන් කතා කියන්නේ නැතුව හිටියොත් හොදයි (දී)
සෝමවංශ අමරසිංහ එංගලන්තෙට ගියේ ඇයි කියල බොහෝ නොදන්නා අයට ප්‍රශ්නයක්. එහෙම නොගියා නම් අද පක්ෂයක් නැහැ. ඔය නම කියපු දේශපාලුවන්ගේ ළමයි පිටරට ඉගෙන ගන්නේ මහජන මුදල් ගසාකාපුවගින්. එ්ක අමතකයි මේ අදහස් පලකරන උදවියට. ඒ දෙගොල්ලන්ගේ වෙනසක් තියෙනවා. එ්ක තේරුම් ගන්න, අනිත් එක තමයි 88/89 කාලේ සිද්දීත් ඉබේ පහල උන දේවලුත් නෙවේ, ආණ්ඩුව විසින් වැපුරුවේ ශිෂ්‍ය මර්ධනය මුලින්ම, දැන් අපේ අය නොදන්නා කමටද දැනගෙන නොදන්නා පාට් දානවද මන්ද මෙතන. අද උනත් මෙතන ජවිපෙ පෙන්නලා දීපු මතය කවුරුන් හෝ වැරදි කියනවා නම් මෙලෝ වින්ඤාණයක් නැති පුද්ගලයෙකි (නදී)
ජ වී පෙ බන හොදයි දැන් කොන්ඩේ බැඳපු චින්නුට. අපි ඔය බන 71 ඉදලම අහල තියනවා. නිකන් අසරණ තරුණ ජීවිත බිලි දෙන්න එපා මෝඩයිනේ. (නදී)
මම නම් කවුරු මොනවා කිවුවත් මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ (නි)
බොහොම හොඳ කතාවක් (නි)
මේ අදහස් දාලා තිබෙන සමහර අයට අතීතය අමතක ඇති නේද? (නි)
අපි අතීතය මෙන්ම වර්තමානයේද වෙනස බොහොම හොඳින් දනිමු (නි)
රටකට පෞද්ගලික විශ්ව විද්‍යාලද තිබිය යුතුයි. ටිකක් වැඩිපුර හිත කය වෙහෙසා යමක් කමක් හොයාගත් මිනිසාට තමාගේ දරුවාට මුදල් ගෙවා ඉගෙනගැනීමට තැනක් මේ රටේම ඇත්නම් එහි ඇති වරද මොකක්ද? (නි)
තව ටික දුරයිනෙ. ඔහොම යමු. (නි)
එදා වේල කන්නවත් නැති අපි කොහොමද ළමයින්ගේ විශ්ව විද්‍යාල වලට සල්ලි ගෙවන්නේ? (නි)
හීනමානය අති භයානක දෙයක්. (නි)
අපිට නම් අතීතය කියන දේ හොඳට මතකයි (නි)
එතකොට උසස් පෙළ හොදට සමත්වෙලා විශ්ව විද්‍යාලයට සහ පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙනගන්න යන්න බැරි අයට මොකද වෙන්නේ? පෞද්ගලික විශ්ව විද්‍යාල තිබෙනවා නම් රැකියාවක් කරගෙන හරි ඉගෙනගන්න පුලුවන් (නි)