මාස පහළොවක දරුවාට මව් කිරි දීම දිගටම ප්‍රතික්ෂේප කළැයි කියන පළාත් පාලන සේවිකාවකට බේරුවල රෝහලේ දී අද කතුරකින් ඇන තුවාල කළැයි කියන ඇගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු ත්‍රිරෝද රියදුරෙකි.
මාස පහළොවක දරුවාට මව් කිරි දීම දිගටම ප්‍රතික්ෂේප කළැයි කියන පළාත් පාලන සේවිකාවකට බේරුවල රෝහලේ දී අද කතුරකින් ඇන තුවාල කළැයි කියන ඇගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු ත්‍රිරෝද රියදුරෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස 15 ක දරුවෙකුට මව් කිරි අත්‍යවශ්‍යම නැහැ. මවට තීරණය ගන්න ඉඩ හරින්න. රැකියාවකට යන කාන්තාවක් විය හැක. (ස)
කඩේකට ගිහින් කිරි පිටිවල ගණන් ඇහුවොත් කතුරෙන් නෙමෙයි පිහියෙන් තමන්ටම ඇනගන්න හිතෙනවා (නි)
දැන් ඉන්න අම්මලාත් අංගෝපාංග වල යහපැවැත්මට අහිංසක දරුවන්ට කිරි දෙන එක ප්‍රතික්ෂේප කරනවා. අනේ කාලේ වනේ වාසේ. (නි)
මට පිස්සු වගේ (දී)
අනේ මන්දා. දෙන්නම වැරදියි (නි)
මමනම් හිතන්නේ කතුරෙන් ඇන්නේ පිහියක් තිබුනේ නැති නිසා වෙන්න ඇති
මෙහෙමයි සමහර විට මෙහෙම දෑම්මට මෙයාලගේ මේ ප්‍රශ්නෙට තව පොඩි පොඩි හේතුත් ඈති. නිකන්ම කතුරෙන් අනින්නෙත් නෑනේ. අපි මේ දෙන්නගෙ පැති වලට කතා කලාට කව්ද හරි කව්ද වෑරදි කියන්නත් බෑනෙ. මේ වගේ ප්‍රශ්න වලට අපි හොද මනුස්සයො වගෙ කතා කලාට,තමන්ට ප්‍රශ්නයක් ආවම අපි හැසිරෙන විදිය අපි වත් දන්නෙ නෑ නේද? මම නම් මේ මිනිස්සුන්ගේ දකින ලොකුම දුර්වල කමක්. (නදී)
ගැහැණු අය කවද්ද පිරිමින්ගේ පැත්ත ගත්තේ. වැරැද්දේ හෝ නිවරැද්දේ. හිතන්න ඕන හින්ද තමා ඔලුව ඇතුලේ පුංචියට හරි මොලයක් තියෙන්නේ. (නදී)
දරුවා කෙරෙහි පියාට ඇතිවූ සෙනෙහස නිසා මෙවැනි දේවල් වෙන්න පුලුවන් (නි)
මෙහෙමයි සමහර විට මෙහෙම දෑම්මට මෙයාලගේ මේ ප්‍රශ්නෙට තව පොඩි පොඩි හේතුත් ඈති. නිකන්ම කතුරෙන් අනින්නෙත් නෑනේ. අපි මේ දෙන්නගේ පෑති වලට කතා කලාට කව්ද හරි කව්ද වෑරදි කියන්නත් බෑනේ. මේ වගේ ප්‍රශ්න වලට අපි හොද මනුස්සයෝ වගෙ කතා කලාට, තමන්ට ප්‍රශ්නයක් ආවම අපි හෑසිරෙන විදිය අපි වත් දන්නෙ නෑ නේද? (නදී)
මාස පහළොවක ළමයෙක් කියන්නේ, ඇත්තටම කිරි නවත්වපු නැති ළමයෙක්. ඉතින් , මේ අම්මා කිරි නොදෙනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියනවා. හැබැයි , සැමියා ඒකට ගත් විසදුම නම් කිසිසේත් ගැළපෙන්නේ නැහැ (නි)
සමහර විට මේ දෙන්නගේ ප්‍රශ්ණයකට වෙන්න ඇති. (නදී)
අනේ මට නම් තේරෙන් නෑ මේ මොන රටක්ද කියලා (ස)
හා හා හා සමන්ත ප්‍රතිචාර දකිනතොට හිනාවෙන්නද අඩනවද කියලා හිතාගන්න බැහැ (නදී)
පුදුම වැඩක්නේ කරලා තියෙන්නෙ (නි)
පියා ත්‍රිරොද රියදුරෙක් නම් කරන්න තියෙන්නෙ රෑ හරි තව වැඩ කරල ළමයට පිටි කිරි දෙන එක. මාස 15ක් කියන්නෙ දැන් දරුව ටිකක් ලොකුයි. නැතුව අම්මට කතුරෙන් අනින එක නෙමෙයි. එ්කත් හරි කියන පිරිමි ඉන්නවනේ. (නදී)
මාස 15 කියන්නේ අවුරුද්දකුත් මාස 3 කි. ඉතින් මේ දරුවට දැන් හොදට බත් කන්න පුළුවන්නේ හුරතලේට ඔය ටිකක් වෙන්න තනපුඩුව දුන්නට මක් වෙනවද? හැබැයි අපොච්චා අම්මට තඩි බාපු එකනම් වරදයි. (නදී)
මවකට පුලුවන්ද මෙහෙම කරන්න? (නි)
කතුරෙන් අනපු එක වැරදියි. හැබැයි කිරි නොදුන් එක ඊටත් වැරදියි (නදී)
මේ මව කිරි නොදෙන්නේ අසරණ දරුවාට දෙවියන් දුන් පෝෂණය වැළැක්වීමටද? තීරණය දෙන්නේ නම් මැනවි. (නි)
අනේ මන්දා , මේ අදහස් දාන කට්ටිය ගැන දුකත් හිතෙනවා. ප්‍රවෘත්තියක් දුටු පමණට හරි වැරැද්ද නොසොයා දඬුවම් කරලත් හමාරයි (නි)
මෙහෙමත් අම්මලා! (නි)
ලංකා තිලක්, පිස්සු නටන්න එපා. මොන වරද කළත් මිනිස් ඝාතන අපිට ඕනෑ විදිහට කරන්න බැහැ. නීතියට ඉඩදිය යුතුයි (නි)
හසිත, මෙතනම පිස්සු කතා කියන අය දෙතුන් දෙනෙක්ම ඉන්නකොට මුලු ප්‍රතිශතය කොහොමට රටේ ඇද්ද කියලා හිතෙනවා. (නි)
ලංකා තිලක් ඔබ හරියට හරි. මම ඒ හස්බන්ඩ් උනා නම් මම ඔයිට වැඩිය දරුණු වෙනවා. නමුත් මව අසනීපෙන් ඇති. (නදී)
මවකට දරුවෙකු තරම් සම්පතක් තවත් නැහැ. මේ මව කිරි දීම ප්‍රතික්ෂේප කරන්නේ අසනීප තත්වයක් මත නෙමෙයි නම් තමන්ගේ රූ සපුව ගැන හිතලා නම් එහෙම නැත්නම් කාගෙන් හරි පලිගන්න හිතලා නම් කතුරෙන් ඇනල මදි බෙල්ලත් මිරිකන්න ඕනා. එහෙම නැතුව කුමක් හෝ මානසික ව්‍යාධියක් නම් ඒ මවට අනුකම්පාව සමග ප්‍රතිකාර හිමි වෙන්න ඕනා. මම මේ මනුස්සයා උනා නම් පොඩි එකා අඩනකොට මටත් එහෙම කරන්න හිතෙයි. මේ මනුස්සයට දොස් කියල වැඩක් නැහැ. (නදී)
දැන් මේ රටේ ඉන්නේ පිස්සෝ ටිකක්. අපිට අනාගතේ ගැන බයක් හිතෙනවා. වහාම ඉදිරි පියවර ගනිමු. (නදී)
කරලා තිබෙන වැඩේ නම් වැරදියි. හැබැයි කිරි නොදුන්නෙ අසනීපයක් නිසා එහෙම නෙමෙයි නම් ලොකු වරදක් (නි)