පන්විල හාතලේ ශ්‍රී මුණසිංහාරාමයේ හිමිනමකට පහරදුන්නැයි කියන සිද්ධියකට සැකපිට දායකයන් 27 දෙනකු ලබන 03 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස තෙල්දෙනිය මහේස්ත්‍රාත් නියෝග කළේය.
සැකකරුවන් අතර කාන්තාවෝ 14 දෙනෙක් ද වෙති.
අත්අඩංගුවට ගත් පිරිසේ සිටි අවුරුදු 17 ළමයකු මහේස්ත්‍රාත් නියෝග අනුව ළමා නිවාසයකට භාර කැරිණි.
පහරකෑ හිමියෝ මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය ක්‍රියාත්මක වන ආකාරය දිහා මිනිස්සු පෙරටත් වඩා ඕනෑකමින් බලා ඉන්නවා (දී)
අද මිනිස්සු සාධාරණය අසාධාරණය හොයන්නේ නැහැ. අවේග වැඩියි (දී)
අපි අපිටම ගහ ගන්න නිසා පළාතේ කලබල මොකුත් වෙන්න නැතුව ඇති මම හිතන්නේ. (දී)
නිතිය අවනීතිය කරන්න හදන පිරිසකුත් ඉන්නවා (දී)
මොනවා උනත් හාමුදුරුවන්ට අත තිබ්බනම් එක පවක් වගේම ලොකුවරදක් (දී)
මම නම් කියන්නේ පහර දීපු කට්ටිය දායකයෝ වෙන්න බැහැ. මාධ්‍ය වල පල කරන්න බැරි මොකක් හරි යටින් ඇති බව පේනවා! (ස)
වෙන කොහෙවත් පොලීසිය පමණයි නිතිය ක්‍රියාත්මක කරන්නේ (දී)
මේපාර මොකද්ද (දී)
කේන්ති ගන්න එපා කලබල වෙන්න එපා පොලිසියයි අධිකරණයයි බලා ගනියි ඒවා (දී)
ලජ්ජා නැහැ (දී)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ..මොකක්ද ප්‍රස්නේ? (දී)
නිතිය කියන එක මිනිසුන්ට අමතක වෙලාද (දී)
පහර දීම් වලනම් අඩුවක් නැහැ ලංකාවේ (දී)
ප්‍රශ්නයක් ඉවර වෙලා එකේ රස්නේ යන්න කලින් ලජ්ජා නැතුව මොකද්ද මේ කල වැඩේ තේරුම, නිතිය ක්‍රියාත්මක කරන්න අකුරටම (දී)
මේවාට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා කලබල වෙන්න එපා (දී)
මුලින්ම තමන් ප්‍රවිත්‍ර විය යුතුයි (දී)
ජාති ජාතිත් පළදෙනවා (දී)
මම බුද්දාගමේ. වහාම සංගායනාවක් පවත්වා මිසදිටුවන් සාසනයෙන් බැහැර කරන්ඩ. නැත්නම් ආගම ඉවරයි. (දී)
මොකක් හරි බරපතල දෙයක් පන්සලේ සිද්ද වෙලා තියෙනවා වගෙයි.නැත්නම් දායකයෝ මේ තරම් ආවේගශීලි වෙන්න හේතුවක් නැහැ.(දී)
හිමිනමට පහරදීමට හේතුව නොදැන මෙවැනි පුවත් ඵලකිරීමෙන් කිසිම හරයක් නැත. පහරදුන් අය,පහරදීමට හේතුව දන්නවා උනාට අපි දන්නේ නැහැනේ කව්ද වැරදි කියල.... (දී)