ව්‍යාජ රන් බඩු අධි තක්සේරු කර උකස් ගත්තැයි බියගම දෙල්ගොඩ රාජ්‍ය බැංකුවක හිටපු කලමනාකරු ඩබ්ලිව් ඊ විජේසිංහ ශ්‍රී ලංකාවේ සිටීනම් රටින් පිටවීම තැත්කරන විට හෝ ශ්‍රී ලංකාවට එන විට හෝ අත්අඩංගුවට ගන්නැයි මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද වරෙන්තු කළාය.
2010 සිට 2013 දක්වා කාලයේ දී බැංකුවේ රන් බඩු උකස් අංශයේ රුපියල් දොළොස් කෝටියකට ආසන්න රන් බඩු වංචා කළැයි රහස් පොලිසිය අධිකරණ හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් දකිනකොට හිනාත් යනවා. සමහරු දොස් කියනවා නිදහස් අධ්‍යාපනය ලබා මිනිසුන් පිටරට පදිංචි වෙනවා කියලා. මේ ඉන්නේ මෙහෙ රටට සේවය කළ කෙනෙක්. තව ඉන්නවා. මේ විදියට ලංකාවේ ජීවත්වෙන උදවියට වඩා නම්බු නැද්ද කාටවත් බරක් නොවී නීත්‍යානුකුල සුළු රැකියාවක් කරගෙන පිටරටක හරි ජීවත්වෙන එක? (නි)
බැරිද ජෝතිශ්‍යයෙ පිහිට වත් පතන්න ? එතකොට මෙයා ඉන්න තැන පෙන්නුම් කරාවි නේ ! ඒක ලේසියෙන්ම කරන්න පුළුවන් . එහෙම නේද ? (දී)
කලකිරෙනවා මේවා දැක්කාම (දී)
හොරා නම් අපි දන්නවා. (ස)
තනිවම කළ වැඩක් වෙන්න නම් බැහැ (නි)
හෙට අනිද්දා වෙනකොට අම්මා තාත්තාවත් විශ්වාස කරන්න බැරි වෙන තත්ත්වයක් එන්නේ, මෙහෙම ගියොත්. රටකට වෙච්ච දෙයක්! (නි)
පුද්ගලික බැංකු වල නම්, ක්‍රමානුකුලව කෙරෙන විගණන කටයුතු, කලින් නොදන්වාම හදිසියේ සිදුකරන පරීක්ෂණ කටයුතු ආදිය නිසා මෙවැනි දේවල් වලට තිබෙන අවකාශය සාපේක්ෂව අඩුයි. අනෙක පුද්ගලික බැංකු වල දේශපාලන බලපෑම් නැහැ. එම නිසා අවශ්‍ය පරීක්ෂණ විගණන නිලධාරීන්ට කාර්යක්ෂම අයුරින් අපක්ෂපාතීව රාජකාරිය කරන්න හැකියි. (නි)
වර්තමානයේ තවත් සක්විති කෙනෙක් බිහිවූ වගයි... (නි)
වරෙන්තු නිකුත් කරලා විතරක් මදි, අල්ලන්නත් ඕනෑ (නි)
මේ තරම් හරියක් කරනතුරු බැංකුවේ අය මොකද කළේ? අපේ බැංකු ණය ගෙවන්න දවසක් ප්‍රමාද වෙනකොට හතර වටේටම කතාකරනවා, ලියුම් යවනවා (නි)
පුදුමාකාර ගැහිල්ලක්නේ? කෝටි දොළහක්! (නි)
ඡායාරූපයක් ප්‍රසිද්ධ කර දුටු තැන අල්ලනු තත්ත්වයට පත් කරන්නයි තියෙන්නේ. එහෙම නැතුව මෙහෙම හොරු අල්ලන්න බැහැ. අඩු වශයෙන් මහජනයාගෙන් වැදගත් තොරතුරු වුණත් ඡායාරූප පළ කළොත් ලැබෙන්න පුළුවන්. (නි)
මුළු රටම හොර ගුහාවක් වෙලා (නි)
මේක තනියම කරන්න නැහැ. උකස් තැබූ රත්තරන් බඩු බැංකුවේ විගණන නිලධාරියා අඩු වශයෙන් මසකට වරක්වත් පරික්ෂා කරනවා. පුද්ගලික බැංකු වල මෙය සතියකට වරක්වත් සිදු වෙනවා. මොහු නිලයේ බලතල යොදා , විගණනය කිරීම් සුක්ෂම ලෙස නැවැත්වූවාද? නැත්නම් තව කවුරුහරි හවුල් හොරෙක් ඇතුළෙම ඇති. (නි)
බලනකොට හැමතැනම ඉන්නේ හොරුනේ (නි)
අපෙ රටේ තියෙන්නේ කොහෙන් හරි ගැහිලිම තමා. බැංකු කළමනා කරුට මෙච්චර අමාරුනම් රටේ සාමාන්‍ය මිනිසුන්ට මොන තරම් අවශ්‍යතා ඇත්ද. (දී)
තනතුර තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ වංචා කරන කොට (දී)
වැඩේ දෙල් වෙලා වගෙයි (නි)