කොටුව දුම්රිය ස්ථානයේදී බ්‍රහස්පතින්දා (19) පස්වරුවේ දුම්රිය දෙකක් එකිනෙකට මුහුණ ලා ගැටීමෙන් සිදු වීමට ගිය අනතුර පිළිබඳව අංක 424 හලාවත දුම්රියේ රියදුරු හා ප්‍රධාන නියාමකගේ සේවය වහාම අත්හිටුවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට මොනවා කියන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ (නි)
නරකද, දුම්රිය සංඥා පද්දතිය ගැන පරීක්ෂණයක් කලොත් .... කොටුවේ වේදිකාවට සංඥා ලබාදෙන්නේ දුම්රිය ස්ථානයෙන්ම කියලත් අහල තියෙනවා . එයාල ගාව ලියිට් පත්තුවෙන බෝර්ඩ් එකක් තියෙනවා . එකෙන් බලන්න පුලුවනේ සංඥා හරිද කියල, එතන නිකන් වැඩිවෙලා ඉන්න මහත්තුරු කොච්චර ඉන්නවද.............. ඇයි වැඩ කරන රියදුරන්ටම මෙහෙමත් දේවල් කරන්නේ. (දී)
දුම්රිය රියදුරාගේ නොසැලකිලිමත් කම හෝ දුම්රිය සංඥා වල දෝෂයක් වෙන්න පුළුවන්. හලාවත දුම්රියේ රියදුරු කෙසේ හෝ බාවිතයෙන් තවත් දුම්රියක් ඉවත් නොකිරීමට කටයුතු කිරීම ගැන අපගේ ප්‍රණාමය. පාලක මැදිරියට එකම මාර්ගයට දුම්රිය දෙකකට ඇතුල්වීමට සංඥා ලබාදෙන්න තාක්ෂණයෙන් එකවර ලැබෙන්නේ නැහැ. එය වළක්වනවා. ඒ නිසා මෙම සංඥා පද්දතිය වහ වහ පරික්ෂා කල යුතුයි. මෙතරම් සේවකයින් නොසැකිලිමත් ලෙස තම ජීවිතය අවදානයට ලක් කර ගනී කියල හිතන්න බැහැ (නදී)
මම නම් කියන්නේ රජයට අයත් සියළුව ආයතන පුද්ගලිකරයනය කලයුතු කාලයක් මේක කියලා. රජය සතු දේපල කාබාසිනියා කරනවා මිසක රටට ඇති සෙතේ මොකක්ද මේ ආයතනවලින්.(නදී)
මුලින් මාධ්‍ය වලින් කිව්වේ රියැදුරා අනතුර වලක්වා ගත් බව තමා. නමුත් පසුව සොයා බැලීමේදී විවිද හේතු තියෙන්න පුළුවන්. සංඥා පද්ධතියේ දෝෂ, පාලක මැදිරිය හරියට සංඥා නොදීම, පැන්නුම් වල දෝෂ, රියදුරුගේ නොසැලිකිමත්කම, රියදුරුගේ මානසිකත්වය, යනාදිය. මේ ගැන තාක්ෂණයෙන් නිවැරදි, අපක්ෂපාති පරීක්ෂණයක් කල යුතුයි. මතක ඇති දුම්රිය එන්ජින් අවතාර විසින් පදවාගෙන ගියා කියපු එක තාක්ෂණික සාක්ෂි මත බොරු උනා.(නදී)
හලාවත රියදුරා දුම්රිය අනතුර වලක්වා ගත් නිසා තමා එයාගේ වැඩ තහනම් කරලා තියෙන්නේ. මින් ඉදිරියටවත් එහෙම වැඩ නොකරන්න. ඒකවත් තේරෙන්නේ නැද්ද? අනික මේක සකල සිරින් පිරි සිරි ලංකා වේ දුම්රිය දෙපාර්තමේන්තුව කියලා කට්ටියට අමතක වෙලාද කොහෙද (නදී)
හලාවත දුම්රිය රියදුරු නීසා අනතුර වැලකුනා කියලා පුවත්පත් කියනවා.නැවත කියනවා එම රියදුරාගේ වැඩ තහනම් කළා කියලා.මොකක්ද මේකෙ තේරුම..දුම්රිය රියැදුරු දුම්රිය ධාවනය කරන්නේ පාලක මැදිරියෙන් දෙන සංඥා මගින් මිස රියදුරුට උවමනා පරිදි නොවේ. එසේනම් වරද රියදුරගේද , සංඥා මැදිරියේද.(දී)
ඕක ඔච්චර ගනන්ගන්න දෙයක් නෙමේ හැප්පුනේ නැහැනේ. ඔය වාහන ඕන තරම් හැප්පෙන්න ගිහින් බේරෙන්නේ පාරවල්වල . හප්පුනොත්නේ නඩු (දී)
දුම් රිය පාලක මෑදිරියෙ ඉන්න අය තමා මේ සෙරම කරන්නෙ. මෙවුන්ට මොලයක් නෑ නෑත්නම් මන්දගාමී දුම් රිය පිටිපස්සෙන් සීග්‍රගාමී දුම් රිය යවයිද. ඉන්න අය අයින් කරල වෙන මොලේ තියන ටිකක් දාන්න පින් සිද්දවෙයි. (ස)
මේක හරිම වැඩක් නේ පාලක මැදිරියෙන් වැරදි සංඥ කොළඹ කොටුවේදී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙන්න යයි රියෑදුරකුගේ දක්‍ෂතාවෙන් අනතුර වැළකෙයි මෙහෙම අනතුර වලක්වා ගත් නිසා වැඩ තැනුම් පාලක මැදිරියෙන් වැරදි සංඥ දුන්නයට උසස් වීමක් දේවිද මන්දා (දී)
ඇයි මෙහෙම කළේ? (නි)
එතකොට හලාවත දුම්රියේ රියදුරා අනතුර වැළැක්වූ එක වැරදිද? (නි)
රියදුරු නියාමක වැඩ වර්ජනයක් ලගදීම බලාපොරොත්තු වන්න.(නදී)
එතකොට හලාවත දුම්රියේ රියදුරු මහතාගේ කල්පනාකාරී බව නිසා අනතුර වළක්වා ගත්තා නම්, එයට උපහාර ලෙසද වැඩ තහනම? (නි)
හොඳම විසඳුම දුම්රිය එන්ජිමේ සිට මාර්ගය පෙනෙන විදිහ පටිගතවෙන ආකාරයට කැමරා සවි කිරීමයි. දුම්රිය සේවයට අදාල වෙනත් වියදම් සමඟ සසඳනවිට මෙය ඉතා කුඩා වියදමක්. (නි)
ප්‍රධාන පාලක මැදිරියෙන් දෙන සංඥා අනුව නේද දුම්රිය වේදිකාවට ධාවනය කරන්නේ? (නි)
මොනවද මේ හැබෑටම වෙන්නේ?...වරද කාගේද? දිගටම මෙහෙමමද? විසඳුම කුමක්ද? (ස)
වැරදිකරුවන් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුයි (නි)
එතකොට පාලක මැදිරියේ නිලධාරීන් නෙමේද වේදිකාවට එන්න සංඥා දෙන්නේ? දන්නැති හින්ද අහන්නේ ? (ස)
තාම දන්නේ නැද්ද? අපි ඉන්නේ ලංකාවේ මිසක් වෙන රටක නෙවෙයි. (ස)
එන්ජින් වලට සුක්කා නම් හයි කලොත් හොඳයි වගේ එයාලට කැමති ලයින් වල යන්න. දෙන ලයින් වල ගියෝත්නේ කරදර. (අ)
දැන් ටිකකට කලින් දාලා තිබුනේ හලාවත කෝච්චියේ රියදුරා නිසයි මෙහෙම වුනේ කියා. ඇයි එහෙනම් ඒ අයගේ සේවය නතරකරන්නේ? (නදී)
කලින් කියල තිබුනෙ මෙයා අනතුර වැලක්කුව කියල නේද? පුදුමයි (නදී)
දුම්රිය වර්ජනයක් අත ළඟ? (නදී)